MODA JOKES!!!(Contd...)

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    Change Coins?
    අත් බෑගය නැතිවී ඇති බව දැනගත් ඇය එය සොයමින් වීදිය පුරා සැරිසරන්නට විය.
    පුදුමයකි ! කුඩා දරුවෙකු ඇයගේ අත් බෑගය ඔසවාගෙන විත් ඇයට පිරිනැමීය.

    "ගොඩා...ක් ස්තූතියි., ඔයා නම් හො...ඳ... බබෙක්"
    බබා - "බෑග් එතේ ඔත්තොම තියෙනවද තියලා බලන්න"
    "ම්..... ඔව්, ඒත් තිබුනේ රුපියල් දෙදාහේ කොලයක්. දැන් තියෙන්නේ පන්සීයේ කොල හතරක්"
    බබා - "කලින් ඇන්ති වගේ ඔයත් මාලු නෑ කියලා කීයක් වත් නොදී මාලු උනොත් කියලයි එහෙම කලේ"

    maxxa
     

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    Police Job....
    පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්‍රශ්න කීපයක් ඇසීය.

    පොලිස් නි .- 2 + 2 කීයද ?
    ඇම්ඩන් - 4 යි
    පොලිස් නි. - 100 යෙ වර්ගඵලය ?
    ඇම්ඩන් - 10
    පොලිස් නි - කියනව බලන්න ඒබ්‍රම් ලින්කන් මැරුවෙ කව්ද ?
    ඇම්ඩන් - ම්හ.. මම දන්නේ නැහැ.
    පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව

    ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
    ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්‍රම් ලින්කන් කියන්නේ...

    පොලිස් නි. - 100 යෙ වර්ගඵලය ?
    ඇම්ඩන් - 10
    100ye warga palaya kohamada hoyanne ? :D
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Newly Married Couples පිස්සු හැදෙන සඳ
    ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ‍ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.
    වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි.
    “බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා” කියලා
    ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා “බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ” කියලා.
    ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු “බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් ” කියලා
    ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු “ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ.............”කියලා
    දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු.
    ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු “මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා ” කියලා....
    ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු “365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........”
    මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු
    “ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා??????????????”
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Be Careful from Ladies......
    වැසි සහිත සැන්දෑවකි. එක් පාළු ස්ථානයකදී රූමත් කාන්තාවක් පදවාගෙන ගිය රථයක් තවත් රථයක ගැටිනි. අනිත් රථයේ සිටියේ කාන්තාවගේ සමවයසේ පුරුෂයෙකි.

    කාන්තාවගේ රථය සම්පූර්ණයෙන්ම හානිවී ඇත. පුරුෂයාගේ රථයද එසේමය.

    පුරුෂයා - "බලනවා තමුසේ කරපු දේ ..." මගේ කාර් එකේ ගන්න දෙයක් නෑ.... සම්පූර්ණයෙන්ම වරද තමුන්ගේ. ඉන්නවා මම පොලීසියට කෝල් කරන්නම්"

    කාන්තාව නිහඩය... පසුව සිහින් ස්වරයෙන් පුරුෂයා ඇමතූ ඇය..

    "බලන්න මේ වගේ පාළු තැනක, වහින වෙලාවක, අපි දෙන්නව එකට එක් කලේ දෙවියෝ කියලයි මට හිතෙන්නේ. ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද ? කාර් එකනම් මොකද? අපි දෙන්න හොඳටම ගැලපෙනව කියලයි මට හිතෙන්නේ"

    පුරුෂයා - "ඕහ්.... මට ඒ ගැන හිතුනෙ වත් නැහැ"

    කාන්තාව - "ඒකනේ ඔයා කලබල වෙලා. කාර් කටුවක් ගැන හිතනවා. මා දිහා හරියට බැලුවෙවත් නැහැ.

    පුරුෂයා - "මටත් පිස්සු... "

    දෙදෙනාම ප්‍රේමයෙන් මුසපත්වී ඇත. තදින් වැස්සද ඇදවැටේ. හොඳටම ඇඳිරි වැටී ඇත. දෙදෙනාටම අනතුර ගැන වගක් නැත.

    පුරුෂයා - "ඉන්න කාර් එකේ විස්කි බාගයක් තිබුනා.. ටිකක් ගමු."

    කාන්තාව - "හා.."

    පුරුෂයා බෝතලය ගෙන මූඩිය ගලවා ඉන් දෙකෙන් පංගුවකටත් වඩා ගිල දමා බෝතලය කාන්තාව අත තැබීය. කාන්තාව පානය කරන පාටක් නැත, ඇය ජංගම දුරකථනයේ ඇමතුමක පැටලී සිටී.

    පුරුෂයා - "ඇයි ඔයා බොන්නේ නැද්ද ?"

    කාන්තාව - "බොන්න ! " ඉන්නවා තව ටිකකින් පොලීසිය එයි. එතකොට මම බලාගන්නම්. බීල බීල මගේ කාර් එක හැප්පුවට පාඩමක් උගන්නන්න.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    ගෙදරට එන විදිහ...
    මම කලකින් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි.

    යහළුවා - "හලෝ මචං, කොහොමද?"
    මම - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං"
    යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා..

    මම - " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?"
    යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම"
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    Super Ideas
    අපි ඔහුව සේතුහාමි ලෙස හඳුන්වමු. ඔහු සැබවින්ම පණ්ඩිතයෙකි. කලකට ඉහතදී සේතුහාමි සීයාගේ ගමේ සිදුවූ සිද්ධියකි මේ....

    දිනක් කුඹුරු යායේ ගොයම් කපා අහවරවුනේ ඇඳිරිවැටෙනවාත් සමගය. රාත්‍රී ආහාරයද සප්පායම් වීමෙන් පසු ගොයම් පෑගීම ආරම්භ විය. නමුත් එක් ප්‍රශ්නයක්වූයේ එක තැනකට පැට්රෝල් ලාම්පුවක් එල්ලා ගැනීමට කණුවක් නැති කමය. දෙතුන් දෙනෙක් ඒ ගැන විපරම් කරන දෙස බලා සිටි සේතුහාමි සීයා....
    "කොල්ලෝ මෙහ වරෙන්..... පලයන් අර දොල අයිනට. එතන තියෙන උණ පඳුරෙන් ගහක් පහත් කරපංකෝ. හරියටම කමත මැද්දඑ ඒක පාත් වෙන්නේ...... ඒකේ එල්ලපංකෝ ලාම්පුව. එතකොට වටේටම එළියයිනේ.... " කිව්වාලු.

    වැඩි දුර නොසිතූ කොල්ලන් දෙදෙනා උණ ගස ක් පාත් කරගෙන කරගෙන ඇවිත් බලන විට පුදුමුයකි ! සේතුහාමි සීයාගේ නුවන ... හරියටම කමත මැද කදිමට ‍ලාම්පුව එල්ලිය හැකිය. කිසිත් නොසිතා පැට්රෝල් ලාම්පුව එහි එල්ලා උණ ගස අත ඇරියාලු.

    සීතීමටවත් වේලාවක් නොගෙන පැට්රෝල් ලාම්පුව ආගිය අතක් සොයා ගත නොහැකි ලෙස ඉගිලී ගියාලූ. දැන් කමතම කරුවලේය. සේතුහාමි සීයාද කරුවලේම මාරු වී ඇත. නැවත ලාම්පුවක් සොයාගැනීමද උගහටය. ලාම්පුව සොයා ගැනීමට ක්‍රමයක් ‍කල්පනා කරන අතර නැවත සීයා පැමිණියේය....

    "මක් කරන්නද කොල්ලෝ වෙච්ච දේ..... ට.. දැන් ඉතිං ඒ උණ ගහම පාත් කරපං. ඊට පස්සේ ගිරේ එල්ලපං ඉස්සෙල්ලා වගේම. ඊට පස්සේ එකපාරටම අත ඇරපං. එතකොට ගිරේ ගිහිල්ලා ලාම්පුව වැටුන තැනටම වැටෙයි. එතකොට අනිවාර්යයෙන්ම සද්දෙ එනවනේ බං ටාං ගාල අපිට ලාම්පුව තියෙන තැන එතකොට හොයා ගන්න පුළුවන්"

    වෙන කල්පනාවක් නැති සියළුදෙසා සීයා කියූ ලෙස කලාලු. ගිරයද ආගිය අතක් නැත.
    සේතු හාමි සීයාද ආගිය අතක් නැතිවුනාලු
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    හා එහෙනම් කියන්න !
    තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

    පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"
    වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."
    එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල
    පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
    වෙළෙන්දා - "ඔව් ස... ර්..."
    තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
    වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"
    පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "
    සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්‍ර ලබා ඇත. උත්සාහය ව්‍යවර්තවූ පොලිස් නිලධාරියා..

    "තමුසේ කොයි පලාතෙද ?"

    සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....
    හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා...