therune na

diwyaloketa ynnapluwan kiynne samaharu
ගුරුවාකර්ෂණ බලයට අපි හැමෝටම බලපාන කරුණක්.
එම බලය නිසා පෘථිවි තලයට අප සියල්ලෝමව ඇඳ බැඳ තබාගන්නවා. ඒ අප ඇදෙන්නේ පෘථිවියේ කේන්ද්‍රය දෙසටයි.
F = GMm/r2 යන සමීකරණයෙන් යම් ස්කන්ධ දෙකක් අතර මෙම ගුරුත්වාකර්ෂණ බලය ගණනය කරනු ලබනවා.
F = ගුරුත්වාකර්ෂණ බලය
M,m = ගණනයට ගනු ලබන ස්කන්ධ දෙක
r = ස්කන්ධයන්වල කේන්ද්‍ර අතර දුර
G යනු නියත අගයක් වන අතර එය 6.67*10 -11 බලය වේ.
එනම් G = 0.0000000000667 අගයක් ගනී.
මෙම සමීකරණයට අනුව ගුරුත්වාකර්ෂණ බලය අඩුවෙන්න අඩුවෙන්න ස්කන්ධ අතර දුර වැඩිවේ.
පව් කළොත් යන්නේ යට. පිං කළොත් යන්නේ උඩ කියලා පොඩි කාලේ ඉඳන් අපිට අහන්න ලැබෙනවා.
අපි නිකංවත් ඒ ගැන හිතලා බැලුවේ නැහැ නේද?
සාමාන්‍ය මිනිස්සු ජීවිතයේ ජීවත් වෙන හැම මොහොතකම කර්මයන් සිදු කරනු ලබනවා. ඒ හැම කර්මයකටම යම් කිසි ශක්තියක් මේ විශ්වයට ඔවුන් නිකුත් කරනවා. ඒ නිකුත් කරන ශක්තියෙන් බලයක් ජනිත වෙනවා. ඒ බලය එක් එක් පුද්ගලයාට තමාගේ කර්ම ශක්තියට අනුව ලැබෙනවා.
සරලවම කිව්වොත් බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක,අපාය මේ සියල්ලම ඇති වීමට හේතුවත් ඒකමයි. මේ වගේ භව තල 31 ක් පෘථිවියේ කේන්ද්‍රය කේන්ද්‍රගත කරගෙන පිහිටලා තියෙනවා. ඒ ඒ තල වල තියෙන්නේ විවිධ ප්‍රමාණයේ ගුරුත්වාකර්ෂණ බලයි.
දිව්‍ය තල ඇත්තේ ඉහළ. ඒවාට යන්න යන්න පහතට ඇද ගැනීමේ බලය අඩුවෙනවා.
අපාය තියෙන්නේ පහළ. ඒවාට යන්න යන්න තව තවත් කේන්ද්‍රයට ළං වෙනවා. ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය වැඩියි.
ඉතිං අප තේරුම්ගත යුත්තේ අකුසලය බලවත් නම් පහළට ඇති බලයත් වැඩියි කියලයි.
භාවනානුයෝගියෙක්ට භාවනා කරන්න පහසු ඉතා උස් තැන්. උස් තැන් වල ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. මොකද පෘථිවි කේන්ද්‍රයේ සිට එතනට ඇති දුර වැඩි නිසා.ඒකයි ඔවුන් භාවනා කිරීමට කඳු මුදුන් තෝරගන්නේ.
මේ හැමටම වඩා සුවිශේෂී සිද්ධියක් නාසා ආයතනය විසින් 2003 වසර ආසන්නයේදී සොයාගනු ලැබුවා. ඒ තමයි ශ්‍රී ලංකාව ලොව ගුරුත්වාකර්ෂණ බලය අඩුම ස්ථානය බව.
ශ්‍රී ලංකා භූමියට යටින් ඇති පසෙහි අඩංගු සංයෝග මේ සඳහා හේතු වී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
ගුරුත්වාකර්ෂණ බලය අඩුයි නම් පහළට ඇති කරන බලය අඩුයි. අඳුරු ශක්තීන් අඩුයි.
විශ්වයේ ඇති ශක්තිය (විශ්ව ශක්තිය) එතනට හරිම ලෙහෙසියෙන් පෙරී එනවා.
ඉතිං භාවනා කරන කෙනෙක්ට හොඳම භූමිය මේ අපේ රට බව විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා.