මට මේ කරුණු වලට එකඟ වෙන්න අමාරුයි.
සුරතල් සතෙක් ස්වභාවික පරිසරයට යැවුවම ජීවත් වෙන්න අමාරුයි කියන එක පිලිගන්න අමරුයි. හැම විටම එහෙම වෙන්නේ නැහැ. ප්රශ්නය ස්වභාවික පරිසරට නිදහස් කරන එක නොවේ සතුන්ගේ නිදනස සීමා කරන එක. ඔබේ ගෙදර ගිරවෙක් ඇති කරනවා නම් ඌට අයිතිය තියෙනවා නම් කැමති වෙලාවක පියඹලා යන්න, ගැටලුවක් නැහැ. නමුත් ඒක නෙවේ වෙන්නේ. සුරතල් සතුන් හිරකර ගෙන ඇති කිරීමෙන් ඔබ කරන්නේ උන්ගේ නිදහසට බාදා කිරීමක් පමණක් නොවේ, තවත් සතෙක්ව හිර කර තබා ගැනීමට අනුබල දීමක්.
ලෙඩ රෝග වලින් ආරක්ෂ කරන්න සතුරන්ගෙන් ආරක්ෂා කරන්න සුරතල් සතුන් ලඟ තබා ගන්නවා කියන එක නම් අමූලික බොරුවක්. ඒ වගේ කන්ඩායම් ඉන්නවා වනජීවීන් සම්බන්ධව කටයුතු කරන. ඔවුන්ගේ නම් අවංක චේතනාව ඒ සතාට උදව් කිරීම. ඔවුන් සතාගෙන් පෙරලා උදව්වක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ.
නමුත් සුරතල් සතුන් ඇති කරන්නන් එහෙම කරන්නේ තමන්ගේ ආසාවට සතෙක් තියා ගන්න. එහෙම නැතිව ඒ සතා වඳ වෙලා යාවි වත්, මැරිලා යාවිවත් කියන දුකට නෙවේ.
මේක ප්රශ්නයක් නැහැ කියලා අපට හිතෙන්නේ අප හිතනවා මේ සත්තු පිලිබඳ අයිතියක් අපට තියෙනවා කියා. අපට ඕන විදිහට උන්ගේ නිදහස පාලනය කිරීම අපේ අයිතියක් වගේ හැඟීමක් තියෙනවා මිනිස්සු අතර. ඔය දෙයෙහිම ඔයිට වඩා පොඩ්ඩක් එහාට ගිය සංකල්පයක් තිබුනා පහුගිය සතවර්ශ කීපයේ. ඒ සංකල්පයට කිව්වේ වහල්ලු කියලා. ඇතතටම මේ සතවර්ශයේ මිනිස්සු වහල්ලු විදිහට තියා ගෙන ඉන්නේ සතුන්.
සරලම දේවලින් කල්පනා කර බලන්න. ඔබේ හැසිරීම සතෙකුට හින්සාවක් වෙන තැනකට පත් වෙන්න දෙන්න එපා, කෙලින්ම හෝ වක්ර ආකාරයෙන්.
සම්මා ආජීව ගැනත් හිතන්න. මස් මාංශ, වහල් (සතුන් ඇතුලුව ) වෙලඳාමේන් වලකින්න. එයට අනුබල දීමෙන් වලකින්න.