My Singapore Tour - මගේ සිංගා චාරිකාව

ASwijayanga

Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    මම රූම් එකට ඇවිල්ලා වොශ් එකක් එහෙම දාගෙන ටිකක් නිදාගත්තා.. නැගිටිද්දී හවස 6 විතර වෙලා.. ඊට පස්සේ ටිකක් වටේ ඇවිද්දා.. දූරියන් එහෙම තිබ්බා.. ඒවත් කාලා, ඉන්දියන් කඩේකින් රෑට කාලා ආවා..
    පහුවෙනිදා ගියා Singapore Zoo එක බලන්න.. Ang Mo Kio කියන MRT එකෙන් බැහැලා 138 කියන බස් එක ගත්තම Zoo එකට යන්න පුළුවන්.. හරිම ලස්සන තැනක්.. හරිම පිරිසිදුයි.. එහේ KFC එකක් තියෙනවා.. ඒකෙන් කන්න පුළුවන්..


    ඊට පහුවෙනිදා මම ගියේ Little India, China Town, Singapore Flyer

    Little India, China Town නම් MRT Stations මේ නම් වලින්ම තියෙනවා..
    Singapore Flyer යනවනම් Marina Bay එකට යන්න..
    Little India වලින් Chicken Buriyani කෑවා.. $5..
    ඊට පස්සේ ගියා Mustafa Shopping Mall එකට..
    ඒක නම් පට්ට සයිස්.. නැති දෙයක් නැති තරම්.. ගානත් ශේප්..
    SimLim Tower / Square තියෙන්නෙත් මේ කිට්ටුවම තමයි..
    Chinatown එකෙන් Sournier වගේ දේවල් ගොඩක් අඩුවට ගන්න පුළුවන්..
    Food Street එක තියෙනවා ඒකෙන් කෑම කන්න පුලුවන්..

    තව බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුවක් තියෙනවා දලදා මාලිගාව වගේ පන්සලක්..
    ඒකත් බලන්න ගියා.. හිත නිවෙනවා හරියට..




    හවස Singapore Flyer එකට ගියා.. ඒක තමයි ආසියාවේ ලොකුම Observation Wheel එක..

    මාර දර්ශනයක් තමයි පේන්නේ ඒකේ උඩට ගිහිල්ලා එද්දි..
    අනිවා ඒකෙත් යන්න සිංගා යනවනම්.. විනාඩි 45ක් පැයක් වගේ යනවා ඒකේ යනවනම්..
    මෙතෙන්ට ගියාම Merlion Statue එක බලන්න යන්න අමතක කරන්න එපා.. ඒක තමයි සිංගා වල තියෙන ප්‍රධානම සංකේතය වගේ සලකන්නේ..

    පහුවෙනිදා මම ගියේ Universal Studio එකට..
    ඒකට යන්න නම් Harbour Front MRT Station එකෙන් බැහැලා එතනින් Sentosa Express එක ගන්න..


    මම කියන්නේ කෙනෙක් මැරෙන්න කලින් බලන්න වටින තැනක් එතන.. මම නම් ගොඩක්ම කැමතියි.. ලොකු රෝලර් කෝස්ටර් එක නම් මම යද්දි වැඩ නැහැ අනිත් ඒවා නම් වැඩ.. අනිවා එතෙන්ට යනවනම් ඔක්කොම දේවල් ටික බලලා එන්න.. 4D Theatre එක තියෙනවා.. පට්ට.. දවසක් ඒකට වෙන් කරන්න..
    Under Water World එකටත් ගියා.. Glass Tunnel එකක් තියෙනවා.. Dolphin Show එකක් තියෙනවා..

    පහුවෙනිදා ටිකක් දවල් වෙනකම් නිදාගත්තා.. ඊට පස්සේ ගියා Shopping පාරක් දාන්න.. ලංකාවට එනකොට ගේන්න මොනවා හරි ගන්න..
    ChinaTown ගිහිල්ලා Perfume, Sourniers, තව ගොඩක් දේවල් ගත්තා..
    Little India වල Mustafaගිහිල්ලා චොකලට්, ටොෆි, ස්මාටීස්, ශැම්පු, ඩියෝ, බෑග්, තව ගොඩක් දේවල් ගත්තා.. බෑග් එක ගත්තේ ගත්ත දේවල් දාගෙන එන්න, පට්ට බෑග් එකක් සෙට් උනා ලංකවේ ගානෙන් 3000කට..
    ඊට පස්සෙන්දා දවල් Train එකේම Changi AirPort එකට ගියා..

    කකුල් මසාජ් කරන මැශින් තියෙනවා ඒකේ.. මම පැයක් විතර මසාජ් එකක් දාගත්තා පට්ට සැප.. ඉතිං මම බෑග් දාලා ප්ලේන් එකේ නැගලා "තන්හා රති රඟා" ෆිල්ම් එකත් බලාගෙනම හවස 4.10 වෙද්දි ආයේ ලංකාවට ආවා..
    ඔන්න මගේ විස්තරේ.. බය නැතුව ඕන කෙනෙක් තනියම යන්න.. ඕන දෙයක් තියෙනම් අහන්න, Metro Train එකේම හැම තැනම යන්න.. Train නැති තැන් වලට Bus එකේ යන්න.. ටැක්සි වල නම් යන්න එපා ලොකුම හදිස්සියක් නැත්නම්.. පට්ට ගනන්.. සල්ලි මාරු කරන තැන් ඕන තරම් තියෙනවා.. MRT කාඩ් එක ඕනම Station එකකින් TopUp කරගන්න පුළුවන්.. නැත්නම් 7eleven වලින් පුළුවන්.. Station වලින්නම් $10, අනිත් තැන් වලින් $5 පුළුවන්.. ඉන්න හෝටලෙන් MRT මැප් එකක් ඉල්ලගෙන ලඟ තියාගන්න.. මාර වටිනවා.. ඉන්දියන්, චයිනීස් කඩවලින් කෑම කන්න.. චයිනීස් කඩවලින් කද්දි හරියට ඕඩර් කරන්න.. අපි මෙහේ කන්නේ නැති කෑම තියෙනවා, වේලකට $5ක් වගේ යනව.. වතුර බෝතලේ $1 - 2 වගේ..

    විශේෂ දෙයක්.. ගෙලන්ග් කියන පැත්තේ ගනිකාවෝ අම්බානට ඉන්නවා.. $30 ඉදලා $90 යනකම් ඉන්නවා.. ලංකාවේ උනුත් ඉන්නවා.. අපි හැමෝම හැඟීම් තියෙන මිනිස්සු, ඒත් මම නම් කියන්නෙ පුළුවන් නම් ඒවායින් ඈත් වෙලා ඉන්න බලන්න, ඒක තාවකාලික කෘතිම දෙයක්, බණ කියනවා නෙමෙයි.. තේරුමක් නැහැ.. ඕනම නම් කරන්න.. ගෙලන්ග් වල ඕන තරම් ඉන්නවා..

    ATM කාඩ් එකක් ලග තියාගන්න.. හදිස්සියට ඕන වෙනවා.. යන හැම තැනම PassPort එක ගෙනියන්න.. සිංගා ගොඩක් රස්නේ රටක්.. සැහැල්ලුවෙන් අදින්න.. තොප්පියක්, අව් කන්නාඩි වගේ දේවල් දාගන්න..

    ඔන්න කියන්න තියෙන ඔක්කොම වගේ කිව්වා.. ප්‍රශ්න තියෙන ඒවා අහන්න.. කරන්න පුළුවන් උදව්වක් කරන්නම්..

    එහෙනම් ජයවේවා!

    umbata sampoorna wiyadama kiyak giyada ban?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,770
    113
    මාලඹේ
    Buddha.Tooth.Relic.Temple.and.Museum.original.6868.jpg
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    I wish to visit Singa with my wife and 2 year old daughter, I am going get an passport for my wife, Then how should i add my child to wife's passport.
     

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Machngla podi udawak oni karanawa.......

    singapore yanne idea ekak thiyanwa me february wala, with family.
    Wife tai lamai ta enne wenne colombo idala.....mata enne wenne doha idala...

    colombo idala eyalata enne wenne Malasiayn airline eke....mata enne wenne qatar airways...

    yanne kalin clear karaganne points tikak thiyanwa eekai obathumanlagen ahanne.....

    1) Malasia walata trasit visa oni weii da ?

    2) Loku case eka meekaii.....Qatar airways eka singapore enne terminal 3 ekata...Malasian eka enne terminal 2 walata....Anika Qatar airways eka land karanne malasian ekata kalin......ethakota mata imigration clear karanne nathuwa.....family eka pic karaganne terminal 2 ekata yannee puluwan kamak thiyanwada...???......nathnan apita wena wenawa imigration clear karanne weii da???...podk me gan awisthara kiyanne puluwan da ...??
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machngla podi udawak oni karanawa.......

    singapore yanne idea ekak thiyanwa me february wala, with family.
    Wife tai lamai ta enne wenne colombo idala.....mata enne wenne doha idala...

    colombo idala eyalata enne wenne Malasiayn airline eke....mata enne wenne qatar airways...

    yanne kalin clear karaganne points tikak thiyanwa eekai obathumanlagen ahanne.....

    1) Malasia walata trasit visa oni weii da ?

    Malay Yanna nam visa ona machan...


    2) Loku case eka meekaii.....Qatar airways eka singapore enne terminal 3 ekata...Malasian eka enne terminal 2 walata....Anika Qatar airways eka land karanne malasian ekata kalin......ethakota mata imigration clear karanne nathuwa.....family eka pic karaganne terminal 2 ekata yannee puluwan kamak thiyanwada...???......nathnan apita wena wenawa imigration clear karanne weii da???...podk me gan awisthara kiyanne puluwan da ...??

    machan meka nam hariyatama danne nehe, eth mage advise eka nam wenama clear karagena eliyedi hamba wenna kiyala..
     

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Macng...Malasia yanne neweii oni......Flight eka Malasia trasit ekak.....
    CMB- KUL KUL -SIN
    Ithn eekai baluwe....trasit visa ekak oni da kyla
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Macng...Malasia yanne neweii oni......Flight eka Malasia trasit ekak.....
    CMB- KUL KUL -SIN
    Ithn eekai baluwe....trasit visa ekak oni da kyla

    :eek::eek::eek::eek: :no::no::no: ගාන අඩුද ඔය ටිකට් එකේ..එහෙනම් ඔහොම යන්න.. පුලුවන් නම් මැලේසියාවෙත් වීස හදන් රටවල් දෙකම බලල යමන් බං.මැලේසියාවෙත් ඇවිදින්න තැන් තියෙනවා. පස්සේ MRT එකෙන් පුලුවන් සින්ගා එන්න..
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචං ල, මාත් නොවැම්බර් මුල සින්ග යන්න ඉන්නෙ ... S$ ද us $ ද ගෙනියන්න ඔනෙ ...S$ නම් කියක් විතර ගෙනියන්න ඔනෙ ද ... ලංකවෙ කොහේද බන් හොද rate මනි exchange කරන්නෙ ... ලොකු උදව්වක් කිය පල්ලකො දන්න එකෙක් ...
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මචං ල, මාත් නොවැම්බර් මුල සින්ග යන්න ඉන්නෙ ... S$ ද us $ ද ගෙනියන්න ඔනෙ ...S$ නම් කියක් විතර ගෙනියන්න ඔනෙ ද ... ලංකවෙ කොහේද බන් හොද rate මනි exchange කරන්නෙ ... ලොකු උදව්වක් කිය පල්ලකො දන්න එකෙක් ...

    us aran gihin airport eken convert karaganna puluwan
    neththan lankawe card ekakin ehe gihin singa dollor ma kelinma gannath puluwan.hebei tikak wedipura kepenawa.