Mage Kella

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොඩි උපදෙසක් දෙන්නම්. උඹම කියල තියෙනවනේ උඹල දෙන්න අතර කිසිම sex සීන් එකක් නැහැ කියල. නමුත් අඩුගානේ උඹල ලොකුම වැඩේ හැර අනෙකුත් අල්ලන සෙල්ලන් වත් කරලා ඇති කියල හිතෙනවා. මොකද උඹල දෙන්නගේ ඒ පැත්තත් match වෙන්න ඕනේ. නැත්නම් තව අවුරුද්දකින් විතර උඹම (එහෙම නැත්නම් උඹේ ගෑනි) මෙතනම පෝස්ට් එකක් ලියයි මගෙ සහකරු මළමිනියක් වගේ, එහෙම නැත්නම් මගේ සහකරු අනවශ්‍ය වැඩ කරන්න එනවා මට කියල. (තේරෙනවනෙ මම කියන්න හදන කතාව)

    මම විහිළුවක් කළා කියල හිතන්න එපා. හැමෝටම හිතන්න යමක් කිව්වේ.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබේ නූල කියවන්න ගොඩක් වෙලා ගියා මචන්.මටත් ඔය වගේ සීන් එකක් තිබුන. අපි දෙන්නට එක් වෙන්න බැරිවුනා. පොඩි වැඩකට අවුට් යනව ගෙදර අවම දවල් වෙලා රිප්ලයි කරන්නම.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අඩේ හිතා ගන්න බෑ මොනා කියන්නද කියලා... එත් දෙන්නට තියෙන ප්‍රශ්න ඉක්මනට ඉවර වෙයි කියලා හිතනවා.. සැලෙන්නේ නැතුව ඉඩපම් මචං :)
     

    paker

    Member
    Aug 24, 2014
    33
    2
    0
    ඉස්සර්ල ගෙදරට තේරුම් කරපන් ඉගෙනගෙන එහෙම ඉවර වෙලා දෙන්නම. ගෙදරින් තේරුම් ගත්තොත් බැඳපන්. එපා කීවොත් හේතු අහපන් මොකද එපා කියන්න හේතු කියලා. ගෙදරට විරුද්ධව බඳින්න බෑ නම් කෙල්ලටත් කියපන් නොබැඳ ඉන්න කියලා උඹත් බඳින්න එපා. ගෙදරින් බඳින්න කියද්දි කියපන් මම ආදරේ අර කෙල්ලට/කොල්ලට විතරයි කියලා. කෙල්ල ලොවෙත් බඳිනව වෙන එකෙක්ව. එහෙම නොබැඳ හිටියොත් ගෙවල් වලින් කැමැත්ත දෙයි. උඹට ඉක්මනටම මේක ඉවරයක් කරගන්න ඕන නම් ගෙදරට බල කරන්න පුළුවන්, නැති නම් බලෙන් බඳින්න පුළුවන්, නැති නම් අමතක කරන්න පුළුවන්.


    එකෙන්ම මචන්...! :yes::yes:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    උබලා තමා ඉගෙන ගන්නවනම් එක අහවර කරලා පොඩ්ඩක් ස්ථාවර වෙයන් එකරලා අම්මලා එක්ක කතා කරපන්,එතකන් ඕක කරගෙන පලයන්
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    :D හරි බං ඌ හෙන පල් හෑල්ලක් සිංග්ලිශ් වලින් කෙටුව එකටයි ඕක දැම්මෙ. :no: මම ත්‍රේඩ් එකේ ඌව හෙලාදැකලවත් බැනලවත් විහිළුවට අරන්වත් නෑ. මේ වගේ අත්දැකීම් ලබපු උන් දන්නව මේ වගේ වුනාම කවුරුහරි උදව්වට ඉන්නකොට තියෙන සහනය. ඉඳපන් මම ඒ පෝස්ට් එක අයින් කරන්නම් ඒක එච්චරටම අවුල් නම්. :no: මම ඌව විහිළුවකට ගන්න හිතන් දැම්ම නෙවෙයි මට ඒකෙන් කියෝන එක ලේසියි සිංග්ලිශ් කියෝනවට වඩා. :D
    oka mokada bung man serious gathe na. :yes::yes: sinhalen kottana dane nathi nisai english walin type kare. wadiyama man elakiri ene na itin :yes:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    උබේ නූල කියවන්න ගොඩක් වෙලා ගියා මචන්.මටත් ඔය වගේ සීන් එකක් තිබුන. අපි දෙන්නට එක් වෙන්න බැරිවුනා. පොඩි වැඩකට අවුට් යනව ගෙදර අවම දවල් වෙලා රිප්ලයි කරන්නම.
    :no::no::no: onna gedara awila mawa duk karanawa ehama nemei:growl::growl:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    අඩේ හිතා ගන්න බෑ මොනා කියන්නද කියලා... එත් දෙන්නට තියෙන ප්‍රශ්න ඉක්මනට ඉවර වෙයි කියලා හිතනවා.. සැලෙන්නේ නැතුව ඉඩපම් මචං :)

    godak sthuthi sahodaraya :yes:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    පොඩි උපදෙසක් දෙන්නම්. උඹම කියල තියෙනවනේ උඹල දෙන්න අතර කිසිම sex සීන් එකක් නැහැ කියල. නමුත් අඩුගානේ උඹල ලොකුම වැඩේ හැර අනෙකුත් අල්ලන සෙල්ලන් වත් කරලා ඇති කියල හිතෙනවා. මොකද උඹල දෙන්නගේ ඒ පැත්තත් match වෙන්න ඕනේ. නැත්නම් තව අවුරුද්දකින් විතර උඹම (එහෙම නැත්නම් උඹේ ගෑනි) මෙතනම පෝස්ට් එකක් ලියයි මගෙ සහකරු මළමිනියක් වගේ, එහෙම නැත්නම් මගේ සහකරු අනවශ්‍ය වැඩ කරන්න එනවා මට කියල. (තේරෙනවනෙ මම කියන්න හදන කතාව)

    මම විහිළුවක් කළා කියල හිතන්න එපා. හැමෝටම හිතන්න යමක් කිව්වේ.

    ewa gana baya wenna deyak na :rolleyes::P
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    මචන් මනුස්සයෙක් කරදරේක වැටිල උදව් ඉල්ලනකොට(ඇත්තට හරි බොරුවට හරි) ඒක විහිළුවට ගන්න එක හොඳ නෑ නේද? :no::no:
    awulak na bung :yes:
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    mata a wage kellek nathuwa wena kello badan pasey pasu thawi thawi inna ba. mage hama dekatama math ekka idala mage duka sapa beda gatha kella. :no::no: magey yaluwo unath kiyanee ubata a wagey kellek apahu hambene na kiyala. ane manda bung kalaya wisadi kiyala hithanawa. marama awulen inee. kellath ehamai :no: kanna giyath nida ganna giyath oya prashne mata puduma wadayak dene:no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ehama ekak naa. :P:P:P i know you wanted to help me. thank you

    Mama fun eken inna dial ekak ban hema dema fatta serious ganne na. Anyway mage adahasa mama mula pituwema demma ne. Komahari prashne dura diga noyawa shape karaganin. Thread eken ubata hoda adahas tikak lebila thiyenawa. Sthaawara weyan me wage case waladi puluwan tharam. In passe uba ganna thirana walata gedara ayath kellage peththenuth ekaga wei ibema. :yes: elazz..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    oka mokada bung man serious gathe na. :yes::yes: sinhalen kottana dane nathi nisai english walin type kare. wadiyama man elakiri ene na itin :yes:

    :D ela ela. Mang godakma mekata enne katahari podi hari udawwak karala yanna ban. Nethi nam mama enneth na ehemata. Singlish to Sinhala converter ekak use karapan. Muladi amaru wei passe aulak na. Mama me singlish walin reply danne phone eken sinhala type karanna tikak amarui pc ekata wada. Eekai..
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    :no::no::no: onna gedara awila mawa duk karanawa ehama nemei:growl::growl:
    NO. NO. උබ දුක් වෙන්න එපා බන්....

    මචන් මම කෙලින්ම කියන්නෙ උබ කෙල්ලට හොදට ආදරේ කරපන් කියල, කිසිම වෙනසක් කරන්න එපා, උබට ගෙදරින් වැටෙන / වැටෙන්න යන බකට් ගැන ඒකිට කියන්න එපා. මගේ උපදෙස ටිකක් වෙනස් වෙන්න පුලුවන්. ඒත් මෙක 100% මගේ ජිවිත අත්දැකීමක්. උබට මගේ කතාවෙන් පොඩි දෙයක් හරි වටීවි කියල හිතනව.

    මේක පට්ට දිග කතාවක්. අවන්කවම මට උබට උදව් කරන්න ඕන.

    මුලින්ම කියන්න ඕනෙ මම කියන දේ ගැන ටිකක් හිතපන්. මට හුගක් ආදරෙ කරපු කෙල්ල වගේම අදටත් මම හුගක්ම ආදරේ කරන කෙල්ල ගැන තමයි මේ ලියන්න යන්නෙ. අදටත් එයා මගේ පවුලත් එක්ක ලගින්ම ඉන්නව. හැබැයි කොලුවො එයාට එහෙම ඉන්න පුලුවන් කම ලැබෙන්නෙ එයා යුරෝපීය කාන්තාවක් හා ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක ඉන්න නිසා. ලංකාවෙ කෙල්ලෙක් නම් ගොඩක් වෙලාවට ආදරය හිතේ තියාගෙන වෙන කෙනෙක් බදිනව.

    මේ කතාව පටන් ගන්නෙ 2001 අවුරුද්දෙ මැද හරියෙ. මම කියන කෙල්ල මට හමු වෙන්නෙ ඔන්ලයින්. මම කැම්පස් එකට ඇතුල් වුන ගමන්ම වගෙ තමයි. ඒ දවස් වල අපි කැම්පස් ගිය ගමන් ම හම්බානක වැඩ කරන්න දෙනව. පන යනකන් ලැබ් රිපෝට් ලියන්න තියෙනව. අපිට ඉතින් ඔව ලියන්න බැරිනිසා අපි නෙට් එකෙන් උස්සල වැඩේ ගොඩ දාගන්න තමයි බැලුවෙ. මොකද අපේ ඩොකාල ඉන්ටනෙට ගැන අහල තිබුනට යූස් කරල නෑ. ඔය පොඩ්ඩක් යාහූ එකට ලොග් වෙනව විතරයි. අපි ඉතින් ඩයලොග් එකෙන් දාපු D කැෆේ වලට ගිහිල්ල ලැබ් රිපෝට් ලිවුව.

    ඔන්න ඔහොම ඉගෙන ගන්න අතරෙ අපිට හම්බ උනා European යුනිවසිටි එකක ඉන්ට්‍රානෙට් එකක්. කොහොම හරි අපි ඉතින් දවසට එක ගනෙ එකෙ තියෙන ටියුටොරියල් බානව. එකට වඩා බාන්න බෑ මොකද පැයකට රුපියල් 120ක් ගෙවනව 8kbps වගේ තමයි බාන්න පුලුවන්. අපි කල්පනා කලා උන්ගෙ සයිට් එකම ඕෆ් ලයින් යූස් කරන්න ඩවුන් ලෝඩ් කර්ගන්න ක්‍රමයක්. අපිට පොඩි සොෆ්ට්වෙයා එකක් ලැබුන අපි ඒක යූස් කරල ඔක්කොම ටික බාගත්ත. බාගත්ත ඒව අතර අපිට ඔන නැති දෙවල් ටොන් එකක් විතර තිබුන, ඉතින් අපි ඒව බල බල ඩිලීට් කරා.

    ඔන්න ඔහොම ඩොකියුමන්ට්ස් ඔපන් කර කර බලන කොට. ලංකාව ගැන ලියපු පොඩි ආටිකල් එකක් හම්බ වුනා. මේක ලියල තිබුනෙ මම කියන කෙල්ල. මට හිතුන නිකමට වගේ එයාව කන්ටැක්ට් කරන්න. ඒකෙ තිබුන කෙල්ලගෙ ඉ-මේල් එකට දැම්ම මේල් එකක්, එයාගෙ ඉ-මේල් එකට අමතරව තව ICQ කියල නම්බර් එකක් තිබුන, මම හිතුවෙ ඒක student ID කියල (ඇත්තටම එයා ඒ දවස්වල හයි ඉස්කූල් යන්නෙ, කැම්පස් නොවේ ). මාසයක් විතර ගියා රිප්ලයි නෑ. ඉතින් මොනව කරන්නද මට හිතුන අර කියන ICQ එක මොකක්ද කියල දැනගන්න. දැම්ම සර්ච් පරක්. බඩු මොකක් ද කියල හොයා ගත්ත. කැෆේ එකට කියල ICQ එක ඉන්ස්ටෝල් කරගත්ත. දවස් 3 ක් විතර ගියාට පස්සෙ. මෙන්න බොලේ කෙල්ල ඔන්ලයින් ආව. ඉතින් කොහොම හරි සල්ලි හොයා ගන්න විදියට කෙල්ල එක්ක චැට් කරා.

    මුලදි නම් කිසිම ආදර හැගීමක් නෑ මට තිබුන එක ම දේ එයා ලංකාව ගැන ගොඩක් විස්තර දන්නෙ කොහොමද කියල. හැම දාම අලුත් දෙයක් මම එයාගෙන් දැන ගත්ත. ටික දවසක් යනකොට මට තේරුනා එයා හුගක් උගත් කෙනෙක් කියල. කාලය ටිකෙන් ටික ගියා. 2001 නත්තලට කිට්ටු කරල මට ෆෝන් එකක් ගන්න පුලුවන් වුනා. ඉස්සර එයාට ෆෝන් එකක් තිබුනට මට එකක් තිබුනෙ නෙනෑ. දැන් අපි දෙන්නටම තියෙනව. අපි දෙන්නට ඕන්වුනේ කොහොම හරි අපි දෙන්නගෙ කට හඩවල් අහන්න. ඒ දවස්වල IDD කෝල්ස් පට්ට ගන්නන්, එයාටත් ලංකාවට කතාකරන්න ලොකු ගානක් යනව කිව්ව. ඒත් එයාගෙ මොබයි එකට IDD නෑ කියල කිව්ව. තිබුන එකම දේ මම කොහොම හරි එයාට කෝල් කරන එක. ඔන්න ඔය අතරෙ මගෙ යාලුවෙක් ගෙදරට ADSL ගත්ත, පොරගේ කැනඩ ඉන්න තාත්තට කෝල් කරන්නෙ Net2Phone වලින්.
    පොර මට කිවුව Net2Phone වලින් කෙල්ලට කතාකරන්න කියල. අන්තිමට මම කෙල්ලට කෝල් කරන ටයිම් එක කියල යලුවගෙ ගෙදර ගිහිල්ල මගේ පළවෙනි ඇමතුම ගත්ත. "හෙලෝ" කියන එක විතරයි අපි දෙන්නට ඇහුනෙ. අනිත් කිසි දෙයක් අපි දෙන්නටම තේරුනෙ නෑ. විනාඩි 3ක් 4ක් බලල "ගුඩ් බායී" කිවුව. අපි ඊට පස්සෙ SMS කරන්න පටන් ගත්ත. ඒක හුහක් ලාබයි (Rs. 2/=).

    මතක තියාගන්න. මේ වෙන කොටත් අපිට ආදරය ගැන කිසිම හැගීමක් තිබුනෙ නෑ. එයා නිතරම ලැබ් රිපෝට් මටම ලියන්න මාව දිරිමත් කලා. ඔන්න අන්තිමට කැම්පස් එකේ හැම මගුලක්ම මම තනියම ලියනව. කෙල්ල දිනුම.

    ඔන්න 2002 සිංහල අවුරුද්දත් ආව. අපිට සති දෙක් වැකේශන් ලැබුන. දැන් ඉතින් මට කෙල්ලට SMS කරනව ඇරෙන්න වෙන වැඩක් තිබුනෙ නෑ. මේ දවස් වෙනකොට මට එයාගෙන් එන රිප්ලයි එකක් එනකම් ඉවසන බෑ.

    මම දවසක් එයාට මට දැනෙන දේ කිවුව. කෙල්ලත් මම කියපු දේම එයාට තියෙනව කියල කිවුව. ඉතින් අන්තිමට ආදරය කියන දේගැන තමයි අපි දෙන්න කතා කලේ. කොහොම හරි අපි ආදරේ කරන්න පටන් ගත්ත.

    එයා මගේ දෙවෙනි GF, පලවෙනි කෙනා O/L විභාගය ඉවර වුන දවසෙ මාව දාල ගියා :D. නමුත් මම කියන කෙල්ලගෙ පලවෙනිය මම. එයා මට හුගක් ආදරේ කලා, මොකද මම එයට හුගක් වටිනව කියල.

    එයාගෙ පවුලෙ එයයි අම්මයි විතරයි හිටියෙ. මමත් එයාට හුගක් ආදරේ කලා, මොකද නිතරම එයා මගේ ජිවිතේ සැගවිලා තිබුන හැකියාවන් දැකල ඒ දේවල් වර්ධනය කරගන්න මාව උනන්දු කලා. මට ඒක නිසා කෙල්ල හුගක් වටින්න පටන් ගත්ත.

    මචන් මම මුලින්ම කැම්පස් එකට යන්නෙ ජීව විද්යා උපාදියක් ලබාගෙන කොහොම හරි ජොබක් සෙට් කරගැනීමේ ලොකු බලාපොරොතුවකින්. නමුත් මගේ ඒ බලාපොරොත්තුව මගේ කෙල්ල වෙනස් කලා.

    2003 වෙනකොට මගේ ජිවිතේ ලොකු වෙනසක් සිදුවෙනව කියල මට තේරුනා. මොකද එයාට ඕන වෙලා තුබුනෙ මගේ සැබෑ දක්ෂකමට අවස්තවක් දෙන්න. අන්තිමට එයා මගේ ඉරනමේ වෙන්න තිබුනු කෙනා බවට මාව පත්නොකර කවදාවත් මම හීනයකින්වත් හිතපු නැති කෙනෙක් බවට මාව පත් කරා. මම කැම්පස් එකෙන් අවුට් වෙනවත් එක්කම 2004 මම මගේම කියල පොඩි I.T කම්පනියක් පටන් ගත්ත.

    2005 වෙනකොට මම තීරනය කරා අපි බදිමු කියල මොකද කෙල්ලට 18 වුනේ 2004 දි, කෙල්ලත් එක පයි වැඩේට කැමතියි. දැන් උබල හිතයි මම ආදරේ කරල තියෙන්නෙ පොඩි කෙල්ලෙකුට කියල. ඒක ඇත්ත එයා මට වඩා අවුදු 6ක් බාලයි. නමුත් යුරෝපියන් අය නිසා ලංකාවෙ අයට වඩා අවබෝධය හුගක් වැඩියි.

    ඔන්න ඉතින් දැන් තමයි අපේ ගෙදර යුද පිටියක් වෙන්නෙ....

    මම ඉතින් අපේ අම්ම ගැන හොදට දන්න හින්ද ලXXXප පත්තරේ බලල මගේ ලග්නයට ජය හිමිවෙන දවසෙ කෙල්ල ගැන අපේ අම්මට කිවුව. අපේ අම්ම කෙලින්ම කිවුව එයා බදින්න එපා කියල. මම කිවුව මට එයව බදින්න ඕන කියල.
    මම අම්මගෙන් ඇහුව ඇයි විරුද්ධ කියල. අම්ම කිවුව මගේ ජිවිතේට අම්ම හුගක් ආදරේ කියල, මම හැමදාමත් සතුටින් ඉන්නව දකින්න ඕන කියල. ඒක නිසා මට කෙල්ලව අමතක කරන්න කියල. මචන් මම අම්මට හැම විදියෙන්ම කිවුවත් මගේ සතුට තියෙන්නේ මගේ කෙල්ල එක්ක ජිවත් වෙනකොට කියල.
    අපේ අම්ම පොඩ්ඩ්ක්වත් ගනන් ගත්තෙ නෑ. මම ඉතින් කෙල්ලට ගෙදර සිදුවුන හැම දේම විස්තර කරල කිවුව. කෙල්ල මට කිවුවෙ. ඔයාගෙ කල්චර් එක ගැන මම ටිකක් දන්න නිසා, ඔයා කියන දේ මට තේරුම් ගන්න පුලුවන් කියල, ඕක ටික කලයක් යනකොට අම්ම තේරුම් ගනීවි කියල. අපි කාලයට ඉඩ දීල ඉදිමු කියල.

    මචන් උබට වගේ මටත් මේක ජිවිතේ ලොකුම ප්‍රශ්නය වුනා. මමත් උබ වගේ මගේ යාලුවන්ගෙන් උපදෙස් ඉල්ලුව. හුගදෙනෙක් කිවුවෙ ගෙදරින් මොනව කිවුවත් උබ එකිව බැදපන් කියල. නමුත් කෙල්ල අපේ අම්මගෙ කැමැත්ත නැතුව බදින්න බෑ කිවුව. මච්න් මම නිතරම කෙල්ලට කිවුවෙ ගෙදරින් අපිට කැමති වෙන්නෑ කියල. ඒක නිසා අපි කාටවත් කියන්නැතුව බදිමු කියල. කෙල්ල කවදාවත් මගේ ඉල්ලීමට කැමතිවුනේ නෑ.
    මේ විදියට අවුරුද්දක් විතර ගියා. අපේ ගෙදර තත්වයේ වෙනසක් නෑ. ගොඩක් වෙලවට මම ලංකාවෙත් නෑ. මමත් ඉතින් මට ගෙදරින් තියෙන බකට් හැම දාම කෙල්ලට කියනව. කෙල්ල මගේ තත්වය හොදටම තේරුම් අරගෙන මාව බදීවි කියල හිතාගෙන තමයි. මම හැම දෙයක්ම එයාට කිවුවෙ. මචන් නමුත් මට වැරදුනා.

    2006 දි මගේ උපන්දිනේ දවසේ එයා අපේ ගෙදර ආව. එයා නිතර ලංකාවට ආවත් එදා තමයි අපේ ගෙදර ආපු පලවෙනි දවස. නමුත් එයා එදා එනකොට අපෙ ජිවිතේ ගැන ලොකු තීරනයක් අරගෙන තමා ඇවිල්ල තිබුනෙ. එදා තමා එයා මාව කවදාවත් බදින්නෑ කියල අපේ අම්මට කියල, මට දියුනු වෙන්න කියල සුභ පතල ගිය දවස.

    එදා මට තේරුනා එයා හුගක් වෙනස් වෙලා කියල. ඊට මාස 6කට විතර පස්සෙ එයාමට කිවුව. එයාට තවත් ඉහලට ඉගෙන ගන්න ඕන කියල, ඉගෙනීමට හුගක් කාලය යොදවන්න වෙනනිසා. මගෙන් ඈත් වෙන්න ඕන කියල. ඒක සාදාරන ඉල්ලීමක් කියල මට එදා හිතුන. ඒත් එයා කවදාවත් මට ලැබෙන් නෑ කියල ලොකු දුකකුත් දැනුන. මේ සිද්දිය නිසා මට අපේ ගෙදර එක්ක ලොකු තරහක් ආව. මම ඊට දව 2 කට පස්සෙ ලංකාවට ආව, අපු ගමන්ම කිවුව මට බදින්න කාවහරි හොයන්න කියල. මට ඕන වුනේ ගෙදර අයට රිද්දවන්න. මට ගෙනාව පලවෙනි යෝජනාවටම මම කැමති වෙලා මාස දෙකකින් අපි බැන්ද. අපි බැදපු ගමන්ම මගේ පොඩි කොම්පැණියට ලොකු ඉල්ලුමක් ලැබිල ටිකක් ලොකු සමාගමක කොටසක් වෙන්න පුලුවන් කම ලැබුන. මට හොද තනතුරකුත් ලැබුන. ඒ එක්කම අපි අලුත් රටකට ගියා. නමුත් ජිවිතේ හුගක් සංකීර්න වුනා. ඉඩ තියෙන වෙලවට මගේ ජිවිතේ ගැන වයිෆ්ට ටිකෙන් ටික කිවුව. එයා මම කියන හැම දේම අහගෙන හිටිය.

    ඔන්න ඔය අතරෙදි තමයි අපේ පලවෙනි බබාගෙ ලකුනු පහල වෙන්නෙ. ඩොකාල කියපි වයිෆ්ට ගුවන් ගමන් හොද නෑ කියල. ඔන්න ඉතින් අපි බබා හම්බවෙනකම් කොහෙවත් යන්න බෑ. ලංකවට යන්නැතුව තව අවුරුද්දක්ම ඉන්න වෙනව කියල එදා අපිට තේරුනා. ඊට මාස 8කට පස්සෙ අපෙ පුතා ඉපදුනා. අපේ පුතා ඉපදිලා සතියකින් විතර මගේ ඉස්සර කෙල්ල විශ් කරල FB එකේ මැසේජ් එකක් එවල තිබුන (මේක තමයි අපි වෙන්වුනට පස්සෙ ලැබුන පලවෙනි පණිවිඩය). මම එදාම එයට Friend රික්වෙස්ට් එකක් දැම්ම. එයා ඒක ඇක්සෙප්ට් කරා. ඊට සති කිහිපයකට පස්සෙ මට වෙනත් රටක වැඩකරන්න සිදුවුනා.

    ඔය විදියට තව අවුරුදු 2ක් ගතවුනා. දැන් පුතාට අවුරුදු 2කයි අපිට ලංකාවට යනව කියන එක දැන්නම් ශුවර් නෑ. ඔන්න ඔහොම ඉන්න අතරෙ මට ලංකාවට කිට්ටු රට්කට එන්න පුලුවන් කම ලැබුන. කොහොම හරි පුතාට අවුරුදු 3න වෙන්න කලින් එයට ආච්චියි සීයයි බලන්න පුලුවන්කම ලැබුන.

    මම ලංකවට ආවම දැක්කෙ අපේ ගෙදර අය හුගක් වෙනස් වෙලා කියල. අපේ අම්ම මගෙන් කිහිප සැරයක්ම ඇහුවෙ. අපි බැදල සතුටින්ද ඉන්නෙ කියල. අන්තිමට මම කිවුව ඔව් කියල නමුත් ජොබ් එක නිසා ජීවිතේ හුගක් සංකීර්න වෙලා කියල. ඊට පස්සෙ අම්ම අහනව මගේ කලින් කෙල්ල ගැන වයිෆ් දන්නවද කියල. මම ඔව් කිවුව. ඊට පස්සෙ අම්ම කියනව. මගෙ ඉස්සර කෙල්ල පිට රට කෙනෙක් වුනට හරිම හොදයි කියල. එදා තමයි අම්ම මගෙ 2006 උපන්දිනය දවසෙ අම්මයි කෙල්ලයි අතර සිදුවුන කතාව මට කිවුවෙ.

    මගේ ඉස්සර කෙල්ල 2008, 2009 මගේ උපන්දිනේට අපේ ගෙදර ගිහිල තිබුන. අම්ම මට කියනකම් මම දන්නෑ. අම්ම හුගක් දුක්වෙලා තිබුන 2006 දි ගත්තු තීරනය ගැන. මගේ ඉස්සර කෙල්ල හුගක් ඉහලට ඉගෙන ගෙන දැන් මහාචාර්ය වරියක්. එයා තාමත් මට ආදරෙයි. මගෙ වයිෆ් ඒ බව දන්නව.

    ඇත්තටම මට උබට කියන්න ඕන මේ ටික.
    1) කවදාවත් කෙල්ලට කියන්න එපා ඔයාට අපේ ගෙදරින් විරුදධ වෙනව කියල. ( කෙල්ල ඇත්තටම උබට ආදරේ නම කවදවත් උබව බදින්නෑ, මොකද ඒකි කැමති හැමදාම උබ සතුටින් ඉන්නවට, උබේ අම්මයි උබයි අතර එයා නිසා ගැටලු ඇතිවෙනවට කැමති නෑ) : මගේ කෙල්ල මාව නොබදින්න තීරනය කලේ එකි මට ඇත්තටම ආදරේ කරපු නිසා.

    2) යාලුවෙලා ඉන්න අතරෙදි කොහොම හරි අම්මට උබේ කෙල්ලව ඇසුරු කරන්න ඉඩ කඩක් හදල දීපන්(GF නොවන විඩියට) : මට මගේ කෙල්ල ගැන අපේ අම්මට කියන්න කලින් මුන ගස්සන්න තිබුනනම්. අපේ අම්මගෙ හිතේ තිබුන වැරදි අවබොදය නැති කරගන්න තිබුන.

    *** මචන් මම කියපු දෙවෙනි පොයින්ට් එක නිසා ගොඩ ගිය හුග දෙනෙක් ඉන්නව. අපේ අම්මල අපිට හුගක් ආදරෙයි. එයාල බලාපොරොත්තුවෙනව අපි බදින අයත් එයාල වගේම අපිට ආදරෙන් ඉන්න ඕන කියන එක. එයාලට ශුවර් වෙනකම් බකට් තමා කොලුවො.

    දුක් වෙන්න එපා. උබට සුභ අනාගතයක් වෙන්න කියල සුභ පතනව!
     
    • Like
    Reactions: [email protected]