මතකද උඹල අපි පාරේ තොටේදි පොඩි කාලේ දැකල තියෙන දැනුත් ඉදහිට දකින මිනි මෝක් කාර් එක...
මිනි මෝක් ඔරිජිනල් කාර් එක මිනි කම්පැනි එකෙන් හදල තියෙන්නෙ 1964 ඉදන් 1993 වෙනකන්..
ඔන්න ඊට වසර 20කට පස්සේ 2013දි ඕස්ටේලියන් කම්පැනි එකක් මොක් එක ආපහු හදන්න පටන් ගත්තා
මං මේ මෝක් කාර් එක ගැන ඒ දවස් වල නිවුස් එක දකින කොට හිතුන අනේ මේක ලංකාවටත් ගේනව
නම් මරුනේ කියල... ඔන්න ලංකවෙ ඒජන්ට් කෙනෙක් මේ කාර් එක ලංකාවට ගෙන්නනව දැන්
මාත් ආසවට ගියා බලන්න මේ කාර් එක ගිය සතියෙ එයාලගේ ෂෝ රූම් එකට යුනියන් ප්ලේස් එකේ තියෙන...
මං හිතුවේ මේක ලක්ෂ 20කට අඩුයි වගේනම් මොන ජිල්මාට් එකක් දාල හරි මේක ගන්න
ටහිකෙයි කිව්වලු සින්හලු...
මැනුවල් එකම ලක්ෂ 36.5 කිව්වා, ඔටෝ එක ලක්ෂ 38ක්ලු... මගේ සිහිනය එතනම බොදවෙලා ගියා 


ඒත් ඉතින් ඒ වගේ ගානක් වියදම් කරන එක "නතින්" වගේ ඉන්න එලකිරියන්ස්ලත් අපි අතරේ ඉන්න හින්ද (උදා:- fever කරන අය
) මේ කාර් එක ගැන විස්තරේ මම ඔයලත් එක්ක ෂෙයර් කරගන්න හිතුවා.. කැමති අය ඉන්නවනම් MOKE International එකේ වෙබ් සයිට්එකට ගිහින් ( Mokeinternationalඩොට්com) ඒජන්ට්ගෙ විස්තර හොයාගෙන ගිහින් බලන්න...
මොනව උනත් කෙල්ලො වගේ නෙවෙයි ෆොටෝ වල දකින ලුක් එකට වඩා ඇත්ත ලුක් එක පට්ටම ලස්සනයි... ආස හිතනව සදහටම අයිතිකර ගන්න




http://mokeinternational.com/
Last edited: