Office 365 මෙම්බර්ෂිප් එකක් දෙන්න පුළුවන් පින්වතෙක් ඉන්නවද?
For personal work, only use Excel and Word
පහත සේවා ඔබට නොමිලේ භාවිතා කිරීමට හැකියි.
(
@Wanniyaz ඔබගේ අවශ්‍යතාවට අනුව පහසුකම් රැසක් තිබෙන ඔන්ලිඔෆිස් වැඩබිම (workspace) හෝ WPS ඔෆිස් (wpsdocs) සුදුසුය)
(අ) WPS ඔෆිස් - නොමිලේ
(පැරණිම කාර්යාලීය මෘදුකාංග කට්ටලය - චීනය)
ලිනක්ස්, වින්ඩෝස්, මැක්, ඇන්ඩ්‍රොයිඩ්, හාර්මනි, අයිඕඑස් සඳහා සහාය දක්වයි.
https://www.wps.com/office
https://www.wps.com/download
(අන්තර්ජාලය රහිතව භාවිතයට)
https://www.wps.com/wpsdocs
(මාර්ගගත සේවාව ද නොමිලේ)
(ආ) සොහෝ (ඉන්දියාව) - නොමිලේ
(මෙය මාර්ගගත බව මූලික වූ සේවාවකි. නමුත් ලිනක්ස්, වින්ඩෝස්, මැක්, ඇන්ඩ්‍රොයිඩ්, හාර්මනි, අයිඕඑස් සඳහා ස්ථාපනය කරන යෙදුම් කිහිපයක් ද ඇත.)
https://www.zoho.com/writer
https://www.zoho.com/sheet
https://www.zoho.com/show
දෝෂ සහ අඩුපාඩු ඇත්නම් කියන්න.
විවෘත මූලාශ්‍ර කාර්යාලීය මෘදුකාංග කට්ටල සොයන්නේ නම්,
(එබැවිැන් නොමිලේ යැයි විශේෂයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැත)
ඔන්ලිඔෆිස් - ලිනක්ස්, වින්ඩෝස්, මැක්, ඇන්ඩ්‍රොයිඩ්, හාර්මනි, අයිඕඑස් සඳහා සහාය දක්වයි.
https://www.onlyoffice.com/desktop.aspx
(මෙමගින් මාර්ගගත සේවාවට වුවද සම්බන්ධ වීමට හැකියි).
https://www.onlyoffice.com/workspace-prices.aspx
(මාර්ගගත සේවාව නොමිලේ 5 දෙනෙකුට සාමූහික භාවිතයට සුදුසුය).
https://www.onlyoffice.com/download-desktop.aspx#mobile - ජංගම යෙදුම්
මාර්ගගත සේවාව සඳහා ගිණුමක් ලියාපදිංචි කළ විට ඔබට අනන්‍ය වසම් නාමයක් / ද්වාරයක් ලබා ගැනීමට හැකිය. එනම්, උදා.
mahinda.onlyoffice.sg (.sg යනු .lk මෙන් සිංගප්පුර යන්නයි). ඊට අමතරව කතාබහට (talk), ව්‍යාපෘති කළමනාකරණයට (projects), ව්‍යාපාර සංවිධානයට (CRM), සබඳතා කළමනාකරණයට (people) පහසුකම් හා තැපැල් අනුග්‍රාහකයක් (mail client), ඔබටම ප්‍රජාවක් (community) මෙන්ම දින දසුනක් ද නොමිලේ ලැබේ.
සැ.යු. අනන්‍ය වසම සඳහා ඔබගේ එලකිරි ගිණුමේ වැනි නම් යෙදුවහොත් ගිණුම අත්හිටුවීමට ලක් වීමෙන් දත්ත නැති වීමට ඉඩ ඇත.
මීට අමතරව ලිබ්රේඔෆිස් මෘදුකාංග කට්ටලය ද තිබේ.
https://www.libreoffice.org