අවුරුදු 5කට පස්සේ ඕනේ ජපන් ජර්මන් වාහනේකින් සද්ද එනවා බන්. ඊට කලිනුත් එනවා. ඔන්න Door handles එහෙම ගැලවිලා අතට එනවනම් අවුල්. අනිත් එක ඒ ඉස්සර Chinese වාහන Cherry QQ වගේ ගොබ්බ රෙදි ගැලවෙන ඒවා නෙවේ දැන් එන්නේ. නිකමට BAIC X25 එකකටයි Suzuki Baleno එකකටයි නැගලා බලපන්කො. BAIC එක සුපිරි.අවුරුදු පහෙන් පහට වාහන මාරු කරන මිනිස්සු ඉන්න රටක නං ඕක වේවි. අවුරුදු පහකට පස්සෙ ඩෑශ්බෝඩ් එකේ සද්ද එන්නැති චීන වාහනයක් මං නං දැකල වත් නෑ![]()
//මේක විවෘත මනසක් සහ කොමන් සෙන්ස් තියෙන උන් පමනක් කියවත්වා
ලංකාවේ ටැක්ස් එක එන්නේ ඇන්ජින් දාරිතාවට. දැන් 1000cc වාහනේකට ටැක්ස් එක ලක්ශ 30ක් යැයි සිතමු. එතකොට ඔයා ලක්ශ 90ක වාහනයක් ගන්නකොට වාහනේට මිලදී ගත් මිලෙන් 66% ගෙවලා වාහනේට. වාහනේට ගෙවනවා කියන්නේ ඒකේ මැටීරියල් වලට සහ ඒකේ කොලිටි එකටනේ ගෙවන්නේ. ඔයා 50කට එකක් ගත්තා කියමු එතකොට වාහනේට වැටෙන්නේ 40% යි. ඉතින් ටැක්ස් එක නියතයක් සහ වාහනේ මිල විචල්‍ය වෙනකොට වඩාම ලාබදායි වැඩි මිල කාර්. දැන් ඒ ගනන් වලට ගන්න බෑ කියයි. ඒක නෙමේ මගෙ පොයින්ට් එක. හිතන්න අනික් ඒවට සාපේක්ශව ඕක ඔය ගානකට දෙනකොට චීනෙන් ඕක පටවන ගාන අන්න ඒ ගානට අනුව තමා ඔය වාහනේ මැටීරියල් කොලිටි එක එන්නේ... තවත් සරලව කිව්වොත් ප්ලාස්ටික් බේසමටයි රත්තරං බේසමටයි, බේසං වලට පොදුවේ කෝටියක ටැක්ස් එකක් ගැහුවොත් ඔය කරලා තියෙන්නේ කෝටියක් සහ රුපියල් දෙසීයක් දීලා ප්ලාස්ටික් බේසම ගත්ත එක. ගත්තට පස්සේ ප්ලාස්ටික් බේසම කැඩෙනකොට අවප්රමාන වෙන්නේ ඒකේ ටැක්ස් එකෙන් නෙමේ බේසමේ මුලු මිලෙන්. රත්තරං එක ගත්තනම් ආයෝජනෙන් වැඩි කොටසක් ඔයාගෙ අත් දෙක මත කොහොම කැඩුනත්.
MG (මොරිස් ගරාජ් ) කියන බ්‍රෑන්ඩ් එක මැරිලම යනවා මීට දශක ගානකට කලින්. අන්තිමට සයික් කියන අමු චයිනා කොම්පැනිය ඒක අරන් saic වාහන වලට බැජ් එක එල්ලනවා. එතනින් එහාට ඕකේ ඇති MGයක් නෑ. හරියට ගීලි වල මයික්‍රෝ බැජ් ගැහුව වගේ
ඔයාලා දැන්ම කුලප්පු වෙන්න එපා. කැට තියලා කියනවා ඕකේ මාකට් එකට තව වසර කිහිපයකින් වෙන්නේ චෙරි කිව් කිව් එකට මයික්‍රො පැන්ඩා එකටත් අන්ත චාටර් වැඩක්..
UAE වල ඕකට උන දේ මම කියන්නම් (දැන් රෙද්ද උස්සන් එන්න එපා ඔහෙ ගනන් වලට මෙහෙ වාහන නෑ කියලා. මෙහෙත් වාහන නිකන් දෙන්නෑ. කියන කාරනාව තේරුම් ගන්න) uae extremely වාහන භාවිතා කරන රටක්. කොටින්ම හුගක් වෙලාවට අපි ගේ ඇතුලේ පාකින් එකට දාන්නෙත් නෑ වාහන ඒ තරම් දුවනවා. මෙහෙ හවාල්, චෙවි සහ ඔය mg වාහන ලෝන්ච් කලා 2014/5 වගෙ කාලේ ලොකූ ප්‍රමෝශන් එකක් දීලා. බ්‍රෑන්ඩ්නිව් නිසාත් ලක්ශ 30කට පමන අව්රුදු 5ක් ගෙවන්න සීරෝ ඩවුන් පේමන්ට් මිඩ් සයිස් suv ලැබුන නිසාත් මිනිස්සු ඕව ගත්තා. අද පාරේ දුවන ඒවගෙන් එකක් හොයාගන්න නෑ හෙඩ් ලයිට් කහ වෙලා ප්ලාස්ටික් කෑලි කර නොවුන එකක්. විකුනන්න දානකොට පකිස්තාන් කාරයෝ ගහන්නේ පරාට දෙකේ ගාන ඔෆර් එක.
ලංකාවේ මෙහෙම ලොකු ටැක්ස් එකක් නොතිබ්බනම් සහ මද්යම පන්තිකයාගේ ආදායම ආදායමක් කියන්න පුලුවන් රටවල මට්ටමට තිබ්බනම් ඕක වසර 5ක ලෝන් එකට බ්‍රෑන්ඩ් නිව් අරන් වසර 5ක් පැදලා අහක දාලා ස්ක්‍රැප් කරන්න නියම ඔප්ශන් එකක්. ඒකයි ඕක සමහර රටවල විකිනෙන්නේ.. ලංකාවේ අපි තාම 2010 යේ වාහනත් අලුත් වාහන කියලා හිතන රටක්
ආයෙත් කියන්නේ කලබල වෙලා වාහන ගන්න එපා. ලංකාව කියන්නේ වාහන මිල අදික රටක්. හොදට හිතලා බුද්දිමත්ම තීරන අරන් වාහන ගන්න//
සයික් mg jac dfsc චෑං චූං කංකුක් ආදී චීන අටමගල ගන්න එපා කියන හේතුව.. ගිහාන්ගේ පෝස්ට් එකේ කතා උන ටික මෙතන දැම්මා
මේක වලංගු වෙන්නේ ලංකාව වගේ ඉහල ටැක්ස් එකක් තියෙන රටකදි බ්‍රෑන්ඩ් නිව් ගන්නකොට
ඉන්දියන් මරුති සුසුකි රෙකමන්ඩ් කලේ උන් ඒවගේ බැරි වැඩ කරන්න යන්නැතුව "ඉතාම සරලව" හදල එවනවා. ඒ නිසා මරුටිය පවතිනවා චීන එලාම් ඔරලෝසු හදන උන් අමුනලා එවන ඉලෙක්ට්‍රොනික් වැඩි වාහන වලට වඩා
srs -
ඔය post එක මම දැක්කා. ලංකාවේ TAX කතාව අයින් කරලා දැන් මේ අපි වාහනෙන් වැඩි කොටස ගෙවන්නේ ජපන් එකටනේ. දැන් ඔතනින් කොටසක් ගිහින් තියෙන්නේ ජපන් labor cost එකට, එහෙමනම් අපි අනිවාර්යෙන් ගන්න ඕනේ චීන එක. මොකද ජපානේ වාහනේ හදන්න යනවට වඩා වියදම අඩුයි චීනේ වාහනේ හදන එක. එතකොට වාහනේ තියෙන බඩු වලට වඩා අපි වැඩියෙන් ගෙවලා තියෙන්නේ ජපානේ ඉන්න එවුන්ගේ පඩිය. අනිත් එක Toyota වගේ brands උන්ගේ brand value එකට එකතු කරන premium එකත් වැඩියි.
අනිත් එක Australiaවේ MG ZS highest grade price එක 27500$යි, මේක තමයි ලංකාවට එන්නේ. උන්ගේ CHR තියෙනවා2wd 25000$ ඉඳන්. ලංකාවේ අපි CHR එකට අඩුගානේ ලක්ෂ 20ක් වැඩියෙන් ගෙවන්න ඕනේ Australiaවේ MG එක ගණන් වැඩි උනත්. එතකොට වාහනෙන් වැඩි කොටසක් බදු කියන කතාව එතනම බොරු වෙනවනේ. මොකද 1000ccඑකට වඩා ලක්ෂ 17ක් විතර වැඩියෙන් tax වදිනවා ලංකාවේදී 1200cc එකට. ඒ නිසයි අපිට වෙන රටවල MG ZS එකට වඩා ගණන් අඩු CHR එකට මෙහෙදී MG ZS එකට වඩා ගෙවන්න වෙලා තියෙන්නේ.
අනිත් එක 2013/14 කතා දැන් ගැලපෙන්නේ නෑ, එහෙනම් 2008,2009 තිබුන Chinese phone ලයිට් පත්තුවෙන TV වගේ ඒවා, දැන් Chinese phone කියන්නේ One plus one, Huawei, Xiaomi වගේ ඒවා. අපි දැන් කිව්වොත් "අපෝ ඕවා ඒ කාලේ මට මතකයි ලයිට් පත්තුවෙනවා තොරණ වගේ" කියලා ගැලපෙන්නේ නෑනේ.

