චගු;17648221 said:MAZDA කියන්නෙ පට්ටම වාහන.
![]()
1994 MAZDA Familia 323 එකක් තිබුනා.. ඒ කාලෙ රුපියල් 500ක් ඩීසල් ගහල දවස් ගානක් මොරටුව - කොළඹ ගියා බන්. ඩීසල් මීටරේ කට්ට හෙල්ලෙන් නැති ගානයි.
MAZDA Familia 323 පට්ටම වාහනේ. අපි අවුරුදු 5ක් වාහනේ පැද්දා.. අනිතිමට දවසක් ට්‍රෆික් එකේ න්වත්තල ඉන්නකොට තිබිරිගස්යායෙදි ලේලන්ඩ් වයිකිං බස් එකක් ඇන්නා.. (ඌ අඬ අඬා කියනව බ්‍රේක් නැති උනාලු ) මචන් වාහනේ ඩිකියෙ ඉඳන් rear passenger area වෙනකල් ම තැලුනා. හැපුන පාර ඉස්සරහට විසි වෙලා ගිහින් ඉදිරියෙන් තිබුන වාහනෙත් වැදුනා.. පාර පුරා කෑලි. සීට් බෙල්ට් එක නිසා මූන බේරුනා මචන්.
ඒත් මෙච්චර ඩැමේජ් එකක් වෙලත් වාහනේ ඇදන්ගෙන නෙවෙයි බන් ආවෙ.. drive කරගෙන.. කිසිම අවුලක් නෑ එන්ජින් එකට.
බම්බලපිටියෙ පොලිසියෙ ඉඳල කෑලි එල්ලි එල්ලි පාරෙ එනකොට මිනිස්සු පුදුම වෙලා බලනව බන්
තාත්තට වාහනේ එප උනා බන් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එකෙන් වාහනේ කන්ඩෙම් කලා. ලක්ශ 6ක් අතේ.
උඹල දන්නවද ලස්සනම සීන් එක.. MAZDA eka හැපිල, කන්ඩෙම් වෙලා, අපි වෙන වාහනේකුත් අරගෙන, මාස ගානකට පස්සෙ දවසක් පොරක් ආව බන් අපේ ගෙදරට.. කිරි ටොයි MAZDA Familia 323 එකක. අපේ වාහනේ අන්කය තිබුනෙ.. ඇස් දෙක අදහ ගන්න බැරි උනා. මූ එලටම හදල බන්. ඉන්සුරන්ස් යාර්ඩ් එකෙන් අරන් මූ හදලා.. පොතේ ලිපිනය හොයාගෙන ඇවිත් අපිට පෙන්නන්න.. ඒක නම් පට්ටම වාහනේ මචන්.
ඉතින් කියන්න ඕනි උනේ MAZDA වාහන නම් ගොඩාක් තත්ත්වයෙන් උසස් මචන්.. උන්ගෙ R&D පට්ට ඇති .. ඒකයි උන් කල් වේලා අරගෙන හොඳ හයිබ්‍රිඩ් එකක් මාකට් එකට දාල තියෙන්නෙ




රත්තරං;17631901 said:මේකේ ඉන්නවා එපාම කරපු අනාතයෝ ටිකක්
නිසාන් අනාතයා - යුරාජ් බඩා
මැස්ඩා අනාතයා - speed malli
හොන්ඩා අනාතයා - mahesh1297
පෝර්ජෝ අනාතයා - ජැක් ස්පැරෝස්
ටොයොටා අනාතයා - ම්ම්ම් එක්කෝ ඒක ඕනේ නෑ
නිසාන් පෑට්‍රෝල් අනාතයා කවුද එතකොට......?? 
රත්තරං;17649396 said:
BJ5P මචන් එකත් මරු.. මටනම් ඔය සීරීස් එකෙන් දිරවන්නේ නැත්තේ මැස්ඩා3 / ඇක්සෙලා විතරයි. අනේ මන්ද සමහරුන්ගෙනම් ආසම වාහනයක්. BJ5P එකේනම් හැන්ඩ්ලින් වලට ගහන්න EK3 එක හැර ඒ රේන්ජ් එකේ වෙන කාර් එකක් නෑ. මැනුවල් එක පට්ට

mazdA is beter than bmw
ලේලන්ඩ් ඉස් බෙටර් දෑන් බී ඈම් ඩබ්ලිව්.... 