Microsoft Server Exams

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
එළකිරි එකේ ඉන්න මයික්‍රොසොෆ්ට් Exams කරන යාලුවෝ වෙනුවෙන් අලුත් නූලක් පටන් ගන්න හිතුවා. මෙතනදි මම Update කරන්න බලාපොරොත්තු වෙන්නේ Server පැත්ත ගැන තියෙන Exams ගැන විස්තර විතරයි. මං ළග තියෙන E-Books, Video Training, Simulators, Practice Exams ආදී දේවල් පබ්ලිෂ් කරන්න වගේම ඒ ඒ විභාග ගැනත් මං දන්න විස්තර එළකිරි එකේ ඉන්න අපේ යාලුවොත් එක්ක බෙදාගන්නවා.

මේ නූල දිගටම කරගෙන යන්නනම් ඔයාලගේ උදවු මට ඕන වෙනවා යාලුවනේ. මොකද මං ළග නැති ගොඩක් දේවල් එළකිරි එකේ ඉන්න අපේ යාලුවො ලග ඇත්. ඒවත් මෙතන බෙදා හදා ගනීවි කියලා මං බලාපොරොත්තු වෙනවා වගේම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔහෙනම් අපි පටන් ගමු මයික්‍රොසොෆ්ට් Exams ගැන තියෙන අලුත් නූල.

මුලින්ම කියන්න ඕන Microsoftලාගේ දැන් යන Exams තියෙන්නේ Windows Server 2008 හා Windows Server 2008 R2 කියන සර්වර් Operating Systems සහ Windows 7 කියන Client OS වලින්. එතකොට මීට කලින් තිබුන Exams උන MCSE සහ MCSA කියන Exams පදනම් උනේ Windows Server 2003/2000 කියන සර්වර් Operating Systems සහ Windows Vista, Windows XP කියන Client OS වලින්. ඒත් දැන්නම් Windows XP Exams කල් ඉකුත් වෙලා නිසා කරන්න බෑ. මොකද අලුතෙන් එන Exams වලට පදනම් වෙන්නේ අලුත් ඔපරේටින් සිස්ටම්ස් නිසා. එහෙනම් අපි බලමු මොනවද මේ අකුරු වලින් කියවෙන Exams කියලා. අපි දැනට රිටයර් වෙලා තියෙන පරන ඒවගෙන්ම පටන් ගමු.

MCSA - Microsoft Certified Systems Administrator

MCSA කෙනෙක් විදිහට qualify වෙන්නනම් Exam 4ක් සමත් වෙන්න ඕන. පිළිවෙල කොහොම උනත් කමක් නෑ. ඒවානම්,

* networking systems වලින් Exams දෙකකුත්
* client operating systems වලින් Exams එකකුත්
* elective exam වලින් Exam එකකුත් විදියටයි.

දැන් අපි බලමු මොනවද කරන්න තියෙන Exams කියලා.

networking systems වලින් නම් තෝරගන්න දීලා නෑ. මොකද එතන තියෙන්නේ Exams දෙකක් නිසා. මෙතනදි මං තව දෙයක් කියන්න ඕන. Microsoft විතරක් නෙවෙයි හැම Vendor කෙනෙක්ම තමන්ගේ Exams වලට අංකයක් දීලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට එක අදුන ගන්නේ මේ අංකෙන් තමයි.

Managing and Maintaining a Windows Server 2003 Environment - Exam 70-290
Implementing, Managing, and Maintaining a Windows Server 2003 Network Infrastructure - Exam 70-291

මේ හැම එකක්ම සිංහලෙන් තේරුම් කරන්න මම උත්සහ කරන්නේ නෑ. මොකද මේ දේවල් ඉංග්‍රීසියෙන් තේරුම් ගන්න පුලුවන්නම් විතරයි මේ Exams කරන්න පුලුවන්කම ලැබෙන්නේ. ඉතිං ඉංග්‍රීසි බැරි හෝ අමාරු කවුරු හරි ඉන්නවනම් හැමදේටම කලින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන ඉන්න මේ Exams කරන්න කලින්. මොකද ප්‍රශ්න තියෙන්නේ English වලින් විතරයි.

ඊළගට තියෙන්නේ client operating systems වලින් කරන්න තියෙන Exam එක. මෙතනදි Exams 3කින් එකක් තෝරගෙන කරන්නයි තියෙන්නේ. අපිට කැමති එකක්. ඒත් මමනම් කියන්නේ දැනට තියෙන අලුත්ම operating system එක ගැන තියෙන Exam එක කරන්න කියලයි. හේතුවනම් ඒක කල් ඉකුත් වෙන්න අනිත් Exams වලට සාපේක්ෂව වැඩි කාලයක් ගතවීම සහ සමහර පරණ operating system දැනටමත් භාවිතයෙන් ඉවත්වෙලා හෝ ඉවත් වීගෙන යනඒවා වීම. උදාහරණයක් විදයට Windows 2000 දැනටමත් Expire වෙලා සහ Windows XP දැනට use වෙන්නේ ගොඩක් අඩුවෙන් නිසා ඒකත් ඉක්මනටම Expire වෙන නිසා.

TS: Windows 7, Configuring - Exam 70-680
මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.
මේ Exam එක කරනවනම් ගොඩක් හොදයි. මොකද දැනට තියෙන අලුත්ම Client OS එක තමයි Windows 7.

TS: Configuring Windows Vista Client - Exam 70-620
මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

Installing, Configuring, and Administering Windows XP Professional - Exam 70-270
මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

Installing, Configuring, and Administering Microsoft Windows 2000 Professional - Exam 70-210
මේ exam එක දැනටමත් retired, ඒක නිසා අපිට ඒක කරන්න බැහැ. නමුත් ඔයා ඒක කලින් සමත් වෙලා තියෙනවනම් වල එක කරන්න ඕන වෙන්නේ නැහැ.
මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     
    • Like
    Reactions: stylus4

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    Elective Exams of MCSA 2003

    Elective Exams නම් තෝරගන්න තියෙනවා හැට හුට හමාරක්ම. ගාණක් කිවුවොත් තිහක් විතර. ඒවගෙන් එකයි කරන්න ඕන. එහෙනම් අපි ඒවත් බලලම ඉමු නේද...

    හැබැයි මම මෙතනදි Retired වෙලා තියෙන ඒවා අතඇරියම අපිට Elective exam එකක් විදියට කරන්න ඉතිරි වෙන්නේ Exams 14ක් විතරයි. ඒත් මම ඔක්කොම දාන්නම් කට්ටියගේ දැන ගැනීම පිණිස.

    Implementing and Supporting Microsoft Systems Management Server 2.0 - Exam 70-086
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක මේ MCSA එකට ගන්න පුලුවන්. ඒ කියන්නේ කරන්න exams තියෙන 4න් 3ක්ම ඔයා කරලා තියෙනවා. තව කරන්න ඉතිරි වෙලා තියෙන්නේ elective exam එක විතරයි. ඒත් මේ exam එක කලින් පාස්වෙලා තියෙනවනම් ආයේ කරන්න උවමනා වෙන්නේ නෑ. මොකද කලින් හරි මේ exam එක පාස් වෙලා තියෙන නිසා. දැන් තේරුණාද?

    Designing, Managing, and Maintaining Microsoft Systems Management Server 2003 - Exam 70-089
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA & MCSE Certification දෙකටම ගන්න පුලුවන්.

    Installing, Configuring, and Administering Microsoft Internet Security and Acceleration (ISA) Server 2000, Enterprise Edition - Exam 70-227
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA & MCSA: Security Specialization Certification කියන දෙකටම ගන්න පුලුවන්.

    මෙතන කියලා තියෙන MCSA: Security කියන එක ගැන මම පස්සේ කියලා දෙන්නම්. ඒක නිසා දැනට ඒ ගැන හිතන්න එපා.

    Installing, Configuring, and Administering Microsoft SQL Server 2000 Enterprise Edition - Exam 70-228
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA & MCSE Certification දෙකටම ගන්න පුලුවන්.

    TS: Developing Business Process and Integration Solutions Using Microsoft BizTalk Server - Exam 70-235
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Microsoft Exchange Server 2007, Configuring - Exam 70-236
    මේ exam එක 2012 සැප්තැම්බර් 30 වෙනිදයින් කල් ඉකුත් (retire) වෙනවා ඒක නිසා කරන්න බලාපොරොත්තුවක් තියෙනවනම් ඊට කලින් කරලා ඉන්න.

    TS: Microsoft Office Live Communications Server 2005 – Implementing, Managing, and Troubleshooting - Exam 70-262
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    Implementing and Managing Microsoft Exchange Server 2003 - Exam 70-284
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA & MCSA: Messaging Specialization Certification කියන දෙකටම ගන්න පුලුවන්.

    Implementing and Administering Security in a Windows Server 2003 Network - Exam 70-299

    Implementing Microsoft Internet Security and Acceleration (ISA) Server 2004 - Exam 70-350
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA & MCSA: Security Specialization Certification කියන දෙකටම ගන්න පුලුවන්.

    TS: Microsoft Internet Security and Acceleration (ISA) Server 2006, Configuring - Exam 70-3514
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Microsoft System Center Operations Manager 2007, Configuring - Exam 70-400

    TS: Microsoft System Center Configuration Manager 2007, Configuring - Exam 70-401

    TS: Microsoft SQL Server 2005 – Implementation and Maintenance - Exam 70-431
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Microsoft SQL Server 2008, Implementation and Maintenance - Exam 70-432

    TS: Microsoft SQL Server 2005 Business Intelligence – Implementation and Maintenance - Exam 70-445
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Microsoft Windows Mobile Designing, Implementing, and Managing - Exam 70-500
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Windows Server 2003 Hosted Environments, Configuration and Management - Exam 70-501
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Microsoft Forefront Client and Server, Configuration - Exam 70-557
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Configuring Windows Vista Client - Exam 70-620
    මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

    Installing, Configuring, and Administering Windows XP Professional - Exam 70-270
    මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

    Installing, Configuring, and Administering Microsoft Windows 2000 Professional - Exam 70-210
    මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ. ඒත් දැන්නම් මේක retired. ඒක නිසා කලින් කරලා තියෙනවනම් තමයි ගනන් ගන්න වෙන්නේ

    TS: Deploying and Maintaining Windows Vista Client and 2007 Microsoft Office System Desktops - Exam 70-624
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Microsoft Office SharePoint Server 2007, Configuring - Exam 70-630
    මේ exam එක 2012 සැප්තැම්බර් 30 වෙනිදයින් කල් ඉකුත් (retire) වෙනවා ඒක නිසා කරන්න බලාපොරොත්තුවක් තියෙනවනම් ඊට කලින් කරලා ඉන්න.

    TS: Windows SharePoint Services 3.0, Configuring - Exam 70-631
    මේ exam එක retired, ඒත් දැනටමත් (කලින්) pass වෙලා තියෙනවනම්, ඒක MCSA exam එකට ගන්න පුලුවන්.

    TS: Microsoft Office Communications Server 2007, Configuring - Exam 70-638
    මේ exam එක 2012 සැප්තැම්බර් 30 වෙනිදයින් කල් ඉකුත් (retire) වෙනවා ඒක නිසා කරන්න බලාපොරොත්තුවක් තියෙනවනම් ඊට කලින් කරලා ඉන්න.

    TS: Microsoft Office Project Server 2007, Configuring - Exam 70-639

    TS: Windows 7, Configuring - Exam 70-680
    මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

    Specific third-party (CompTIA) certifications:
    CompTIA A+ and CompTIA Network+
    or
    CompTIA A+ and CompTIA Server+
    or
    CompTIA Security+
    CompTIA
     
    • Like
    Reactions: gudaya

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ඉතිං යාලුවනේ මෙතනින් එහාට මේක කරගෙන යන්න නම් මට ඔයාලගේ සහයෝගය ඕන වෙනවා. ඔයාලා දාන කොමෙන්ටු, බම්ප් මේ මුකුත්ම නැත්නම් මේක කවුරුවත් බලන්නේ නැතිව ඇතිනේ. ඉතිං මං මේක දිගටම කරගෙන යන එකේ තේරුමක නෑ නේද???
    :(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: senarathna123

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    Help

    කොමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. කලින් කිව්වා වගේ මේක දිගටම කරගෙන යන්න නම් මට ඔයාලගේ සහයෝගය ඕන යාලුවනේ. මම පරණ Exams ගැන කියලා පටන් ගත්තට මේ ටික ඉවර වෙලා අලුත් Exams ඒ කියන්නේ MCTS (Microsoft Certified Technology Specialist සහ MCITP (Microsoft Certified IT Professional) ගැනත් විස්තර දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒවට අදාල Study Guide, Video Training ආදි දේවල් වල ලින්ක්ස් දාන්නත් බලාපොරොත්තු වෙනවා.

    ඒත් මේක කරගෙන යන්න මට ඔයාලගේ කොමෙන්ට්ස් ගොඩක් වටිනවා. අඩුම ගානේ බම්ප් එකක් වත් දාලා යන්න, කියවලා බලලා නිකංම යන්නේ නැතිව.
     
    • Like
    Reactions: BC_Dilum

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    Exam 70-680 --- Configuring Windows 7

    අත රිදෙනකල් ටයිප් කරලත් ලැබිලා තියෙන ප්‍රතිචා දැක්කම දුකත් හිතෙනවා. කමක් නෑ. මේ නූලෙන් වැඩක් වෙන එක්කෙනෙක් හරි ඇතිනේ. එහෙම කෙනෙක් ඉන්නවනම් මුලින්ම සමාව ඉල්ලනවා යාලුවේ... ගොඩක් දවස් යනකල් මේ නූල අප්ඩේට් කරන්න බැරිවීම ගැන...

    අද මම ඔයාලට මේ විභාග ගැන විස්තර කියන්න යන්නේ නෑ. ඔන්න හා හා පුරා කියලා අද මම ඔයාලට මේ විභාගෙකට සූදානම් වෙන්න Microsoft සමාගමෙන්ම නිකුත් කරපු පොතක්. මේ පොතේ තියෙන්නේ අපි මුලින් කතා කරපු Windows 7 පදනම් කරගත් විභාගයට මුහුණ දෙන ආකාරයයි. විශේෂත්වය වන්නේ කම්පියුටරයක් දැකලවත් නැති, ඒ ගැන කිසිම මූලික දැනීමක් නැති කෙනෙකුට උනත් මේ පොත කියවලා සාර්ථකව විභාගයට මුහුණ දෙන්න හැකිවීමයි.

    මේ පොත මිල කරලා තියෙන්නේ ඉන්දියානු රුපියල් 795.00 කට. ඒ කියන්නේ ලංකාවේ මුදලින්නම් රු. 2000 ත් 2500 ත් අතර මිලක් වෙනවා. මේ පොතෙන් ඉගෙන ගන්න නම් යාලුවනේ ඔයාලට තියෙන්න ඕන ඉංග්‍රීසි දැනුමක් විතරයි. මේ පොත මිලදී ගනිද්දී පොතත් එක්කම DVD එකක් ලැබෙනවා. ඒකේ අඩංගු වෙන්නේ පොතේම Electronic Copy (PDF) සහ Simulation Exam Questions ටිකයි.

    ඔන්න එහෙනම් මම ලින්ක් එක දැම්මා. බාගෙන බලන්න කියවලා. මේ පොතත් එක්ක දෙන DVD එකේ කොපියකුත් ලගදීම ඔයාලට ලැබෙන්න සලස්වන්නම්.

    ඉක්මනින්ම ආයෙත් හමුවෙමු...!!!

    [/SIZE]
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    patta thread eka machan...mamath lagadi Microsoft server karanna patan ganna inne.............. Lankawe karanna hoda place 1k kiyapanko machan mata
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අත රිදෙනකල් ටයිප් කරලත් ලැබිලා තියෙන ප්‍රතිචා දැක්කම දුකත් හිතෙනවා. කමක් නෑ. මේ නූලෙන් වැඩක් වෙන එක්කෙනෙක් හරි ඇතිනේ. එහෙම කෙනෙක් ඉන්නවනම් මුලින්ම සමාව ඉල්ලනවා යාලුවේ... ගොඩක් දවස් යනකල් මේ නූල අප්ඩේට් කරන්න බැරිවීම ගැන...

    අද මම ඔයාලට මේ විභාග ගැන විස්තර කියන්න යන්නේ නෑ. ඔන්න හා හා පුරා කියලා අද මම ඔයාලට මේ විභාගෙකට සූදානම් වෙන්න Microsoft සමාගමෙන්ම නිකුත් කරපු පොතක්. මේ පොතේ තියෙන්නේ අපි මුලින් කතා කරපු Windows 7 පදනම් කරගත් විභාගයට මුහුණ දෙන ආකාරයයි. විශේෂත්වය වන්නේ කම්පියුටරයක් දැකලවත් නැති, ඒ ගැන කිසිම මූලික දැනීමක් නැති කෙනෙකුට උනත් මේ පොත කියවලා සාර්ථකව විභාගයට මුහුණ දෙන්න හැකිවීමයි.

    මේ පොත මිල කරලා තියෙන්නේ ඉන්දියානු රුපියල් 795.00 කට. ඒ කියන්නේ ලංකාවේ මුදලින්නම් රු. 2000 ත් 2500 ත් අතර මිලක් වෙනවා. මේ පොතෙන් ඉගෙන ගන්න නම් යාලුවනේ ඔයාලට තියෙන්න ඕන ඉංග්‍රීසි දැනුමක් විතරයි. මේ පොත මිලදී ගනිද්දී පොතත් එක්කම DVD එකක් ලැබෙනවා. ඒකේ අඩංගු වෙන්නේ පොතේම Electronic Copy (PDF) සහ Simulation Exam Questions ටිකයි.

    ඔන්න එහෙනම් මම ලින්ක් එක දැම්මා. බාගෙන බලන්න කියවලා. මේ පොතත් එක්ක දෙන DVD එකේ කොපියකුත් ලගදීම ඔයාලට ලැබෙන්න සලස්වන්නම්.

    ඉක්මනින්ම ආයෙත් හමුවෙමු...!!!

    [/SIZE]

    MS exams gana nam mama dan naa machan....mageth ekka hitapu pora kara ....dan ouu apith ekka wadath naa..... canada giya ..dan nam lankawe..... BUMP thamai....karagena palayan ..watinawa ne karana unta ......