Myhub දිල්ශාන් කලුවා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එතකොට ලංකාවේ උඩම තියෙන IT කම්පැනි මොකටද ඉන්ටර්න් ගන්නේ? උන්ටත් සල්ලි වැඩි නිසාද?
    මොනවද බන් මේ ගොබ්බ තර්ක
    ගොඩක් ලොකු කම්පැනි ඉන්ටර්න්ශිප් ගන්නෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකකට + PR එකට
    ඉන්ටර්න්ශිප් එකේදි හොඳ ඩයල් හොයාගන්න පුලුවන් පස්සෙ බය නැතිව පර්මනන්ට් පොසිශන් ඔෆර් කරන්න පුලුවන්. අනික ලොකු කම්පැනි ඇත්තටම කමිනයුනිටි එකට හෙල්ප් එකක් විදියට ඉන්ටර්න්ශිප් ඔෆර් කරනවා
    ඇවරේජ් ගත්තම ලොකු කම්පැනි වල ගොඩක් හොඳ ඉන්ටර්න්ශිප් එක්ස්පීරියන්ස් එකක් දෙනවා

    පොඩි කම්පැනි නං ටිකක් මරවල වැඩ ගන්න එක කරනවා. ගොඩක් වෙලාවට හොඳ ඉන්ටර්න්ශිප් එක්ස්පීරියන්ස් එකක් දෙන එක ගැනවත් ඌට වැලියු එකක් ඇඩ් කරන එක ගැනවත් හිතන්නෙ නැතිව වැඩේ ගැන විතරක් හිතනවා
    දැනට තියන කම්පෙටිශන් එකත් එක්ක සමහර හිතනවා එහෙම හරි ඉන්නර්න්ශිප් පොසිශන් එකක් හම්බෙන එක වටිනවා කියලා, ඒක සමහර කම්පැනි වලින් ඇඩ්වාන්ටේජ් එකක් විදියට යූස් කරනවා
    (මට LinkedIn එකේ මැසේජ් ඇවිත් තියනවා Allowance නැතිව හරි SE Internship ගන්න පුලුවන්ද කියලා අහල)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,787
    113
    එතකොට ලංකාවේ උඩම තියෙන IT කම්පැනි මොකටද ඉන්ටර්න් ගන්නේ? උන්ටත් සල්ලි වැඩි නිසාද?
    මොනවද බන් මේ ගොබ්බ තර්ක
    සමහර උන් intern අරන් 15k විතර ගෙවලා ලක්ශ 2ක විතර වැඩ ගන්නවා. හැම එකාම හදන්නෙ කම්පනි එකේ profitability එක වැඩි කරන්න.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    NFT bubble එකෙන් බුවා හොයන්න පුලුවන් කාලෙ හෙව්වා, දැන් AI bubble එක අල්ලන්. බබල් නොවී stable වැඩක් කරානන් හොදා, සුවර් නෑ මිනිහට ටෙක්නිකල් දැනුම නෑ වෙන කොල්ලෙක් එක්කනෙ කරන්නෙ, දැනටත් මහ ලොකු සීන් එකක් කරන්නෙ නෑ කොම්පැනි වලට openAI api එක දාලා දෙන එකද කොහෙදනෙ කරන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    NFT bubble එකෙන් බුවා හොයන්න පුලුවන් කාලෙ හෙව්වා, දැන් AI bubble එක අල්ලන්. බබල් නොවී stable වැඩක් කරානන් හොදා, සුවර් නෑ මිනිහට ටෙක්නිකල් දැනුම නෑ වෙන කොල්ලෙක් එක්කනෙ කරන්නෙ, දැනටත් මහ ලොකු සීන් එකක් කරන්නෙ නෑ කොම්පැනි වලට openAI api එක දාලා දෙන එකද කොහෙදනෙ කරන්නෙ
    මං හිතන්නෙ මුන්ගෙ Open AI API එක wrap කරපු ප්‍රොඩක්ට් එකක් තියනවා. ටික්ටොක් එකේ දවසක් මොකක් මගුලක් කියවනවා දැකලා බැලුවා
    සිංහෙලන් චැට් කරන්න පුලුවන් Open AI එකට වඩා හොඳට රිප්ලයි කරනවා අරකද මේකද කියලා දාල තියනවා
    එක මැසේජ් එකකට රුපියල් 5ක්ද කොහෙද ගන්නවා කිවුවා. මොලේ අමාරුවක් තියෙන්න ඕන ඒ ගාන ගෙවලා මුන්ගෙ සර්විස් එක ගන්න
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,857
    3,340
    113
    කොහොමත් මාස 6න් කෙල උනත් ඉන්ටර්න්ට පාඩුවකුත් නැහැ
    Correct. Patan ganna gaman tough job ekak set wena ekekta igenaganna dewal tyenawa. Oya kaale eka eka dewal try karanna, mistakes karaganna chance hambuwenne podi alut companies wala tamai. Loku process ekata yana tenak nam podi code kaallak liyaagena inna witarai ne set wenne. Ehema beluwama podi tenak set wena eka hondai igenaganna. Anika ehema tenaka awulak wunata career eka lokuwata kelawennet naa neh. Chance hambenawa. Anika ohoma podi ten wala weda karapu unta hardworking, risks ganna attitude eka hodai. Ehema un passe honda companies walata awama un ekka weda karannat lesiyi.
     
    • Like
    Reactions: NEMISIS

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,460
    8,931
    113
    මං හිතන්නෙ මුන්ගෙ Open AI API එක wrap කරපු ප්‍රොඩක්ට් එකක් තියනවා. ටික්ටොක් එකේ දවසක් මොකක් මගුලක් කියවනවා දැකලා බැලුවා
    සිංහෙලන් චැට් කරන්න පුලුවන් Open AI එකට වඩා හොඳට රිප්ලයි කරනවා අරකද මේකද කියලා දාල තියනවා
    එක මැසේජ් එකකට රුපියල් 5ක්ද කොහෙද ගන්නවා කිවුවා. මොලේ අමාරුවක් තියෙන්න ඕන ඒ ගාන ගෙවලා මුන්ගෙ සර්විස් එක ගන්න
    @DragonD කාපාලුවා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සල්ලිත් උගේ නම් කම්පැනි එකත් උගේ නම් ගන්නෙත් ඌ නම් ඉතින් අපිට මොකෝ බන්. :yes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,345
    113
    මෙලෝ රහක් නැති එකෙක් බං. පොඩි උන් කුනු කොල්ලෙට අරන් වහල්ලුන්ගෙන් වගේ වැඩ ගන්නෙ. ඕකෙ හිටපු වේබ ඩිවලොපර් කොලුව අයින් උනා. තව උන් අයින් උනා මුන්ට ගෙවන්නෙ 20ක් වගේලු සමහරුන්ට 30යිලු කොල්ලො ගෙදර ගිහින්නුත් වැඩ කරනවලු මොකද මූ හෙන ටොක්සික්ලු.

    තනිකරම බොරු හයිප් එකෙන් දුවන එකෙක්.
    අඩෝ සිරාවට? මුගේ යු ටියුබ් චැනල් එකේ මාරම පින් කරනව කියල පෙන්නුවා කාලයක්. පොඩ් කොම්පීරට් සොප් එකෙකුත් තියෙනවා පොරට. සල්ලි නම් තාත්තගේ ඒව ආයේ අහන්න දෙයක් නෑ.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    fake it till you make it.

    ව්ලොග්ස් බලද්දී තේරුන විදියටනම් පොරට එහෙන් මෙහෙන් ඉන්වයිට් කරනවා speeches වලට, ෆීල්ඩ් එකේ ඇත්තටම ඉන්න එවුන් එක්ක තමයි සෙට් වෙන්නේ. මෑන්ස් ට ත් ඕනේ ඒ තැන් වලට ගියාම මෑන්ස්ව ම represent කරගන්න මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි බ්‍රෑන්ඩ් එකක් හරි. ඒ ඇරෙන්න අර ස්ටාර්ටඅප් එකෙන් වැඩකට ඇති වැඩක් කෙරෙන්නේ නෑ කියලනම් පේනවා
    :rolleyes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,787
    113
    ව්ලොග්ස් බලද්දී තේරුන විදියටනම් පොරට එහෙන් මෙහෙන් ඉන්වයිට් කරනවා speeches වලට, ෆීල්ඩ් එකේ ඇත්තටම ඉන්න එවුන් එක්ක තමයි සෙට් වෙන්නේ. මෑන්ස් ට ත් ඕනේ ඒ තැන් වලට ගියාම මෑන්ස්ව ම represent කරගන්න මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි බ්‍රෑන්ඩ් එකක් හරි. ඒ ඇරෙන්න අර ස්ටාර්ටඅප් එකෙන් වැඩකට ඇති වැඩක් කෙරෙන්නේ නෑ කියලනම් පේනවා
    :rolleyes:
    Exactly, ඕක තමා ඉතින් ගොඩ යනකන් ගහන ගේම.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මං හිතන්නෙ මුන්ගෙ Open AI API එක wrap කරපු ප්‍රොඩක්ට් එකක් තියනවා. ටික්ටොක් එකේ දවසක් මොකක් මගුලක් කියවනවා දැකලා බැලුවා
    සිංහෙලන් චැට් කරන්න පුලුවන් Open AI එකට වඩා හොඳට රිප්ලයි කරනවා අරකද මේකද කියලා දාල තියනවා
    එක මැසේජ් එකකට රුපියල් 5ක්ද කොහෙද ගන්නවා කිවුවා. මොලේ අමාරුවක් තියෙන්න ඕන ඒ ගාන ගෙවලා මුන්ගෙ සර්විස් එක ගන්න
    මහලොකු දෙයක් නෑ බං. මුන් මොකෝ මොඩල්ස් හදන්න කියලද? මොකක් හරි OPEN SOURCE LLM එකක් අරන් RAG PIPELINE එකක් හරහා කස්ටම් ඩේට වලට ට්‍රේන් කරල ඒ ඩේට QUERY කරන්න පුලුවන් විදියට CHAT INTERFACE එකක් දෙන එක කරන්නේ. මේකම තව WHATSAPP API එක හරා දෙනව. මුන්ගෙ පට්ට එක්ස්පෙන්සිව්. පොඩි ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක්ට හෙන අඩුවට අටවගෙන දුවන්න පුලුවන්.

    අඩුම මුන්ගෙ PRODUCTS වල බේසික් FORMATTING වත් නෑ.

    NFT bubble එකෙන් බුවා හොයන්න පුලුවන් කාලෙ හෙව්වා, දැන් AI bubble එක අල්ලන්. බබල් නොවී stable වැඩක් කරානන් හොදා, සුවර් නෑ මිනිහට ටෙක්නිකල් දැනුම නෑ වෙන කොල්ලෙක් එක්කනෙ කරන්නෙ, දැනටත් මහ ලොකු සීන් එකක් කරන්නෙ නෑ කොම්පැනි වලට openAI api එක දාලා දෙන එකද කොහෙදනෙ කරන්නෙ
    ඕකට කිසිම දැනුමක් නෑ TIKTOK එකේ AI වැඩර් වගේ රගනව. වීඩියෝ බැලුවම කිසිම වැලුයි එකක් ඩිලිවර් කරන්නැ. ඔයාල මොකද හිතන්නෙ අරව මේ විකාර විතරයි. පොඩි උන්ට නම් වැඩර් මූ.
    ------ Post added on Mar 10, 2025 at 1:10 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,110
    9,950
    113
    ඔය වැඩේට බෑ කියලා ඉන්නකොට තමා මේක සෙට් උනේ. අර ජොබට කතා කරනකොට commission එක්ක පඩිය ලක්ශ 8ක් විතර තිබ්බෙ. ඒත් ටැක්ස් EPF/ETF කැපෙන්න කලින්. කමිශන් එක එකපාර එන්නෙ බෑ. බෙසික් එක තිබ්බෙ 4.5ක් වගේ (කැපෙන්න කලින්). මම මේ කියන්නෙ ගෝටා කාලේ payee පට්ට අඩු, බඩු මිල ෆක් වෙලා යන්න කලින්. ඉතින් ඔය ගාන ඒ කාලේ හැටියට සුපිරි ගානක්..

    නිකන් හිතපන් ඔය ගානට පයින් ගහලා මාස 6ක් විතර පඩි නැතිව දුවනවා කියන එක.
    ube wayasa keeyada machan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    oka gana nam danne nam. habai kata kaiwaru gahana un okkoma internship kiyala rawattala suragana loka pennala weda tika ganna eka thamai karanne. labena amuthu experience ekakith na ithin.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මට මූත් එක්ක පර්සනල් කිසිම ප්‍රශ්නයක් නැ. හැබැයි මූ වගේ උන් තමා ලංකාවේ 13-30 අතර ලොකුම විරයෝ ...ඉතින් අපේ රටවල් හැමදාම දියුනුවෙමින් පවතින රටවල් තමා. :rofl:
    :lol:

    දෙමව්පියන්ගේ සල්ලලි වලින් වැඩ දාන (ඒක ප්‍රශ්නයක් නැ ,බට් දෙන impact එක) එක පොඩි උන්ට තේරෙන්නේ නැ. මූ කරන්නේ පොඩ්කාස්ට් ටිකක් අහනවා ,ඒ ටිකේ අදහස් ටික මික්ස් කරල සිංහලෙන් කියනවා. 13-30 අතර උන්ට පේන්න වාහන ටිකක් දාලා ව්ලොග්ස් ටිකක් ගහනවා (මාකටින් තමා) අපේ පොන්නයෝ හිතන්නේ ස්ටාටප් හා තින්කින් එකෙන් ගොඩ ගියපුවා කියලා..:P

    මම දැක් එකම මුගේ success වෙච්ච වැඩේ තමා NFT. ඒකත් අර දිලිප කියන ඩයල් එක තමා. මැන්ස් ට නම් දැනුමක් තියෙනව වගේ‍, ඌට ඉතින් මූ ඉන්න එක හොදයි සල්ලි ඉන්වෙන්ස්ට් කරගන්න. පව් ඉතින් ලංකාවේ ජෙනරේෂන් එක
     
    සිද්දිය මේකයි, සල්ලි කියන්නෙ සල්ලි තමා. කොහෙන් ආවද කියන එක අදාල නෑනේ. එකම වටිනාකම තියෙන්නෙ. ලෝකේ පට්ට සල්ලි කාරයෝ වෙච්ච අති බහුතරයක් මොකක්හරි advantage එකක් තිබ්බ උන්, ඒත් ඉතින් ඒ කතාව රස නැති නිසා අතින් දාල, කෑලි හලලා කියනවා.

    කතාවක් තියෙනවනේ "කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි" කියලා. එහෙම ගත්තොත් මුන්ට වෑරැද්දක් කියන්න බෑ. මුන් මුන්ගෙ ගේම ගහනවා, අපේ හරක් මුන්ගෙ බයිලා අහලා basics අත ඇරලා පියාඹන්න හදනවා.

    මමනම් හිතන්නෙ නෑ කවුරුත් ගුරුමුශ්ටිය නොතියා තමන් ගොඩ ගිය විදිය 100%ක් වෙන එකෙක්ට කියයි කියලා. ඒක ඉතින් මනුස්ස ස්වබාවය.