Linux use කරන හැමෝටම වැදගත් වෙන ත්රෙඩ් එකක් දාන්න හිතුනා 
ඉතින් කට්ටිය එන්න ඇතුලට
අද කියන්න යන්නේ මං දැනට පාවිච්චි කරලා තියෙන හොදම linux applications කිහිපයක් ගැන
සමහර applications කලින් අහලවත් නැති අය ඇති..
ඒ වගේම මට මෙච්චර කාලෙකට සෙට්වෙලා නැති ඒවත් ඇති..
ඒ ඔක්කොම මේ නූලේ අපි බෙදාහදාගමු
ඔන්න මං පටන්ගත්තා

ඉතින් කට්ටිය එන්න ඇතුලට

අද කියන්න යන්නේ මං දැනට පාවිච්චි කරලා තියෙන හොදම linux applications කිහිපයක් ගැන

සමහර applications කලින් අහලවත් නැති අය ඇති..

ඒ වගේම මට මෙච්චර කාලෙකට සෙට්වෙලා නැති ඒවත් ඇති..

ඒ ඔක්කොම මේ නූලේ අපි බෙදාහදාගමු

ඔන්න මං පටන්ගත්තා

#1 ) Ulauncher – An Application Launcher

Ulanucher කියන්නේ Linux Desktop වලට සුපිරිම app launcher එකක්...

Ctrl + Space ඔබලා මේ launcher එක enable කරගන්න පුලුවන්..(hotkey එක ඔනිනම් වෙනස් කරගන්න පුලුවන්)
ඊලගට අපිට Open කරන්න ඔනි App එකක්/ Website එකක් / File Directory යක්
මෙතන Search කරලා ඉක්මනට Open කරගන්න පුලුවන්..

හැමවෙලේම මෙනු වල රස්තියාදු වෙනවට වඩා මේක පට්ට

#2) Fluent Reader - Best RSS Reader for Linux


Tech sites,blogs බලන්න පුරුදු වෙලා ඉන්න අයට හැමවෙලේම වෙබ්සයිට් එකට යන්නැතුව එකම තැනින් ඔක්කොම updates
බලාගන්න පුලුවන් RSS Reader App එකක් තමා Fluent Reader.

මේක Linux Exclusive නෙවේ. Cross Platform. ඔනි සයිට් වල RSS link ටික හොයන් මේකට add කරලා
අපිට ඔනි විදියට filter කරලා පිලිවෙලට ලස්සනට හදාගන්න පුලුවන්.

මං උදේ PC එක දාපු ගමන් කරන්නේ මේ Reader එකට ගිහින් අලුත් updates මොනවද බලන එක

Try එකක් දීලා බලන්න

#3) Stacer – Optimizer And Monitor

මේක නම් පට්ටම ටූල් එකක්.. මම වැඩකරලා තියෙන හොදම GUI System Application එක
මේකෙන් අපේ system එකේ හැමදේම වගේ monitor කරන්න පුලුවන් විතරක් නෙවේ මුලු system එකම වගේ manage කරන්න පුලුවන් හරිම ලේසියෙන්
ඒ මොනාද කියනවනම්
*Dashboard එකෙන් Ram usage,CPU Usage and specs වගේ ගොඩක් System Info බලාගන්න පුලුවන්
*Startup Apps මොනවද තියෙන්නෙ කියලා වෙනම පෙන්නනවා..කැමති විදිහට enable/disable කරන්න පුලුවන්
*System Cleaner එකකුත් තියේ
*Services මොනවද run වෙන්නේ කියලා වෙනම බලාගන්න පුලුවන් Services tab එකෙන්..ඒ ඒ services disables/enable කරන්න පුලුවන් පහසුකමත් තියෙනවා
*App Uninstaller එකකුත් තියේ.. One Click Uninstall

*Resources Usage Graph ටික පට්ට detailed. Netowkr,Disk,Cpu.. වෙන වෙනම Graph වලට බෙදලා පෙන්නනවා
*අලුත් Repo එකක් install කරන්නත් මේ App එක ඇතුලෙන්ම පුලුවන්
මේ වගේ තව ගොඩක් වැඩ කෑලි තියෙන පට්ටම ටූල් එකක්.
පහල වීඩියෝ එකත් බලන්න කොහොමද කියලා මේ කියපුවා
#4) Mailspring - A Professional Email Client for Linux

UI එක දැක්කම තේරෙනවනේ කොලිටිය.

ගොඩක් Email Client වගේ මේකත් Multi Account Supported.

විශේෂයෙන් කියන්න ඔනි මේ Opensource Cross Platform Email Client එකෙන්
අපි යවන Emails වල තියෙන Links අපිට track කරන්න පුලුවන්..

ඒ කියන්නේ ඒ Link එක අදාල කෙනා click කරාද නැද්ද කියලා අපිට පෙන්නනවා

ඒ වගේම යවන මේල් වල Read receipts අපිට බලාගන්න පුලුවන්

මෙතනින් ගන්න
#5) Joplin -A Note taking application & To-Do app for Linux

මේකත් තවත් හොද Cross Platform (Mobile too) Application එකක්..මට ගොඩක්ම මේකේ වටිනාකම තියෙන්නේ Study කරනකොට පිලිවෙලට Notes දාගන්න වගේම To-Do option එක පාවිච්චි කරන නිසා.. කට්ටිය try එකක් දිලා බලන්න
මෙතනින් ගන්න
මෙතනින් ගන්න
#6) Timeshift - System Restore Tool
*Windows System Restore වලට සමානව Linux System එක , Backup & Restore කරන්න පුලුවන් හොද ටූල් එකක්

*Snapshots manually වගේම automatically ගන්න schedule කරන්නත් පුලුවන්

#7) SimpleScreenRecorder - Best Screen Recorder for Linux

මේක තමා පට්ටම ඇප් එක screen recording වලට..
Windows වලට තියෙන Bandicam Screen Recorder (Paid) එක ගැන දන්නවා ඇතිනේ..
අන්න ඒ වගේ Linux වලට fully featured screen recorder app එක තමා මේ..
දාගෙන වෙනස වටහාගන්න

මෙතනින්
#8) XDM - The Opensrc IDM

හොදම එක අන්තිමට


Windows වල Crack දදා IDM use කරන්න ඔනි නෑ

Windows වලත් කිසිම අවුලක් නැතුව වැඩකරන IDM Clone එකක් තමා මේ

IDM වල තියෙන හැම feature එකක්ම වගේ මේ Free & Opensrc download manager එකේ තියෙනවා.

Browser Integration, Queue Download, Pause/Resume Option..etc

මේක අනිවා දාගෙන බලන්න.

**මෙ කියපුවා ඔිනිිම distro එකකට වැඩ**


Last edited: