මට තියෙන ප්‍රශ්නේ මෙච්චර ස්කෑම් 71 ට වඩා සල්ලි දාලා අහුවුනු මිනිස්සු කිසිම සද්දයක් නැතුව ඉන්න එකනේ. අතේ තියෙන සේසතම ඔය වගේ එකකට දාලා කෙලවගත්ත්ම ඌ තව එකක්ට සල්ලි දානවා. එහෙම දාන්න සල්ලි කොහෙන්ද අනිත් එක. මට වගේ වුනානම් මැරෙන්න තමයි වෙන්නේ. නයට අරන් සල්ලි දැම්මා කියලා හිතපන්කෝ. කොහොමද ඌ ඒ නය ගෙවන්නේ. නයකාරයෝ හැමදාම පස්සෙන් ඇවිල්ලා වද දෙනකොට හැන්ගි හැන්ගි තමයි ඉන්න වෙන්නේ. නැත්තන් මැරෙන්න තමයි වෙන්නේ. අඩු ගානේ එහෙම සිය දිවි නසා ගත්තා කියලා නිව්ස් එකක්වත් එන්නේ නෑනේ. හරි පුදුමයි. ඔහොම අතේ තියෙන සල්ලි නැති කරගෙන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. අපිටනම් අතේ තියෙන රු.100 හැලුනත් හෙනට අවුල් යනවා. මුන්ට ඒකත් නෑ. මිනිස්සු අතේ තියෙන සල්ලි නැති වුනාම කිසිම reaction එකක් පෙන්නන්නේ නෑනේ.



