Mosquito nets සඳහා ශ්‍රී ලංකාවේ හොඳම තැන හා අඩුම මිල tudo.lk
උසස් ප්‍රමිතියක නිමාවෙන් යුත් මදුරු දැල් මිලට ගැනීම සඳහා ඔබට ඇති හොඳම තැන tudo.lk වේ. අපගේ ලංකාව පුරා ඇති අඛණ්ඩ බෙදාහැරීම් සේවාව ඔස්සේ ඔබට කොතැනක කොහේ හිටියත් tudo.lk වෙතින් විවිධ වර්ග රාශියකින් යුතු mosquito nets මිලට ගත හැක.ඩෙංගු බියෙන් මිදෙන්න
වර්තමානයේ පවතින කාළගුණික තත්ත්වය මත mosquito net එකක අවශ්‍යතාවය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මෙම වැසිබර කාලගුණයත් සමඟ ඩෙංගු වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග වැළඳීමේ අවදානම අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් ඔබේ සිඟිති දුවා දරුවන් ඇතුළු අනෙකුත් ආදරණීයයන් ඩෙංගු මාරයාගෙන් බේරා ගන්න tudo.lk වෙතින් නවතම මාදිලියේ mosquito net අඩුම මිලට ලබා ගන්න.ප්‍රමිතිය හා නිමාව
ඔබේ පවුලේ ආරක්ෂාව පමණක් නොව නවින නිවසකට හා ගෘහ භාණ්ඩ වලට ද ගැළපෙන අයුරින් ඉතා අලංකාර මෝස්තර වලින් ද යුත් mosquito net tudo.lk වෙතින් ඔබට ලබා ගත හැක. නිදන කාමරයේ හා බිත්තිවල ඉඩකඩ (free spaces) උපරිම අයුරින් ප්‍රයෝජනයට ගත හැකි ලෙස මෙම අනර්ඝ mosquito net වර්ග නිපදවා තිබේ.ඒ අනුව ඔබට tudo.lk මගින් ලබාගත හැකි mosquito net වර්ග නම් folding net, wall mosquito nets, and hanging mosquito nets වේ. මෙම නෙට් වර්ග විවිධ ප්‍රමාණයන්ගේ ඇඳන් සඳහා ගැළපෙන ලෙස නිමවා ඇති අතර ඔබගේ නිදන කාමරයට ගැළපෙන වර්ණ වලින් හා මෝස්තරවලින් ඉතා ඉක්මනින් ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
Wall mosquito nets
Wall mosquito nets දොර රෙද්දක් ආකාරයෙන් බිත්තියටම සවිකළ හැකි ආකාරයේ නවතම මෝස්තරයකි. මෙම නෙට් වර්ග විවිධ ප්‍රමාණයන්ගෙන් හා විවිධ වර්ණවලින් යුක්ත වන අතර plain colours හා printed material වලින් ද ලබාගත හැක.
මෙම net වර්ගය පැති බිත්තියකට සවි සවිකළ කළ හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇති බැවින් ඔබගේ නිදන කාමරය අලංකාර ලෙසත් වැඩි ඉඩ ඇහිරීමකින් තොරව (Increasing the free spaces) පිළිවෙලට තබා ගැනීම සඳහාත් උපකාරී වේ.
Hanging mosquito nets
මෙම net වර්ගය සාමාන්‍යයෙන් අතීතයේ සිටම අප වැඩි ප්‍රමාණයක් භාවිතා කළ net වර්ගය වේ. නිදන කාමරයේ වහලයට හෝ සිවිලිමට සවිකර ring එකක් ආධාරයෙන් ඔබගේ යහන ආවරණය කර ගැනීමට භාවිතා කළ හැක. Hanging මොස්කිටෝ නෙට් ද ඔබේ යහනට ගැලපෙන ප්‍රමාණවලින් ද (different sizes) විවිධ වර්ණයන්ගෙන් ද tudo.lk මගින් පහසු මිලට ලංකාවේ ඕනම තැනක තිබෙන ඔබේ නිවසටම ගෙන්වාගත හැකි වේ.
Folding net
Folding නෙට් එසේත් නැතිනම් කූඩාරම් net ලෙස හඳුන්වන මෙම නෙට් වර්ගය ඔබට අවශ්‍ය මොහොතක පාවිච්චි කිරීමටත් අවශ්‍යය විට හකුලා වෙනම ස්ථානයක තැබීමටත් හැකියාව ඇත. මෙම නෙට් වර්ගය බිත්තියට හෝ වහලයට සවි වීමක් සිදු නොවේ folding nets ගෙදර පාවිච්චියට මෙන්ම හදිසි අවශ්‍යතාවයක් මත ගම්නක් යෑමේ දී වුව ද ට්‍රිප් එකක් යෑමේදී වුවද ගෙන යාමට ද (flexible) හැක.
