Mata pissu wage machan

janithm89

Member
Dec 15, 2016
38
2
0
මට ගොඩක් කරදර උනා පහුගිය ටිකේ නය කේස් එකක් නිසා. සෑහෙන්න දුක් විඳින්න උනා ඒකෙන් ගොඩ එන්න නයනම් ඉවරයි දැන් පොඩි ජොබ් එකක් කරන් ඉන්නව. ඒත් මචං මට හිතෙනව මට පිස්සු හැදීගෙන එනව කියල.

මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව.
ගෙදර අය එක්ක උනත් කේන්ති යනව.
දවසේ උදේ වරුව නිදි මතයි. ඒත් ජොබ් එක කරන නිසා අල්ලගෙන ඉන්නව.
හිතේ කිසි සතුටුක් නෑ මොනව කරත්. වෙනද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං.
සිතුවිලි හෝ ගාල වැඩ ඉවරයක් නෑ ඔහේ කියවනව, තත්පරෙන් තත්පරේට ඒව වෙනවස් වෙනව එපා වෙනව.
මම ගැනවත් හරියට බලාගන්න ඕන කමක් නෑ බන්. මම දැන් ෂර්ට් උනත් අයන් කරන්නැතුව අඳිනව. රැවුල කපන්නෙත් නෑ. කන්නාඩියෙන් මූන බලපු කාලයක් මතක නෑ. කොන්ඩෙත් කොටට කපල ඉන්නේ.
පොඩ්ඩ ඇත්තන් ඇති හැම කෙනා එක්කම එක එක කේස් දාගන්නව. දැන් ගෙදර අයගෙ ඉදන් ගමේ, වැඩ කරන තැන ගොඩක් අය වැඩිය මාත් එක්ක නෑ. :sorry: මට එයාලගේ තියෙන ෆන්ක්ෂන්ස් වලට කියන්නෑ.

මට මචං ගොඩක් අය ගැන කේන්තියි. පොඩ්ඩ ඇත්තන් වලි දාගන්නමයි හිතෙන්නේ.
වෙන කිසිම කෙනෙක්ගැන අනුකම්පාවක් හිතෙන්නෑ.

මට සතුටක් හිනාවක් එන්නේ ඔය සත්තු සෙල්ලම් කරන ඒව දිහා බැලුවම, සමහර අය හිටපු ගමන් කරන විහිලු වලට.

වරදවා වටහාගන්න එපා. මම සෑහෙන්න අවුලෙන් දුකෙන් නෙමේ ඉන්නේ නෝමල් ඉන්නව. ඒත් ඉස්රට වඩා සෑහෙන්න වෙනස් වගේ. ඉස්සර ගොඩක් අය මට කැමතයි. යාලුවොත් හිටිය සෑහෙන්න. මේ මගේ හැසිරීම අවුල් උනාට පස්සේ හැමෝම ඈත් උනා.

දැන් මම ගොඩක් තනියම ඉන්න තමයි කැමති.

මේක ලෙඩක්ද මචං? මට ඕන ඉස්සර වගේ වෙන්න. හැම කෙනාම මාව මගඅරනිව, කතා කරන්නැතුව ඉන්නකොට හෙන අවුල් මට. එත් දැන් ටිකක් පුරුදු වෙලා ඒක. හෙනම සයිලන්ට්. වෙනද වගේ ෆන්එකේ විහිලුවක් කරල ඉන්න එනර්ජි එක දැන් නෑ වගේ. හෙනම ඩල් මචං.

ඇගට පන නෑ වගේ මගේ. ආපුගමන් නෑව, කෑව. නිදාගත්ත. කිසිම බලාපොරොත්තුවක් උනත් දැන් මට නෑ. මම ගැන මට කිසිම විශ්වාසෙකුත් නෑ මචං. :( මට හිතෙන්නේ මට මොනවහරි වෙලා වගේ.
 
Last edited:

janithm89

Member
Dec 15, 2016
38
2
0
http://www.ashramaya.org/

Siri Sadaham Ashramaya
Bellanthara, Dehiwala
P: +94 112 732 700

P: +94 773 686 686

P: +94 773 847 773

E-mail: [email protected]

Skype: sirisadaham.ashramaya

කොලබ නෙමේ මචං මම ඉන්නේ :(
වරදවා තේරුම් ගන්න එපා මචං. මට ජෝතිශය, ආගම් ගැන උනත් පොඩි කාල ඉඳලම කිසිම විශ්වාසයක් නෑ. :sorry:
 

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    456
    83
    ۩ Apocrypha ۩
    watch this documentary :yes:
    TheSecretLogo.jpg

    https://thepiratebay.org/torrent/3742287/The_Secret_(2006)
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ikmanin manasika waidyawarayek lagata yanna.dawas dekak ethulatha uba wenas wenawa.wiswasa karapan mawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,596
    37,749
    113
    අනේ ඔන්න ඔහොම හිටහන් බන්. මිනිස්සු එක්ක ආශ්‍රය අඩු කරලා ඉන්න එක ඇඟට ගුණයි. මට මේ මිනිස්සු වැඩි වෙලා පිස්සුවගෙ. වෙඩින්ග්ස් හතරකට ගියා එතනම විසිදාක් වාශ්ප උනා. කොහෙ තියෙන සල්ලිද බන්. උබ තව ණයත් වෙලා මිනිස්සුන්වත් හොයනවා :lol::lol::lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,396
    3,464
    113
    මෙහෙමයි සිඞහලයො. හුඟක් අයට ඔහොම වෙනව මේ සමාජ රටාව එක්ක. උඹට ඔය කරන්න හිතෙන්නෙ නැති දේවල් ටික නොකර ඉන්න ඉන්න තවත් ඔය අවුල එන්න එන්න වැඩි වෙනව. පුළුවන් තරම් වැඩක යෙදියන්. පුළුවන් තරම් කට්ටියව ආශ්‍ර‍ය කරපන්. සෙල්ලමක් කරපන් දුවලා පැනලා කරන. එක්සයිස් කරපන්. ජිම් යමන්. හොඳට කාපන්. මල්ටිවිටමින් එකක් අරන් බීපන්. ඇඳුම් සෝදලා කාමරේ අස් කරලා වගේ වැඩ ටික කරන්න සතියෙ දවසක් දාගනින්. එදාට අනිවා කරපන් ඒ වැඩ. බඩිගින්නෙ නම් ඉන්නෙපා ඕක තව වැඩි වෙනව. විශේෂයෙන් උදේට දවල්ට.

    උඹ ඔය කිව්ව ටික කරපන්. ඉස්පිරිතාලෙට යමන්. මහ ඉස්පිරිතාලෙට. ලඟම එක හොඳ නෑ නම් ප්‍රයිවට් ඩොකෙක්ව අල්ලපන්. හොඳ ඩොකෙක්. සයිකැට්‍රිස්ට් හරිද. සයිකොලොජිස්ට් නෙවෙයි. ඒ අල්ලලා කියපන් විස්තරේ. මෙහෙමයි, පිස්සු @#$ක් අහු උනොත් නම් දෙපිටින් යන්න බෙහෙත් දෙනව. එහෙම නෙවෙයි ඉස්සෙල්ල මොනාහරි දෙයි ලාවට. ඒව හරියට දවස ගානෙ බීපන්. බොනකොට මුල් ටිකේ ඔය තියෙන ගති වැඩි වෙයි. ඒක අනිවා හිතේ තියාගනින් ඉවසනව කියල මොනව වුනත්. සති දෙකකට වගේ පස්සෙ හෙන චූන් එකෙන් ආයෙම ඉස්සරටත් වඩා හොඳට ඉන්නව වගේ කියල තේරෙයි. ඩොකා කියන කාලයක් ඒ බෙහෙත් බීපන්. ආයෙම ඩොකා හම්බෙන්න යමන්. මේ අතර උඹේ ප්‍රශ්ණත් ටික ටික ලිහාගනින්. උඹට බෙහෙත් වලිනුයි මම ඔය කිව්ව ටිකෙනුයි පට්ට ගට් එකක් හම්බෙයි ඒ වෙද්දි. ටික ටික ප්‍රශ්ණ ලිහාගෙන ආයෙ ඉස්සර වගේ වෙයන්.

    මිනිස්සු එක්ක තරහෙන් ඉන්නෙපා. වැඩක් නෑ. අපිට සමාජෙ උන්ව හදන්නවත් උන් අපි කියන දේ ඒ විදියටම කරන්නෙවත් නෑ. සල්ලි දීල වැඩට ගන්න උනුත් පිස්සු කෙලිද්දි සමාජෙ මේ එදිනෙදා හම්බෙන උන් ගැන කවර කතාද.

    මේ ගැන හෙන දිග රිප්ලයි එකක් ලීහැකි උඹට ඕන දෙයක් අහපන් මැසේජ් එකක් දාල හරි කමක් නෑ. ගොඩ එන්න පුළුවන් සපෝට් එකක් දෙන්නම්.
     
    • Like
    Reactions: bruges

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,736
    633
    113
    same here..... :(
    මානසික ඩොකෙක් ලගට යන්න ගිහින් දවසක් චැනල් සෙන්ටර් එක ඇතුලටම ගිහින් ආය හැරිල ආව....... මොනව කරන්නද මන්ද....... තනිවෙලා වගේ.......
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,396
    3,464
    113
    same here..... :(
    මානසික ඩොකෙක් ලගට යන්න ගිහින් දවසක් චැනල් සෙන්ටර් එක ඇතුලටම ගිහින් ආය හැරිල ආව....... මොනව කරන්නද මන්ද....... තනිවෙලා වගේ.......

    :sorry: මම කියනවට පලයං. නිකන් නාස්ති වෙන්නෙපා ජීවිතේ. අනික තමයි ඔය බෙහෙත් එක්ක සෙල්ලම් කරන්න නම් එපා මචන්. බොන්න ගත්තොත් හරියටම දොස්තර කියන විදියටම ඒ කාලෙ යනකම්ම බීපන්. මිස් කරන්න එපා. හිතුමනාපෙට අරව මෙව කරන්න එපා බෙහෙත් එක්ක. උඹට වෙන දේ උඹටම හිතාගන්න බැරි වෙයි.

    බෙහෙත් නොබී ගොඩ දාන්න නම් සුපිරි බොක්කවල් ටිකක් සෙට් වෙන්න ඕන. නිදහස ඕන ඒ සෙට් එකේම උන්ට අඩුම ගානෙ සතියට දවසක්වත්. අනික තමා උඹට උවමනාව තියෙන්න ඕන මේ මූසල ජීවන රටාවෙන් මම ගොඩ එන්න ඕන කියල. නැත්තම් මොන $#@ කලත් සදා %*$ යනව එන්න එන්නම.

    බෙහෙත් කියන්නෙත් මැජික් පෙත්තක් නෙවෙයි. නමුත් නිකන් නාස්ති වෙනවට වඩා බෙහෙත් බීල හරි ගොඩ ඇවිත් පස්සෙ නිවාඩුව බෙහෙත් ටික ටික අඩු කරල නවත්තන එක (ඩොකා කියන හැටියට ) හොඳයි.

    නිකන් නාස්ති වෙන්නෙපා බං මනුස්ස ජීවිතයක් ලබාගෙනත්. :no:
     
    • Like
    Reactions: AnjanaROCK

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    හැමෝටම තෑන්කස්. ඒ කියන්නේ මට මොකක් හරි මෙන්ටල් කේස් එකක් වගේ නේ?

    බලමු ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනව එහෙම උනොත්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,483
    113
    32
    Crynet Solutions
    bit.ly
    සේරම එපා වෙලා වගේ හැගීමක් එනවද..
    depression වගේ ඒගෙන එනව වගේ මචං උබට..
    මෙන්ටල් කේස් එකක් කියල හිතන්න එපා.. ඕක ඉතින් කොමන් නෙ..
    ඩොකෙක් හම්බෙයන් උබට කියයි කරන්න ඕන ඒව ටික..

    පොඩ්ඩක් active වෙලා ඉදපන්.. උබේ පෙනුම ගැන ටිකක් හිතපන්..
    උබ සතුටු හිතෙන දෙයක් කරන්න ගනින්..
    එක්කො gym එකකට වගේ පලයන් ඕව සේරම නැති වෙනව..
     

    janithm89

    Member
    Dec 15, 2016
    38
    2
    0
    සේරම එපා වෙලා වගේ හැගීමක් එනවද..
    depression වගේ ඒගෙන එනව වගේ මචං උබට..
    මෙන්ටල් කේස් එකක් කියල හිතන්න එපා.. ඕක ඉතින් කොමන් නෙ..
    ඩොකෙක් හම්බෙයන් උබට කියයි කරන්න ඕන ඒව ටික..

    පොඩ්ඩක් active වෙලා ඉදපන්.. උබේ පෙනුම ගැන ටිකක් හිතපන්..
    උබ සතුටු හිතෙන දෙයක් කරන්න ගනින්..
    එක්කො gym එකකට වගේ පලයන් ඕව සේරම නැති වෙනව..

    තෑන්ක්ස මචං. ඔව් එපා වෙලා වගේ හැඟීමක් එනව ගොඩක් වෙලාවට. හැම තිස්සෙමනම් නෑ.
    මම ඩොක්ටර් කෙනෙක්ව හමුවෙන්නම් එහෙනම්.
     

    KingCM

    Member
    Jul 23, 2013
    6,920
    948
    0
    www.biogen.lk
    නැ මචන් ලෙඩක් නෙමෙයි ...උබ කලින් stress එකේ ඉදල තමත් stress ...

    දැන් පොඩ්ඩක් relax වෙයන් මචන්....හැමදේම හරියයි...:yes:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    සේරම එපා වෙලා වගේ හැගීමක් එනවද..
    depression වගේ ඒගෙන එනව වගේ මචං උබට..
    මෙන්ටල් කේස් එකක් කියල හිතන්න එපා.. ඕක ඉතින් කොමන් නෙ..
    ඩොකෙක් හම්බෙයන් උබට කියයි කරන්න ඕන ඒව ටික..

    පොඩ්ඩක් active වෙලා ඉදපන්.. උබේ පෙනුම ගැන ටිකක් හිතපන්..
    උබ සතුටු හිතෙන දෙයක් කරන්න ගනින්..
    එක්කො gym එකකට වගේ පලයන් ඕව සේරම නැති වෙනව..


    :yes::yes: