~Personal loans කතන්දරේ දැනගමුද~

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    කොහොමද මචන්ලා.. කාලෙකින් අලුත් ත්රෙඩ් එකක් දාන්න හිතුවා..
    ගොඩක් දෙනෙකුට ගැටලු මතුවෙන ගොඩක් දෙනෙකුට ප්රයෝජනවත් වෙන සීන් එකක් කියන්න යන්නේ..
    කීප දෙනෙක්ම PM දාල තිබුනා personal loans , Housing loans ගැන දාන්න කියලා..
    ඒකයි කාලයක් තිස්සෙ දාන්න හිතාගෙන හිටිය personal Loans කතන්දරේ අද ඉතාම කෙටියෙන් තෙරෙන විදියට කියන්න යන්නේ...

    හොදයි මයෙ පුතීලා එහෙනම් අපි මුලින්ම බලමු Loans/ණය වර්ග කීපයක් තියෙනවද කියලා..

    1)Personal Loans
    2)Housing Loans
    3)Education Loans
    4)Business Loans
    5)Vehicle Loans

    අපි අද කතාකරන්නෙ පුද්ගලික ණය එහෙමත් නැත්නම් personal Loans ගැනයි.!.

    Personal Loans මූලික කොටස් 2 කට බෙදෙනවා
    සාමාන්‍ය පුද්ගලික ණය සහ professional loans කියලා.

    Professional loans ලබාදෙන්න නම් මූලික සුදුසුකම විදියට යම් පිලිගත් වෘත්තීය සුදුසුකමක් සපුරල තියෙන්න ඕනෙ ඒ කියන්නෙ , Dr, Lecture, accountants etc
    Chartered ,Cima, CMA, Slim qualified etc
    ඒ ඒ වෘත්තියේ ලබන වේතන මත ඇපකරැවන් රහිතව පවා professional category යටතේ ණය ලබාදෙනවා..

    අපි දැන් බලමු personal loan සදහා අවශ්‍යය documents මොනවද කියලා

    1) NIC
    2)salary slips last six months
    3)Bank pass book (updated)
    4)Employee confirmation letter
    5)Billing proof ( ලිපිනය වෙනස් නම්)
    6)salary transfer confirmation letter ( අදාල බැංකුවට වැටුප් බැරකරන ලෙස සේවා ස්ඵානය විසින් දෙන ලිපිය)
    7)standing order ( වෙනත් බැංකුවකට වැටුප බැර වෙයි නම් එම බැංකුව හරහා සැම මසකම අදාල දිනට ණය වාරිකය ,ණය ලබාදුන් බැංකුවට එවන බවට තහවුරැ ලිපිය)

    6/7 බොහෝ දුරට රජයේ බැංකුවලින් ඉල්ලන doc

    මේ doc දෙන්න නම් තිබිය යුතු මූලික සුදුසුකමි කීපයක් තියෙනව මචංලා...

    1) Permanant employee කෙනෙක් විය යුතු වීම
    2) basic salary 20000 ට වැඩි වෙන්න ඕනෙ ( බැංකු, මූල්‍යාතනය අනුව වෙනස් විය හැක)
    3) work place (office, factory) ණය අයදුම් කරන බැංකු ශාකාව ආසන්නයේ විය යුතුයි ( බොහෝ විට බලන දෙයක්)
    4) Nic ඇති ලිපිනය දුර පලාතක නම් අඩු තරමෙ රැකියා ස්තානය වත් අයදුම් කරන ශාකාව ආසන්නයේ විය යුතුයි
    5) 18-55 අතර වයස විය යුතුයි

    ඉහත 3 සහ 4 කරැනු බලන්නෙ අදාල බැංකුවෙන් ණය මුදල දෙන්න කලින් ගෙදරට , ofice එකට ඇවිත් බලනව ඇත්තටම මෙහෙම එකෙක් ඉන්නවද , අදාල තැන වැඩ කරනවද කියල ඒක⁣ට බැංකුවට එන්න පහසු දුරක තිබිය යුතුයි ( ණය මුදල, ණය ලබාදෙන නිලධාරියාගෙ විස්වාසය, බැංකුව, මූල්‍යාතනය අනුව වෙනස් වෙනව මේ සීන් එක)

    අපි ණය ගනිද්දි ඇපකරැවකු හෝ දෙදෙනෙකු ඉදිරිපත් කරන්න වෙනවා..

    රජයේ සේවකයෙක් නම් රජයෙ බැංකුවකින් ගනිද්දි ( රාජ්‍ය සේවක ණය මුදල) තවත් රාජ්‍ය සේවකයො 2 ක් අත්සන් කරන්න වෙනව

    ඇපකරැවන්ද ඉහත දැක්වු document ඉදිරිපත් කල යුතුයි..

    දැන් තමයි වැදගත්ම ටික.. අපිට ගියපු ගමන් salary ok නම් ඇපකරැවා හොද නම් loans දෙන්නෙ නෑ මචංලා..
    Salary හොදද , job permanent ද, ඇපකරැවන් හොදද, බලලා අපේ credit history එක බලනවා..
    ඒ කියන්නෙ crib check කරනවා..

    ඒකෙන් බලන්නෙ අපි කලින් ගත් ණය නිසි පරිදි ගෙවලාද,
    ගෙවාගෙන යනවද,
    ඇප අත්සන් කරපු ලෝන් හිග නොවී ගෙවාගෙන යනවද ,
    අපේ දැනට කොච්චර ලෝන් තියෙනවද?
    පසුගිය මාස 6 ණය ඉල්ලපු බැංකු ගනන
    ඉල්ලපු මූල්‍යායතන ගනන
    ණය ඉල්ලපු ගනන්
    Crib එක check කල හේතු මොනවද?
    Arreas , හිග වාරික ගනන
    Credit card balance
    Loan balance ( outstanding )
    Leasing outstanding / period

    වගේ ගොඩක් දේවල් crib එකෙන් බලාගන්න පුලුවන් මචංලා..
    අපි loan එකක් ගත්ත කියන්නෙ මාසෙකින් crib එකෙ අපෙ detail යවනවා
    ඒකයි ගොඩක් අය crib ඉන්නව කියල කියන්නෙ( crib loan ගත්ත හැමෝම ඉන්නව පුතීලා.. Crib එක superb තියාගෙන යන එකයි වටින්නෙ)
    Loan arrears උන ගමන් crib update වෙනවා මචංලා..
    Crib එකේ හොදටම ගෙවාගෙන යනව නම් ok කියල කොල පාටින් අදාල මාසයට update වෙනව
    දවස් 30 පැන්නම කහ පාට වෙනව
    දවස් 90 පැන්නම රතු පාට වෙනව

    අපි ලෝන් ගත්ත වගෙ නෙමේ පුතීලා හොදට ගෙවාගෙන යන්නත් ඕනෙ , නැත්නම් ආයිත් හදිසියට ලීසිං, ලෝන්, credit card එකක් වත් ගන්න අමාරැයි. ඇපයට අත්සන් කල කෙනත් අනාතයි.

    ලොන් ගනිද්දි ලේසිම නම් finance company මූල්‍යාතන තමා, ඒත් පොලිය ගොඩක් වැඩියි
    බැංකු වල ටිකක් නීතිරීති වැඩියි, service එකත් සාපේක්ෂව අවුල්, යන කාලයත් වැඩි ඒත් පොලිය අඩුයි.

    හොදම දේ contact එකකින් අදාල නිලධාරිය meet වෙල වැඩේ ඉක්මනට කරගන්න එකයි.
    නැත්නම් manager ෆිට් කරගත්තොත් ලෝන් එක මවල හරි දෙනව
    අදාල නිලධාරින් එක්ක fit එකෙ කතාබහ කරල වැඩෙ ඉක්මන් කරගන්න ඕනෙ. නැත්නමි approvals නෑ අරක නෑ මේක නෑ කියල මාසයක් උනත් අදියි..

    අද යන රේට් තමයි*
    බැංකු:-
    Normal personal Loans 16-18%
    Professional 14-16%

    මූල්‍යායතන:-
    Normal personal Loans 18-30%
    Professional 16-22%

    *මේ රේට් වෙනස් වෙනව , ලෝන් period එක, amount එක, බැංකුව, මූල්‍යාතනය අනුව සහ special approvals වලින් special loan rates දෙන අවස්තා වල.!.

    හොදයි මචංලා.. අදට කතන්දරේ ඉවර කරන්නම්,
    පැහැදිලී කියල හිතනවා..

    නොදන්න දෙයක් දැනගත්තනම් , තව පුතීලට බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..

    Rep දෙන පුතීල⁣ rep දුන්නට පස්සෙ bump කියල හරි දාන්න , මොකද අයිත් රෙප් දෙන්න ලේසියි..

    හැමෝටම රෙප් 5 ගානෙ දෙනව මචංලා....
    එහෙනම් අපි ගියා....!!!!!

    ජයීන් ජයීම වීවා...! ස්දූදීයී...!!!!!

    පලි: ලැබෙන ප්රතිචාර අනුව ,Housing loans, Education loans, Business loans ගැනත් දාන්නම්..
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බැංකුවේ මැනේජර් සහ ලෝන් දෙන පොර අතේ තමා සේරම තියෙන්නේ
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මට දැනගන්න ඕනේ, පිට රටක වැඩ කරණ කෙනෙක්ට බැන්ක් ලෝන් එකක් ගන්න පුලුවන්කමක් තියෙනවද කියලා!!
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මට දැනගන්න ඕනේ, පිට රටක වැඩ කරණ කෙනෙක්ට බැන්ක් ලෝන් එකක් ගන්න පුලුවන්කමක් තියෙනවද කියලා!!

    Bank එකකින් නම් ටිකක් අමාරැයි ..
    Procedures wedi, finance company එකකින් පුලුවන් වෙයි .
    සල්ලි එන විදිය පෙන්නන්න වෙයි , වැඩ කරන තැන details දෙන්න වෙයි .
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ~Personal loans කතන්දරේ... 02-01-2018 10:51 AM ponnayo thota wadak nadda. anunge thread copy karanne. -21


    Kakkutu adu akurin thread eka dala kiyawanna bariwenna loku karala eekema post karala kiyewwama copy kalaalu :lol: kaage daruwekda manda -21 kiyala rep 2kda 3kda kapala
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~Personal loans කතන්දරේ... 02-01-2018 10:51 AM ponnayo thota wadak nadda. anunge thread copy karanne. -21


    Kakkutu adu akurin thread eka dala kiyawanna bariwenna loku karala eekema post karala kiyewwama copy kalaalu :lol: kaage daruwekda manda -21 kiyala rep 2kda 3kda kapala

    Ubage tharaha karayek wenna athi panna panna rep kapanne..:lol:
    Ubatath onnathi wedane karanne hankoko kakkutu adu loku karanna yanne mokatada..:D:P:lol:
    Man 13+ deela athi,
    kepena rep walata nahen adan nethuwa hitu , kapana ekekta kapanna dila :yes::P:angry: