Website එකක් හදන්න කලින් scope එකක් තියෙන්නෙ ඕනේ. මොනවටද හදන්නේ, target කරන කට්ටිය කවුද, Contents මොනවද ,තමන් කරන business එක මොනවගේ ,Private තමන්ටම හදනවා නම් මොකක් නිසාද හදන්නේ. ඕවා අදුන ගන්න ඕනේ. Analysis කරලා හරියට. ඊට පස්සේ Data ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ. කවුද entities ලා, ඒ ගොල්ලන්ගේ attributes, relationships. දැන් SQLExpress, MySQL, Oracle වගේ Database System එකක් අරගෙන Database එක හදන්න, ඊට පස්සේ HTML හොදට දැනුම අරගෙන. PHP/ Java Server-let, Ruby on Rail, ASP.NET වගේ එකකින් Server Side Script එකක් හදාගන්න මේ කේ වාසිය තමයි Dynamically pages generate වෙනවා අවශ්‍යතාව අනුව. CSS වලින් Web Pages Design කරන්න පුලුවන්. JavaScript වගේ දානවනම් Client Side එකේ resources අරගෙන Server side එකේ resources save කරගන්න පුලුවන් ඒවගේම කාලය අඩුකරගන්නත් පුලුවන් process වලදි. නිකම් හිතන්න. 2389*2389/2890 වගේ calculation එකක් කරන්න ඕනේ නම් ඕකට server එකට data යවන එක කාලය වගේම server එකේ resources නාසිති කිරිමක් client එකේ processor එකෙන් මේක හොදටම කරන්න පුලුවන්. Flash වගේ දන්නවා නම් Interactive Design හදන්න පුලුවන් ලේසියෙන්ම නමුත් Search Engine friendly වෙන එකක් නෑ ගොඩක්. Google එක නම් දැන් Support කරනවා හැබැයි. HTML5 දානවනම් ගොඩක් හොදයි මොකද ගොඩක් අය දැන් use කරන්නේ අළුත් web browsers නිසා නමුත් පරණ ඒවායේ වැඩ කරන එකක් නෑ.
site එක හැදුවම. bot ලට open කරන්න. එතකොට automatically search engines site එකේ pages index කරගන්නවා. ඒ වගේම W3 එකේ Standards වලට අනුව web site එක හදන්න.
Mobiles වලට හදනවා නම් වෙනම sub domain එකක් හදලා
m.siteName.com වගේ තියන්න. යම් කිසි කෙනෙක් mobile එකකින් siteName.com එකට ආවොත් ඒකව අර mobile එකට redirect කරන්න codes කරලා JavaScript වලින්. ඒක පුලුවන් Browser එක අදුන ගැනීම මගින්.