Online ඉගෙනීමේ කෙරුවාව

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ඔන්ලයින්...

    එක් පන්තියක සිසුන් තිස් පහකි.හතළිහකි.හැම දිනකම පාහේ මාර්ගගත ( online ) ක්‍රමයට උගන්වන පන්තියට සහභාගී වන දරුවන් ගේ සාමාන්‍යය පහළොවකි.අද එන දරුවා හෙට නැත.සමහර දරුවන් දකින්නේම සතියකට වතාවක් පමණි.ඇතැමුන් එසේ ද නැත.

    ඊයේ දිනයේ මගේ පන්තියට දියණියක් සහභාගී වූයේ පාඩම පටන් ගෙන විනාඩි හතලිහකටත් පසුවය.
    ඇයි පුතේ පරක්කු වුණේ..මම ඇසීමි.
    ටීචර් ඩේටා ඉවර වෙලා...අම්මා පාරට ම ගිහින් කාඩ් එකක් අරන් ආවේ..
    ඇය කීවාය.

    සිය කැමැත්තෙන් කැමරාව ක්‍රියාත්මක නොකරන කිසිම දරුවෙකුට එසේ කරන්න යැයි මම කිසිම විටෙක නොකියමි.එයට හේතුවක් තිබේ.
    මර්ගගත ක්‍රමයට පන්ති පැවැත්වීම ඇරඹි මුල් සමයේ මගේ පන්තියේ සිටි පුතෙක් තම ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කරගෙනම මා කියනා දේ අසා සිටියේය.
    දැන් මට ඒ දරුවා අවට පරිසරය හොදින් පෙනේ.උඩු කයට කමිසයක් වත් ඇඳ නැති තාත්තා කෙනෙකි.විටින් විට මහ හඬින් මොනවාදෝ කියමින් ඔහු බිම වැතිර සිටියි.ගෙබිම තැනින් තැන සෙමෙන්ති පදාස පිටින් ගැළවී ගොස් ය.ඔහු බීමතින් බව වටහාගන්නට මා හට වැඩි වේලාවක් ගියේ නැත.
    දුක හිතෙනම කාරණාව වූයේ දරුවා අසළම ප්ලාස්ටික් පිඟානක ඇති ඔහුගේ බත් පත දැකීමෙනි.එහි බත් මිටක් ,තවත් එක් එළවලුවක් සහ කොළ මැල්ලුමක් තිබෙනු දුටිමි.
    එදා සිට කිසිඳු දිනයක පාඩම කරද්දී කැමරාව ක්‍රියාත්මක කරන්නැයි මම නොකියමි.දරුවන් නොදැක ඉගැන්වීම කෙතරම් අපහසු වුවත් , කිසිම විටෙක දරුවා අපහසුතාවයට පත් නොකරමි.

    ඉකුත් දිනයක පාඩම අතර තුර මට දියණියකගෙන් ආ කෙටි පණිවුඩයකි.
    අනේ ටීචර් මගෙ ඩේටා ඉවර වෙනවා තව ටිකකින්..ටීචර් දිගටම පාඩම කරනවද?
    එහි එසේ ලියා තිබිණි.
    ඇය කියන්නේ ඇයට තව දුරටත් පාඩම ඉගෙන ගන්නට ඕනෑ බව නොවේද..
    ඒත් මේ අසරණ වීම් මොන තරම් ඛේදවාචකයක් ද..

    එක දිගටම පඩම් සඳහා සහභාගී නොවූ පුතෙක් ට පසුගිය දා මම දුරකතනයෙන් ඇමතීමි..
    පුතේ ඇයි පන්ති වලට එන්නෙ නැත්තෙ?
    ඔහු නිහඬය.
    මම තව බොහෝ දේ ඇසීමි.
    Phone එකක් නෑ මිස්.තාත්තා ළග තියෙන්නේ පොඩි phone එකක්..ඒකෙන් zoom එන්න බැහැ මිස්..
    ඔහු වචන අහුල අහුලා කියයි.
    මම නිරුත්තර වීමි.

    අම්මා සමඟ කෑම කඩයක වැඩට අත් උදව් දෙන,තාත්තා අහිමි දියණියක් මම දනිමි.ඒ දියණියත් ,අම්මාත් ජීවත් වන්නේ ඒ කඩය පිටුපස පුංචි කාමරයකය.
    දිනක් මා එම කඩයට ගොඩවීමි.ඇය මා අසළට ආවේ නැත.මම ඇය ළගට ගියෙමි.
    පුතේ...
    දැලි ගෑවුනු, තැනින් තැන තෙත් වුණු ඇයටත් වඩා ලොකු ගවුමක් ඇඳ සිටි ඇය ඒ ගවුමෙන් ම අත පිහදාමින් මා ඉදිරියේ බිම බලාගෙන සිටියි.
    පුතේ...
    Online පන්ති එන්නේ නැත්තෙ ඇයි කියා මම ඇගෙන් නොවිමසීමි.

    කියනවා නම් කියන්නට මෙවැනි සිදුවීම් අපමණය.දරුවන් ගේ අපහසුතා ,අවශ්‍යතා ගැන ඇසිය යුත්තේ ගුරුවරුන්ගෙන් ය.නොඅසන්නේ ද ගුරුවරුන්ගෙන්මය.

    මේ ගෙවෙන්නේ රටක් හැටියට අසීරුම මොහොතක් බව ඉඳුරාම දනිමි
    තත්ත්වය කෙතරම් බරපතල වුවත්, දරුවන් ගේ අධ්‍යාපනය දෙවෙනි තැනට දමන්නට නොහැකිය.එය ප්‍රමුඛ කාර්‍යයක්මය.

    කුමන තත්ත්වයක්දී වුව දරුවන් ට අසීරුවකින් තොරව අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණය සැකසීමට පාලකයෝ බැඳී සිටිති .එය වගකීමකි.වගවීමෙන් ඉටු කළ යුතු වගකීමකි.

    දරුවන් ට මාර්ගගත ක්‍රමයට ඉගෙන ගන්නට අවශ්‍යය අවම පහසුකම් වත් සපයන්නට පාලකයින්ට හැකි නම් එය මොනතරම් වටිනා කටයුත්තක් ද.එදා වේල කන්නට බත් ඇටයක් හොයා ගන්නට දුක් විදින අම්මා තාත්තලාගේ අහිංසක දරු පැටවුන් දුප්පත්කමේ ශාපයෙන් දැන්වත් මුදවාලිය යුතු නොවේද.

    .මේ අසීරුතා මැදත් එක තත්පරයකදී නාස්ති වන,අවභාවිතා වන රාජ්‍ය මුදල් කන්දරාව කොපමණදැයි වැටහීමක් ජනතාවට තිබේ.
    ඒවාගෙන් අංශු මාත්‍රයක් රටේ දරුවන් වෙතට විතැන් කරන්නට ක්‍රමවේද සකස් විය යුතු කාලය පැමිණ තිබේ.
    අධ්‍යාපනය දරුවන්ගේ අයිතියකි.

    - සංජීවනී දහනායක -
    FB_IMG_1620940624855.jpg
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    දුප්පත් ළමයි ඉගෙන ගන්න එක නවත්තන්න රජයෙන් දාපු උප්පරවැට්ටියක් ඕක! දැන් බලපන් සල්ලි නැති එකෙක්ට අකුරක් ඉගෙන ගන්න පුලුවන්ද ඔය ඔන්ලයින් කෙරුවාව නිසා! සමහර ළමයි කැෆේ වලින් ඉගෙන ගන්න ගියා, දැන් සංචරන සීමා දාලා ඒකටත් කෙළියා. අපි පොඩි කාලේ ඔහොම ඉගැන්නුවා නම් අපිට ඉගෙන ගන්න වෙන්නෙත් නැහැ, හරක් වෙන්න වෙන්නෙ
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේක සිරා කතාවක්. අපේ අම්මා ක්ලාස් කරද්දි මායි කැමරාමන්. හැමදාම උපරිමේ ලමයි 15යි. ඊට එහා යන්නෙම නෑ. එතකොට ඉතුරු 25, 30?

    ඒ එන 15ත් 3 දෙනෙක් විතර මගදි හැලෙනවා මොකක් හරි සිග්නල් අවුලක් හින්දා.

    මේ ළඟදි වෙන ගුරුවරයෙක් 10 වසරෙ ක්ලාස් එකකට යවපු ලින්ක් එකක් පිට ගිහින් කවුද කඩප්පුලියෙක් zoom meeting එකට join වෙලා මොකද්ද අසමජ්ජාති වැඩක් කරලා. දැන් ප්‍රින්සිපල් අලුතෙන් guidelines දීලා හැම ලමයෙක්ම ක්ලාස් වලට, group වලට join වෙලා ඉන්න accounts වල නම්, profile pic ඔරිජිනල් ඒවා වෙන්න ඕනෙ කියලා. ඒවා group වලින් දැනුවත් කලාට පස්සෙ දෙමව්පියො කෝල් කර කර අහනවා කොහොමද WhatsApp එකේ නම වෙනස් කරන්නෙ, zoom එකේ පින්තූරෙ වෙනස් කරන්නෙ කියලා. බැරිම තැන pdf එකක් හැදුවා step by step කරන හැටි.

    කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ ඔන්ලයින් කෙරුවාව මේ විදියට නම් හරියන්නෙ නෑ තමා :(
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,064

    - සංජීවනී දහනායක -View attachment 124836
    Do not condemn online education without knowing the facts. It is correct that there are limitations in this. We had Education Service in SLBC for a long time and its name was changed and later it was discontinued in 1990s by pro socialist SLFP led govt which came to power in 1995 under CBK. A person filed a fundamental rights application in Supreme Court against this decision
    Lot of our Rural Schools got the benefits of Educational Service , where even children could not be seen or adapted to particular class or school or even to the are. So do not throw the baby with the bath tub.
    First we are in an unequal society. Even now we get students who had not seen a microscope or how to handle it in Universities , but lack of labs were not an obstacle to these determine students.
     
    • Like
    Reactions: bravehearts

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දඩිබිඩියෙ අවුරුදු වලින් පස්සෙ ඉස්කෝල අැරපු නිසා තමා පවුල් පිටින් කොරෝ‍න ලෙඩ්ඩු හැම තැනම වැඩි වුනේ..පොඩි ළමයි ඉස්කෝලෙ ගිහින් කොරෝන හදන් ගෙදර අැවිත් පවුලටම කොරා්න බෝ වෙලා..දන්න අඳුනන පවුල් තුන හතරකට ඵහෙම වුනා.
     
    • Like
    Reactions: epgehan1

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Do not condemn online education without knowing the facts. It is correct that there are limitations in this. We had Education Service in SLBC for a long time and its name was changed and later it was discontinued in 1990s by pro socialist SLFP led govt which came to power in 1995 under CBK. A person filed a fundamental rights application in Supreme Court against this decision
    Lot of our Rural Schools got the benefits of Educational Service , where even children could not be seen or adapted to particular class or school or even to the are. So do not throw the baby with the bath tub.
    First we are in an unequal society. Even now we get students who had not seen a microscope or how to handle it in Universities , but lack of labs were not an obstacle to these determine students.
    So..whats your point here? How does this relate to the current situation ? Elaborate will you?
     
    • Like
    Reactions: EnIgma001 and nul

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    දුප්පත් ළමයි ඉගෙන ගන්න එක නවත්තන්න රජයෙන් දාපු උප්පරවැට්ටියක් ඕක! දැන් බලපන් සල්ලි නැති එකෙක්ට අකුරක් ඉගෙන ගන්න පුලුවන්ද ඔය ඔන්ලයින් කෙරුවාව නිසා! සමහර ළමයි කැෆේ වලින් ඉගෙන ගන්න ගියා, දැන් සංචරන සීමා දාලා ඒකටත් කෙළියා. අපි පොඩි කාලේ ඔහොම ඉගැන්නුවා නම් අපිට ඉගෙන ගන්න වෙන්නෙත් නැහැ, හරක් වෙන්න වෙන්නෙ
    Cafe වලින් ඉගෙන ගන්න ?? 😌

    මේක සිරා කතාවක්. අපේ අම්මා ක්ලාස් කරද්දි මායි කැමරාමන්. හැමදාම උපරිමේ ලමයි 15යි. ඊට එහා යන්නෙම නෑ. එතකොට ඉතුරු 25, 30?

    ඒ එන 15ත් 3 දෙනෙක් විතර මගදි හැලෙනවා මොකක් හරි සිග්නල් අවුලක් හින්දා.

    මේ ළඟදි වෙන ගුරුවරයෙක් 10 වසරෙ ක්ලාස් එකකට යවපු ලින්ක් එකක් පිට ගිහින් කවුද කඩප්පුලියෙක් zoom meeting එකට join වෙලා මොකද්ද අසමජ්ජාති වැඩක් කරලා. දැන් ප්‍රින්සිපල් අලුතෙන් guidelines දීලා හැම ලමයෙක්ම ක්ලාස් වලට, group වලට join වෙලා ඉන්න accounts වල නම්, profile pic ඔරිජිනල් ඒවා වෙන්න ඕනෙ කියලා. ඒවා group වලින් දැනුවත් කලාට පස්සෙ දෙමව්පියො කෝල් කර කර අහනවා කොහොමද WhatsApp එකේ නම වෙනස් කරන්නෙ, zoom එකේ පින්තූරෙ වෙනස් කරන්නෙ කියලා. බැරිම තැන pdf එකක් හැදුවා step by step කරන හැටි.

    කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ ඔන්ලයින් කෙරුවාව මේ විදියට නම් හරියන්නෙ නෑ තමා :(
    සිරා සීන් එක.. මෙහෙමහරි එන්න පුලුවන් ළමයි ඉන්නව නම් වටිනවා. මෙහෙමවත් එන්න බැරි ළමයි ඉන්න ඉස්කෝල කීයක් තියෙනවද.
    දඩිබිඩියෙ අවුරුදු වලින් පස්සෙ ඉස්කෝල අැරපු නිසා තමා පවුල් පිටින් කොරෝ‍න ලෙඩ්ඩු හැම තැනම වැඩි වුනේ..පොඩි ළමයි ඉස්කෝලෙ ගිහින් කොරෝන හදන් ගෙදර අැවිත් පවුලටම කොරා්න බෝ වෙලා..දන්න අඳුනන පවුල් තුන හතරකට ඵහෙම වුනා.
    😏😏
    ------ Post added on May 14, 2021 at 5:25 AM

    මී හරක්.. මැරිලා යන්න ඕන. ටැබ් බෙදලා ඩේටාත් බෙදන්නද? සිග්නල් බෙදන්නද?? ප්‍රායෝගික විසදුමක් හොයනවා ඇරෙන්න පැලැස්තර හොදයි ඉතින් කතන්දර අහන උන්ට
    ------ Post added on May 14, 2021 at 5:26 AM
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇයි ඔය පාඩම් ටික youtube දාන්නේ නැත්තේ එතකොට බලන්න පුළුවන් කෙනාට පස්සේ හරි බලන්න පුළුවන් අනෙක .ඔක්කොම ළමයි ගෙදර හින්ද මුලු ලංකාවටම එක කාලසටහනකට අනුව උගන්වන්න පුළුවන් ඒ පාඩම් youtube එකට upload කරානම් කෙලින්ම පාඩමට සහබාගි වෙන්න බැරි ළමයින්ට youtube එකෙන් පස්සේ බලන්න පුළුවන් .ඔහොම ක්‍රමවේදයක් හදන්න මුලුකත්වය දෙන්න ඕනේ රජය .ඉස්කෝල වලින් උගන්වන ගමන් සම්පුර්ණ සිලබස් එක video පාඩම් විදියට හදල youtube එකට දැම්මනම් පස්සේ හරි බලන්න පුළුවන් .ප්‍රයෝගිකව හැමෝට ටැබ් හරි ෆෝනේ ආණ්ඩුවෙන් දීල කරන්න කියනවා කියන්නේ නොකෙරෙන වෙදකමට අර මොනවා ටිකයි තව ටිකකුයි ඕනේ කියනවා වගේ වැඩක් මේ වෙලාවේ අනෙක බලන්න දැන් අවරුදු එක හමාරත් කිට්ටුයි එත් හරි හමන් ඉගෙනුමක් නෑ ළමයින්ට .(සුපිරි පාසල් මෙයට අදාල නොවේ මොකද උන්ගේ old boys ,දෙමාපියන් වෙනම ගේමක් ගහනවා උන්ගේ ළමයින්ට උගන්වන්න උන් කොහොමත් ගොඩ )
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    YT walatath wada hodai kalin kara wage tv channel ekaka hodata plan krala "hri schedule" ekkata ugnnn ptnghtoth. YTwath enn phone nethi ,gann wathkmk nethi lamai kchcr inwada.. paw :(
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    So..whats your point here? How does this relate to the current situation ? Elaborate will you?
    what he means is you cannot wait till we finish finding solutions for all.... life has to go on. at least we need to start some where. remember we have schools and give free education yet still some parents dont want to send their kids to school or are not interested. end of the day if you want to do it you will do it..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    YT walatath wada hodai kalin kara wage tv channel ekaka hodata plan krala "hri schedule" ekkata ugnnn ptnghtoth. YTwath enn phone nethi ,gann wathkmk nethi lamai kchcr inwada.. paw :(
    Ape ammath teaching karanne.hugak inne duppath pawul wala lamai.samahara pawul wala amma hari thaththa hari na.samharunta smart phone thiya nikan phone ekakwath na. hari nm rajayen mewa gana hoyala monawa hari wadapiliwelak hadanna ona wena bahubootha kiyawa kiyawa kaywaru gahanne nathuwa.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දුප්පත් ළමයි ඉගෙන ගන්න එක නවත්තන්න රජයෙන් දාපු උප්පරවැට්ටියක් ඕක! දැන් බලපන් සල්ලි නැති එකෙක්ට අකුරක් ඉගෙන ගන්න පුලුවන්ද ඔය ඔන්ලයින් කෙරුවාව නිසා! සමහර ළමයි කැෆේ වලින් ඉගෙන ගන්න ගියා, දැන් සංචරන සීමා දාලා ඒකටත් කෙළියා. අපි පොඩි කාලේ ඔහොම ඉගැන්නුවා නම් අපිට ඉගෙන ගන්න වෙන්නෙත් නැහැ, හරක් වෙන්න වෙන්නෙ
    අපි නම් කැෆේ ගියේ බ්ලු බලන්න දෙපාරක්ද කොහෙද ගුටිත් කාල එලියට දැම්මේ ,ඒ කාලේ පැයට 70-80 රේට් ගියේ.මන් මේ කියන්නේ 2005-2006 වගේ කාල වල .

    පව් පොඩි උන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,357
    113
    Kaduwela
    මර්ගගත ක්‍රමයට පන්ති පැවැත්වීම ඇරඹි මුල් සමයේ මගේ පන්තියේ සිටි පුතෙක් තම ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කරගෙනම මා කියනා දේ අසා සිටියේය.

    දුක හිතෙනම කාරණාව වූයේ දරුවා අසළම ප්ලාස්ටික් පිඟානක ඇති ඔහුගේ බත් පත දැකීමෙනි.එහි බත් මිටක් ,තවත් එක් එළවලුවක් සහ කොළ මැල්ලුමක් තිබෙනු දුටිමි.
    ලියලා තියෙන කතාව හරි කියමුකො. ෆෝන් කැම් එකකින් කොහොමද ලග තියෙන ප්ලාස්ටික් පිගානේ බත්මිටයි එලවලුවයි කොළ මැල්ලුමයි පේන්නේ? සුපිරිම ෆ්‍රන්ට් කැම් එකක් තියෙන ෆෝන් එකක් තියෙනවා ඒ කියන්නෙ 👉🥺👈
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ලියලා තියෙන කතාව හරි කියමුකො. ෆෝන් කැම් එකකින් කොහොමද ලග තියෙන ප්ලාස්ටික් පිගානේ බත්මිටයි එලවලුවයි කොළ මැල්ලුමයි පේන්නේ? සුපිරිම ෆ්‍රන්ට් කැම් එකක් තියෙන ෆෝන් එකක් තියෙනවා ඒ කියන්නෙ 👉🥺👈
    ඒක ඇත්ත....මේ කතා ලියන එවුන් අතිශෝක‍ ඔක්කොම අතිනුත් දාල ලියනව අන්තිම ඇත්තටම උදවු ඕන ලමයෙකුට උදව්වක් ගන්න බැරි වෙනව. මාත්, තාත්ත හිරෙ අම්ම අමාරුවෙන් ලමයි තුන් දෙනෙක්කුත් බලාගෙන ඉන්න පවුලක ලොකු කොල්ලට කලින් phone එක දුන්න online class වලට කියල. ඌ එකෙන් දැන් game ගහවලු
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,357
    113
    Kaduwela
    ඒක ඇත්ත....මේ කතා ලියන එවුන් අතිශෝක‍ ඔක්කොම අතිනුත් දාල ලියනව අන්තිම ඇත්තටම උදවු ඕන ලමයෙකුට උදව්වක් ගන්න බැරි වෙනව. මාත්, තාත්ත හිරෙ අම්ම අමාරුවෙන් ලමයි තුන් දෙනෙක්කුත් බලාගෙන ඉන්න පවුලක ලොකු කොල්ලට කලින් phone එක දුන්න online class වලට කියල. ඌ එකෙන් දැන් game ගහවලු
    අඩෝ ඔව්මයි දැන් පොඩි එවුන් එක්ක ෆෝන් එකක් තියාගන්න බෑ ගේම් දාගන්නව. හැබයි ඉන්ස්ටොලෙශන් වලට පාස්කොඩ් එකක් දැම්ම නම් හරි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,283
    1
    13,175
    113
    Gotham City
    මේක සිරා කතාවක්. අපේ අම්මා ක්ලාස් කරද්දි මායි කැමරාමන්. හැමදාම උපරිමේ ලමයි 15යි. ඊට එහා යන්නෙම නෑ. එතකොට ඉතුරු 25, 30?

    ඒ එන 15ත් 3 දෙනෙක් විතර මගදි හැලෙනවා මොකක් හරි සිග්නල් අවුලක් හින්දා.

    මේ ළඟදි වෙන ගුරුවරයෙක් 10 වසරෙ ක්ලාස් එකකට යවපු ලින්ක් එකක් පිට ගිහින් කවුද කඩප්පුලියෙක් zoom meeting එකට join වෙලා මොකද්ද අසමජ්ජාති වැඩක් කරලා. දැන් ප්‍රින්සිපල් අලුතෙන් guidelines දීලා හැම ලමයෙක්ම ක්ලාස් වලට, group වලට join වෙලා ඉන්න accounts වල නම්, profile pic ඔරිජිනල් ඒවා වෙන්න ඕනෙ කියලා. ඒවා group වලින් දැනුවත් කලාට පස්සෙ දෙමව්පියො කෝල් කර කර අහනවා කොහොමද WhatsApp එකේ නම වෙනස් කරන්නෙ, zoom එකේ පින්තූරෙ වෙනස් කරන්නෙ කියලා. බැරිම තැන pdf එකක් හැදුවා step by step කරන හැටි.

    කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ ඔන්ලයින් කෙරුවාව මේ විදියට නම් හරියන්නෙ නෑ තමා :(
    ඕකට වෙනම ඩිවයිස් ඩිවලොප් කරන්න ඔනි බන් .අර ගේම් ගහන උන්ටම වෙනම එන්නෙ ගියර්ස් අන්න ඒ වගෙම් ස්ටඩි කරන උන්ටත් වෙනම ගියර් එකක් එන්න ඔනි .
     
    • Like
    Reactions: Stimulus mind

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ඔන්ලයින්...

    එක් පන්තියක සිසුන් තිස් පහකි.හතළිහකි.හැම දිනකම පාහේ මාර්ගගත ( online ) ක්‍රමයට උගන්වන පන්තියට සහභාගී වන දරුවන් ගේ සාමාන්‍යය පහළොවකි.අද එන දරුවා හෙට නැත.සමහර දරුවන් දකින්නේම සතියකට වතාවක් පමණි.ඇතැමුන් එසේ ද නැත.

    ඊයේ දිනයේ මගේ පන්තියට දියණියක් සහභාගී වූයේ පාඩම පටන් ගෙන විනාඩි හතලිහකටත් පසුවය.
    ඇයි පුතේ පරක්කු වුණේ..මම ඇසීමි.
    ටීචර් ඩේටා ඉවර වෙලා...අම්මා පාරට ම ගිහින් කාඩ් එකක් අරන් ආවේ..
    ඇය කීවාය.

    සිය කැමැත්තෙන් කැමරාව ක්‍රියාත්මක නොකරන කිසිම දරුවෙකුට එසේ කරන්න යැයි මම කිසිම විටෙක නොකියමි.එයට හේතුවක් තිබේ.
    මර්ගගත ක්‍රමයට පන්ති පැවැත්වීම ඇරඹි මුල් සමයේ මගේ පන්තියේ සිටි පුතෙක් තම ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කරගෙනම මා කියනා දේ අසා සිටියේය.
    දැන් මට ඒ දරුවා අවට පරිසරය හොදින් පෙනේ.උඩු කයට කමිසයක් වත් ඇඳ නැති තාත්තා කෙනෙකි.විටින් විට මහ හඬින් මොනවාදෝ කියමින් ඔහු බිම වැතිර සිටියි.ගෙබිම තැනින් තැන සෙමෙන්ති පදාස පිටින් ගැළවී ගොස් ය.ඔහු බීමතින් බව වටහාගන්නට මා හට වැඩි වේලාවක් ගියේ නැත.
    දුක හිතෙනම කාරණාව වූයේ දරුවා අසළම ප්ලාස්ටික් පිඟානක ඇති ඔහුගේ බත් පත දැකීමෙනි.එහි බත් මිටක් ,තවත් එක් එළවලුවක් සහ කොළ මැල්ලුමක් තිබෙනු දුටිමි.
    එදා සිට කිසිඳු දිනයක පාඩම කරද්දී කැමරාව ක්‍රියාත්මක කරන්නැයි මම නොකියමි.දරුවන් නොදැක ඉගැන්වීම කෙතරම් අපහසු වුවත් , කිසිම විටෙක දරුවා අපහසුතාවයට පත් නොකරමි.

    ඉකුත් දිනයක පාඩම අතර තුර මට දියණියකගෙන් ආ කෙටි පණිවුඩයකි.
    අනේ ටීචර් මගෙ ඩේටා ඉවර වෙනවා තව ටිකකින්..ටීචර් දිගටම පාඩම කරනවද?
    එහි එසේ ලියා තිබිණි.
    ඇය කියන්නේ ඇයට තව දුරටත් පාඩම ඉගෙන ගන්නට ඕනෑ බව නොවේද..
    ඒත් මේ අසරණ වීම් මොන තරම් ඛේදවාචකයක් ද..

    එක දිගටම පඩම් සඳහා සහභාගී නොවූ පුතෙක් ට පසුගිය දා මම දුරකතනයෙන් ඇමතීමි..
    පුතේ ඇයි පන්ති වලට එන්නෙ නැත්තෙ?
    ඔහු නිහඬය.
    මම තව බොහෝ දේ ඇසීමි.
    Phone එකක් නෑ මිස්.තාත්තා ළග තියෙන්නේ පොඩි phone එකක්..ඒකෙන් zoom එන්න බැහැ මිස්..
    ඔහු වචන අහුල අහුලා කියයි.
    මම නිරුත්තර වීමි.

    අම්මා සමඟ කෑම කඩයක වැඩට අත් උදව් දෙන,තාත්තා අහිමි දියණියක් මම දනිමි.ඒ දියණියත් ,අම්මාත් ජීවත් වන්නේ ඒ කඩය පිටුපස පුංචි කාමරයකය.
    දිනක් මා එම කඩයට ගොඩවීමි.ඇය මා අසළට ආවේ නැත.මම ඇය ළගට ගියෙමි.
    පුතේ...
    දැලි ගෑවුනු, තැනින් තැන තෙත් වුණු ඇයටත් වඩා ලොකු ගවුමක් ඇඳ සිටි ඇය ඒ ගවුමෙන් ම අත පිහදාමින් මා ඉදිරියේ බිම බලාගෙන සිටියි.
    පුතේ...
    Online පන්ති එන්නේ නැත්තෙ ඇයි කියා මම ඇගෙන් නොවිමසීමි.

    කියනවා නම් කියන්නට මෙවැනි සිදුවීම් අපමණය.දරුවන් ගේ අපහසුතා ,අවශ්‍යතා ගැන ඇසිය යුත්තේ ගුරුවරුන්ගෙන් ය.නොඅසන්නේ ද ගුරුවරුන්ගෙන්මය.

    මේ ගෙවෙන්නේ රටක් හැටියට අසීරුම මොහොතක් බව ඉඳුරාම දනිමි
    තත්ත්වය කෙතරම් බරපතල වුවත්, දරුවන් ගේ අධ්‍යාපනය දෙවෙනි තැනට දමන්නට නොහැකිය.එය ප්‍රමුඛ කාර්‍යයක්මය.

    කුමන තත්ත්වයක්දී වුව දරුවන් ට අසීරුවකින් තොරව අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණය සැකසීමට පාලකයෝ බැඳී සිටිති .එය වගකීමකි.වගවීමෙන් ඉටු කළ යුතු වගකීමකි.

    දරුවන් ට මාර්ගගත ක්‍රමයට ඉගෙන ගන්නට අවශ්‍යය අවම පහසුකම් වත් සපයන්නට පාලකයින්ට හැකි නම් එය මොනතරම් වටිනා කටයුත්තක් ද.එදා වේල කන්නට බත් ඇටයක් හොයා ගන්නට දුක් විදින අම්මා තාත්තලාගේ අහිංසක දරු පැටවුන් දුප්පත්කමේ ශාපයෙන් දැන්වත් මුදවාලිය යුතු නොවේද.

    .මේ අසීරුතා මැදත් එක තත්පරයකදී නාස්ති වන,අවභාවිතා වන රාජ්‍ය මුදල් කන්දරාව කොපමණදැයි වැටහීමක් ජනතාවට තිබේ.
    ඒවාගෙන් අංශු මාත්‍රයක් රටේ දරුවන් වෙතට විතැන් කරන්නට ක්‍රමවේද සකස් විය යුතු කාලය පැමිණ තිබේ.
    අධ්‍යාපනය දරුවන්ගේ අයිතියකි.

    - සංජීවනී දහනායක -View attachment 124836
    meka lankawata thama aluth nisa awla.ohoma hari karana ekth loku deyak. eth lankawa data mafia eka nisa godak lankawa lamayti educate wenna thiyanna chance nathi wenawa. thawa kalayak yavi system ekka hadila ena. issla company karayonge data mafia eka nawathnna ona.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්කෝල පටන්ගත්ත කාලෙත් ඔහොම තමා සමහර උන්ට අඳින්න ඇඳුම් නෑ පොත් නෑ පෑන් පැන්සල් නෑ එන්න පාරක් නෑ බස් නෑ ආවත් දවල්ට කන්න දෙයක් නෑ ගුරුවරු නෑ ඔයවගේ දාහක් ප්‍රශ්න :baffled: කාලයක් යනවා ඕව හැදිල එන්න. ඔන්ලයින් ඉගැන්නිල්ලත් ඔහොම කාලයක් යද්දී හැදිලා එයි