ඇත්තම තත්වය බැලුවොත්.....
* ඔය මොන උපාධි, පශ්චාත් උපාධි තිබ්බත් අට පාස් නැති දේශපාලුවා ලඟ වැඩි දෙනෙකුට නැවෙන්න වෙනවා.
* ඉංජිනේරු උපාධිය තියෙන ලංකාවේ ඉංජිනේරුවෙක් හම්බ කරනවට වඩා තුන් ගුණයක් හොරෙන් ඉතාලි පැනපු ඕ ලෙවල් වත් නැති එකා හොයනවා.
* පරම්පරාවෙන් සල්ලි ආපු එකා කිසිම වැඩක් නොකර ආතල් එකේ ඉන්නවා.
* ගණිකාවෝ පාර්ලිමේන්තු ගිහින් උපාධි/ පශ්චාත් උපාධි කාරයට වඩා හම්බ කරනවා.
* තවත් ගණිකාවෝ නිළියෝ වෙලා රට වටේ වල්කම් කරල අන්තිමට සල්ලි කාරයෙක් අල්ලගෙන බැඳගන්නවා.
* උපාධි කාරයෝ රු.10000 ට අට පාස් ග්‍රාමසේවක ලඟ වැඩ කරනවා.
මේ නිසා මිනිසුන්ගේ උසස් පහත් බව තමන් ගත් අධ්‍යාපන සුදුසුකම් මත/ පෙනුම මත/ ශක්තිය මත/ සල්ලි මත/ බලය මත මැනීම විහිළුවක්. අනික අධ්‍යාපන සුදුසුකම් ලැබූ පමණින් තමා උසස් යයි සිතීමද විහිළුවක්.
"මහරජ, එකට විසීමෙන් ශීලය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ. මහරජ, පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, විපත්තියෙහිදී ශක්තිය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්‍රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ." (ජටිල සූත්‍රය)