Octa-core ප්‍රොසසරය

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    26491.jpg


    බොහෝ දෙනාගේ කතා බස් වලට ලක් වුන, බොහෝ දෙනා වාද විවාද කල, බොහෝ දෙනා මිල කල octa-core mobile processorයේ සත්‍ය හෙලිදරව්ව අද ඔබ වෙතට.

    සැම්සුන්ග් සමාගම octa-core ප්‍රොසසරය සමගින් දුරකථන මාදිලි වෙලදපලට නිකුත් කලද, ඒවායේ සත්‍ය වශයෙන්ම ප්‍රොසසර 8ක්ම එකම වර වැඩ කලේ නැති වග නොරහසකි. එක් විධියකට මුල් ප්‍රොසසර 4ක් නැතිනම් තවත් විධියකට අවසාන ප්‍රොසසර 4 දත්ත සකසන ක්‍රියාවලියට සම්බන්ධ විය. නමුත් MediaTek සමාගම, එකවරම ප්‍රොසසර 8ම නැත්නම් සත්‍ය වශයෙන්ම octa-core දත්ත සකසනයක් SoCs (System On a Chip) තාක්ෂණය මගින් වැඩි ජවයකින් යුක්තව එලි දැක්වීමට නියමිතය.

    gsmarena_001.jpg


    Samsung-Quietly-Confirms-Galaxy-S5-with-2-1GHz-Octa-Core-Exynos-Processor-429186-2.jpg


    ඔබගේ 3D games හා HEVC FHD වගීයේ වීඩියෝ දැනට වෙලදපලේ ඇති octa-core devices සමග සසදන විට ඔබගේ බැටරියේ බලයෙන් 18%ක් පමණක් භාවිතා කර නැරබිය හෝ ක්‍රීඩා කල හැක. තවද මෙම ප්‍රොසසරය එක වැඩකට එක core එකක් යන සංකල්පයෙන් නිපදවා ඇති නිසා ඔබගේ මුලු ක්‍රියාකාරම් සියල්ලම පාහේ දැනට පවතින switching තාක්ෂණයේද ආධාරයෙන් ඉතාමත් සුමටව කල හැකි වේ.


    xu_02.jpg