මම දැනට අවුරුදු 4ක විතර ඉදන් මැක් පාවිච්වි කරනවා (පර්සනල් සහ ජොබ් එකේ වැඩ වලට) දැනට මැක් බුක්, අයි මැක්, මැක් මිනි පාවිච්චි කරලා තියනවා දැනට ඒවයින් හාඩ්වෙයා අවුලක් ආවෙ එකම එකක විතරයි එත් මැක් මිනි එකක් UPS නැතිව යූස් කරලා හාඩ් ඩිස්ක් එක ගියපු එක විතරයි, ඒකට Bt-Options වලින් වොරන්ටි හම්බ වුනා. ඒ ඇරෙන්න කිසිම අවුලක් ඇවිත් නැහැ.මට කිසිම සොෆ්ට්වෙයා එකක අඩුවකුත් තේරිලා නම් නැහැ.මම සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් කරන්නේ මට අවශ්‍ය හැම සොෆ්ට්වෙයා එකක්ම මැක් වලට තියෙනවා. ඕනම නම් බූට් කෑම්ප් දාලා වින්ඩෝස් දාගන්නත් පුලුවන්. මැක් එකක් ගන්න වියදම් කරන්න පුලුවන් නම් බය නැතිව අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න පුලුවන්.දැන් නම් ගනිත්දි පොඩ්ඩක් බලන්න අලුත් මොඩ්ල් වල රෑම් එක යුසර් අප්ග්‍රේඩබල් නැහැ එක නිසා රැම් සහ ප්‍රොසා පොඩ්ඩක් හොද එකක් (ගාන වැඩි වුනත්) ගන්න බලන්න බය නැතිව ගොඩක් කල් යූස් කරන්න පුලුවන් නිසා ඒ වැඩිපුර ගෙවන ගාන වටිනවා