One English Lesson Only

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපි සිංහලෙන් කියනවා නේ මෙහෙම:

    එයාට දොස්තර මහත්තය කිව්වා බත් කන්න එපා කියල.
    පාන් කන්නත් එපා කිව්වද?
    පාන් නම් කන්න පුළුවන්.

    මෙතන නම් කියන එක ඉංග්‍රීසියෙන් මෙහෙම කියන්න පුළුවන්
    Bread of course she can eat.

    I don
    't like metal music. Classical music of course I like.

    I won
    't be able to come to your birthday party. For the wedding of course I'll come.

    (of course කියන එකේ තේරුම් ගොඩක් තියනවා. මේකත් එකක්.)

    :)
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    have a shot at කියන්නේ කරලා බලනවට. ඒ කියන්නේ නිකන් අත ඇරලා දාන්නේ නැතුව ට්‍රයි එකක් දීල බලනවා වගේ.

    There will be a big crowd, of course. But I'
    ll have a shot at it too.
    කට්ටිය නම් ගොඩක් එයි. ඒත් මාත් පොඩි ට්‍රයි එකක් දෙනවා.

    Why don't you have a shot at it?

    ඔයත් පොඩි ට්‍රයි එකක් දීල බලන්න.

    this is hard but ill give a shot at bumping this thread as you wish
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    layman කියන්නේ ගිහියාට. clergy/layman

    එහෙමත් නැත්නම් මොනවහරි විෂයයක ට ආගන්තුක කෙනෙක් හරි සාමාන්‍ය කෙනෙක් හරි නම්.

    උදාහරණ: Please tell me all details about this medicine. I am a layman for medical profession.

    He is just a layman for this field. We should explain everything to him.

    Let me explain it to you in layman's terms.

    මම ඔයාට කියන්නම් සාමාන්‍ය කෙනෙකුට තේරෙන භාෂාවෙන්.

    Please explain it to me in layman's terms.
    මට ඕක තේරෙන විදිහට කියන්න. මම ඔය විෂය ගැන දන්න කෙනෙක් නෙවෙයි.

    im a laymen for elakiri.com. :nerd:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    made කියල කියන්නේ යමක් කෙරුව නැත්නම් කරන්න පුළුවන් වුනා කියන එකට.

    එහෙ යන්න සාමාන්‍යයෙන් පැය හයක් යනවා. මම පැය 4 න් ගියා.

    It usually takes 6 hours to go there. But I made it in 4 hours.


    i made it here an hour ago
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    deliberately කියල කියන්නේ හිතාමතාම කියන එකට.

    You did this deliberately
    ඔයා හිතලමයි මේක කරේ.

    You broke it deliberately
    ඔයා හිතලමයි
    ඒක
    කැඩුවේ.

    I didnt do that deliberately. It was an accident.

    i tore your textbook deliberately:frown:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක තිබ්බේ වෙන නුලක එක නිසා මෙහි ප්‍රණාමය යන්න ඕන මේක මුලින් දාපු "DonnieBrasco" ට හැබැයි ඒ නුල වැඩිය දුවලා තිබ්බේ නෑ එක නිසා මන් හිතුවා එක මෙතන දන්න මේ උත්සාහය හැම තැනම තියන හොද දේවල් එක තැනකට ගැනීම ඉගෙන ගන්න දෙයක් නිසා මුල් කතෘවරු විරුද්ද නොවෙයි කියලා හිතනවා ඒවා උපුටා ගත්තට

    Conversation Starters & Greetings


    How are you getting on? – just another way of saying ‘how are you?’
    Conversation Starter English Small Talk Phrases

    You doing OK? – asked when the person has had some tough experience recently and you want to ask politely if they’re OK.

    Hi, …! What’s new? – this is a very informal way of greeting a close friend or anyone who you see on a regular basis and you want to ask has anything happened since you last met.

    Hi, …! What’s up? – the same as above with a difference that you’re probably not that interested in what news the other person might have.

    Hi, …! Long time no see! – used when you haven’t seen the person for a long period of time and you want to state that fact in the greeting.

    Hi, …! Have you been keeping busy? – just a standard enquiry with little or no direct meaning.

    Do you mind me asking…? – a typical way of asking something that might be a slightly personal question.

    OK, here’s the thing … – a very handy way to start making your point if you’re not sure how to begin the sentence.



    Typical Responses

    Thanks, I’ve been keeping busy – just a standard response to a standard greeting with little or no direct meaning.
    English Small Talk Phrases - Responses & Answers

    Thanks for asking, I’m fine, how are you? – a typical response and counter-question to a greeting phrase ‘how are you?’

    Hi, how you’re doing! It’s good to see you! – a typical response to a greeting from someone you haven’t seen for a while.

    Can’t complain – a response to a standard greeting like ‘How are you?’ It’s not as exciting phrase as ‘Thanks, I’m great!’ but it doesn’t mean you’re having some problems in your life.

    Can you say it again, please? – a request to repeat the question if you didn’t understand what was said. This can also be used when the native speaking person speaks a bit too fast – they should get the hint and slow down a bit. But if they don’t, you can ask a more direct question:

    Can you slow it down a bit, please?

    And how about you? – a typical response when you’re not sure what to ask next so you’re asking the other person the same think they asked you. You can respond with this counter-greeting on nearly all standard greetings.

    To the best of my knowledge … – when you’re 99% sure about the statement you’re making. Also a good start of a response you want to take a bit more time to consider what you’re going to say.

    As far as I know … – the same as above.

    Good for you! – a response to someone telling you about their success in something or some good news that they’re happy about.

    Can’t argue with that – used when you agree with the statement of the other person.

    How do you know? – a counter-question you can ask when someone surprises you with a question about something they’re not really expected to know.

    That’s a good one! – a surprise response to funny or surprising news from your chat partner.

    Really? Tell me more about it! – used when you want your chat partner to tell me about what he/she just said.

    Frankly speaking, … – just a way to start your response. It indicates that you’re about to open up and be very honest with your chat partner. A great way of establishing an immediate trust.

    Well, to be honest with you, … – the same as above.

    No problem – a typical response to a small request you’re happy to do. This one is especially used when responding to superiors’ requests and it sounds more enthusiastic than if you simply say ‘sure’ or ‘OK’.

    Never mind, it’s fine! - this phrase is used when the person offers to do a favour for you but it’s not really necessary.

    Never mind, forget what I just said – this phrase is to be used when you said something that wasn’t important at all but your chat partner wants you to repeat it. You can also use this phrase if you feel that he/she might be slightly annoyed or offended by your question or comment so you want to end it there.

    You got me there – this can be said instead of ‘I don’t’ know’ – it will sound more casual and not as defensive as the old ‘I don’t know’!

    You’ve got to be kidding me! – said when someone tells you something that borders on the unbelievable and you want to express your surprise.

    That’s a good question. – a phrase used when you want to take your time to think over the question. This is an ideal phrase to use when you’re stuck but instead of remaining silent you can start your response with this phrase.

    Well, how to put it in the right words. – the same as above.

    That would be great! – a response to an offer that you’re really happy about.

    … you know what I mean? – this is quite an overused phrase but you can definitely use it at the end of a sentence if you want to emphasize what you just said.

    You see, the thing is that … – this is how you begin a sentence when you’re asked to explain something.
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    forgive කියන්නේ ගොඩක් වෙලාවට අපිට හදවතට දැනෙන විදියට සමාව ඉල්ලන්න.
    pardon කියන්නේ වැඩිපුරම අර පුරුද්දක් විදිහට නැත්නම් සම්මතයක් නිසා සමාව ඉල්ලන්න.

    අපේ අතින් යාලුවෙකුට වැරද්දක් වුනොත් කියනවා please forgive me කියල.

    ඒත් උසාවියේ ගිහිල්ල නඩු කාරයට කියන්නේ pardon me කියලා. කවුරු හරි කතා කරද්දී ඇහුනේ නැත්නම් කියන්නේ pardon? කියල.

    beg pardon :baffled:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    e.g. කියලා කියන්නේ උදාහරණ වලට. ඒ කියන්නේ ගොඩක් තියෙන ඒවායින් කීපයක් පෙන්නනවා මෙන්න මේ වගේ ඒවා කියල. උදාහරණ:

    cool drinks e.g. coca cola, red bull
    බීම වර්ග e.g. කොකා කෝලා, රෙඩ් බුල්

    මෙතන කොකා කෝලා, රෙඩ් බුල් කියන්නේ බීම වර්ග දහස් ගණනකින් දෙකක් විතරයි.

    i.e. කියල කියන්නේ
    "ඒ කියන්නේ" කියන එක. උදාහරණ:

    my brothers i.e. Ranil and Mahinda
    මගේ අයියල i.e.රනිල් සහ මහින්ද

    මෙතන මට ඉන්නේ අයියල දෙන්නයි. ඒ දෙන්නගෙම නම් සඳහන් කරනවා.


    මේ දෙක පටලව ගන්න එපා.


    e.g.
    exempli gratia
    i.e. id est


    my cousins i.e. tishan, ruvindu
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පොත හොඳට විකිනෙනවා කියන්නේ The book sells well කියල. ඒක The book is sold well කියල පැසිව් වොයිස් වලින් කියන්න අවශ්‍ය නැහැ.

    තව ඒ වගේ ටිකක්:

    Shop closes at 9 p.m.

    Exhibition starts at 8 a.m.

    i leaves work at 9 o'clock
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    despite කියල කියන්නේ "එහෙම වෙලත්, එහෙම වෙද්දීත්" වගේ එකක්.

    He didnˈ
    t stop it despite so much criticism
    එච්චර විවේචනය කරත් එයා ඒක නැවැත්තුවේ නැහැ
    He came despite heavy rain
    වැස්ස තියෙද්දිත් එයා අවා.

    He came in spite of heavy rain

    i played cricket despite of my cut
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    I නම් leave කිව්වම හරි. He, She, It වගේ නම් තමයි leaves.

    despite එකට පස්සේ of දාන්න එපා.

    "I played Cricket despite my cut/wound" කියන එක හරි.

    thanks macho contribute as much as you can share your knowledge, see this thread is not started by me and the member who was started this had been requested to carry forward this while adding & sharing knowledge. everybody who can give some knowledge can contribute to this and i will put whole history together once & while so that it will help to go through entire thread without navigating all pages. having said i would like to urge the member who had started this thread, come forward and join with us :yes::yes:
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Kattiyage PM prashna walata utthara denna wenama thread ekak daanna hithan innava. Balamu :) :) Rep walata sthuthiyi. :) :)

    ah you came back, where have you been this long ? by the way thread has continued with the support of many since you are the one who started this we expect more from you and further it wise to use same thread to answer all PM's since all related to this thread.
     

    AAIP

    Member
    Jun 11, 2013
    70
    4
    0
    Colombo
    :yes::yes::yes::yes:
    මේක එව්වට ස්තුත්යි එහෙමනම් ඒ බ්ලොග් තියෙන සමහරක් ඒවා මෙතනට දානවා වැඩි විස්තර ගිහින් බලන්න හොද ලිපි තියෙනවා

    මුලින්ම මෙතනදි මතක් වෙන්නෙ ප්‍රශ්න අහද්දි අපට නැතිවම බැරි no කෑල්ල. “ඔයා ඒ අයට කිව්ව නේද?” , “එයා (ඔහු) ඒක දන්න‍ව නේද?” “ එයා (ඇය) හෙට එනව නේද?” වැනි “‍නේද‍” යන්න අඩංගු ප්‍රශ්නවලදි අපි හැමෝම වගේ කියන්නෙ You told them, no? , He knows it, no? , She is coming tomorrow, no? කියලයි. ඒත් ජාත්‍යන්තර සම්මතය (Standard International English) අනුව නම් මේවා කියවෙන්නෙ තරමක් වෙනස් විදිහකට. You told them, didn’t you? , He knows it, doesn’t he? , She is coming tomorrow, isn’t she? ආදී වශයෙන් එහිදී question tags භාවිතා වෙනවා.

    ලංකාවේ ඉංග්‍රීසි බස ඉතා හොඳින් දත් අය පවා බොහෝ දෙනෙක් සාමාන්‍ය ජීවිතයේදී මේ no එක පාවිච්චි කරනවා. ලිඛිත භාෂාවේ (written language) හැරුණු විට ජාත්‍යන්තර සම්මතය අපේ රටේ අනුගමනය කෙරෙන්නේ ව්දේශිකයෙකු හා කතා කිරීමේදී හෝ වැදගත් සභාවක් ඉදිරියේ - එසේ නැතිනම් රූපවාහිණියේ - කතා කිරීම වැනි විධිමත් අවස්ථාවකදී (formal situation) පමණයි. එම නිසා no හි මෙම භාවිතය ශ්‍රී ලාංකික භාෂිත ඉංග්‍රීසියේ පිළිගත් අංගයක් (accepted form in Sri Lankan colloquial English) ලෙස සැලකිය හැකියි. කෙසේ නමුත් අඩු තරමිත් විදේශිකයන් සමග හා ලිඛිත බසේ භාවිතය සඳහා ජාත්‍යන්තර සමිමතයද (international standard ) දැන සීටීම අවශ්‍ය වෙනවා. එහිදී එකතු වන tag ‍කොටස අදාළ වාක්‍යයේ උක්තය (noun) සහ ක්‍රියා පදය (verb) අනුව වෙනස් විය යුතු බව මතක තබා ගත යුතුයි. එසේ නැතිව අපේ සමහරෙක් මෙන් සැම විටම isn’t it? කියා යෙදීම නොගැලපෙයි.

    This is correct, isn’t it?
    මේක හරි නේද?

    That car is Lal’s, isn’t it?
    අර කාරෙක ලාල්ගෙ නේද?

    Nimal is with you, isn’t he?
    නිමල් ඔයා එක්ක ඉන්නව නේද?

    Your parents are in Kandy, aren’t they?
    ඔයාගෙ අම්මයි, තාත්තයි නුවර නේද?

    Kamala loves music, doesn’t she?
    කමලා සංගීතයට ගොඩක් ආසයි නේද?

    These people live here, don’t they?
    මේ මිනිස්සු ඉන්නෙ මෙහෙ නේද?

    Your friend was here yesterday, wasn’t he?
    ඔයාගෙ යාළුව ඊයෙ මෙහෙ හිටිය නේද?

    All of them were very happy, weren’t they?
    ඒ අය ඔක්කොම හුඟක් සතුටු උනා නේද?

    Mahesh speaks English well, doesn’t he?
    මහේෂ් හොඳට ඉංග්‍රීසි කතා කරනව නේද?

    Both your children get good marks, don’t they?
    ඔයාගෙ ලමයි දෙන්නම හොඳ ලකුණු ගන්නව නේද?

    The baby is sleeping, isn’t he/she?
    බබා නිදි නේද?

    You are leaving now, aren’t you?
    ඔයා දැන් යනව/පිටත් වෙනව නේද?

    All the directors spoke yesterday, didn’t they?
    ඔක්කොම අධ්‍යක්ෂවරු ඊයෙ කතා කළා නේද?

    You have met my brother, haven’t you?
    ඔයාට මගෙ අයියව/මල්ලිව හම්බ වෙලා තියනව නේද?

    Most of your classmates will come tomorrow, won’t they?
    ඔයාගෙ පන්තියෙන් ගොඩක් අය හෙට එයි නේද?

    I am a good man, am I not? *
    මම හොඳ මිනිහෙක් නේද?
    *මේ ආකාරයට අනිත් tags ද සකස් කළ හැකියි. (උදා: He is here, is he not?; They saw it, did they not?) ඇතැම් අය am I not වෙනුවට aren’t I යෙදුවත් එය එතරම්ම පිළිගත් යෙදුමක් නොවෙයි.

    නිෂේධාත්මක වාක්‍යවල tags යෙදෙන්නේ අනිත් අතටයි.

    You didn’t go there, did you?
    ඔයා එහෙ ගියේ නෑ නේද?

    They aren’t here, are they?
    ඒ අය මෙහෙ නෑ නේද?

    එසේම never, hardly ආදී පද ආශ්‍රයෙන් ඇති නිෂේධාත්මක වාක්‍යවලදීත් යෙදෙන්නේ මේ ආකාරයටමයි.

    She never came here, did she? එයා කවදාවත් මෙහෙ ආවෙ නැහැ නේද?

    We hardly know them, do we? අපි ඒ අයව අඳුරන්නෙ නැති ගාණයි නේද?

    හොඳයි, දැනට ඇති නේද? OK, that’s enough for now, isn’t it?
    එහෙම නැත්නම් අපේ විදිහට කියමු OK, that’s enough for now, no?
     
    Last edited:

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    despite කියල කියන්නේ "එහෙම වෙලත්, එහෙම වෙද්දීත්" වගේ එකක්.

    He didnˈ
    t stop it despite so much criticism
    එච්චර විවේචනය කරත් එයා ඒක නැවැත්තුවේ නැහැ
    He came despite heavy rain
    වැස්ස තියෙද්දිත් එයා අවා.

    He came in spite of heavy rain


    :):)
     
    • Like
    Reactions: AnuradhaRa

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    deliberately කියල කියන්නේ හිතාමතාම කියන එකට.

    You did this deliberately
    ඔයා හිතලමයි මේක කරේ.

    You broke it deliberately
    ඔයා හිතලමයි
    ඒක
    කැඩුවේ.

    I didnt do that deliberately. It was an accident.
    :):)