Micro Panda

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Micro Panda කාර් එක ඇත්තටම අවුල්ද? මං Micro Panda Owners club fb group එකේ උන්ගෙන් ඇහුවම උන් එක එකා මර ගන්නවා. හරියට තීරණයක් ගන්න බෑ.

    එළකිරි කට්ටියගේ උපදෙස් පතමි...



    මට Company Vehicle Loan එකක් ගන්න පුළුවන් උපරිම ලක්ෂ 20ක්. හැබැයි' කොන්දේසි කීපයක් තියෙනවා
    1. Brand New නම් ලක්ෂ 20ම ගන්න පුළුවන්
    2. නැත්නම් Toyota corolla, Honda Civic, Nissan Sunny වලට විතරයි වටිනාකමෙන් 100% ම දෙන්නේ

    මට loan එකේ installment එක ගෙවාගෙන යන්න නම් අතිරේක අදායමක් විදියට කාර් එක Uber වගේ දාන්න වෙනවා. නැත්නම් ජිඉවත් වෙලා හමාරයි.

    මේකට හොදම වාහනේ මොකක්ද. Uber දාන්න නම් 2008න් පස්සේ වාහනයක් වෙන්න ඕනේ
     
    Last edited:

    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    ehema leda na bun ma gawath thiyene panda ekak welawata service karapan ethakota kisi awulak na habi micro company eke case unge service awul ekai awula
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    ගොඩක් අය නම් කියනවා බන්
    පැන්ඩා හරි නෑ කියලා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මං Micro Panda Owners club fb group එකේ උන්ගෙන් ඇහුවම උන් එක එකා මර ගන්නවා. හරියට තීරණයක් ගන්න බෑ.

    :lol::lol::rofl::rofl:
    ඒ තරමට ප්‍රශ්නලුද?:P
    එලකිරි එකේ රිවීව් එකක් ගියා නේද.. පොඩ්ඩක් හොයලා බලන්න.. රත්තරංගේ පරණ ත්‍රෙඩ් එකක්ත් තිබුණා අඩුපාඩු ගොඩක් ගැන කියලා..එවත් හොයලා බලන්න..:yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Japan loku car ekak ganna salli thiyanawa nam ganna. Habai Indian budget car walata wada panda hondai.

    Petrol karana eka nam lokuma de Japan podi car, indian car okoma panda walata wada petrol karanawa. Ewagema panda eke fit and finish eka japan tharam honda naha.
    Indian walata wada hondai.

    Habai Pickup and handling gana hithanawa nam Japan podi car, Indian budget car walata wada panda eke pickup eka handling dekama hondai.
    panda brand new lakhsa 19 da koheda wenne indian japan walata wada ganath adui.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Japan loku car ekak ganna salli thiyanawa nam ganna. Habai Indian budget car walata wada panda hondai.

    Petrol karana eka nam lokuma de Japan podi car, indian car okoma panda walata wada petrol karanawa. Ewagema panda eke fit and finish eka japan tharam honda naha.
    Indian walata wada hondai.

    Habai Pickup and handling gana hithanawa nam Japan podi car, Indian budget car walata wada panda eke pickup eka handling dekama hondai.
    panda brand new lakhsa 19 da koheda wenne indian japan walata wada ganath adui.

    in simple words he means panda is better than small indian cars!

    but not better than small japanese cars

    japan small car -----> panda ----> indian
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1706790


    රත්තරං;19163186 said:
    මේ මම මීට මාස කිහිපයකට පෙර එලකිරියේ දාපු පොටෝ ටිකක් උනත් දාපු තැන හොයාගන්න බැරි නිසා ඔන්න ආයේම කට්ටියගේ (විශේශෙන් ජේසන් බව්වගේ ) ඉල්ලීම පිට මෙන්න දානවා

    මහා චීන වාහන ප්‍රඥයන්ට අනුව ලිං ගෙබි ජපන් වාහන මානසිකත්වයෙන් ඉන්න එකෙක් වෙච්ච මට ප්‍රදේශයේ දානපතියකු ඒ මිලට ගත හැකි ජපන් වලට ගරහා, දුවන්න පුලුවන් ඇල්ටෝ /මරුටි හෙලා දැක මයික්‍රෝ පැන්ඩා බ්‍රෑන්ඩ් නිව් රාජයෙක් වඩම්මවූ නිසා අතගා බැලීමේ වාසනාව උදාවිය

    තොපි වැනි අනාත සිංහලුන්ටද බලා කියා ගැනීමට මෙසේ ඡායාරූප පෙල ඉදිරිපත් කරමි


    ශ්‍රී ලංකාව වැනි රටක නැගී එන තරුන පරපුරේ සිහින වාහනය වීමට පැන්ඩාට හැකිවීම අරුමයක් නොවේ

    පලමුව හෙල රජ දරුවන්ගේ ශෛලමය නිර්මාන වල වර්තමාන නියෝජනයක් සේ පෙනෙන/ දැනෙන අභිමානවත් 100% පැතලි නාසා ආයතනයෙන් වැඩි දියුනු කල පුකේ හැඩය ඔප්නන්වන ආසන

    1305209981-anuradhapura-Sri-Lanka-Asia-Anuradhapura.jpg


    90niur.jpg


    සීට් මසා ඇත්තේ පාපිසි සෑදීමට ගන්නා ආකාරයේම (රෙදි වර්ගයට කියන නම මතක නැත.. ඇදෙන සුලු රෙදි විශේශය ) ඉතා අගනා රෙදි වර්ගයකිනි

    How-to-make-Old-Shirt-Floor-Mat-step-by-step-DIY-tutorial-instructions-thumb-400x299.jpg


    ස්කූටරයකට නොදෙවෙනි ඉහල ගුනාත්මක බවින් යුතු මීටර පද්දතිය

    2u619c6.jpg


    කැබිනට්ටුවක් ආකාරයට පැත්තට ඇද විවරකල හැකි කැබිය.. කෑම පෙට්ටියක් අරිනවා වැනි ඉතා උද්යෝගකර හැකීමක් ඇතිකරවන ආකාරයෙන් නිපදවා ඇත

    2csc58o.jpg


    එදා රජ දවස කුඹුරු අස්වැද්දූ මී හරක් බැදි කනු සිහිකරවන මඩේ සිරවූ ඉන්න ලෙස හතර අතේ වැනෙන (අම්මපා බන් එහෙම වැනෙන්නේ කොහොමද?:baffled: ) ගියර් අන්ඩ

    2ykaulx.jpg


    කෝප්ප පිගන් සාදන චීන ප්ලාස්ටික් හා සම තත්වයෙන් යුතු ප්ලාස්ටික් ඩෝ පැනල්(නියපොත්තෙන් සීරිය හැක)

    n2lni1.jpg


    මැටි අච්චුවට ප්ලාස්ටික් උනු කර වක්කර පදමට ගින්නේ පිලිස්සූ ඉතිරිය පිහියෙන් කපා දැමූ අනර්ඝ ප්ලාස්ටික් මෝල්ඩින් කොටස්.. වාහනය සමග පිහියක් නොමිලේ.. පාකින් එකක නිකරුනේ කාලය ගතකරන අවස්තාවල ඔබටම මෙම කොටස් කපා වැලි කඩදාසියෙන් සුමට කර වින්දනයක් ලැබිය හැක

    25gcr2h.jpg


    හදිසි අවස්තාවක තේ පීරිසියක් දෙකට කපා මැදින් සවිකර අමතර කොටස් වියදම ඉතිරි කරගත හැකි සේ නිපදවා ඇති අලංකාර ඩෝ හැඩල්.. දෙවෙනි වර ඇරීමට අවශ්යනම් මයිත්‍රී භාවනාව සිදුකර සිත නිවා ගන්න.. සන්සුන් වන්න.. සෙමෙන් අරින්න

    2efj86c.jpg


    ආයිස් අම්මා ගුන්ඩූඌ කියවන පසුපස ආසනය... ඉදහත් පසු මහත් ආයාසයක් දරා එලියට පැමිනියෙමි

    2w65q21.jpg


    100%ක්ම වලන් සේදීමට ගන්නා ස්පොන්ජ් කපන ශීට් එකකින් නිපදවූ සුවපහසු ආසන.. ස්පෝන්ජ් එක පාපිසි සාදන ජාතියේ රෙද්දකින් මැසූ කොට්ට උරයකට බස්සා අලංකාරව නිමවා ඇත


    Scouring_pad_with_sponge_cleaning_sponge.jpg




    fd4mxi.jpg


    පසුපස ප්ලාස්ටික් ලෑල්ල උඩට සීනි කිලෝවකට වැඩි යමක් නොදමන්න වගබලා ගන්න


    242c213.jpg


    යටින් ලා කහ වර්නයෙන් පෙනෙනුයේ ගරාජයේ ටයිල් පොලවයි... වැඩි ආරක්ශාව තකා ඇන්ජිම ලනුවකින් හෝ ගැටගැසීම ඔබේ වගකීමයි.. කොටස් වල උසස් ප්‍රමිතිය ඡායාරූප වලින් මනාව පෙනේ යයි සිතමි

    1175kow.jpg


    25p1rug.jpg


    අල්ලාහ් දෙවියනි මේ හෙඩ් ලයිට් එකකි... පෝරනුවේ බහා මැටි අච්චුවට උනුකල ප්ලාස්ටික් වතුර බෝතල් දමා පදමට නිමකල හෙඩ් ලයිට්... ගෙවන මිලට වැඩිය වටින්නට වක්කරපු ප්ලාස්ටික් අමතරව ලබාදී ඇත

    1sb2tk.jpg



    කම්මලේ තලා, මිටියෙන් ගසා සෑදූ සැගවුනු තැන්වල යකඩ කොටස්

    2cx7h2.jpg



    ඇතුලට ස්භාවික වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි හිදැස් සහිතව 100ට 100ක් සවි නොවන පරිදි සකසා අලවා වටවා නිපැවූ අපූරු ඇතුලත නිමාව


    25svfif.jpg





    බුදු බන සිහිකරවන දින කිහිපයක් පැරනි ලෝහ කොටස්...

    2vwsf4n.jpg



    චීනයේ විරැකියාව දුරු කර ස්වයන් රැකියා වැඩි කර මහා පුන්‍ය කර්මයක ඔබත් දායකයකු වන්න.මහාර්භ වොල්වෝ තාක්ශනය සුකුමාල චීන ලමිස්සියකුගේ දෑතින් හුයෙන අවස්තාව

    9a5l5d.jpg


    බලහත් කාරයෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකකට ආරාදනා කලත් චිරාත් කාලයක් ආරක්ශා කල වෘශන කෝශ වල නාමයෙන් එය ප්‍රතික්ශේප කලෙමි....

    මේ ඡායාරූප කිහිපයක් පමනි.. නිශ්පාදන කොලිටිය පිලිබදව කියා නිමකල නොහැක... අව්රුදු දෙකක් හරියට පාවිච්චි කලානම් ඉතින්................. එක්කෝ ඒ බයිලා ඕනේ නැත:sorry:

    අනේ රෙප් ටිකනම් කපන්න එපා. අමාරුවෙන් එකතු කලේ:(


    PS-අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගන්න පොඩි මිනිහෙක් නැතිකරලා දාන්න හදාපු මරනයක්.. අඩුම තරමේ යම් පැවැත්මක් ඇති ඇල්ටෝ එකක් වත් ගන්න උත්සහ කරන්න (කියන බයිලය නොතේරෙන මී හරක් වෙනුවෙන් එඩිට් කරන කදී )


    ..micro panda ..

    දේශප්‍රේමයෙන් ඔද වැටී, දේශීය නිෂ්පාදකයා නගා සිටුවීමේ පරම පවිත්‍ර උත්තුංග චේතනාව පෙරදැරි කරගෙන, දේශීය (යයි කියාගත්, චීනයෙන් කොටස් ගෙන්වා එකළස් කරන) සමාගමකින් මිළදී ගත් මෝටර් රථයක් නිසා ය.

    ඉතා සුළු අනතුරකට ලක්ව (ඩීමෝ බට්ටෙක් අතුල්ලාගෙන යාම නිසා) ඉදිරිපස Passenger Side දොරේ තහඩුව ටිකක් ඇතුළට එබුණි.
    එවෙලේම වීදුරුව පහත් කරන්නට උත්සාහ කළෙමි. මෝටරය කැරකෙන බව දැනුනත් වීදුරුව පහත් වූයේ නැත. යම් හේතුවක් නිසා එය සිරවී තිබුණි.

    රක්ෂණ සමාගමෙන් රු. 16,000 ක මුදලක් ඇස්තමේන්තු කර අනුමත කළේය. පිටින් පෙනෙන හානියට වඩා අභ්‍යන්තර හානි තිබිය හැකි බැවින් මා ඒ ගැන විමසුවෙමි.

    වීදුරුව පවා සුළු හෝ හානියක් නොමැතිව හොඳින් තිබෙන නිසා ඔවුන් (පමණක් නොව මමද ) විශ්වාස කළේ තහඩු දිගහැරෙන විට අවහිරය ඉබේම විසඳෙනු ඇති බවයි.

    අවශ්‍යනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ එකඟතාව මත මා එම වටිනාකමට එකඟ වූයෙමි.

    නමුත් අවාසනාවක මහත! ගරාජයේදී තහඩුව දිගහැරිය පසුවත් ස්වයංක්‍රීයව වීදුරුව උස් පහත් කිරීම ක්‍රියාත්මක වුණේ නැත.

    "පවර් ෂටර් මිකෑනිසම් එකේ" තුනී ප්ලාස්ටික් වලින් තනා තිබූ යම් කොටස් වලට හානි සිදුවී ඇති බවට කාර්මික මහතා මට වාර්තා කළේය.
    ඒ අනුව මා එකී 'දේශීය' සමාගමේ අමතර කොටස් අංගනය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමි.

    හානි වූ කොටස පමණක් වෙනම විකුණන්නේ නැති බවත්, මෝටර් ආදී සියළුම කොටස් සමඟ සම්පූර්ණ යාන්ත්‍රණයම මිළදී ගත යුතු බවත් ඔවුන් දන්වා සිටියහ.

    නමුත් දැනට එයද ඔවුන් සතුව නොමැති බවත්, එය චීනයෙන් ආනයනය කළ යුතු බවත් ඔවුන් සඳහන් කළහ. ඒ සඳහා මාසයක් පමණ ගතවනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබිණ.

    විකල්පයක් ලෙස ඔවුන් යෝජනා කළේ මුළු දොරම අංග සම්පූර්ණව මිළදී ගැනීමටය.

    නිකමට එහි මිළ විමසූ මට තරු පෙණුනි.

    රු. 86,000 ක්!.

    ඉන් අඩක වටිනාකමට ජපන් වාහනයක අංග සම්පූර්ණ දොර 4ම මිළදී ගත හැකිය.

    මීට පෙර ඉදිරිපස බෆරය පළුදුවී එය යථා තත්ත්වයට පත් කරන්නට මා හට රු. 75,000ක වියදමක් දරන්නට සිදුවිය.
    ඒ ජපන් මෝටර් රථයක බෆරය අළුතින්ම දමන්නට යන්නේ රු. 25,000 ක මුදලක් පමණක් වන සංදර්භයකදීය.

    (Spare Parts Division - 077-3512439 හෝ 077-5749360 අංකවලට ඇමතීමෙන් ඉහත කරුණුවල සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරු කරගත හැකිය.)

    ස්පෙයාර් පාට්ස් මෙච්චර ලාභ වන මේ රථයේ උසස් කොලිටිය ගැනත් යමක් කිව යුතුමය...

    ප්‍රදර්ශනාගාරයේ සිට මගේ නිවසට ඇත්තේ කි.මී. 7ක් පමණි. ඒ ගෙන යන අතරතුර වායුසමන යන්ත්‍රය උපරිමයට දමා තිබීයදී පවා අධික ලෙස දහඩිය දමන්නට වූයෙන් හීට් මීටරය බැලුවෙමි.

    අම්මට සිරිය. රතු කට්ටත් පැන තව ටිකකුත් පැන ඇත.

    කාර්මිකයෙකු ගෙන්වා පරීක්ෂා කළෙමි. ඔහු රපෝත්තු කළේ රේඩියේටරයට සම්බන්ධ විදුලි පංකාව (Radiator Fan) ක්‍රියාත්මක නොවන බවකි. විලාකය පුවරුව (Fuse Box) පරීක්ෂා කළ ඔහු මට දැවී උණු වී ගිය චීනයේ නිෂ්පාදිත Relay උකරණයක් ගලවා අතට දුන්නේය.

    ඒ එවැනි පළමු සහ අවසන් සිදුවීම නොවේ. මේ වනවිට වාහනයේ විදුලි පද්ධතියේ උපාංගවලින් හරි අඩක්ම ජපන් ය. මෙහෙම ගියොත් තව වැඩි දවසක් යන්නට කළින් මෙය ඉබේම ජපන් වාහනයක් වනු ඇත!

    'Factory Fitted' ස්වයංක්‍රීය විදුලි අගුළු පද්ධතිය හෙවත් Central Lock System වසර දෙකක් තුළ අළුත්වැඩියා කළ වාර ගණන 4කි. ඒ සෑම අවස්ථාවකදීම ජපානයේ නිෂ්පාදිත සෙන්ට්‍රල් ලොක් සොලෙනොයිඩ් යොදාගැනීමට මා වගබලා ගත්තේ චීනයේ නිෂ්පාදිත කොටස්වල විශ්වසනීයත්වය වරක් දෙවක් නොව, කිහිප වරක්ම මා හට සපථ වී තිබූ හෙයිනි.

    නමුත් මා ඉස්තාලය වැසුවේ අස්සයා පැනගිය පසුය. මේ වනවිට එම විදුලි උපාංග හොඳ තත්ත්වයේ ඇති නමුත් දුරස්ථ පාලකය මගින් දොරගුළු ලෑම සහ හැරීම කළ නොහැකිය. පොර සේ දුරස්ථ පාලකයේ බොත්තම ඔබා, අනතුරුව ආදී කාළීන රථයකට මෙන් දොරට යතුර දමා කරකැවිය යුතු වේ.

    වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබියදී මට ගෝබි කාන්තාරය හෝ උත්තර ධ්‍රැවය මතක් වූයේ වරක් දෙවරක් නොවේ.
    ඒ සෑම අවස්ථාවකදීම චීනයේ නිෂ්පාදිත අධි තාක්ෂණික සංවේදක (Sensor) සහ පරිගණක පද්ධති වල නිරවද්‍යතාව මා වෙත මනාව ඔප්පු කර පෙන්වන ලදී.

    අන්තිමේදී Climate Control තාක්ෂණය හිතින් අහක් කරගෙන සරල On-Off ස්විචයක් මගින් වායුසමනය ක්‍රියාත්මක කිරීමටත්, සීතල වැඩි වූ පසු එකී ස්විචය යොදාගෙන එය ක්‍රියාවිරහිත කිරීමටත් මට හිත හදාගන්නට සිදු වූයේ අදාල අධි තාක්ෂණික සංවේදක සහ පරිගණකය ප්‍රතිස්ථානගත (Replace) කිරීමට මගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක් ඕනෑවන බව දැනගත් දිනය. (අවම වටිනාකමක් ඇති කාර් කට්ටක් අමාරුවෙන් දිවුවාට කැම්පස් ගුරුවරු කියන්නේ මහා ලොකු සල්ලිකාරයන් නෙමේය. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගසාගෙන දුවන තවත් දුප්පත් රජයේ සේවකයෙක් පමණි.)

    මේ වනවිට රථයේ ඩෑෂ් බෝඩය මත සවිකර තිබෙන ඔරලෝසුව කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද යත්, ඉලක්කම් පමණක් නොව ග්‍රීක අක්ෂර මගින්ද වෙලාව දක්වනු ලබයි. නමුත් ඒ වේලාව අදාල වන රට දන්නේ දෙවියන් වහන්සේ පමණි.

    මේ වන විට ඉදිරි ෆොග් ලාම්පු වලින් එකක් නිවන් ගිහිල්ලාය.
    ඒ අතරේ පිටුපස ෆොග් ලාම්පු පද්ධතියම පත්තුකරන් ගිහිල්ලාය.

    වසර දෙකක් ඇවෑමෙන් 'බීට් සයිලන්සරයක්' නොමිළේම හිමි විය.

    ආ. අමතක වුණාය. සුපිරි ඉන්ධන පිරිමැස්ම ගැනත් යමක් කිව යුතුමය.
    සංවේදී වැඩ කොරන විස්සවිජ්ජාලය තියෙන්නේ එයාගේ ගෙදර සිට කි.මී. 5.5ක් පමණ ඉතා විශාල දුරකින්ය.
    මාසයට දවස් 20ක් විතර ඔය දුර එහා මෙහා ගියාම ලීටර් 40ක ටැංකිය සම්පූර්ණයෙන්ම හිඳෙනවා ය. ඒ ටැංකියේ හිලක් තියෙන නිසා නොවේය, සුපිරි චීන තාක්ෂණයෙන් නිර්මිත, මල්ටි පොයින්ට් ඉලෙක්ට්‍රොනික් ෆුඑල් ඉන්ජෙක්ෂන් එන්ජිමේ සුපිරි කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට පින්සිදුවන්නටය.

    මේකට හේතුව මගේ ඩ්‍රයිවින් ඉස්ටයිල් එකේ වෙනසක් බව මෙය විශ්ලේෂණය කළ මෝටර් රථ විශේෂඥයෝ කියන්නට වූ නිසා මේ හොරය අල්ලන්නට තීරණය කළෙමි.

    1986 ජපානයේ නිෂ්පාදිත කාර් කට්ටක්ද මා සතුව ඇත. ඔය EFI තියා මෙලෝ මළදාන කොම්පීතර තාක්ෂණයක් ඒකට ගෑවිලාවත් නැත. තනිකරම කාබියුරේටර්ය. මේකේ එන්ජින් ධාරිතාව 1500කි. ('දේශීය' රථයේ සිලින්ඩර් capacity 1000කි.)
    සැෆාන් එකේ ඒ/සී දාගෙන මාසයක්ම වැඩට ගියත් දැවී තිබුණේ පෙට්‍රල් ලීටර් 20කට අඩු ප්‍රමාණයක් පමණි.
    මේ අනුව සුපිරි චීන තාක්ෂණයේ මහිමය සිතාගත හැකිවිය.

    කෙසේ වෙතත් (කවුරුහරි අරන් දෙනවා නම්) ක්ෂණිකව ත්වරණය කර අඩු කාලයකදී උපරිම වේගයට ළඟාවිය හැකි සිලින්ඩර 6යේ අධිබල ටර්බෝ එන්ජිමක් සහිත අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්, මර්සිඩීස් බෙන්zස්, වොල්වෝ, ෆර්ජෝ, පෝ(ර්)ෂා හෝ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ, මොන්ටේරෝ වැනි වාහනයක් පවා නඩත්තු කිරීමේ හැකියාව මා සතුව ඇතිබව පෙන්වා දීමට මේ 1000cc. එන්ජිමට හැකිවීම අරුමයක් මැයි!

    මේ කියන වාහනය හරිහැටි නඩත්තු නොකර, සෑහෙන දුරක් ධාවනය කළ (එනම් පට්ටා ගසන ලද) සෑහෙන්න පැරණි එකක්යැයි ඔබ සිතනු ඇත.
    අහෝ ඛේදයකි!. ඉරකි. තිතකි.!! යටින් දඟරයකි.!!! වසර දෙකක් 'ඉපැරණි' මේ අනගිබවනීය වාහනය, තවමත් ධාවනය කර ඇත්තේ කි.මී. 15,000ක් පමණි!

    මේක මෙච්චර ඔඩු දුවනකම් පොල් ගෑවාදැයි ඔබ අසනු නො අනුමානය.

    මේ අවුරුදු 2 තුළ වාහනය විකිණූ සමාගමට පැමිණිලි කළ වාර ගණන ඉසේ කෙස් ගණනට විය. (මා තට්ටයෙකු නොවේ.)
    "කතාවනම් දෝලාවෙන්, යන්න වෙන්නෙ කකුල් දෙකෙන්" කියමන මතක් කර දෙමින් ඔවුහු ඔවුන්ගේ අති විශිෂ්ට කස්ටමර් කෙයාර් සේවාවෙන් මට සංග්‍රහ කළහ.

    ප්‍රතිචාරය ඉතා ඉහළ වූයෙන් අන්තිමේදී මගේ මාධ්‍ය සඟයකු මාර්ගයෙන් එහි වගකිවයුතු නිලධාරියෙකු (නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රේණියේ පුද්ගලයකු) වන ආරියරත්න මහතා (දු. අං. 077-3667667) සම්බන්ධ කර ගැනීමට හැකිවිය. මා කතාකරණ සෑම මොහොතකම මොකක් හෝ වැදගත් මීටිමක සිටින ඔහු බේරෙන්නට බැරි තැන නිශ්ශංක නම් මහතෙකුගේ දුරකථන අංකය (077-0284685) ලබාදෙමින් දක්ෂ ලෙස බෝලය පාස් කළේය.

    නිශ්ශංක මහතා උපදෙස් දුන්නේ නිල වශයෙන් පැමිණිල්ලක් දමා එන්නට කියා ය. ඒ අනුව මා සමාගමේ General Line එකට (0114-7844844) ඇමතුමක් ගතිමි. සංවාදය මෙසේ විය:

    "හෙලෝ. මම කස්ටමර් කෙනෙක් කතාකරන්නෙ. මට කම්ප්ලේන් එකක් කරන්න ඕන. කොහොමද ප්‍රොසීඩියර් එක?"

    එහා පැත්තෙන් ගැහැණු කටහඬකින්
    "කවුද කිව්වෙ කම්ප්ලේන් කරන්න කියල?"

    "මිස්ටර් නිශ්ශංක."

    "එහෙනම් එයාගෙන්ම අහගන්න කම්ප්ලේන් කරන්න ඕන ප්‍රොසිඩියර් එක"

    ඇමතුම විසන්ධි විය.

    දේශප්‍රේමී වනවාට අපිට මෙහෙම සලකනවා මදිය.


    **අමු අමුවේ සිදුකල උපුටාගැනීමකි** :yes::yes:
    http://sanwedi.blogspot.com/2013/12/blog-post_9.html

    kiriketiyaගෙන් දෑන ගත්තෙ.:P

    කාට හරි වෑද්ගත් වෙයි කියලා හිතුවා..
    වෑදගත් උනාන්ම් BUMP/ REP එකක් දෑමට තරහා නෑහෑ. :D:D



    http://www.elakiri.com/forum/showthread.php?t=1641351
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    in simple words he means panda is better than small indian cars!

    but not better than small japanese cars

    japan small car -----> panda ----> indian

    No. Panda is better than small japanese cars in handling, pickup segments.
    But small japanese cars are more effiecient, technically advance, economical etc..

    So you have to decide what you want from your car.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,833
    2,836
    113
    රජරට
    මගේ අත්දැකීම්

    මම පාවිච්චි කළා. මගේ අත්දැකීම් මෙහෙමයි.

    මම අත්විඳපු හොඳ
    පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, සෙන්ට‍්‍රල් ලොක්, එයාර් බෑග්ස් තියන නිසා වියදම් කරන මුදලට වටිනව,
    වාහනේ බර වැඩි නිසා කන්ට්‍රෝල් මම 100 පන්නල ගිහින් තියනව,
    පට්ට එ්සී එකක් තියන නිසා ඕන ග‍්‍රීස්මෙක සැපට යන්න පුලූවන්,
    ඇතුලේ හොඳට ඉඩ තියනව,
    සේෆ්ටිය අතින් හොඳයි,
    මොඩිෆයි කරන්න පුලූවන් සුපිරියට මම ඞීවීඞී ප්ලේයර් එකත් එක්ක රිවර්ස් කැම් එක හයි කළා හරියට ෆැක්ටරි ෆිටඞ් වගේ,


    මම අත්විඳපු නරක
    වාහනේ දොර ලොක් හැන්ඞ්ල්වල කල් පැවැත්මක් නෑ,
    මුල් කාලේ එ් කියන්නෙ ෆ‍්‍රී සර්විස් 03ක් විතර යනකම් පෙට‍්‍රල් වැඩ කරන්නෙ අඩුවෙන්,
    ෆිනිෂිං එකේ පොඩි පොඩි එහෙමෙහෙවීම් තියනව ලංකාවෙ එසෙම්බල් කරන නිසා වෙන්න ඇති,
    සර්විස්වලදි ෆොග් ලයිට් ඇතුළට වතුර ගිහිං ටක් ගාල මාරුකරල දුන්න,

    අන්තිමටම කියන්න තියෙන්නෙ මම 1,395,000.00 කට අරගෙන 1,725,000.00 කට වික්ක සල්ලි හදිසියකට. තාමත් මම පැන්ඩ එකට ආසයි.

    ඔන්න මගේ අත්දැකීම්, තීරණය ඔබේ අතේ,
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    No. Panda is better than small japanese cars in handling, pickup segments.
    But small japanese cars are more effiecient, technically advance, economical etc..

    So you have to decide what you want from your car.

    good point :)
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මම පාවිච්චි කළා. මගේ අත්දැකීම් මෙහෙමයි.

    මම අත්විඳපු හොඳ
    පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, සෙන්ට‍්‍රල් ලොක්, එයාර් බෑග්ස් තියන නිසා වියදම් කරන මුදලට වටිනව,
    වාහනේ බර වැඩි නිසා කන්ට්‍රෝල් මම 100 පන්නල ගිහින් තියනව,
    පට්ට එ්සී එකක් තියන නිසා ඕන ග‍්‍රීස්මෙක සැපට යන්න පුලූවන්,
    ඇතුලේ හොඳට ඉඩ තියනව,
    සේෆ්ටිය අතින් හොඳයි,
    මොඩිෆයි කරන්න පුලූවන් සුපිරියට මම ඞීවීඞී ප්ලේයර් එකත් එක්ක රිවර්ස් කැම් එක හයි කළා හරියට ෆැක්ටරි ෆිටඞ් වගේ,


    මම අත්විඳපු නරක
    වාහනේ දොර ලොක් හැන්ඞ්ල්වල කල් පැවැත්මක් නෑ,
    මුල් කාලේ එ් කියන්නෙ ෆ‍්‍රී සර්විස් 03ක් විතර යනකම් පෙට‍්‍රල් වැඩ කරන්නෙ අඩුවෙන්,
    ෆිනිෂිං එකේ පොඩි පොඩි එහෙමෙහෙවීම් තියනව ලංකාවෙ එසෙම්බල් කරන නිසා වෙන්න ඇති,
    සර්විස්වලදි ෆොග් ලයිට් ඇතුළට වතුර ගිහිං ටක් ගාල මාරුකරල දුන්න,

    අන්තිමටම කියන්න තියෙන්නෙ මම 1,395,000.00 කට අරගෙන 1,725,000.00 කට වික්ක සල්ලි හදිසියකට. තාමත් මම පැන්ඩ එකට ආසයි.

    ඔන්න මගේ අත්දැකීම්, තීරණය ඔබේ අතේ,


    elaaa
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වාහනේ ඇත්තටම පාවිච්චි කරන අයගෙන් විස්තර දැනගන්න (සමහරැ වාහනේ හරියට දැකලවත් නෑ,සමහරැ බිස්නස් කරන අය )කවුරැත් අමනාප වෙන්න එපා ඇත්තයි කිවුවෙ :yes::yes:

    ඒ වගේම තමයි වාහනේ අරං අමාරුවෙ වැට්ච්ච අයත් බොරු කියනවා :shocked:

    ඇල්ටො එකට වඩා 2nd hand market එක පැන්ඩාගෙ අඩුයි. මොකද හුගක් අය පැන්ඩට වඩා ටිකක් තෙල් කරන නිසා ඇල්ටොම තමා හොයන්නේ :):)

    පැන්ඩා එකේ දැකපු අව්ල තමයි. මෙකෙ ස්පෙයා පාර්ට්ස් ගන්න කම්පැනි එකටම යන්න ඕන :confused::confused:

    1.3 එකක් තෙල්, ළඟ 10-11, දුර13-14 කරනවා

    :yes::yes::yes::yes::yes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබ හයර් දුවන්න හිතන නිසා පැන්ඩා හරියන්නෑ හයර් දුවන්න නම් ඇල්ටෝ තමයි ඉතින් කොහොමද දන්නෑ කුයිඩ් එක පෙන්ම නම් තියනවා ඒත් හරියට විස්තර දන්නෑ බ්‍රෑන්ඩ් නිව් 20 ය වෙන්නේ ඒකත් බලපන් බං කට්ටියගෙන් අහලා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    part-time uber දාලා උබට කිසි ලාබයක් එන්නේනම් නෑ පුතෝ... උන්ගේ target වලට දිව්වොත් විතරයි ලාබයක් ගන්න පුළුවන්. නැත්නම් අතින් කයිට් වෙන්නේ