Microsoft Server Exams

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මචංලා මම කලින් MTA ගැන දාපු Post එක Update කරලා ආයේ දාලා තියෙනවා. කලින් බලපු අය පොඩ්ඩක් බලන්න...
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මේ දවස් ටිකේම මේ නූල කියවන අපේ යාලුවෝ මගෙන් අහලා තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මේ එක්සෑම්ස් කරනවනම් පටන් ගන්න ඕන කොතනින්ද කියන එක. ඉතින් මම අද ඒ ගැන තමයි කියන්න යන්නේ. තවත් අපේ යාලුවෙක් අහලා තිබුණා Microsoft Windows Server 2007 ගැන. Windows Server නම් 2007 එකක් නෑ යාලුවනේ. තියෙන්නේ Microsoft Exchange Server 2007 කියන එක. ඒකෙන් වෙන දේත් මම මේ පෝස්ට් එකේම ඉදිරියේදි පැහැදිලි කරලා දෙන්න්ම්.

මුලින්ම මම කිව්වා MCSA & MCSE ගැන. දැන්නම් ඒවා කරන එකේ තේරුමක් නෑ කියලනේ මම කිව්වේ. මොකද අලුත් තාක්ෂණයක් එනකොට පරණ තාක්ෂණය ඉබේම වගේ අභාවයට යනවා. එතකොට Microsoft එකේ උදවිය කරන්නේ අලුත් තාක්ෂනේට ගැලපෙන විදියට අලුත් එක්සෑම්ස් හදන එක, අර පරණ ඒවා අයින් කරලා.

ඒක නිසා අපි දැනට යන අලුත්ම ටෙක්නොලොජීස් වෙන Microsoft Windows 7 සහ Microsoft Windows Server 2008 ගැන කතා කරමු.

මේ ටෙක්නොලොජිස් වලට අදාලව certifications ගොඩක් තියෙනවා. මේවා අතරින් ගොඩක්ම වැදගත් වෙන තුනක් විතර ගැන අද මම කතා කරන්නම්.

MCTS - Microsoft Certified Technology Specialist

මේක සම්පූර්ණ වෙන්නනම් Microsoft උදවියගේ TS කියලා ගහලා තියෙන Exams වලින් ඕනම එකක් කරොත් ඇති. ඒ කියන්නේ ඔයා Microsoft Windows 7 ගැන තියෙන Exam එකක් කළොත් එහෙම නැත්නම් ඔයා Microsoft Windows Server 2008 ගැන තියෙන Exam එකක් කළත් ඔයා MCTS qualify වෙනවා.

මෙතනින් ගන්න MCTS Exam List එක

MCTS: Windows 7, Configuration - Exam 70-680
MCTS: Windows Vista, Configuration - Exam 70-620

මේ තියෙන්නේ ඒවාගෙන් දෙකක් විතරයි. වැඩි විස්තර ඔයාලට ඒ දීලා තියෙන ලින්ක්ස් වලින් ගිහින් බලාගන්න පුලුවන්.

MCTS: Windows Server 2008 Active Directory, Configuration - Exam 70-640
MCTS: Windows Server 2008 Network Infrastructure, Configuration - Exam 70-642
MCTS: Windows Server 2008 Applications Infrastructure, Configuration - Exam 70-643

මේ Windows Server 2008 ගැන තියෙන අපිට මෙතනදි අදාල MCTS වෙන එක්සෑම් 3ක්.
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
MCITP - Microsoft Certified Information Technology Professional

MCITP - Microsoft Certified Information Technology Professional

මේ තමයි අපි ඊලගට කතා කරන certification එක. එක කිව්වට මේක තුනකට බෙදෙනවා. ඒ කියන්නේ
1. MCITP - Server Administrator
2. MCITP - Enterprise Administrator
3. MCITP - Virtualization Administrator on Windows Server 2008 R2

මේ කිව්වේ Windows Server 2008 ගැන තියෙන MCITP certification තුන විතරයි. මේවට අමතරව තවත් තියෙනවා. ඒවයෙන් කිහිපයක් කිව්වොත්නම්,

MCITP: Enterprise Desktop Support Technician on Windows 7
MCITP: Enterprise Desktop Administrator on Windows 7
MCITP: Consumer Support Technician on Windows Vista
MCITP: Enterprise Support Technician on Windows Vista
MCITP: Database Administrator 2008
MCITP: Database Developer 2008
MCITP: Enterprise Project Management with Microsoft Office Project Server 2007

මේවා ඇරුනම තවත් තියෙනවා හොදේ.

දැනට අපි කතා කරන්න යන්නේ උඩින්ම තියෙන 1,2,3 කියන certifications 3 ගැනයි. එහෙනම් අපි බලමු ඒවාගැන එකින් එක.

1. MCITP - Server Administrator

මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 3ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්,

Exam 70-640 - Windows Server 2008 Active Directory, Configuring
Exam 70-642 - Windows Server 2008 Network Infrastructure, Configuring
Exam 70-646 - Windows Server 2008, Server Administrator

ඔන්න ඔය Exams 3ට අදාල දේවල් ගැන වැඩි විස්තර මං දීලා තියෙන ලින්ක් වලට ගිහිල්ලා බලාගන්න. මොකද ඒ සයිට් වල තියෙන හැමදේම සිංහලට හරවලා දාන්න මට තේරෙන්නේ නෑ මචංලා. අනික ඒවා ඒ විදියටම කොපි කරලා දැම්මොත් මම ඒ සයිට් එකේ කොලියක් මෙතන දැම්මා වෙන්නේ. ඒක නිසා ඒවා ගැන වැඩි විස්තර අවශ්‍ය යාලුවෝ මාත් එක්ක තරහා නොවී මං දුන්න ලින්ක් වලට ගිහිල්ලම වැඩි විස්තර දැනගන්න කියලා මං ඉල්ලනවා.

තව දෙයක්.

මම මේවලට අදාල Microsoft Press එකෙන්ම release කරපු ebooks, mediafire වලට upload කරනවා. මේ පෝස්ට් එකේ අන්තිමට මං ඒ ලින්ක්ස් ටිකත් දෙන්නම්. එතකොට ඔයාලට Exam වලට පාඩම් කරන්න දැනුම ඒ පොත් වලින්ම ලබා ගන්න පුලුවන් යාලුවනේ.

දැන් ඊලගට

2. MCITP - Enterprise Administrator

මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 5ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්,

Exam 70-640 - Windows Server 2008 Active Directory, Configuring
Exam 70-642 - Windows Server 2008 Network Infrastructure, Configuring
Exam 70-643 - TS: Windows Server 2008 Applications Infrastructure, Configuring
Exam 70-647 - Pro: Windows Server 2008, Enterprise Administrator

මෙන්න මේ Exams 4ත් එක්ක මම පහලින් දාන Exams වලින් එකක් සම්පූර්ණ කිරීම අත්‍යාවශ්‍යයි. ඒවානම්,

Exam 70-620 - TS: Configuring Microsoft Windows Vista Client
Exam 70-680 - TS: Windows 7, Configuring
Exam 70-681 - TS: Windows 7 and Office 2010, Deploying

මතක තියාගන්න මේ පහළින්ම දාපු Exams වලින් එකයි කරන්න ඕන. එහෙම නැතිව ඔය දාලා තියෙන 3ම කරන්න ඕන කමක් නෑ. හරි, දැන් ඊලග එක.

3. MCITP - Virtualization Administrator on Windows Server 2008 R2

මේ certification එක සම්පූර්ණ වෙන්නනම් Exams 3ක් සම්පූර්ණ කරන්න ඕන. ඒවානම්,

Exam 70-669 - TS: Windows Server 2008 R2, Desktop Virtualization
Exam 70-693 - Pro: Windows Server 2008 R2, Virtualization Administrator

ඔය ඉහලින් දාපු Exams දෙක අනිවාර්යයි මේ certification එක සම්පූර්ණ වෙන්නනම්. ඊට අමතරව තවත් Exams දෙකකින් එකක් කරන්න ඕන. දෙකම නෙවෙයි. දෙකෙන් එකක්. මෙන්න ඒ දෙක,

Exam 70-659 - TS: Windows Server 2008 R2, Server Virtualization
Exam 70-652 - TS: Windows Server Virtualization, Configuring

දැන් අපේ යාලුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි මම ඔක්කොම කලු පාටින් දාලා ඇයි එකක් ගැන විතරක් රතු පාටින් දැම්මේ කියලා. හරි මම ඒ ගැනත් කියන්නම් දැන්,

ඒක විතරක් රතු පාටින් දාන්න හේතුව තමයි Exam 70-652 - TS: Windows Server Virtualization, Configuring මෙන්න මේ කියන Exam එක දැනටමත් විශ්‍රාම යවලයි තියෙන්නේ. ඒ කියන්නේ retired. දැන් අපිට ඒ Exam එක කරන්න විදියක් නෑ. ඒත් කලින් ඒක retire වෙන්න කලින් කරලා තියෙනවනම් ඒක මෙතනට අදාල වෙනවා. ඒ කියන්නේ අන්තිමට කිව්ව දෙකෙන් එකක් කරන්න කියලු එකේ retire වුන එක කරලානම් තියෙන්නේ දැනටමත්, ඒක retire උනා කියලා අවුලක් නෑ. ඒක මේ certification එකට වලංගුයි. එතකොට ඒක කලින් කරලා තියේනවනම් ඔයාලට කරන්න තියෙන්නේ කලින් කියපු Exam 2 විතරයි.

හරිනේ. දැන් අදට මේ කතා කරා ඇති. අපි ආයේ දවසක මේ වගේම ලිපියකින් හම්බෙමු. යන්න කලින් කියන්න ඕන හැමදාම කියනවා වගේ ඔයාලගේ කොමෙන්ටු මට බොහොම වටිනවා. ඒ වගේම කොතනකහරි ගැටලුවක් තියෙනවනම් පී.එම් පාරක් දාන්න හරි කොමෙන්ටුවකින් හරි අහන්න. මං දන්න දේවල්, මගේ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්නයි මං මේ නූල පටන් ගත්තෙත්.

හරි දැන් ඔක්කොම. ඒත් එක දෙයක් නැතිව, මොකද මං මේ පෝස්ට් එකේදි කලින් පොරොන්දු උනා ඔයාලට මේ Exam වලට අදාල Microsoft Press එකෙන්ම release කරපු ebooks වල ලින්ක්ස් දෙනවා කියලා. දැනට මෙතන අපි කතාකරපු හැම Exam එකකටම අදාල පොත් මං ලග නැතත් තියෙන ටිකේ ලින්ක් දැම්මා ඔන්න. එහෙනම් ඒවත් අරං හොදට පාඩම් කරගෙන ඉන්න. ආයෙමත් මේ වගේම පෝස්ට් එකක් අරං මං එනවා ඉක්මනටම.

Exam 70-680 - TS: Windows 7, Configuring
Exam 70-640 - MCTS: Windows Server 2008 Active Directory, Configuration
Exam 70-642 - MCTS: Windows Server 2008 Network Infrastructure, Configuration
Exam 70-643 - MCTS: Windows Server 2008 Applications Infrastructure, Configuration
Exam 70-646 - Windows Server 2008, Server Administrator
Exam 70-647 - Pro: Windows Server 2008, Enterprise Administrator

 
Last edited:
  • Like
Reactions: actinide

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
ඔන්න මචංලා මම අද ගොඩක් වැදගත් දෙයක් ඔයාලට දෙන්නයි යන්නේ. Microsoftලාගේ Self-Paced Training Kit (Self Study Book) ගන්නකොට ඒකත් එක්ක CD/DVDඑකක් දෙනවා. මම කලිනුත් කිව්වනේ ඒක ගැන. ඒකේ තියෙන්නේ E-Book, Practice Tests, වෙනත් පොත්වල Sample Chapteps සහ තව තවත් එක එක ඒවා තියෙනවා. ඉතිං මම දැන් Windows Vista ගැන තියෙන 70-620 Exam එකට අදාල Training Kit එකත් එක්ක දෙන CD එකේ ලින්ක් එක දෙන්නයි යන්නේ. ඉතිං දැනටනම් ඒක අප්ලෝඩ් කරමින් පවතිනවා. අප්ලෝඩ් උන ගමන් මම ඔයාලට ලින්ක් එක දෙන්නම් හොදේ...

http://www.mediafire.com/?xbcwl5pd6lrqxhb
 
Last edited:

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
MCTS - Windows 7 Configuring

ඉතිං කොහොමද යාලුවනේ ඔයාලාට. අපි පහුගිය දවස් ටිකේම කතා කලානේ මේ විභාග කරන්නේ කොහොමද, මොනාද ඒවා කරන්න ඕන වෙන දේවල් ආදිය ගැන. ඉතිං මං අද ඔයාලට කියන්න යන්නේ මේ විභාග වලින් පළමුවෙන්ම තියෙන වින්ඩෝස් ගැන තියෙන විභාගේට අවශ්‍ය වෙන දැනුම බෙදාගන්නයි.

හරි, එහෙනම් අපි පටන් ගමු. පටන් ගන්න කලින් මම කියන්න ඕන යාලුවනේ මම මේ ඔයාලට කියපා දෙන්න යන්නේ අර මම කලින් ඔයාලට බාගන්න කියලා දුන්න වින්ඩෝස් 7 පොතේ තියෙන කරුණුමයි. වෙන පංති ගිහිල්ලා ඉගෙන ගත්තුවා එහෙම නෙවේ ඔන්න. මොකද මමත් මේ විභාග කළේ ඔය පොත් ටික කියවලා බලලම තමයි. හොදයි, දැන් අනවශ්‍ය කතා ඇති. එහෙනම් අපි පාඩම පටන් ගමු.

Exam 70-680 — Configuring Windows 7

මාතෘකාව දැක්කම තේරෙනවානේ ඔයාලට නේද? අපි කතා කරන්න යන්නේ Windows 7 ගැන. ඒ කියන්නේ අපි කතා කරන දේ මං පහළින් දීලා තියෙන පරාස වලට විහිදිලා යනවා. අපි කතා කරන්නේ මේ Exam එකට අදාල දේවල් විතරයි.

හරි මෙන්න අපි ඉගෙන ගන්න යන දේවල් වල සාරාංශයක්.

  1. Install, Migrate, or Upgrade to Windows 7
  2. Configuring System Images
  3. Deploying System Images
  4. Managing Devices and Disks
  5. Managing Applications
  6. Network Settings
  7. Windows Firewall and Remote Management
  8. BranchCache and Resource Sharing
  9. Authentication and Account Control
  10. DirectAccess and VPN Connections
  11. BitLocker and Mobility Options
  12. Windows Update and Windows Internet Explorer
  13. Monitoring and Performance
  14. Recovery and Backup

හරි. මේවා තමයි අපි ඉගෙන ගන්න ඕන ප්‍රධාන කොටස්. අපි බලමු මුල්ම එකේ ඉදන්ම පිළිවෙලට.

Install, Migrate, or Upgrade to Windows 7

මෙතනදි අපි කතා කරන්නේ Windows 7 අලුතෙන්ම පරිගනකයක ස්ථාපනය කරන හැටි වගේම පරණ වින්ඩෝස් Version (උදා - Windows XP) එකක ඉදන් ඒක උඩින්ම Windows 7 ස්ථාපනය කරන හැටි ගැනත්.

ප්‍රායෝගික පැත්තට යන්න කලින් අපි බලමු Windows 7 ස්ථාපනය කර ගන්නනම් පරිගනක යන්ත්‍රයක තියෙන්න ඕන ධාරිතාව ගැන.

මුලින්ම අපිට මතක් වෙන්නේ Processor එකනේ. ඉතින් යාලුවනේ Windows 7 දාගන්නනම් අපිට අඩුම 1GHz Processor එකක් ඕන වෙනවා. ඒක බිටු-32 හෝ බිටු-64 යන සංස්කරණ දෙකටම පොදුයි. මෙතන 1GHz කිව්වේ අවශ්‍ය වෙන අවම වේගය උනත් මයික්‍රොසොෆ්ට්ලා නිර්දේශ කරන්නේ 2 GHz හෝ ඊට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙන Processorක්.

දැන් අපි බලමු මතකය කොච්චර ඕන වෙනවද කියලා. කට්ටිය දන්නවා නේද මතකය කියන්නේ RAM එකට කියලා. ඉතිං අවම 512MB RAM එකක් තියෙනවනම් අපිට Windows 7 Install කරගන්න පුලුවන්. ඒත් Microsoft අය නිර්දේශ කරන්නේ 1GB (1024MB) වත් තියෙනවනම් හොදයි කියලයි.

ඊලගට Hard Disk එක. Windows 7 Install කරගන්න නම් යාලුවනේ ගිගාබයිට් 20ක වත් දෘඩ තැටියක් ඕන වෙනවා. නමුත් ඒකෙන් 15GB නිදහස්ව තිබුනනම් ඇති. Microsoft නිර්දේශ කරන්නෙ 40GB Hard Disk එකක් 15GB Space සමගින්.

දැන් අන්තිමට අපි බලමු Graphics Adapter එක ගැන. මේ ගැනනම් Microsoft උදවිය කියලා තියෙන්නේ අඩුගානේ මෙගා බයිට් 32 මතකයක් තියෙන DirectX 9 Support කරන එකක් වෙන්න ඕන කියලා. ඒත් එයාලම කියනවා මෙන්න මේවා තියෙනවනම් වඩා හොදයි කියලා.
supports DirectX 9, has a Windows Display Driver Model (WDDM) driver, Pixel Shader 2.0 hardware, and 32 bits per pixel and a minimum of 128 MB graphics memory

මේ කඩ්ඩෙන්ම දැම්මේ ඕවානම් තේරුම් කරන්න තේරෙන්නේ නැති නිසා යාලුවනේ. අනික අමාරුවෙන් හරි ගැට ගහගෙන පරිවර්තනය කලත් මොන කුණුහරුපයක් එයිද දන්නේ නෑනේ.

දැන් ඔය මං උඩින් කියපුවා ගැන වැඩිය හිතන්න එපා. මොකද දැන් අලුතෙන් එන ඕනම කොම්පීතරේකට Windows 7 පහසුවෙන්ම Install කරගන්න පුලුවන් තත්වෙකින් තමයි එන්නේ. ඒත් ඔයාගේ පරිගනකය පෙන්ටියම් 3 වලට වඩා පරණයි නම් මේ කියලා තියෙන විස්තර ගැලපෙනවද කියලා බලලා ඉන්න. නැතිනම් සමහරවිට ඉන්ස්ටෝල් කරගෙන යද්දි මගදි නතරවෙයි.

Windows 7 වල සංස්කරණ කිහිපයක්ම ආවා. ඒවා අතර ගොඩක් ලොකු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ බාහිර පෙනුමෙන් වගේම ක්‍රියාකාරිත්වයෙනුත්. අපි හෙට ඒ ගැන කතාකරමු. සුභ දවසක් යාලුවනේ...!!!
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
එල මචන් දිගටම කියලා දියන් මචෝ....

අනිවා මචං. පරක්කු වෙන්නේ වෙලාව නැති නිසා බං. පුලුවන් උන ගමන් තවත් පෝස්ට් එකක් දාන්නම්. කියවන්න අය ඉන්නවා කියලා දැනගත්තම මාර සතුටුයි බං... බොහොම ස්තුතියි කොමෙන්ටුවට සහෝදරයා...
 
  • Like
Reactions: epw