ඔන්න අද ඉදල පොඩි ව්‍යාපාරයකට අත ගැහුවා. අල්ලපු ගෙදර අන්කල්ගේ පරණ බයිසිකලයක් තියනවා. ඒක එයා පාවිච්චි කරන්නේ නැහැ. මම ඒක ඉල්ලා ගත්තා. හැදුවා පොඩි පෙට්ටියක්. අහල පහල ගෙවල් වල ඉදිආප්ප , ආප්ප , පිට්ටු , පොල් කේක් , බත් පාර්සල් හදනවා. කඩේට දානවට වඩා අඩුවෙන් මට දෙනවා. මම ඒවා ගිහින් කඩ වලට විකුනනවා. එක අයිටම් එකකින් රුපියක් 5 සිට 15 දක්වා ලාබයි. බයිසිකලේ පාගන එක ඇඟටත් හොදයි. උදේ පාන්දර 5 පිටත් උනේ. දැන් ගෙදර ආවේ. අද ලාබය රුපියල් 365.00
Last edited:
අවුලක් නෑ

