එක එක මස් වර්ග නොයෙක් විදියට රස බලන්න කැමති අපේ අනිවා හිතවතුන්ට අපි අද ගේන්නෙ රෑ කෑමකට ගැලපෙන්න සකස ගන්න පුළුවන් රෙසිපි 5ක්. රෑ කෑමකට කිව්වට දවාලකට හරි බයිට් එකට හරි මේ දේවල් හදාගන්න ආසයි නම් කාගෙන් තහනමක්ද
…
මේ රෙසිපි වලට ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. වඩාත්ම ගැලපෙන මස් වර්ගය රෙසිපි එකේ සඳහන් කරල තියෙනව
1. Mexican Spice Rubbed Meat with Lime Butter
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය
4. Baked Teriyaki Meat
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය
…මේ රෙසිපි වලට ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. වඩාත්ම ගැලපෙන මස් වර්ගය රෙසිපි එකේ සඳහන් කරල තියෙනව
1. Mexican Spice Rubbed Meat with Lime Butter
අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති මස් වර්ගයකින් 750ක මස් කැබැල්ලක් (ලෑම්බ් සහ බීෆ් වඩාත් සුදුසුයි.)
- දිය කරගත් බටර් මේස හැඳි 4
- තලාගත් සුදු ලූනු බික් 2ක්
- ගා ගත් දෙහි ලෙලි තේ හැඳි 1\4
- දෙහි යුශ තේ හැඳි 1
- ලුණු
- පැප්රිකා තේ හැඳි 1 1\2 (සුපර් මාකට් වල ඇත.)
- සූදුරු කුඩු හැඳි 1 1\2
- මිරිස් කුඩු හැඳි 1 1\2
- පෑන් එකක් හෝ ග්‍රිල් එකක් රත් වෙන්න තියන්න. පොඩි බෝල් එකකට සුදු ලූනු, බටර්, දෙහි ලෙලි සහ දෙහි යුශ දමා එයට ලුණු පින්ච් එකක් දමා මිශ්‍ර කරගන්න.
- වෙනම බෝල් එකක් ගෙන එයට පැප්රිකා, මිරිස් කුඩු, සූදුරු කුඩු වලට ලුණු තේ හැඳි 1 1\4ක් දමා මිශ්‍ර කරගන්න.
- පැප්රිකා මිශ්‍රණය මස් කැබැල්ලේ හොඳින් තවරාගන්න. රත් වෙන්න තැබූ පෑන් එකට තෙල් මේස හැඳි 2ක් පමණ ඉස ගන්න. ඒ මත මස් කැබැල්ල තබා විටින් විට දෙපැත්ත හරවමින් හොඳින් ග්‍රිල් කරගන්න.
- පෑන් එකෙන් ඉවතට ගත් විගසම සාදාගත් දෙහි සහ බටර් මිශ්‍රණය ඒ මත දමා විනාඩි 4ක් 5ක් තියෙන්නට හැර පිළිගන්වන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- අඹරාගත් මස් 700 (බීෆ් හෝ චිකන් වඩාත් ගැලපෙනව.)
- දුඹුරු සීනි කප් 1\2
- කෙචප් හෝ තක්කලි සෝස් කප් 1\2
- කිරි කප් 3\4
- බිත්තර 2
- ලුණු තේ හැඳි 1 1\2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1\4
- තලාගත් ඉඟුරු තේ හැඳි 1\4
- චොප් කරගත් ලූනු
- පාන් කුඩු කප් 3\4 (බ්‍රෙඩ් ක්‍රම්බ්ස්)
- ලෝෆ් පෑන් එකක් නැත්නම් පාන් පුළුස්සන උස ට්‍රේ එකක් ගෙන එහි බ්ටර් හෝ තෙල් ටිකක් තවරා ගන්න. එහි අඩියට සීනි ටික දමා ගන්න. එයට උඩින් කෙචප් ටික දමාගන්න.
- ඉතිරි සියළුම ද්‍රව්‍ය හොඳින් අනා කෙචප් උඩින් තරමක් අතින් තද කරමින් අතුරා ගන්න.
- සෙල්සියස් 175ට පෙර රත් කරන ලද උඳුනක දමා පැයක් පුළුස්සා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් බ්‍රෙස්ට් එකක් (අඹරාගත් වෙනත් මස් වර්ගයක් උනත් ගන්න පුළුවන්)
- චීස් ස්ලයිස් 4
- හැම් ස්ලයිස් 4 (කැමති හැම් වර්ගයක් ගන්න පුළුවන්)
- පාන් පිටි මේස හැඳි 3
- බටර් මේස හැඳි 6
- කෝන් පිටි මේස හැඳි 1
- කිරි කප් 1/2
- ලුණු
- ගම්මිරිස් කුඩු
- චිකන් බ්‍රෙස්ට් එකේ කටු ඉවත් අර වෙන් නොවන සේ දෙකට පලා මදක් තලාගන්න. දැන් එය මැදට චීස් ස්ලයිස් 2ක් අතුරා ඒ මත හැම් පෙති තබා ඊටත් උඩින් නැවත ඉතිරි චීස් අතුරා චිකන් බ්‍රෙස්ට් එක දෙකට නවා තද කර ටූත් පික්ස් වලින් රඳවා ගන්න.
- බටර් ටික පෑන් එකක දමා රත් වෙන්න හරින්න. එයට කිරි, පාන් පිටි, කෝන් පිටි, ලුණු සහ ගම්මිරිස් එක් කර උකු වන තුරු හැඳි ගාමින් අඩු ගින්දරේ උතුරුවා ගන්න.
- තෙල් තවරා ගත් ට්‍රේ එකක චිකන් බ්‍රෙස්ට් එක තබා ඒ මත සාදාගත් සෝස් එක තවරා ගන්න. එයට උඩින් පාන් කුඩු දවටා සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උදුනක දමා විනාඩි 25-30ක් බේක් කරගන්න.
4. Baked Teriyaki Meat
අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති මස් වර්ගයක් (චිකන් සහ පෝක් වඩාත් සුදුසුයි.)
- කෝන් පිටි මේස හැඳි 1
- අයිස් වතුර මේස හැඳි1
- විනාකිරි කප් 1\2 (වයිට් වෙනිගර්)
- සෝයා සෝස් කප් 1\2
- තලාගත් සුදු ලූනු බික් 1
- තලාගත් ඉඟුරු තේ හැඳි 1\2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1\2
මේ ප්‍රමාණ ස්කින්ලස් චිකන් ඩ්‍රම්ස්ටික් 10කට ප්‍රමාණවත්.
- පෑන් එකක් ලිප තබා එයට මස් හැර අනෙක් සියල්ල එක් කර උකු වන තුරු මද ගින්නෙ උතුරුවා ගන්න.
- සෝදා වතුර හොඳින් පිසදාගත් මස් වල සෝස් එක හොඳින් තවරා හොඳින් බටර් තවරාගත් තැටියක තබා සෙල්සියස් 200ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 25ක් බේක් කර අනෙක් පස හරවා නැවත විනාඩි 20ක් බේක් කරගන්න. බේක් වන අතර තුර විනාඩි 10කට වරක් සෝස් එක නැවත නැවත තවරා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති මස් වර්ගයකින් 500 (චිකන් හෝ පෝක් වඩාත් ගැලපෙනව.)
- මී පැණි කප් 1\2
- පැප් රිකා හෝ මිරිස් කුඩු තේ හැඳි 1
- අබ කුඩු මේස හැඳි 2
- විනාකිරි 2
- සීනි මේස හැඳි 1
- ලුණු
- ගම්මිරිස් කුඩු
- වියලි ඔරිගානෝ තේ හැඳි 1
- අබ කුඩු වලට සීනි විනාකිරි සහ ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් කලවම් කරගන්න. එයට මී පැණි සහ ඔරිගානෝ එක් කරගන්න.
- මස් කැබැල්ල මත ලුණු ගම්මිරිස් ටිකක් ඉස හොඳින් තවරා ගන්න. එය විනාඩි 5ක් පමන පසෙකින් තබා ඒ මත මී පැණි මිශ්‍රණයෙන් බාගයක් හොඳින් තවරන්න.
- සෙල්සියස් 180ට පෙර රත් කරගත් උඳුනක තබා විනාඩි 20ක් බේක් කරගන්න. එය අනෙක් පස හරව ඉතිරි පැණි මිශ්‍රණය තවරා නැවත විනාඩි 20ක් බෙක් කරගන්න.
TFS
