අපි අද ඉන්නේ කොතැනද මොනවද කරන්නේ කියලා දැනෙන්නෙ අපට කොතැනක හරි වැරදුණම. අපිට එතකොටයි ජීවිතේ අපිට වැඩියෙන් හරිගිහින්ද වැඩියෙන් වැරදිලාද කියලා හිතෙන්නේ. ඒත් අපි එතකොට පරක්කු වැඩී. ආත්මීය පිනකට මනුෂ්‍ය ආත්මයක් ලැබුවේ. ඒ ආත්මයට බරක් නොවී යන තැනකට හොඳ දෙයක් කරගන්න. ඒත් මේ සංසාරෙන් එගොඩ වෙනවද නැද්ද යන්න තමන්ගේ අතේය. අපි ලද මේ ජීවිතේට Full stop තියන්න කලින් ඒ ජීවිතේ ගෙනියන්න ඕන හරි පාරෙ දුවල දුවල වතුර පොදක්වත් නැතුව ජීවිතේ නතර කරනවාද දුවල දුවල win කරනවාද වැටුණොත් එතැනම නතර වෙනවද වැටුණු තැනින් නැගීටලා win කරන්න try කරනවාද මේ ඔක්කොම මොළේ පාවිච්චි කරලා තමන් ගන්න ඕන තීරණ.
සමාජගත වූ ගැටලු මනුදමකට මැදිව ඇති අපේ ජීවිත අතර
කෙල්ලෙකුගෙ මුළු ජීවිතේම කොල්ලෙකුගෙත්
කොල්ලෙකුගෙ මුළු ජීවිතේම කෙල්ලෙකුගෙත්
අත පවතින සමාජයක,
රෝමියෝ ජුලියට්ගේවත්
සාලිය අශෝකමාලාගෙවත්
රාමා සීතාගෙවත් ප්‍රේම පුරාණ වගේ නොව
දම්මි සුගත්ගේ දෙවොන්දරා නොරිකෝ ගෙ
ස්වරූපය ගන්නා ප්‍රේම පුරාණය.
වෙනස
මේවා Technical වුණු Love seen ය. මේවා කෙටි කාලීනය.
Expire Date එක මොවුන් නිෂ්පාදනය වන දිනයේම තීරණය වන තැනට වැඩ සිද්ධ වෙද්දී කොල්ලා තව කෙල්ලෙක් පසු පසය.
කෙල්ල තවත් කොල්ලෙකුට රැවටී හමාරය.