Megaupload වෙබ් අඩවියේ 'සක්විති' ට ඇපත් නෑ..

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Megaupload වෙබ් අඩවියේ 'සක්විති' ට ඇපත් නෑ..

    ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) මගින් අත්අඩංගුවට ගත් සුප්‍රකට Megaupload වෙබ් අඩවියේ නිර්මාතෘ Kim Dotcom හෙවත් Kim Schmitz හට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.
    නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඔහුට අයත් Dotcom නම් අධි සුඛෝපභෝගී මැඳුරේ සිටිය දී ඔහු ඇතුළු Megaupload වෙබ් අඩවියේ සේවකයින් 6 ක් අත්අඩංගුවට පත්වුණේ පසුගිය සිකුරාදායි.

    megaupload.png


    tech-us-internet-megaupload.jpg


    උපතින් ජර්මානු ජාතිකයෙකු වූ Kim Schmitz පරිගණක තාක්ෂණිකවේදියෙක්.

    kim-dotcom-megaupload_jpg_630x366_q85.jpg
    Megaupload-Dot-Com-Crew.jpeg


    Megaupload වෙබ් අඩවිය නිර්මාණය කිරීමත් සමග ලොව පුරා ජනප්‍රිය වීමත් සමග ඔහු සිය නමේ අගට Dotcom යන්න එකතු කර ගත්තා.

    අන්තර්ජාලය ඔස්සේ ඕනෑම ආකාරයක දත්තගොනු පොදුවේ බෙදාගැනීමට අවස්ථාව ලබා දී තිබූ Megaupload වෙබ් අඩවියට එරෙහින අමෙරිකානු දිස්ත්‍රික් අධිකරණයකට ගොනු කර තිබූ නඩුවකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා.
     
    • Like
    Reactions: DIGPRIYANKARA

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙම වෙබ් අඩවිය මගින් ‍ඕනෑම ආකාරයක දත්තගොනු ‍නොමිලේ (මන්දගාමී) හෝ මුදල් ගෙවා (අධිවේගී) ආකාරයට බාගත හැකියාව සපයා දී තිබුණා.

    ඒ අනුව ලෝ ප්‍රකට චිත්‍රපට, නාට්‍ය, වාර්තා වැඩසටහන්, මෘදුකාංග, පරිගණක ක්‍රීඩා, ලිපිගොනු ආදී ඕනෑම ආකාරයක දත්තගොනු අන්තර්ජාලය ඔස්සේ බාගත කිරීමට ඔවුන් අවස්ථාව ලබා දී තිබුණා.

    බුද්ධිමය දේපල පනත උල්ලංඝණය, මුදල් විශුද්ධිකරණය හා නීතිවිරෝධී ‍මූල්‍ය හුවමාරු ආදී බරපතළ චෝදනා රැසක් මෙම වෙබ් අඩවි හිමිකරුවන්ට එල්ල වී තිබෙන අතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් දඩයක් ද මේ වන විට නියම වී තිබෙනවා.


    banner.jpg


    ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) වසර 2 ක පමණ කාලයක සිට සිදු කළ විමර්ශනයකින් පසුයි මෙසේ Megaupload හිමිකරු Kim Schmitz ඇතුළු අදාල සේවක පිරිස අත්අඩංගුවට ගෙන එම වෙබ් අඩවිය වසාදමීමට හැකි වී තිබෙන්නේ.

    Megaupload වෙබ් අඩවිය නිසා ප්‍රකෝටිපතියෙක් බවට පත් වූ Kim Schmitz ඇමරිකානු නීති ප්‍රශ්න වලින් මිදීම සදහා නවසීලන්තයට පැමිණ එහි නේවාසික භාවය ලබා අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කර තිබුණා‍.


    015.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඡායාරූප වලින් දැක්වෙන්නේ ඔහු සතු වත්කම් වූ Dotcom මැඳුර, පෞද්ගලික ජෙට් යානා, හෙලිකොප්ටර්, නෞකා, ජිරාෆ් සතුන් සහ යාන වාහන ආදියයි.

    003.jpg


    002.jpg


    004.jpg


    001.jpg
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    monawa unath mu apita godak sewayak karapu ekek.megaupload eken api kochchara film game bagena thiyanawada? mu sepa windata mu hoda eka...