රස්නායකපුර, කණුකැටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් පොලීසිය විසින් වටලා තිබේ.අද අලුයම 2.00ට පමණ නිකවැරටිය පොලිස් කොට්ඨාස වැටලීම් ඒකකය මගින් මෙම වැටලීම සිදුකර ඇති බව පොලීසිය කියා සිටියි. එහිදී වයස අවුරුද්දක් පමණ වන ගවයින් 04 දෙනෙකු, ගැබිණි එළදෙනක ඇතුළු ගවයින් 6 දෙනෙකු ගේ මස් ද තවත් ගවයින් 04 සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී ඇත.මස් කළ ගවයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් ලොරි රථය තුළ අසුරා තිබුණු අයුරු.










