Medical help

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
මේ විස්තරය දැක්කෙ මූණු පොතෙන්.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න..

මේ සතුට නැවතත් මට ලබා දෙන්න.....
මාගේ හිතමිතුරනි,
මගේ ජීවිතයේ අවාසනාවන්තම සිදුවීම පසුගිය මාර්තු 13වනදා සිදුවුණා.
ඒ තමයි පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක විෂේශිත ළමා රෝහලේ සිදු කරන Bronchoscopy පරීක්ෂණයක් සදහා ශල්‍යාගාරය වෙත දෙපයින් ඇවිදගිය ඒ වන තෙක් මොළයේ කිසිදු
අසනීපයක් නොතිබූ, පාසලේ දක්ෂ සිසුවියකදවූ, මාගේ මේ සුරතල් දියණියගේ හදවත එම පරීක්ෂණයේදී විනාඩි 5ක් පමණ නතරවීම හේතුවෙන්
මොළයට දැඩි හානි සිදුවී, මා හීනයකින්වත් නොසිතූ පරිදි කෘත්‍රීම ශ්වසනය ලබා දෙමින්
ට්‍රොලියක දමා දැඩිසත්කාර ඒකකය වෙත රැගෙන යනවා සියැසින් දැකීමට සිදුවීම‍.
ඉන් පසු දින 22ක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි දියණිය කොළඹ ළමා රෝහලේ
දැඩිසත්කාර ඒකකය වෙත රැගෙන ආවා. අපේ අවාසනාවට ඔක්ෂිජන් ලබා දෙමින් දැඩිසත්කාර ඒකකය වෙත රැගෙන එන දරුවා සදහා ලබා දුන් ගිලන් රථය පවා වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියා නොකරන එකක්. දූවිලි හා වාහන තදබදය හමුවේ එහි වීදුරු ඇරගෙන තමයි පේරාදෙණියේ සිට කොළඹට ආවේ. තවමත් දරුවා කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. හරියාකාරව කතා කිරීමට, යමක් හදුනා ගැනීමට, නැගිට ගැනීමට නොහැකි ඇයගේ මොළයේ
පෙනීම සම්බන්ධ කොටසට තමයි ගොඩක් හානි සිදුවී තිබෙන්නේ. නාසයට සම්බන්ධ කර ඇති බටයකින් තමයි කෑම බීම දෙන්නේ. මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඇය සුවපත්කර ගැනීම ස‍දහා මොළයේ විනාශවී ගිය සෛල වර්ධනය කර ස්නායු පද්ධතිය ගොඩගැනීම සදහා යම් කිසි ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ කොහේ හරි තියෙනවානම් සොයා දෙන්න. බටහිර Stem Cell Therapy ප්‍රතිකාර ක්‍රමය සාර්ථකද යන්න හා අතුරු ආබාධ සහිතද යන්නත් සොයා දෙන්න. ආයුර්වේද ප්‍රතිකාර පිළිබදවත් මා දැනුවත් කරන්න. හැකිතාක් මෙය ෂෙයා කර මගේ රත්තරං දියණියගේ මේ සිනහව නැවත මට ලබා දෙන්න උදව් කරන්න. ඔයාලට ගොඩාක් පිං.
[email protected]