ඉතින් ලංකාවෙ ඇපල් Authorized තැන් තියනවා (Futur Worlds, BT-Options, Dialog, Tabz)
Apple සර්විස් සෙන්ටර් එකක දෙන ඕනම සර්විස් එකක් උන් කරනවා, ඇපල් කෙයා තියනවා නම් ෆ්‍රී කරගන්න පුලුවන් ඕනම දෙයක් වගේ
පිටින් ගනිපුවා උනත් ඇපල් කෙයා තියනවානම් උන් ඕනම සර්විස් එකක් කරලා දෙනවා (මම එහෙම පිටින් ගනිපුවට ෆියුචර් වර්ල්ඩ් එකෙන් වොරන්ටි අරන් තියනවා අමතර සතයක් වත් වියදම් නොකර, පිටින් ගනිපු iPhoneX එකේ ස්පීකරේ අවුලක් ඇවිත් අලුත් ෆෝන් එකක් දුන්නා, ඒක ස්පීකරේ නෙමයි බෝඩ් එකේ ප්‍රශ්නයක් නිසා ස්පීකරේ හරියට වැඩ කරන්නෙ නැත්තෙ කියලා)
මම කලින් යූස් කරපු මැක් එකේ ඩිස්ප්ලේ එකේ පැච් එකක් ඇවිත් ඩිස්ප්ලේ ලිඩ් එකම මාරු කරගත්තා, ඇපල් කෙයා එකේ අන්තිම දවස්ටිකේදි තමයි මේක කරගත්තෙ)
ඇපල් කෙයා නැත්නම් ඇපල් ස්ටෝ වලත් මෙහේ කියන ගනන්ම තමයි යන්නෙ, ඒවයෙ චිප් ලෙවල් රිපෙයා කරන්නෙ නැහැ පාට් එකම රීප්ලේස් කරනවා, ෆෝන් සහ අයිපෑඩ් වල බෝඩ් අවුල් ආවොත් පාට් රීප්ලේස් කරන්නෙ නැහැ අලුත් එකක් දෙනවා ඇපල් කෙයා තියනවා නම්
ඇපල් කෙයා තියනවා නම් අලුත් එකක් දෙන එක හෝ ෆ්‍රී පාට් එක මාරු කරලා දෙනවා, ඇපල් කෙයා නැත්නම් ඒ ගාන අපි දෙන්න වෙනවා