මේක මගේ පලවෙනි රිවීව් එක එළකිරි එකේ කරන. මේක ලියන්න ඉස්සෙල්ල කියන්න ඕනේ මං වාහන ගැන ඉතා ඉහල දැනුමක් තියෙන කොල්ලෙක් නෙමේ. මේ රිවිව් එක කරන්නේ මට තියෙන ආසාවට මිසක් වෙන මගුලක් නැ. මේකේ දාන සියලුම තොරතුරු මගේ අත්දැකීමට අනුවයි. ඒ නිසා වැරදීම් ඇතිවෙන්න පුළුවන්.
හරි වැඩි කතාබහ ඕනේ නැ වැඩේට බහිමු
මේ වාහනේ ගොඩක් තරුණ පරම්පරාව අතර ප්‍රසිධ්ධ්යි.(ඔව් ඔව් අපි වගේ කට්ටිය
) නමුත් ගොඩාක් අය මේ වාහනේ ගන්න ලොකු බයක් තියෙනවා. දන්නවනේ ඉතින් වාහන ගැන කතා කරාම හැම එකාම දන්නවා වාහන ගැන ඔස්තාර්ලානේ. තෙල් වැඩ කරන්නේ නැ කියයි , අයෙ විකුණගන්න බැ කියයි. මේ වාහනේ මං අරගෙන දැනට අවුරුදු 1 1/2 වගේ වෙනවා. මේ වාහනේ ගත්තේ ගිය අවුරුද්දේ june වගේ.ඉතින් ඔය වාහනේ ගන්න මාසෙකට විතර කලින් මගේම යාලුවෙක් ගත්ත ඕකේ European model එක Mazda 3 එක. එයත් මුලදී Honda Civic Es8 එකක් බලලා අන්තිමට තම එක ගත්තේ. යාළුවා අරන් මාසෙකට විතර පස්සේ මන් හිතාගත්ත axela එකක්ම ගන්නවා කියල.( Axela එකෙයි Mazda 3 එකෙයි වෙනස්කම් කියන්නම්) මුලදී මමත් වාහන ගැන ඔසතාර්ලගේ කියමන් අහලා සුපුරුදු පරිදි Toyota එකක්ම ගන්න හිතුනත් මේ වාහනේට තිබ්බ දැඩි මෙව්වා එකට Axela රාජයෙක්ම ගන්න හිතාගත්තා.
හරි මුලින්ම දන්නා විදියට මේ වාහෙනේ ඉතිහාසය ගැන කියන්නම්. මම මේ උඩින් පෙන්නපු Axela model එක මුලින්ම manufacture කලේ 2003. ඕකේ ජාති 2ක් තියෙනවා. අපේ පාරවල් වල ඔයාලට බලාගන්න පුළුවන්. Mazda 3 සහ Mazda Axela කියල 2ක් තියෙනවා. මුලින්ම ඔය 2කේ වෙනස්කම් ටිකක් දැන්නම්. ප්‍රධාන වෙනස තමා Mazda Axela Japan domestic use එකට හදපු එකක් වීම සහ Mazda 3 international මාර්කට් එකට නිෂ්පාදනය කරපු එකක් වීමයි. mazda 3 ලංකාවට import කලේ බ්‍රෑන්ඩ් new. mazda axela import කලේ reconditioned. මිට අමතරව මා දන්නා වෙනස්කම් -
Axela Mazda 3
engine ධාරිතාව - 1500cc 1600cc
FM Transmission - limited extended
Interior - dark fabric beige interior
mazda 3 එකේ දොරවල් වල පොඩි දාරයක් එහෙම තියෙනවා. හැබැයි outlook ඒකේ නම් කිසිම වෙනසක් නැ කිව්වා නම් හරි.
හරි මම මුලිකවම මේ model 2න් mazda axela එක තෝරාගන්න විශේෂ හේතු කිහිපයක් තියෙනවා. පලවෙනි දේ තමා axela එකේ එකේ engine ධාරිතාව 1500cc උනත් එකේ horse porwer eka mazda 3 එකට වඩා වැඩි. pick up එක ටිකක් වැඩි) petrol කෙරුවාවෙත් සැලකිය යුතු වෙනසක් තියෙනවා. (ඔව් Axela එකේ petrol කෙරුවාව 3 එකට වඩා ටිකක් හොදයි.) 2nd hand market එකත් ටිකක් හොද ගතියක් තියෙනවා axela එකේ.(එය හුධෙක් මගේ මතයක් පමණයි)
හරි දැනට ඔය ටික තමා. වාහනේ පේට්‍රෝල් කිරිල්ල , spare parts ගැන තොරතුරු දැන්නම් ඉස්සරහදි. මේක තාම compelete review එකක් නෙමේ. වහනයක් ගැන මම කරන පලවෙනි රිවිව් එක . මේකේ හෝද නරක කියන්න. එත් එක්කම වාහනේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම දන්නා තරමින් උත්තර දෙන්නම්.
ජය වේවා



ආයේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තොත් Mazda 3/Mazda 6 එකක් තමයි 
2015 nam 6-7mil thibbe mazda 3