ඔයාගේ පෙම්වතිගෙයි ඔයාගෙයි හිත් දෙකම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරන්න .මෛත්‍රී කරන්න .ඔයාට ගොඩක් දේවල් කැරකි කැරකි නැවත නැවත හිතේවි .ඒවාට ඕයා වැරදිද එයා වැරදිද කියල වරිනවර වෛරය ඇතිවෙමින් නැතිවෙමින් ව්‍යාකුල ආත්ම විශ්වාසය බිදෙන තත්වයක් හිතේ ඇති වෙලා ඇති.එක හිතේ ස්වභාවයක් මිසක් එකට ඔයාගේ ජීවිතේට කිසිම බල පෑමක් කරන්න බැරි බව මතක තියාගන්න .නැතිවෙච්ච එක්කෙනා නැවත ලබාගන්න පිඹුරු පත් සකසන්න එපා .ලැබෙන්න තියෙන දෙයක් කර්මය අනුව ලැබෙනවාමයි නොලැබෙන්න තියෙන දෙයක් නොලැබෙන වමයි.දෙන්නට දෙන්න වාදවිවාද වෙලා වෛරය ඇතිකරගන්න්නේ නැතිව නිහඬ බව භාවනාවක් වගේ පුහුණු කරන්න .යමක් කියන්න හිතෙන වෙලාවට එක නොකිය සිටීමත් දක්ෂතාවයක් .අපිට යමක් හිමි උනත් අහිමි උනත් අපි තමන්ගේ හිතට ආදරෙකරන්න ඕනේ .මොකද අපේ හිත අපිත් එක්ක හැමදාම නිසා .ඔය කැමති විනෝදාංශයක නිරතවෙන්න .නැත්නම් පොතක් කියවන්න ශාස්ත්‍රීය දැනුමක් ලබාගන්න.ඔයා වැඩවල සාර්ථක අසාර්ථක කම මොකක් උනත් ඔයාගේ හිතට ඔයා ආදරේ කරන්න.මිනිස්සු යමක් සාර්ථක උනහම එක තමන්ගේ දක්ෂකම් කියල ආත්ම විශ්වාශය ඇති කරගන්නවා .ඒවගේමයි අසාර්ථක උනහම එකේ අනිත්පැත්ත.මේ දෙකම මෝඩකම .එකිව්වේ මෝහය .යමක් සිදුවෙන්න හෝ නොවෙන්න කර්මය බොහෝ කොට බලපානවා.නොලැබෙන දේට ගොඩක් ආසකරන්න එපා.දැන් ඔය ලෝබ,ද්වේශ ,මෝහ තුනෙන් මිදිලා .එක නිසා ඔයාට කරදරයක් වෙන්නේ නැහැ .ඒවිතරක් නෙවෙයි අහිමි වූ දේ නැවත ලැබීමේ තත්වයක් හෝ ඊට විකල්පයක් ලැබෙයි .කෙසේ වෙතත් ඒ පිලිබඳ යේ අපේක්ෂා තියල ඔයාගේ රත්තරන් හිත පොඩ්ඩ රිද්ද ගන්න එපා .යමක් කිරීමට යමක් කලයුතු බවත් ,යමක් නොකිරීමට එය නොකළයුතු බවත් සිතා ජීවිතේ අනෙක් වැඩ කරන්න.එක තමයි ප්‍රත්‍යක්ෂ දැනුම .සාස්තර කේන්දර විශ්වාස පස්සේ දුවල ඔලුවට මිත්‍යා දෘෂ්ටිය ඇතුළු කරගන්න එපා .එතකොට නැවත වරක් හිතේ සම්ධිය නැතිවෙලා ලෝබ ,දෝෂ මෝහ ඇතිවෙලා අසහනය හටගන්නවා.ඇත්තටම ආදරය දිනපු ජෝඩුවත් මුළු ජීවිත කාලෙම ඒ ය ආදරේ කලාද කියලා ප්‍රත්යක්ෂවශයෙන් දැනගන්නේ නැහ. එකත් විශ්වාසයක් පමණයි .නමුත් ඒ විශ්වාසය නිවනට යනකන් තියෙන්න ඕනේ සුබ දෙයක් . බුදු බන පිළිපදින්න .
දැන් මට පින්දෙන්න ඉස්තුති කරන්න කෘතග්න වෙන්න එතකොට ඔයාට අලුත් පනක් ලැබෙනවා ...............මම කෑමට ගියා.