photography with amilaboy

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
hobby ekak widiyata patan ganna kenekuta ganan aduma hodama DSLR eka mokadda?

me wage photo ekak ganna puluwan hodama aduma eka mokadda? poddak kiyala dennako


Creamy-Bokeh-Photo.jpg

oya wage ganna one ekakin puluwan. prime lens ekak, f1.8, 2.8 wage yanna puluan lens ekak thiyenawanan. entry level cam ekak enna kit lens ekai 35mm or 50mm prime ekakui ganna.
 

jshashee

Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    night shotz

    man gawa tiyenne CANON eos 1200D CAM EKAK ..eke flash eka netuwa ftz gaddi blur wenawa move wena ewa .. ehema wenne neti wenna settingz hadaganne kohomada kiyala dannawa nam kiyanna .. thankz
     

    chamiba

    Junior member
  • Jun 16, 2007
    124
    8
    18
    machanla math asawata D5100 k gatta. used ekak singapor walin gennuwa brand new wage tiyenawa. Camera+Triod+16GB+8GB card+ CD+Menual+Supiri Bag okkoma Rs 38000/- padu ne neda machala.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    mee okkoma main padamm tka ..athrinn pathara comment wala godakk wadagath dewall thiyenawa ... Ela wadakk mchn ...

    rep denna puluwann unama denamm mchn


    45329458818191690418918.jpg


    ඕන්න මචන්ලා මටත් හිතුනා ටීචර් කෙනෙක් වෙන්න. ගණිතය විද්‍යාව නම් මං දන්නේ නෑ. ටිකක් හරි දන්න දේ ගැන එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා. ඒ .තමයි photography. photography කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේ thread එක පුරාවට photography ගැන මං දන්න හැමදේම මුල සිට සරලව තේරෙන සිංහලෙන් කියා දෙන්න බලා පොරොත්තු වෙනවා.කැමරාව අල්ලන විදියේ ඉදන් post production එක දක්වා මේකේ මං කියා දෙනවා.photography වලට අදාල ප්‍රශ්නත් මේක ඇතුලෙදිම බේරගමු. මම දාන හැම පාඩමක්ම elakiri talk එකේ දාන්නත් සම්පූර්න පාඩම් වලට අදාල links elakiri education එකේ දාන්නත් තීරනය කරා. ( වෙනස් වෙන්න ඕනනම් දැන්ම කියන්න ඈ ).

    පින්තූර ගන්න ඉතින් කැමරාවක් තියෙන්න එපැයි. SLR කැමරා, Compact කැමරා, ජංගම දුරකතනයේ තියෙන කැමරාව, DSLR කැමරා. මේ ඕන එකකින් අපිට හොද photographer කෙනෙක් වෙන්න පුලුවන්. මං මේ පාඩම් කියාදෙන්නේ නම් DSLR කැමරා එකක් උපයෝගී කරගෙන.මොකද සම්හර පාඩම් කියා දෙන්න නම් DSLR එකක් ඕනෙමයි. හැබයි theory එක ඔය මොන කැමරාවටත් එකයි හොදේ.
    digitalcameras.jpg
    cameramobileimages08.jpg


    වැඩේ ගැන මොකද හිතන්නේ කියල comment එකක් දාලා යන්න. පළමුවෙනි පාඩමෙන් හෙට හම්බුවෙමු.

    පළමුවෙනි පාඩමෙන් හෙට හම්බුවෙමු කිව්වට අද හවසම පන්තිය පටන් ගන්න හිතුනා.අපි පන්තිය මෙහෙම පටන් ගමු. අපි හැමෝ ලගම compact කැමරාවක් හරි DSLR කැමරාවක් හරි තියෙනවානේ. මොකද්ද මේ compact කැමරාව සහ SLR\DSLR අතර තියෙන වෙනස. compact එක පුංචියි DSLR එක දඩාර සයිස්. ඒකද? මං කියා දෙන්නම් මේ දෙකේ වෙනස විද්‍යාත්මකව සහ compact එකට වඩා DSLR එක ඉදිරියෙන් ඉන්නේ ඇයි කියලා.

    digitalcameras.jpg


    compact කැමරාවත් DSLR කැමරාවත් අතර ප්‍රදාන වෙනස්කම් 3ක් තියෙනවා.

    1.Viewfinder ක්‍රියාවලිය අනුව

    (Viewfinder එක කියන්නේ කැමරාව ෆෝකස් කරන්න කැමරාවේ තියන පුංචි හිලට. මේ හැම එකක් ගැනම සම්පූර්නයෙන් මං කියාදෙනවා ඉස්සරහට )

    fujix10opticalviewfinde.jpg


    සරලව කියනවානම් compact කැමරාවක අපිට පින්තූරයක් ගන්න ගියාම තියන ලොකුම ගැටලුව තමයි අපි Viewfinder එකෙන් කොච්චර හොදට ෆෝකස් කරත් ඒ ෆෝකස් කරපු පින්තූරේ නෙමෙයි පින්තුරේ ගත්තට පස්සෙ තියෙන්නේ.
    මේ පින්තූරේ දිහා බලන්නකෝ..දෙකේ වෙනසක් තියනවා නේද?

    i2ctiltedhorizonajd.jpg


    ඒකට හේතුව තමයි compact කැමරාවට ආලෝකය එන්නෙත් අපේ ඇහැට ආලෝකය එන්නෙත් කෝණ 2කින් වීම. මේකේ ප්‍රතිපලයක් විදියට තමයි අරවිදියට අපි ගන්න හිතන පින්තූරෙයි ගත්තට පස්සේ ලැබෙන පින්තූරෙයි අතර පොඩි වෙනසක් ඇති වෙන්නේ.

    cameratypesdiag3.png


    හැබයි SLR හරි DSLR හරි කැමරාවකට යද්දී ඔය තත්වය ටිකක් වෙනස් වෙනවා. මේ රූප සටහන බලන්නකෝ.

    cameratypesdiag1.png


    මේකෙදී වෙන්නේ කැමරාවට එන්නෙත් අපේ ඇහැට එන්නෙත් එකම අලෝක ධාරාවක්..එකම කෝණයකින්. කාචය හරහා එන අලෝකය අංශක 45ක් පමණ ඇල කරපු ධර්පනයක් හරහා අංශක 90ක් හරවා එනම් පොළවට ලම්භකවත් එතනින් විශේෂ ප්‍රිස්මයක් හරහා අංශක 270කින් හරවා අපේ ඇසටත් ලැබෙන්න සලස්වනවා.ඊට පස්සෙ අපි shutter button එක ඔබපුවාම වෙන්නේ අර අංශක 45 ධර්පනය ඉස්සිලා ආලෝකය sensor එකට වැදිලා පහල රූපසටහනේ විදියට පින්තූරය චායාරූප ගතවෙන එකයි.

    cameratypesdiag2.png


    මේ නිසා අපි සැලසුම් කරන පින්තූරය ඒ විදියටම අපිට අවසානයේ ලැබෙනවා. SLR(single lens reflect) කියන නම හැදිලා තියෙන්නෙත් එකම ආලෝකය ධර්පනයක් ආදාරයෙන් ඇහැටත් කැමරාවටත් ලබාදෙන නිසයි.

    2.Lense වර්ගය අනුව

    අපි හැමෝම දන්නවා compact කැමරාවක lense එක අපිට වෙනස් කරන්න බැරි බවත් DLSR කැමරාවක එසේ කල හැකි බවත්. compact කැමරාවේ තියෙන lens වර්ගය Fixed lens ලෙසත් DSLR එකේ lens වර්ගය Interchangeable lens ලෙසත් අපි හදුන්වනවා.නමුත් දැන් lens මාරුකරන්න පුලුවන් compact කැමරාවලුත් වෙළදපොලේ තියෙනවා

    මේ තියෙන්නේ එහෙම එකක්.

    nx200fs2b.jpg


    ඇයි අපිට මේ විදියට lens කිහිපයක් මාරු කරන්න වෙන්නේ. අපිට බැරිද ඔක්කෝටම හරියන්න එක lens එකක් හාවිතා කරන්න. ඒකට පිළිතුර තමයි එහෙම lens හදන්න තරම් තාක්ශනය තවම දියුනු මදි. මේනිසා අපිට සිද්දවෙලා තියෙනවා විශාල මුදලක් වියදම් කරගෙන අදාල අවස්තාවට අනුව තමන්ගේ lens එක වෙනස් කිරීමට.

    3. කැමරාවේ sensor එකේ ප්‍රමානය අනුව.

    250pxsensorusedinthenew.jpg
    ccdcamerasensor.jpg


    sensor එකෙන් කරන්නේ lens එකෙන් අපිට ලබාදෙන ආලෝකය පින්තූරයක් බවට පත්කරලා ෆිල්ම් රෝලකට හරි චිප් එකකට හරි පිටපත් කරන එකයි. බොහෝවිට compact කැමරාවක පොඩි sensor එකකුත් DSLR එකක විශාල sensor එකකුත් තියෙනවා. විශාල sensor එකකින් තත්වයෙන් උසස් වැඩි විස්තර සහිත ප්‍රමානයෙන් විශාල පින්තූර ලබා ගන්න පුලුවන්. අපි කැමරාවක Mega pixel ගාන කියලා කියන්නේ මේ sensor එකෙන් ලබා ගන්න පුලුවන් පින්තූර වල විස්තර (details) ප්‍රමානයයි. ( බොහෝ අය හිතන් ඉන්නේ mega pixel කියන්නෙ පින්තූරේ quality එක කියලා. ඒක වැරදියි. උදාහරනයක් විදියට 14MP compact කැමරාවකට වඩා 8MP DSLR කැමරාවක පින්තූර වල quality එක වැඩි වෙන්න පුලුවන්. ඒකට හේතුව එම කැමරාවේ sensor එක අඩු MPගානක් උනත් sensor Image quality එක ඉහල මට්ටමක තියෙන නිසා විය හැකියි )

    මේ ප්‍රධාන වෙනස්කම් 3ට අමතරව පහත වාසිත් DSLR කැමරාවේ තියෙනවා. ((මේව එකින් එක ගැන අපි පසුව කතා කරමු. දැනට මතක තියන් ඉන්නකෝ )

    *වේගවත් Auto focus පහසුකම
    * වේගවත් shutter speed පහසුකම (අධි වේගයෙන් පින්තූර ගැනීමේ හැකියාව )
    *external flash එකක් බාවිතා කල හැකි වීම
    *Raw මාද්‍යයෙන් පින්තූර ලබාගැනීමේ හැකියාව. (මෙය ඉහලම පෙලේ compact කැමරාවක පමනක් අඩංගු පහසුකමකි. )

    මෙවැනි තවත් බොහෝ කරුනු නිසා DSLR කැමරා compact කැමරා වලට වඩා professional photography වලට වැඩිපුර යොදා ගනියි

    ඔන්න මචන්ලා මුල්ම පන්තිය අදින් අවසන්. අම්මේ අතත් රිදෙනවා. ඔයාලගේ අදහස් අනිවා වැදගත්. ප්‍රශ්න තියෙනවානම් දාන්න
    රෙප් නම් ඉතින් ඕනෙමයි හොදේ.:D
    ඊලග දවසේ ඊලග පාඩමෙන් හම්බෙනකන් ගිහින් එන්නම් ළමායි.

    ඕන්න මචන්ලා අද කියාදෙන්න හදන්නෙ Photography වල මූලිකම සිද්ධාන්ත ටික. ඒක නිසා පිස්සු කෙලින්නේ නැතුව අහගනිල්ලා.අද මං EXPOSURE එක ගැනත් ඒකට බලපාන සාධක ගැනත් කියලා දෙන්නම්.


    UNDERSTANDING EXPOSURE

    exposurebucket.png


    මොකද්ද මේ EXPOSURE කියන්නේ? සරලවම කියනවානම් පිතූරයක EXPOSURE එක තමයි ඒකට කොච්චර එලියක් ඕනද කොච්චර අදුරක් ඕනද කියලා තීරණය කරන්නේ. මං මෙහෙම උදාහරණයක් දෙන්නම්.පින්තූරයකට ගැලපෙන නියමම EXPOSURE එක ළගාකරගන්නවයි කියන්නේ හරියට භාජනයකට වැහි වතුර එකතුකරනවා වගේ වැඩක්. එකෙදී අපිට වැස්ස පාලනය කරන්න බෑනේ. ඒත් අපිට පාලනය කරන්න පුලුවන් සාධක 3ක් තියෙනවා.එකක් භාජනයේ කටේ ප්‍රමානය, අනික භාජනය වැස්සේ තියන කාලය.අනික අපිට වතුර අවශ්‍ය ප්‍රමානය.මෙන්න මේ සාධක 3 තීරණය කරනවා අපිට අඩුවෙන් වතුර එකතුකරල දෙනවද (Under exposure) අවශ්‍ය ප්‍රමානයට එකතුකරල දෙනවද ( correct exposure) නැත්නම් ඕනාවට වඩා දෙනවද කියලා. (over exposure)

    exposure.jpg

    (Under exposure,over exposure සහ correct exposure)

    උදාහරනයක් විදියට අපිට නියමිත වැහි වතුර ටිකක් එකතු කරගන්න කට ලොකු භාජනයක් පොඩි වේලාවක් එලියේ තිබ්බම ඇති කියල හිතමුකෝ. ඒත් අපිට තියෙන්නෙ පොඩි කටක් තියෙන භාජනයක් නම් අර කලින් වතුර ප්‍රමානයම ලබා ගන්න අපිට කරන තියෙන්නේ වැඩි වැඩි වෙලවාක් භාජනය එලියෙ තියන එකයි.

    ඔය කියපු කාරනා තුනම photography වල exposure එකටත් ඒ විදියටම අදාල කරගන්න පුලුවන්. කලින් උදාහරනයේ කියපු කටේ පළල, කාලය, ප්‍රමාණය photography වලට එනකොට aperture, shutter speed සහ ISO විදියට නම් වෙනස් වෙලා එනවා.

    EXPOSURE ත්‍රිකෝණය: APERTURE, ISO සහ SHUTTER SPEED

    exposuretriangle.png


    මේ සාධක 3න් එකක කිසියම් හෝ වෙනසක් exposure එකේ වෙනසක් කරන්න හේතු වෙනවා.EXPOSURE ත්‍රිකෝණය දිහා බැලුවොත් ඔයාලට පේනෙයි APERTURE, ISO සහ SHUTTER SPEED ඒක්ක බැදිච්ච තවත් කාරනා 3ක් තියෙනවා කියලා. ප්‍රධාන සාදක 3 වෙනස් වෙනකොට exposure එකට අමතරව ඒ අනු සාධක තුනෙත් විවිද වෙනස්කම් හටගන්නවා. අපි ඒ හැම එකක් ගැනම එකින් එක බලමු.

    SHUTTER SPEED

    මේකෙන් කියන්නෙ කැමරාවේ shutter එක open වෙලා තියෙන කාලය කොච්චරද කියලා. මේ shutter speed එක තීරණය කරනවා lens එකෙන් එන ආලෝකය කොච්චර වෙලාවක් sensor එකට දෙනවද කියලා. හරියට භාජනය කොච්චරවෙලා එලියේ තියනවාද වගේ. වේගවත් shutter speed එකකින් අඩු වෙලාවක් shutter එක open වෙලා තියෙන නිසා අඩු ආලෝක ප්‍රමානයකුත් වේගයෙන් අඩු shutter speed එකකින් වැඩි වෙලාවක් shutter එක open වෙලා තියෙන නිසා වැඩි ආලෝක ප්‍රමානයකුත් sensor එකට ලැබෙනවා. ඒ නිසා shutter speed එකත් exposure එකත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්දයක්.(ISO සහ aperture යන සාධක නොවෙනස්ව තිබියදී ) ඒ කියන්නේ shutter speed එක වැඩි වෙනකොට exposure එක අඩු වෙනවා shutter speed එක අඩු වෙනකොට exposure එක වැඩි වෙනවා. මේ සම්බන්දතාවය 1:1 අගයක් ගන්නවා. ඒ කියන්නෙ ආලෝකය දෙගුනයකින් sensor එකට එන්න දුන්නොත් (low shutter speed) දෙගුනයකින් exposure එකත් වැඩි වෙනවයි කියන එකයි.
    බොහෝවිට රාත්‍රියේදී අපිට අලෝකය ලබා ගැනිම අපහසු නිසා. අඩු shutter speed එකක් භාවිතා කිරන්න සිදුවෙනවා.

    මේ shutter speed එකත් එක්ක බැදිච්ච අනිත් කාරණය තමයි motion blur කියන්නෙ. ඒ කියන්නෙ අඩු shutter speed එක හේතුවෙන් වැඩි කාලයක් අලෝකය කැමරාව ඇතුලට ගමන් කරන නිසා අපි ජායාරූප ගතකරන වස්තුවේ හෝ කැමරාවේ සෙලවීම් පවා sensor එකේ සටහන් වීමයී. motion blur ඇතම් විට පින්තූරයට අලංකාරයකුත් ඇතැම්විට හානියකුත් සිදුවන්න පුලුවන්.

    blurmotiontrain600x400.jpg
    captureamn.jpg

    motion blur නිසා අලංකාර වුන පිතූරයක් සහ හානියට පත් පින්තූරයක්.

    APERTURE

    මේකෙන් තමයි කැමරාවට ආලෝකය එකපාර කොච්චර යවනවද කියල තිරනය කරන lens එකේ තියෙන සිදුර. හරියට අර භාජනයේ කටේ ප්‍රමාණය වගෙයි. මේකෙන් වෙන්නෙත් ඇසේ කණීනිකාවෙන් වෙන දේම තමයි. මේ aperture එක මනින්නේ f-stop අගයෙන්. මේ f-stop අගයත් aperture එකත් අතර තියෙනේ ප්‍රතිලෝම සම්බන්දයක්. ඒ කියන්නේ aperture එක ලොකු වෙනවයි කියන්නේ f-stop අගය පොඩි වෙනවයි කියන එක. aperture එක පොඩි වෙනවයි කියන්නේ f-stop අගය විශාල වෙනවයි කියන එක.

    images1jjz.jpg


    මේ aperture එකත් එක්ක බැදිච්ච අනිත් කාරණය තමයි depth of field කියන්නෙ. ඒ කියන්නෙ පින්තූරයේ කොච්චරක් ගැබුරට focus වෙන්න ඕනද කියලා.aperture එකත් depth of field අතර තියෙන්නෙත් ප්‍රතිලෝම සම්බන්දයක්. විශාල aperture එකකින් අඩු depth of field එකක් සහ කුඩා aperture එකකින් වැඩි depth of field එකක් ලබාගන්න පුලුවන්.

    dof.png
    150150dofblongfigure1or.jpg

    අඩු aperture එකකින් වැඩි depth of field එකක් සහ ඩැඩි aperture එකකින් අඩු depth of field එකක් ලබා ගන්න පුලුවන්.

    මේ depth of field අඩු වැඩි කිරීමෙන් ඉතා අලන්කාර පින්තූර ලබාගන්න අපිට පුලුවන්.

    ISO

    මේකෙන් අදහස් කරන්නේ කැමරාව අලෝකයට කොතරම් සංවේදී ද යන්නයි.ISO එකත් exposure එකත් අතර අනුලෝම 1:1 සම්බන්දයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ISO එක දෙගුනයකින් වැඩි කලොත් exposure එකත් දෙගුනයකින් වැඩි වෙනවා.

    මේ ISO එකත් එක්ක බැදිච්ච අනිත් කාරණය තමයි image Noise කියන්නෙ.ISO එක වැඩි වෙනකොට image Noise එකත් වැඩි වෙනවා. depth of field සහ motion blur වල හොද පැත්තක් තිබ්බත් මේ image Noise එකෙන් වෙන්නේ පින්තූරය විනාශ වීමක් පමනයි. එ නිසා හැකි හැම විටම හැකිතාක් අඩු ISO එකකින් පින්තුර ලබාගැනීමත් අත්‍යාවශ්‍ය වෙලවකට පමනක් ඉහල ISO එකක සහය පැතීමත් කල යුතුයි.

    noise600.gif


    ඔන්න ඉතින් ඒකත් ඉවරයි. ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.
    රෙප් ඉල්ලුවට comment දාන්න කිව්වට ගොඩක් අය බලලා යනවා විතරයි.
    ඒ මොනව උනත් මේ thread එක මං දිගටම ගෙනියනවා.
    එහෙනම් ඊළග පාඩමෙන් හම්බෙනකන් ටටා

    digitalcamerafocuslock.jpg


    ඕන්න එහෙනම් අදත් ආවා Photography with amilaboy නූලෙන් Photography වල තවත් වැදගත් පාඩමක් කියලා දෙන්න.අද අපි කතා කරන්න යන්නේ autofocus කිරීම ගැන .

    shutterss.jpg


    වැදගත්ම කොටසක් Photography වල .ඉතින් කැමරාවත් අතට අරන් වැඩේට බහිමු. එක එක අයට තියෙන්නේ එක එක කැමරා නිසා මම NIKON වලිනුයි CANON වලිනුයි දෙකෙන්ම කියලා දෙන්නම් .
    nvc.png


    අපි බලමු මුලින්ම මේ auto focus ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා .උදාහරණයක් විදියට අපි අපේ කැමරාව තනි සුදු පසුබිමක් වෙතට යොමු කරොත් ඔයාලට පෙනෙයි කැමරාව focus කරගන්න බැරුව පිස්සු නටනවා.ඒකට හේතුව තමයි ඒ සුදු පසුබිමේ කිසිම edge එකක් හෝ contrast එකක් (කිසිම කැපීපෙනෙන යමක් ) නැති වීම .නමුත් ඒ පසුබිමේම කලු පාටින් ඉරක් අදලා focus කරොත් ඉතාම ඉක්මනින් කැමරාව කලු ඉරට focus වෙනවා ..මොකද එතන contrast එකේ වෙනසක් තියෙන නිසායි
    image003ba.gif


    මේ සිද්දිය ඔයාල අත්විදලා ඇති background එකේ පාටම ඇදුමක් ඇදන් ඉන්න කෙනෙක්ගේ පින්තූරයක් ගන්න ගියාම ..මොකද කැමරාව auto focus වෙන්නේ කැපී පෙනෙන contrast එකක් හමු වුනොතින් පමනයි.
    bestnewsbloopersof2012.jpg


    අපි දැන් බලමු එක එක කැමරාවෙන් auto focus කරන්නේ කොහොමද කියලා ..මොනවා කරන්නත් කලින් කැමරාවෙ body එකයි lens එකයි auto එකට දාල තියන්න ඔනා.

    මුලින්ම CANON 5D mark II එකෙන් පටන් ගමු
    main67.jpg


    මේ තියෙන්නෙ අපි CANON 5D mark II කැමරාවක view finder එකෙන් බැලුවම පේන විදිය
    90372381.jpg
    37876961.jpg

    53954546.jpg


    මේ කැමරාවේ focus point 9ක් තියෙනව ( focus කරන්න පුලුවන් තැන් 9ක් ) රතුපාටින් පෙන්නන්නේ දැනට focus වෙලා තියෙන point එක . පළවෙනි පින්තුරෙන් ගහත් දෙවැනි පින්තූරෙන් model වත් 3වැනි පින්තූරෙන් model ට එහායින් තියෙන ප්‍රදේශයත් focus වෙලා තියෙනවා. අපි කොහොමද මේ focus වෙන්න ඕන point එක හරියටම කැමරාවට දෙන්නේ .

    හැම CANON කැමරාවෙම තියෙනවා මෙන්න මෙහෙම බොත්තමක් .ඒක මුලින්ම ඔබන්න.
    70617654.jpg


    ඊට පස්සේ තියෙන්නේ මේ විදියට කැමරාවේ පිටිපස්සේ තියෙන roller එක පාවිච්චි කරලා කැමති focus point එකක් තෝරගන්න.
    95052734.jpg


    එතකොට focus point වෙනස් වෙයි මේ විදියට .
    97201120.jpg

    92285646.jpg

    51467378.jpg


    දැන් ඊට පස්සෙ තියෙන්නේ focus වෙන්න ඔන්න තැනට රතුපාට කොටුව ආවම shutter බොත්තම ලාවට ඔබන එකයි ..එතකොට ලස්සනට ඒ කොටස focus වෙයි .

    CANON 7D එකේ ඕක චුට්ටක් වෙනස් වෙනවා.
    canon7dfirmwareupgrade.jpg


    මුලින්ම අර විදියටම focus බොත්තම ඔබන්න (තියෙන තැන 5D mark II එකට වඩා වෙනස් කියල පේනවා ඇති )
    79879178.jpg


    ඊට පස්සෙ කැමරාවේ LCD sceen එකෙන්ම focus වෙන්න ඕන point එක ලබා දෙන්න පුලුවන්
    7d2l.jpg


    කැමතිනම් එකකට වඩා දෙන්නත් පුලුවන් 7D එකේ හරියට මේ වගේ
    7d3d.jpg

    7d4w.jpg



    CANON ගැන බැලුවනේ දැන් බලමු NIKON ගැන.මුලින්ම ගන්නම් D3100 එකක්.
    nikond3100frontside.jpg


    මුලින්ම menu එකට ගියාම ඒකෙ තියෙනවා AF aria mode කියලා option එකක්
    nikonr.jpg

    nikon1k.jpg


    ..මේකෙනුත් පුලුවන් කලින් වගේම focus point තෝරන්න .(ගොඩාක් NIKON වල 3D trakin තියෙන නිසා පින්තූර ගන්න වස්තුවේ සියුම් චලනයන් උනත් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් .ගොඩාක් CANON වල මේ ක්‍රමය නෑ:yes::yes: )
    nikon2z.jpg


    දැන් අපි බලමු D7000 එකක් කොහොමද කියලා .:D:D
    nikond7000shortreview.jpg


    මේකෙනම් ඉතාමත් ම පහසුයි ඒ වැඩේ කරන්න .මොකද අපිට menu එකට යන්න ඕනා වෙන්නෙ නැති නිසා .මුලින්ම lens එක ගාව තියෙන focus බොත්තම ඔබාගෙනම කැමරාවේ ඉදිරිපස තියෙන comand dial එක කරකවන්න .
    7000d.jpg

    70001c.jpg


    එතකොට කැමරාව උඩ තියෙන පොඩි digital display එකේ පෙන්නයි focus point මොනවද කියලා .මේ ක්‍රමය ඉතාමත් ලේසියි අනිත් කැමරාවලට සාපේක්ශව .

    මේ විදියට manualy දෙන්නෙ නැතුව අපිට focus කරන්න ලේසි විදියකුත් තියෙනවා. අපි දැනට activate වෙලා තියෙන focus point එක අපිට focus වෙන්න ඕනා තැනට එන විදියට අල්ලන්න.ඊට පස්සෙ sutter බොත්තම ලාවට තද කරන්න ..එතකොට ඒ point එක අපිට අවශ්‍ය තැන ලොක් වෙයි.ඊට පස්සේ තියෙන්නේ ආයිත් අපිට අවශය විදියට frame එක හදාගෙන පින්තූරේ ගන්න එකයි.

    එහෙනම් ඉතින් චුට්ටක් හරි ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාලා BUMP එකක් දාලා යන්න. ඔයා ඉතුරු වෙච්ච රෙප් එහෙම තියෙනවනම් සතුටින් බාරගන්නවා.

     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    2 nd

    KING GBN මලයා අහලා තිබ්බා මොකද්ද මේ Metering Modes කියන්නේ කියලා.
    හොදයි Metering Mode,Camera Metering,exposure Metering ඔය මොකක් කිව්වත් අදහස් කරන්නේ එකම Metering එකක් ගැන තමයි.ඇත්තටම මොකද්ද මේ Metering කියන්නේ? Metering කියන්නේ කැමරාවට එන ආලෝකය සහ කැමරාවේ sensor එකේ ස්වභාවය අනුව කැමරාවේ shutter speed එකත් aperture එකත් තිබිය යුතු අගයන් කැමරාව විසින්ම ගනනය කිරීමයි .කොටින්ම කියනවානම් expose එක ගනනය කිරීමයි..ඉස්සර කාලේ නම් කරේ light meter උපාංගයක් වෙනමම භාවිතා කරා ඔය වැඩේට.

    1227426660f113dv.jpg

    ඉස්සර කාලේ light meter උපාංගයක්

    හැබයි ඉතින් දැන් හැම අලුත් කැමරාවකම වගේ මේ පහසුකම තියෙනවා .හැබයි තවමත් professional photographers ලා මේ meter උපාංගය පාවිච්චි කරනවා .

    skl358.jpg

    220pxerkanumut2.jpg

    නවීන light meter උපාංගයක් සහ භාවිතා කරන අවස්තාවක්

    ඔයාලගේ කැමරාව manual කරලා viewfinder එක ඇතුලෙන් බැලුවම මැද බින්දුවක් තියෙන දෙපැත්තට චලනය වන පොඩි මීටරයක් පහලින් දකින්නට පුලුවන් වෙවි .(canon කැමරාවකනම් බොහෝවිට දකුණු පැත්තේ )
    nikonviewfinder.jpg


    ඔයාලගේ කැමරාව දීප්තිමත් ආලෝකයක යොමු කරොත් ඔයාලට පෙනෙයි මීටරය + අගය පැත්තට යනවා ..ඒ වගේම අදුරු පැත්තකට යොමුකරොත් මිටරය - පැත්තට යනවා.ඒ අනුව අපිට තීරනය කරන්න පුලුවන් කැමරාවේ shutter speed හෝ aperture එක අඩු ක්කරනවාද නැත්නම් වැඩි කරනවාද කියන එක.

    අදකාලෙ බහුලව භාවිතාකරන Metering Modes වර්ග 3ක් තියෙනවා.

    1. Matrix Metering
    27893417.jpg

    මේක තමයි බොහෝවිට default .කැමරාවේ තියෙන්නේ .මේකෙදී වෙන්නේ සම්පූර්ණ frame එක කොටස් වලට කඩලා color,distance, subjects, highlights වගෙ කරුනු සලකලා සමස්තයක් වශයෙන් සම්පූර්න frame එකේම exposure එක හදන එක .මේ ක්‍රමය බොහෝවිට ආදුනිකයන්ට ගැලපෙනවා. landscape photography වලටත් මෙ ක්‍රමය බහුලවම හාවිතා කරනවා .

    2.Center-weighted Metering

    centerweightedmetering.jpg

    මේකෙදී කරන්නේ frame එකේ මැද කොටස විතරක් සැලකිල්ලට අරගෙන (සාමාන්‍යයෙන් මුලු frame එකෙන් 60 % ක් විතර )අනෙකුත් කොටස් අත ඇරලා දාන එකයි ..මේ ක්‍රමය ගොඩක් වෙලාවට පුද්ගල චායාරූප වල යොදා ගන්නවා ..එතකොට මුහුන කොටස ඒ කියන්නෙ frame එකේ මැද නිවැරදිව expose වෙනවා.හැබැයි පුද්ගලයා frame එක මැද නෙමෙයි නම් ඉන්නේ මේ ක්‍රමය හරියන්නේ නෑ .මොකද පුද්ගලය ඉන්නේ expose zone එකේ නොවන නිසා බොහෝවිට under expose වෙනවා .
    හරියට මේ වගේ
    79462436.jpg


    3.Spot Metering

    spotmetering.jpg

    මේකෙදී වෙන්නේ focus point එකේ විතරක් exposure එක හදන එකයි ..මේ ක්‍රමය පාවිච්චි කරනව concert photography වගේ කරද්දී . මොකද එවායේ lightning system එක ටිකක් අමුතුයි. එක නිසා පින්තූඅය ගන්න ඕනා වස්තුව පමනක් expose කිරීමකට ලක්වෙනවා.
    capturefr.jpg

    capturerehf.jpg

    29445014.jpg



    ඔන්න එක්කත් ඉවරයි.තව කාටහරි ප්‍රශ්න තියෙනවනම් දාන්න
    ..හොදයි නම් ඉතින් රෙපක් කොමෙන්ට් එකක් එකක් දාලා යන්න

    canon 650D කියන්නෙ හොද කැමරාවක්. 100,000-110,000 අතර ගානක් තමයි වෙන්නෙ
    සමහර විට ඊටත් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.
    17.9 MP සෙන්සර් එකක් තියෙනව. touch screen සහ flip-out screen එකක් තියෙනවා(නොතිබ්බයි කියල වෙනසක් නෑ )
    50780764.jpg

    මේකේ තියෙන්නේ Phase detection auto focus සිස්ටම් එකක්. ඒක නිසා Contrast detection සිස්ටම් එකකට වඩා auto focus කිරීම වේගවත්. 12,800 ISO වෙනකම් යන්න පුලුවන් සහ කැමරවේ ඇතුලෙම HDR පහසුකම තියෙනවා

    අවාසි ටිකකුත් තියෙනවා
    සුපුරුදු පරිදි canon කැම් වල ඉහල iso වලදී image noise එක වැඩියි NIKON ව්ලට සාපෙක්ශව.
    focus points 9 යි තියෙන්නේ, බැටරියේ ආයු කාලය සාමාන්යෙන් 440 shots වගේ තමයි, view finder එක කවර් කරන්නේ 95% විතරයි. කැමරාවේ තියෙන්නේ Pentamirror ප්‍රිස්මයක් (Pentaprism ප්‍රිස්මයක් නෙමෙයි )

    ඔබට NIKON කැමරාවක් තිබෙනවද? එහෙනම් 20GB ක STORAGE එකක් නොමිළේ ලබාගන්න

    ජපානයේ කැමරා නිෂ්පාදකයෙකු වන Nikon Corporation විසින් Nikon Image Space ලෙසින් අලුත් image sharing හා storage සේවාවක් ආරම්බ කර තිබෙනවා. මෙය Nikon digital camera පරිශිලකයින්ටම සිමා වූ සේවාවක් නෙවෙයි. ඕනෑම කෙනෙකුට මෙම සේවාව ලබාගැනීමට හැකියාව තිබෙනවා.

    සෑම අයෙකුටම 2GB storage එකක් නොමිළේ ලැබෙන අතර, නමුත් ඔබ Nikon කැමරාවක් හිමි අයෙකු නම් ඔබට පුළුවන් ඔබේ Basic account එක Special account එකක් බවට පත් කරගෙන ඔබේ storage එකෙහි ප්‍රමාණය 20GB ක් දක්වා වැඩි කරගන්නට. ඊට අමතරව ඔබ පින්තුර share කරන විට පින්තුරයට password එකක් ලබාදීම, ඔබේ පින්තුරා download කිරීමට නොහැකි වන ලෙස සැකසීම වැනි විශේෂ functions කිහිපයක්ම ඔබට ලබාගන්න පුළුවන්.

    nikonimagespace.png


    ඔබේ Basic account එක Special account එකකට upgrade කරගැනීම සදහා ඔබට මෙම upgrade utility එක download කරගෙන, ඔබේ Nikon කැමරාව USB Cable එක මගින් පරිගණකයට සම්බන්ද කර ගැනීමට සිදු වෙනවා. ඉන් අනතුරුව ඔබ download කරගත් utility එක බාවිතයෙන් ඉන් ලැබෙන උපදෙස් අනුව ගොස් ඔබේ account එක පහසුවෙන්ම upgrade කරගන්නට පුළුවන්.

    මෙම සේවාවෙහි ඇති විශේෂාංග හා තවත් බොහොමයක් තොරතුරු දැනගැනීම සදහා මෙතන ක්ලික් කරන්න.

    මාත් ටක් ගාලා වැඩේ කොරගත්තා
    capturekbu.jpg

    41997731.jpg


    තොරතුරු සදහා සම්පූර්ණ ස්තූතිය බුද්දික නුවන් සහෝට පිරිනමනවා

    Amilaboy ගුරුතුමා කලෙකින් මේ පැත්තේ දැකපු නැති නිසා මං හිතුවා පාඩමක් කරලා කට්ටියට තව දේවල් කියලා දෙන්න (substitute teacher :P)

    කැමරා එකේ mode dial එකේ දැකලා තියෙනවා නේද "A", "S" කියලා තියෙනවා. ඒ ගැන තමයි කියලා දෙන්න යන්නේ. සරල සීන් එකක් :yes:

    d70_mode_dial.jpg


    අපි මුලින් දැක්කනේ exposure triangle එකේ (ISO, shutter Speed, aperture) යන අංශ අතර ඇති සහ සම්භන්ධතාවය. අපි manual settings වලින් aperture size එක වැඩි කරනකොට, වැඩි එලියක් කැමරාවේ senser එකට එන්න ඉඩ සලසනවා. එවිට අපිට කෙටි exposure time (higher shutter speed) එකක් තමයි ඕනෙ වෙන්නේ.
    ඒකෙම අනික් පැත්ත, අපට දිගු exposure time (lower shutter speed) එකක් අවශ්‍ය වන වෙලාවට, aperture size එක අඩු කලාම හොඳයි.

    Priority Modes

    මොනවද මේ Priority Modes කියන්නේ? ඒ modes හරියට semi manual modes වගේ. ඒ කියන්නේ කැමරාවෙ අපට manually සමහර settings අපිට කැමති අගයටක set කරගන්න දීලා, ඉතුරු ඒවා කැමරාව විසින් auto හදා ගන්න එක.

    Priority Modes දෙකක් තියෙනවා.
    1) Aperture Priority
    2) Shutter priority



    Aperture Priority
    මේ mode එක තමයි කැමරාවේ මුලින් පෙන්නපු mode dial එකේ "A" කියලා තියෙන්නේ. "Av" කියලත් සමහර කැමරා වල තියෙනවා

    එවිට ඔබට පුලුවන් තමන්ට කැමති අගයකට aperture එකේ size එක set කරන්න. හොඳ exposure එකක් එන විදිහට shutter speed එක ගැන කැමරාව බලා ගනී.

    ඇයි අපිට Aperture Priority Mode එක වැදගත්?

    Aperture size එක ගැන තිබ්බ පාඩම මතක නම්, ඔබට මතක ඇති aperture size එකෙන් Depth of Field (DOF) එකට ලොකු බලපෑමක් ඇති බව. මෙන්න මේ වෙලාවට මේ mode එල ප්‍රයෝජනවත් වෙනවා. තමන්ට ඕනේ කරන්නේ shallow DOF එකක් නම් (හරියට මෙන්න මේ පින්තූරේ වගේ) ,
    190870197_7c52f89877.jpg

    එනම් තමන්ට අවශ්‍ය වස්තුව sharp එකටත්, වටේ background එල blur කරල දාන්න නම් මේ mode එක ප්‍රයොජනයි. එවිට තමන්ට පුලුවන් ලොකු aperture අගයක් (උදා. f/1.4) දාලා, එවිට අවශ්‍ය වන shutter speed එක ගැන තීරනය කරීම කැමරාවට බාර දෙන එක.
    එහෙම නැතුව උදාහරනේ තියෙන මලයි, background එකයි ඔක්කොම focus වෙලා තියෙන්න ඕනේ නම්, අපිට පුලුවන් කුඩා aperture size එකක් (උදා. f/22)set කරලා, shutter speed එක auto තීරනය වෙන්න ඉඩ දෙන්න. (ඒ වෙලාවට නම් ටිකක් දිගු shutter speed එකක් ඉබේම භාවිතා වෙයි).

    හැබැයි මේ mode එකේ දී shutter speed එක තීරනය කරන්නේ කැමරාව විසින් නිසා, මං මුලින් කිව්ව දෙවෙනි අවස්තාවෙදී වගේ දිගු shutter speed එකක් ( උදා. 1/60s) ආවොත්, කැමරාව අතේ තියාගෙන ඡායාරූප ගැනීම අපහසු වෙයි. එවිට නම් tripod එකක් පාවිච්චි කලොත් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.


    Shutter Priority Mode

    මේ mode එක තමයි කැමරාවේ මුලින් පෙන්නපු mode dial එකේ "S" කියලා තියෙන්නේ. "Tv" කියලත් සමහර කැමරා වල තියෙනවා

    මෙවිට ඔබට පුලුවන් කැමති අගයකට shutter speed එක සකස් කරගෙන ඉතුරු settings ගෙන බලා ගන්න කැමරාවට බාර දෙන්න.

    ඇයි අපිට Shutter Priority Mode එක වැදගත්?

    චලයනව වන වස්තුවක් ඡායාරූප ගත කිරීමේදී shutter speed එක කොච්චර වැදගත් ද කියන එක මුලින් පාඩම් වල දැක්ක නේ. අවශ්‍ය ප්‍රමානයට motion blur එක සටහන් කරගන්න, නැත්තම් motion blur නැතුව ඡායා රූප ගන්න වගේ හැම දෙයක් ම shutter speed එකෙන් පාලනය කරන්න පුලුවන්.

    උදාහරණයක් විදිහට අපි car race එකක් ඡායා රූපගත් කරනවා කියල හිතමු. අපිට ඉතා වේගයෙන් චලනය වෙමින් පවතින කාර් motion blur නොවී එකතැන සිටින්නක් මෙන් ඡායාරූපගත කරන්න ඕනෙ නම් අපිට පුලුවන් කෙටි shutter speed (උදා. 1/2000s) පාවිච්චි කරලා. එතකොට ඕන කරන aperture size එක කැමරාව විසින් තීරනය කරයි. මෙන්න මේ වගේ
    111862041_1d5792a50d.jpg


    ඒ වගේම චලන පෙන්වන්න motion blur ඕනේ කරනවා නම් අපිට පුලුවන් දිගු shutter speed එකක් (උදා. 1/125s)පාවිච්චි කරන්න. එවිට අවශ්‍ය ප්‍රමානය aperture size එක කැමරාව විසින් පොඩි කර ගනියි. මේ විදිහට
    101557976_dfdf43588e.jpg


    මතක තියා ගන්න, මේ වෙලාවෙනේ aperture size එක තීරනය කරන්නේ කැමරාව විසින් නිසා, depth of field එකට ද මෙයින් බලපෑමක් ඇති වන බව,

    ඡායාරූප කරනය ඉගෙන ආස ඔබට මෙය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. තමන්ට අවශ්‍ය විදිහට ඡායා රූපය ගැනීමට මෙම Priority Modes ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම හරිම ලේසියෙන් තමන්ට ඕනෙ විදිහට ගන්න පුලුවන්. තමුන් එක් අංශයක් තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරනකොට, ඉතුරු settings auto සකස් වෙන නිසා ඡායා රූපය over exposed / under exposed කරගන්නේ නැතුව, depth of field හරි motion blur එක හරි ලේසියෙන් පාලනය කරන්න පුලුවන්.

    හොඳයි නම් class fees ඉතින් අදට මට දුන්නට කමක් නෑ. ;) :yes:
    හෙන ගේමක් දීල type කලේ මේ ඔක්කොම. copy paste nemeyi :no:

    viewfinder ekata iri ganne kohomada mchn,,?:confused:

    DSLR Image Sensor එකට දූවිල්ල යන එක වලක්වා ගමු

    Sensor කියන එක හැමෝම දන්නවා නේද? ඔය තියෙන්නේ ඇතුලේ..
    AlphaDSLR-A350_sensor_800d.jpg



    තමන්ගේ DSLR කැමරා එකෙන් photos අරගෙන computer එකට දාල බැලුවම, ඒ පින්තූර වල තිත් තිත් තියෙනවද?
    හරියට මේ වගේ
    1.jpg


    තමන් ගන්න හැම පින්තූරෙම මෙහෙම තිත් තියෙනවා නම් ඉතින් sensor එකට දූවිල්ල ගිහින්..
    ගොඩක් වෙලාවට මෙම දූවිලි අංශු වර්ණවත් පසුබිම් වල පින්තූර වල පේනවා අඩුයි.. තමන්ගේ කැමරා එකේ sensor එකෙ දූවිල්ල තියෙනවාද කියල හොඳට බලාගන්න ඔනේ නම්, aperture size එක කුඩා කරලා තනි සුදු පැහැති පසුබිමක් (හොඳ සුදු A4 කොලයක් උනත් කමක් නෑ) ඡායාරූපගත කරලා බලන්න.
    29180d1235777038-dirty-sensor-dust-flash_01-s.jpg


    හා දැන් බලපු කට්ටිය දූවිල්ල තියෙනවා කියල බය වෙන්න ඕනේ නෑ, sensor එක clean කරගන්න ලේසි ක්‍රම තියෙනවා.. :P

    මුලින්ම බලමු දූවිල්ල යන එක වලක්වා ගන්නේ කොහොමද කියලා. වලක්වා ගන්න බැරි නම් අවම හරි කරගමුකො

    sensor එකට දූවිල්ල යන්නේ තමන් lens එක මාරු කරන වෙලාවෙදී තමයි..

    එහෙනම් lens එක මාරු කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

    • අවධානම් පරිසර තුල lens මාරු කිරීමෙන් වලකින්න.. අවධානම් කියලා කිව්වේ, ගොඩක් තදින් සුලන් හමන (හුලන් පාරත් එක්කම දූවිල්ල යයිනේ සටස් ගාල :D ), වායුගෝලයේ ගොඩක් ජල වාෂ්ප/ ජල බිංදු තියෙන (දිය ඇල්ලක් පාමුල වගේ), කොහොම හරි ඔබ ඉන්න තැන වායුගෝලයේ ගොඩක් දූවිල්ල තියෙනවා කියලා පේනවා නම් ඒක අවධානම් කලාපයක්..

    • හැකි සෑම විටම lens මාරු කිරීමේදී කැමරා එක off කරන්න. On එකේ තියෙනකොට sensor එකේ තියෙන සුළු හෝ ස්ථිතික විද්‍යුත් අරෝපණ නිසා දූවිලි අංශු ඒකට ඇද ගන්නවා..

    • කැමරාව මුනින් අතර හරවා (කැමරාවේ මුහුනත පහලට සිටින සේ) lens මාරු කරන්න. එවිට sensor එක පහලට ඇති නිසා දූවිලි අංශු ඇවිත් sensor එක ම්ත පතිත වීම වලකී. ඒත් අවට සුලං නම් ඉතින් පරිස්සමෙන්.

    • තියෙන lens එක ගලවන්න ඉස්සෙල්ලා, තමන් ඊලඟට සවි කරන්නට යන lens එක සූදානම්ව තබා ගන්න. එවිට sensor එක නිරාවණව වී තිබෙන කාලය අවම කරගත් හැකියි.

    • සවිකරන්නට යන lens එකේ දූවිල්ල තිබේදැයි බලන්න.

    • lens එක ගලවලා කැමරා එක තියන හැම වෙලාවකම lens cap එකෙන් වහලා තියන්න.






    හොඳ නම් ඉතින් බම්ප් දාල, class fees දීලා යන්න ;)