මචං, රත්තරං බේස්ලයින් රෝඩ් එකේ ඔරුගොඩවත්ත හරියේ තියෙනවා යාඩ් එකක්. එකේ තියෙනවා ඔය ලංකාවේ තියෙන UN,යුනිසෙෆ් එකේ එහෙම පාවිච්චි කරලා අයින් කරපු වාහන. කලින් නං උබ ඔය කියනවා වගේ වාහන සැහෙන ගානක් ඔතන තිබුනා. සුදු පාට වාහන තමයි ඔක්කොම. ඊයේ පෙරේදා නං බලද්දී වාහන ගොඩක් එතනින් අයින් කරලා. මම හිතන්නේ වෙන්දේසි දාලා.
ඒවා UN ඒකෙන් අයින් කරාට හොද වාහන මචං. මම හිතන්නේ උන් අවුරුදු කීපයක් භාවිතා කරලා එව්වා අයින් කරනවා වෙන්න ඕනි. උබ වාහනයක් ගන්නවා නං UN එකේ ඉන්න කාගෙන් හරි අහලා, ඒ වෙන්දේසියකින් ගත්තොත් නරකද?
මම කිව්ව වාහන යාඩ් එක තියෙන්නේ බේස්ලයින් පාරේ ඔරුගොඩවත්තේ ලෝ-ලෙවල් පාරට හැරෙන තැනයි, පරමාණුක න්‍යෂ්ටි අධිකාරිය කියන එකයි අතර. සුදුපාලම පැත්තේ ඉදලා එනකොට දකුණු අත පැත්තේ තියෙන්නේ.