My Cat Died !!

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
උඹේ පූව දැකල මගේ මැරිච්ච පූව මතක්වුනා. :(:( හෙන හිත හොඳ එකා... ආතල් පූස වුනාට හැමවෙලේම මොකක් හරි ගෝත සීන් එකක් සෙට්කරනව:baffled:. දෙතුන්පාරක්ම හතරගාත පනනැතිවුනා, ඒත් බඩගගා හරි යනව, මළාට මැරුන් නෑ...:dull::rolleyes:. මාත් ඉතින් වෙට් ලඟට ගිහින් අඬු හතරට ඉන්ජෙක්ශන් ගැස්සුවහම ඊලඟ දවසේ ඉඳන් බුවා ෆෝ වීල්. :cool: අන්තිමමපාර වාහනේකට හැප්පිල යට හනුව දෙකට කැඩිල:baffled:. ඒත් මං මැරෙන්න දුන් නෑ. වෙට් ට කියල ඇන දාල බොහොම අමාරුවෙන් කට ගොඩ දැම්ම. (එදා සිහිය ඇවිත් කෑගහපු දඟලපු හැටි දැක්කහම පවුලේ ඔක්කෝටම පට්ට අප්සෙට්.) දෙයියන්ගේ පිහිටින් අවුරුදු දහයක් දොලහක් ගිහින් උපරිම ආයු වළඳල අන්ත්‍රස්දාන වුනා.... :(:( (අපි තාමත් ඌව හොයනව.....)
උඹේ පූසටත් මරණින් මතු ඌ කැමති සුවයක් ලැබේවා.....

puusek kawadawath enna gedara marenne na.
 

pasan ravindu

Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    RIP.png

    දුකය සහෝ :( ..........මටත් පූසෙක් ඉන්නවා.....ඌ ෙෙදර වැඩිය ඉන්නේ..ගෙදර අයත් හොදට සළකනවා...ඒත් දැන් හොදටම කෙට්ටු වෙලාග....හරියට ඔයාගේ පූතා වගේ....උට කිව්වට අහන්නේ නෑනේ.....තේරෙන්නේ නැති නිසා වෙන්න ඇති :(
     

    Yahaluwa

    Member
    Mar 11, 2011
    28
    3
    0
    machan cats lata seylain denawa kiyanne,,un aniwa merenawa,,,,,leda thiyenawa nam beheth deela balanna,,,pills,,injections,,but don't give them seylain,,,
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ පූසත් මලා බන් හරියටම පෙබරවාරි 28 වෙනිදා. . මම හිතන්නේ අපි ලග අවුරුදු 8 ක් විතර ජීවත් වුනා. පොඩි කාලෙම කොහේද ඉදන් ආවෙ. පස් හය වතාවක්ම බෙහෙත් කරල මැරෙන්න නොදී බලාගත්තා.

    උට කලින් ඉදන් පොඩි කැස්සක් තිබුනා. බෙහෙත් කර කර හිටියෙ. එත් ලොකු අවුලක් තිබුනෙ නැ. නමුත් ඔය මැරෙන සතියට කලින් සති දෙකක ට උඩදි ඉදන් පූස කන්නෙ නැ. ඒ පාර අරන් ගියා දොස්තර ගාවට. ඉන්ජෙක්ෂන් 4 ක් ගහල බෙහෙත් අරන් ආව. සේලයින් වතුර එක්ක බෙහෙත් දෙන්න කියල මායි තාත්තයි උදේ හවස බෙහෙත් දුන්නා . කොටින්ම කියනවනම් ගේ ඇතුලෙම කාමරේක උව තිබ්බෙ සනීප වෙනකන් ඇතුලෙ ජරා කරත් කමක් නැ කියල. බෙහෙත් වලින් ටිකක් සුව වුනා. නමුත් දවස් දෙකකට විතර උඩදි රතු පාටින් මුත්‍රා කරන්න ගත්තා. ඒ පාර ආයිත් අරන් ගියා ඩොකා ලගට. ආයිත් බෙහෙත් අරන් ආව. මැරෙන දවසෙත් උදේ බෙහෙත් දීල අපි ගියෙ. මූව නිදහස් කරල තිබුනෙ අපි. ටිකක් අසනීපෙන් වුවත් පොර ඇවිද ඇවිද හිටියෙ. දවල් ඇවිත් හොයනකොට කොහෙද කියල නැ හොයාගන්න. අපේ ගෙවල් ලග බේකරියක් තියෙනව. බල්ලො පූසො සාමාන්‍යයෙන් ඔක්කොම රොන්දෙ ගහන්නෙ එතන. එතනත් ගිහින් බැලුව ඒත් නැ. පස්සෙ බලනකොට අපේ බාත්රූම එක උඩ කොන්ක්‍රිට් එක අස්සට වෙලා මෙයා කෙදිරි ගගා ඉන්නවා. නැගිට ගන්නත් පන නැ. අපි ඒ පාර ඉනිමගක් තියල අරගත්තා. මුලු ඇගම සීතල වෙලා. පණ තියෙනව. ටක් ගාල අරන් ගියා. ඩොකා ගාවට යද්දි පණ ගිහිල්ලා. ඩොකා ගාවදි අපේ තාත්තට කතා කරගන්න බැරිව ගියා. මොකද අපේ තාත්ත ගාවට තමා පූස දුවන් එන්නෙ කතා කරපු සැනින්. තාත්තට හෙන දුකයි. දැන් උගෙ ගෑනියි අලුත උපන් දුවයි අපි ගාව ඉන්නව‍. දූවට දැන් සති 3ක් විතර ඇති. කලුම කලු පාටයි. :D මේ දැන් ඕකා මාලු කට්ටක් හිර කරගෙන දිව එලියට දාගෙන ඉන්නව මම දැකල ඒ පාර මායි තාත්තයි ඌව අල්ලගෙන කට අරවලා තඩි මාලු කට්ටක් ඇදල ගත්ත කටෙන් පොඩි අඩුවක් දාල . ඒක ඌට ගලවගන්න බෑ. මාර විදියට තදේට හිරවෙලා තිබුනෙ.
     
    Last edited: