<>||MILTON MALLAWARACHCHI||<>

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    2afg4g3.jpg

    සුපෙම් හදවත් සැනසූ බිඳුණු හදවත් නැළවූ ඒ ළයාන්විත ප්‍රේමනීය ජීවමාන ගී හඬ සදහටම ගොළුවී වසර 12 ක් ඉක්ම ගොසිනි.අද දින මිල්ටන් මල්ලවාරච්චියන්ගේ 66වන ජන්ම දිනයයි. ආදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි නම් වූ ඒ සොඳුරු සහෘදයාගේ ජීවමාන රුව සහ ගී හඬ අපට අහිමිවී වසර 12ක් ගත වුණද,ඔහුගේ ප්‍රේමනීය මියුරු ගී හඬ සදා අමරණීය ලෙස අප දෙසවන්හි රැව් පිළිරැවු දෙනු ඇත.

    ප්‍රේමයේ සැබෑ සොඳුරු බව මෙන්ම ප්‍රේමයේ විරහ වේදනාව රැගත් සිය මියුරු ගීතාවලිය තුළින් සුවහසක් රසික හදවත් සනසාලු ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවාගේ වියෝවින් හිස්වූ අඩුව සපුරාලීමට කිසිදා කිසිවකුට නොහැකිය.

    මිල්ටන් තමන්ටම ආවේණික ගායන ශෛලියකින් හෙබි අපූර්ව සුන්දර ගීතාවලියක් රසිකයන්ට තිළිණ කළේය. හැටේ දශක අගභාගයේදි අමුතුම ආරක ප්‍රේම ගීත 04ක් ගයමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි මිල්ටන් තම ස්වනිර්මාණ ගීත ඉදිරිපත් කිරීමට පෙර සංගීත සාද සහ ප්‍රසංගවල හින්දි ගීත ගයමින් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියේය.එමෙන්ම ඔහු දක්ෂ වාදකයකුද විය.

    මා කුඩා කල පටන්ම අප නිවසේ රේඩියෝවෙන් ප්‍රචාරයවූයේ බොහෝ විට මිල්ටන් මල්ලවාරච්චියන්ගේ ගීත අඩංගු කැසට් පටයන්ය.මන්ද මාගේ පියාගේද ප්‍රියතම ගායකයා මිල්ටන් මල්ලවාරච්චියන් වූ හෙයිනි.අවසර නැත මට...,මට මෙන් ඔහුටද...,මධුමල ලෙස... යන ගීත ඇසීමෙන් මා සිත තුළ ඇතිවූයේ අමුතුම මිහිරකි.ආදරය ගැන කිසිදු හැඟීමක් නොමැති කුඩා දරුවකුව සිටි මා එම ගීත වලට හා ඒ මිහිරි හඬට වශීවී සිටියෙමි.මා විසින් ආරූඪ කරගත් විරහවට ඔසුව වූයේ මිල්ටන් මල්ලවාරච්චියන් විසින් ගැයූ එම සුමිහිරි ගීපද වැල්ය..

    "මධුමල ලෙස... ,පියාපත් සලා...,ඉවුරුතලා...,සයුරු තෙරේදි...,ගමනේ ගිම් නිවු එදා...සිහිනෙන් ඔබ මට...,හඬන්නෙපා දැන්...,මේ මැයි ගහ යට..,අවසර නැත මට...., ඔබයි මමයි...,කෙසේ කියන්නද..." වැනි මිල්ටන්ගේ මුල් යුගයේ අතිශය ජනප්‍රිය ගීත එකළ මා පාසල් සමයේ ගැයූ මාගේ ප්‍රියතම ගීත අතර විය.1944 අප්‍රේල් 07 දා උපන් මිල්ටන් 1998.03.10 දා නවලෝඅක රෝහලේදි ජීවිතයෙන් සමු ගන්නාවිට 54 වැනි විය සපිරීමට ආසන්නව සිටියේය.1969 දී "ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ..." ගීතය ගයමින් ගායන ක්ෂේත්‍රයට පැමිණි මිල්ටන්,ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ශිල්පියකු විය.

    "පූජිතයෝ චිත්‍රපටයට එම්.එස් ප්‍රනාන්දු සමග "සක්වල රත්වන..." ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් සංගීතයට පිවිසි මිල්ටන් චිත්‍රපට 150 කට පමණ පසුබිම් ගීත ගැයුවේය.සේන සමරසිංහයන්ගේ"නිල්ල සොයා"චිත්‍රපටයට මිල්ටන් ගැයූ ( ප්‍රියා සූරියසේන සමග )"කැන්දන් යන්නම්...." ගීතය වෙනුවෙන් මිල්ටන් 1984 වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

    ආර්.චිත්‍රා සමග ගැයූ "බිංදු බිංදු අම මී බින්දූ..." මිල්ටන්ගේ ප්‍රථම යුග ගීතයයි. "සිරිල් මල්ලී" චිත්‍රපටයට ඔහු ගැයූ "ඒක කලී..."ගීතය සිංහල චිත්‍රපටයකට ගැයූ ප්‍රථම ස්වත්‍රන්ත හින්දි ගීතය විය.මෙරට නිපදවූ ප්‍රථම ගීත කැසට් පටයට ගී ගැයූ ගායකයා වීමේ භාග්‍යයද මිල්ටන්ට හිමිවිය.තරංගා ලේබලය යටතේ විජය රාමනායක නිපදවූ "සඳෙන් එහා" එම ප්‍රථම කැසට් පටයයි. මිල්ටන් තමා ගැයූ ගීත අතරින් වඩාත්ම ප්‍රියකළ ගීතය වූයේ "මධුමල ලෙස..." ගීතයයි.එහි තනු නිර්මාණයද මිල්ටන් විසින්ම කරන ලද්දකි.මිල්ටන් ඔහුගේ ජනප්‍රිය ගීත රැසකටම තමා විසින්ම තනු නිර්මාණය කරගෙන තිබිණි.

    දශක තුනකට අධික කාලයක් සිය මධුර ගී හඬින් රසික හදවත් හා දෙසවන් සනසාලූ,විරහ වේදනාවෙන් පිරි සුවහසක් පෙම්වතුන්ගේ දෙනුවන් හඬවාලු ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා බාල,මහලු,තරුණ,වැඩිහිටි,ලක්ෂ සංඛ්‍යාත තම ගීත ශ්‍රාවක රසික රසිකාවියන් හඬවමින් 1998 මාර්තු 10 වැනිදා මළහිරු බැසගිය දුක්බර සන්ධ්‍යා භාගයේදි අවසන් ගමන ගියේය......ආදරණීය මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවානෙනි, ඔබේ ජීවමාන රුව ,කට හඬ යළි කිසි දිනෙක නොඇසුනත් ඔබ අප හට ඉතිරි කර ගිය ඒ රසෝඝයක් බඳූ විරහවේ ලයාන්විත ගී රාවය සදා අමරණීයයි....
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    විරහ ගීතයෙන් මෙන්ම ප්‍රේම ගීතයෙන්ද සූහසක් සිත් සතන් සසල කල ඔබගේ නිර්මාණයන්...නාදයන්....රැව්දේවා අප දෙසවන් තුල මතු මතුත් සදාකල!!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චියන් ගැන වටින තොරතුරු රැසක් අප හමුවේ තැබුවට...ගොඩාක් ස්තූතියි අයියේ....
    සුභ පැතුම් ඔබේ සාර්ථකත්වයට.....!!!
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    විරහ ගීතයෙන් මෙන්ම ප්‍රේම ගීතයෙන්ද සූහසක් සිත් සතන් සසල කල ඔබගේ නිර්මාණයන්...නාදයන්....රැව්දේවා අප දෙසවන් තුල මතු මතුත් සදාකල!!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චියන් ගැන වටින තොරතුරු රැසක් අප හමුවේ තැබුවට...ගොඩාක් ස්තූතියි අයියේ....
    සුභ පැතුම් ඔබේ සාර්ථකත්වයට.....!!!
    ගොඩක් ස්තුතියි නංගි.:)
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    වටිනා තොරතුරු ටිකක් මචන්..
    මිල්ටන් මල්ලවාරච්චි කලකරුවාගෙ ගීත තවමත් අපිට අහන්න පුලුවන්,
    ඒ තරම් එ ගීත හිතට දැනෙනවා..
    ස්තූතියි මචං අපිත් එක්ක බෙදා ගත්තට..!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කිසිදා නොමියෙන ගී උල්පතක් සිංහල සුභාවිත ගීත සාහිත්‍යයට උරුම කර දුන් ලයාන්විත සෙනෙහෙවන්තයා...

    එදා පෙම්වතුන් පෙම්වතියන්ට ලියන ලිපිවල උඩින්ම ලස්සනට හැඩ දාලා ලිව්වේ "මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි"කියන ඔහුගේ අමරණිය පෙම් ගිතයේ වදන් පෙලයි..

    ලක්ෂ වාරයක් ඔය පදපෙල ආදර හසුන්වල ගුලිවෙලා පෙමින් බැඳූණූ සිත් අමන්දානන්දයට පත් කරන්න ඇති එහෙමත් නැත්නම් කොලය පුරා කඳූළු බිඳූ සී සී කඩ විසුරුවන්න ඇති... ඒ තරම් ප්‍රබල බලවේගයක් ඒ ගී හඬ තුල රැව් පිලි රැව් දුන්නා කීවොත් නිවැරදියි....

    අද පරපුරේ මුවගත් නිතර මිමිණෙන්නේ ඔහුගේම ගීතයක සුමිහිරි පද පෙලමයි..

    හෙට ඉපදෙන්න ඉන්න පරපුරත් ඔය ගීත ඔය විදිහටම ආදරයේ මිහිර හා වේදනාව ඔවුන්ගේ හිතට දැනෙනකොට අද වගේම හෙටත් රහසේ මුමුණාවි..

    එහෙම නොමැරෙන ගීත සාහිත්‍යයක් රටක බිහිවෙන්නේ කලාතුරකින්...

    මිල්ටන් සහෘදයාණනි... ඔබ නැති ගී ලොවේ පෙම්වතුන් පෙම්වතියන් එක් රොක්ව ඔවුන්ගේ පෙම් අරණ තුල ඇති ඒ හිඩැසේ ඔබේම ගී මුමුණමින් ඔබේ ගී පදවැල් ලොකුවට ලියා තබමින් ඔබ එන පෙර මග බලා හිඳී...

    ඔබ මතු මතුත් අප අතරම ඉපදේවා....

    බොල් ටකරන් සංගීත හඬ පස්සේම හති දමමින් දුවමින් පාට පාට ලෝකවල වැජඹී පොලොවේ පය නොතබනා පරපුරක් රජ යන මෙවන් පුස් සමාජයක පරම්පරා ගණනකට රස විඳීමට මෙවන් ගීත සාහිත්‍යයක් අපට ඉතිරි කල ඒ සොඳුරු මිනිසාට කෘතවේදිත්වය දැක්වීමට මෙසේ ඔබ වන් අද පරපුරේ තරුණයෙක් පෙරට ඒම ගැන මගේ සහෝදර ආචාරය ඔබට මල්ලියා...
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සියලු දෙනාගේ අවධානය ලැබිය යුතු නිසාම මෙය ඉහලට ඔසවා තබමි...
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    කිසිදා නොමියෙන ගී උල්පතක් සිංහල සුභාවිත ගීත සාහිත්‍යයට උරුම කර දුන් ලයාන්විත සෙනෙහෙවන්තයා...

    එදා පෙම්වතුන් පෙම්වතියන්ට ලියන ලිපිවල උඩින්ම ලස්සනට හැඩ දාලා ලිව්වේ "මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි"කියන ඔහුගේ අමරණිය පෙම් ගිතයේ වදන් පෙලයි..

    ලක්ෂ වාරයක් ඔය පදපෙල ආදර හසුන්වල ගුලිවෙලා පෙමින් බැඳූණූ සිත් අමන්දානන්දයට පත් කරන්න ඇති එහෙමත් නැත්නම් කොලය පුරා කඳූළු බිඳූ සී සී කඩ විසුරුවන්න ඇති... ඒ තරම් ප්‍රබල බලවේගයක් ඒ ගී හඬ තුල රැව් පිලි රැව් දුන්නා කීවොත් නිවැරදියි....

    අද පරපුරේ මුවගත් නිතර මිමිණෙන්නේ ඔහුගේම ගීතයක සුමිහිරි පද පෙලමයි..

    හෙට ඉපදෙන්න ඉන්න පරපුරත් ඔය ගීත ඔය විදිහටම ආදරයේ මිහිර හා වේදනාව ඔවුන්ගේ හිතට දැනෙනකොට අද වගේම හෙටත් රහසේ මුමුණාවි..

    එහෙම නොමැරෙන ගීත සාහිත්‍යයක් රටක බිහිවෙන්නේ කලාතුරකින්...

    මිල්ටන් සහෘදයාණනි... ඔබ නැති ගී ලොවේ පෙම්වතුන් පෙම්වතියන් එක් රොක්ව ඔවුන්ගේ පෙම් අරණ තුල ඇති ඒ හිඩැසේ ඔබේම ගී මුමුණමින් ඔබේ ගී පදවැල් ලොකුවට ලියා තබමින් ඔබ එන පෙර මග බලා හිඳී...

    ඔබ මතු මතුත් අප අතරම ඉපදේවා....

    බොල් ටකරන් සංගීත හඬ පස්සේම හති දමමින් දුවමින් පාට පාට ලෝකවල වැජඹී පොලොවේ පය නොතබනා පරපුරක් රජ යන මෙවන් පුස් සමාජයක පරම්පරා ගණනකට රස විඳීමට මෙවන් ගීත සාහිත්‍යයක් අපට ඉතිරි කල ඒ සොඳුරු මිනිසාට කෘතවේදිත්වය දැක්වීමට මෙසේ ඔබ වන් අද පරපුරේ තරුණයෙක් පෙරට ඒම ගැන මගේ සහෝදර ආචාරය ඔබට මල්ලියා...
    මිල්ටන් අපගෙන් සමුගත්තත් ඔහුගේ ඒ මධුර ලයාන්විත හඬ කිසිම දවසක මිය යන්නේ නැත...

    සොයුර ඔබගේ අදහස් වලට 100% ක් මම එකඟ වෙමි. මෙවන් කළාකරුවන් අමතක කරන සමාජයක මේ මල්ලී වැනි තරුණයන් සිටීම අපට මහත් ආඩම්භරයක්. මාගේ ප්‍රණාමය ඔබට coolnishan මල්ලී...
     
    chootiya88

    Member
    Sep 4, 2008
    186
    1
    0
    Thotalanga
    ඇත්තටම සංතෝසයි ලිපිය ගැන....
    මිල්ටන්ගේ සොදුරැ ගීතවත් බව හැමදා තියේවි...
    ..