CEB එකෙන් වග කියන්නේ සහ වයර් දාලා හයි කරන්නේ එයාලගේ මීටර් එක හයි කරන තැනට විතරයි.
අනික තමයි මීටර් එක උබට ඕන විදිහට වෙනස් කරන්න බෑ.. ඒකට උන්ට ලියුමක් දෙන්න ඕන ඊට පස්සේ උන් ඇවිත් වෙනස් කරලා දෙනවා, ඒකට උන්ට යන වියදම බිලට එකතු කරනවා.
ඔකේ හරි ක්‍රියාවලිය ඕකයි, හැබැයි බිල් ලියන්න එන පොර උබ අදුරනවා නම් ඌට කියහන් වෙන්න ඕන දේ එතකොට ඌ අදුරන breakdown යන සෙට් එකකට කියලා වැඩේ කරවලා දෙයි. සමහරවිට බෝතලයක් එහෙම දෙන්න වෙයි.
උබ හිතුමනාපෙට මීටරේ තැන වෙනස් කලොත් ඒක බිල් ලියන්න එන පොරට සැක හිතුනොත් පොර රිපෝර්ට් කරනවා, ඊට පස්සේ ඉන්කුවරී එකක් යනවා දැනුම් දෙන්නේ නැතුව වෙනස් කරපු එක ගැන. ඒක හෙන ලෙඩක් වෙනවා.
** ඒ නිසා බිල් ලියන පොර අදුරනවා නම් පොරට කියලා ඕෆ් ද රෙකොර්ඩ් වැඩේ කරගන්න, එහෙම අදුරන්නේ නැත්නම් හරි ප්‍රොසෙස් එකට ඉල්ලීමේ ලියුමක් දීලා වැඩේ කරගන්න. නැත්නම් ඕක නාගන්න වෙන කේස් එකක්.