දැන් තැන තැන ඉන්නව නේද දොඩම්, ඇඹුල් දොඩම්, වගේ මිරිකන පළතුරු වලින් එවෙලෙම fruit juice හදල දෙන අය hut වල. රහයි සහ වෙලාවෙ හැටියට වටිනව.
මොකක්ද මැශිමක් තියාගන දොඩම් බෑය බෑය කපල දාල lever එකක් අතින් කැරකෙව්වහම සුටුස් ගාල juice වැටෙනව යට කෝප්පෙට. ඉතින් මාත් ඔය එකක් බොන ගමන් ඇහුව මෙයින් එකක් කොහෙන්ද ගන්නෙ කියල. ගෑස් පහ හන්දියේ වීදුරු කඩ වල තියනවලු රුපියල් 5000 යිලු.
පස්සෙ දවසෙ ගෙන්නගත්ත එයින් එකක් මරු බං
. දොඩම් ගෙඩි 3ක් කපල දාල බැලුව තනිකර ලොකු වීදුරුවක් පිරෙන්න එනව
. සීනි චුට්ටකුයි ලුණු චුට්ටකුයි දාල බිව්ව අම්මේ singapore ගිහින් බීපුව මතක් වෙන්න රිදුන
. මෙයින් එකක් අරන් ගෙදර තියන් හිටු සිඞහලු.
ඔය කොකා කෝල අනන් මනන් බොන්න යන ගානෙන් මේව බොන්න පුළුවන් නියමෙට. Food city එකේ දොඩම් ගෙඩි 5ක් 6ක් වගේ වෙයි රුපියල් 230ක් වගේ. ගෙඩි 1ක් දාල වතුර චුට්ටක් එක්ක දාල බිව්වත් රහයිනෙ. එහෙම බැලුවොත් මෙගා බෝතල් එකකට වඩා බොන්න පුළුවන් 100% natural healthy orange juice
. ගෙදරට එන සොන්නයින්ටත් හදල දීල රිද්දන්න පුළුවන්. 

Last edited:

5000ක් වැඩි බන්.
