POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

  • ලංකාව ජීවත්වෙන්න ගොඩක් හොද රටක් නිසා

  • වෙන හොද රටකට යන්න විදිහක් නැති නිසා

  • ලංකාවේ දැන් සෙට්ල් වෙලා නිසා කොච්චර මෙහෙ ප්‍රශ්න තිබුනත් යන්න හිතක් නැති නිසා

  • රට ගිහින් සෙට්ල් වෙන්න කාලයක් නැති නිසා

  • ලංකාවේ ඉද්දි ලැබෙන විශේෂ වාසියක් නිසා (ඒ වාසිය කමෙන්ට් කරන්න)

  • වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා

Results are only viewable after voting.

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    විශේෂ වාසියක් නිසා......
    මෙන්න වාසිය...

    කතාව ඇත්ත, ලංකාවේ සිටීමෙන් මටනං කෙළ වුනා නිල් වෙන්නම. අන්තිම ආත්මාර්ථකාමී ජරා මිනිස්සු ඉන්නෙ. ඒ නරක පැත්ත. අදටත් හදපු ගෙදර ගියොත් අහල පහල මිනිස්සුන්ගෙන් කරදරයි. ඒ නිසා හදපු ගෙදර තියෙද්දි වෙනකොහෙට හරි වෙලා ඉන්න ඕන.

    නමුත් ඕනෑම දේක හොඳ පැත්ත දිහත් බලන්න ඕන. මේ වාසිය තමයි ලංකාවේ අපිට තියෙන දේවල් වල අගය ගොඩක් අය දන්නෙ නෑ. අපේ රටේ කන්න දේවල් ඕන තරම්. ගණන් වැඩියි කිව්වට වවාගෙන හරි කන්න දේවල් තියෙනවා. දේශීය ඖශධ පැළ නං කොච්චරක්ද?
    මම යන සමහර රටවල මිනිස්සු අවුරුද්දෙ මාස 3,4 හරියට ඉර එළිය බුක්ති විඳින්නේ. සංචාරකයෝ එයි කියල කඩ දාල බිස්නස් තියෙන්නෙ මාස 3යි අනික් කාලෙට සීතල. අපිඒ අතින් කොච්චර වාසනාවන්තද?
    අනික අපේ රට ලස්සනයි. මට ඉගෙනගන්න පහසුකම් දුන්නෙ ලංකාව කියන මේ රට සහ හොඳ/ නරක කියල මම කියන මිනිස්සුමයි.
    මේ ඔක්කොටමත් වඩා මට තියෙන වාසිය පින් කරගන්න අවස්ථාව ලැබීම. අපි දැන් අහන ධර්මය මේ තරමින් හරි අහන්න අපේ මුතුන් මිත්තෝ ලොකු කැප කිරීමක් කරලා තියෙනවා. මේක තමා ලොකුම දේ කියල මං දකින්නේ.
    ඉතිං මේ රට විනාස කරනවානං ඒ කරන එකා අනිවාර්යෙන් දැඩි ප්‍රතිවිපාක ලබාවි.

    (අපි ගොඩක් ආසාවල් පස්සේ දුවන නිසා තමා අපට දේවල් මදි කියල හිතෙන්නේ, ඇත්ත තමයි ලංකාවේ මිනිස්සු කිසිම කරුණාවක්, මයිත්‍රියක් තියන අය නෙවෙයි. මගේ ජීවිතේ මම දුක් විඳලා තියෙනවානං 99%ක් වෙන මිනිස්සු නිසා ප්‍රශ්න ඇති වුනේ. ඒත් එහෙමයි කියලා ඒවා ගැන හිත හිත වැටෙන්නේ නැතුව හිටියොත් හරි)
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    කැනඩාව, නවසීලන්තය වගේ රටවල් ලස්සනයි, ඉන්න හිතෙන රටවල්.. නමුත් අපි එහෙදි හැමවිටම සුළු ජාතියක්, උන් අපේ හමේ පාටට, බුද්ධි මට්ටමට ගරු කරන්නෙ නැති අවස්ථා එනව. ඒ රටේ එකෙක් එක්ක වලියක් දාගත්තත් උන් අපි පිටින් ආවේ කියල මතක් කරල දෙනව.

    කොච්චර නගර, පාරවල් ලස්සන උනත් අපේ කියල මිනිස්සු නැතිකම නිසා කාලෙකදී බෝරින් වෙනවා.

    උඹල දැකල ඇති ඔයවගේ රටවල් වල ඉන්න උන් නිතරම ෆේස්බුක් එකේ ලංකාවේ ප්‍රශ්ණ ගැන පොස්ට් දදා ඉන්නවා. උන්ට එහෙ පිළිගැනීමක් තියෙනවනම් එහෙම ඉන්නෙ නෑ නේද?

    ජීවිතේ මනුස්ස සම්බන්ධතා කියන දේ නැතුව කොයිතරම් භෞතික සම්පත් පරිහරණය කලත් සැනසීම කියන දේ හොයාගන්න අපහසුයි.

    මාස 6න් හයට රටවල් දෙකේ (ලංකාවේ සහ වෙනත් රටක) ජීවත් වෙන්න පුලුවන්නම් ටිකක් ශේප්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් වෙන රට ගිහින් සෙට්ල් වෙන්නත් කාලයක් නෑ. උඹට 45 පෑනලද?

    වයසටත් වඩා මචන්, මම පහුගිය අවුරුදු හතේ පට්ට කට්ටක් කාලා යම්කිසි තැනකට ආවා. ඉතින් මම මහන්සියෙන් හදාගත්ත ඔක්කොම දේවල් අතඇරලා දාලා වෙන රටකට ගිහින් ආපහු ඒ වගේම හෝ ඊට වැඩි කට්ටක් කාලා දැන් මට තියෙන දේවල් ඒ රටේදිත් ආයෙමත් ගොඩ නගා ගන්න පුලුවන් වෙයිද කියලා මට සැකයි මචන්. :rolleyes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    විශේෂ වාසියක් නිසා......
    මෙන්න වාසිය...

    කතාව ඇත්ත, ලංකාවේ සිටීමෙන් මටනං කෙළ වුනා නිල් වෙන්නම. අන්තිම ආත්මාර්ථකාමී ජරා මිනිස්සු ඉන්නෙ. ඒ නරක පැත්ත. අදටත් හදපු ගෙදර ගියොත් අහල පහල මිනිස්සුන්ගෙන් කරදරයි. ඒ නිසා හදපු ගෙදර තියෙද්දි වෙනකොහෙට හරි වෙලා ඉන්න ඕන.

    නමුත් ඕනෑම දේක හොඳ පැත්ත දිහත් බලන්න ඕන. මේ වාසිය තමයි ලංකාවේ අපිට තියෙන දේවල් වල අගය ගොඩක් අය දන්නෙ නෑ. අපේ රටේ කන්න දේවල් ඕන තරම්. ගණන් වැඩියි කිව්වට වවාගෙන හරි කන්න දේවල් තියෙනවා. දේශීය ඖශධ පැළ නං කොච්චරක්ද?
    මම යන සමහර රටවල මිනිස්සු අවුරුද්දෙ මාස 3,4 හරියට ඉර එළිය බුක්ති විඳින්නේ. සංචාරකයෝ එයි කියල කඩ දාල බිස්නස් තියෙන්නෙ මාස 3යි අනික් කාලෙට සීතල. අපිඒ අතින් කොච්චර වාසනාවන්තද?
    අනික අපේ රට ලස්සනයි. මට ඉගෙනගන්න පහසුකම් දුන්නෙ ලංකාව කියන මේ රට සහ හොඳ/ නරක කියල මම කියන මිනිස්සුමයි.
    මේ ඔක්කොටමත් වඩා මට තියෙන වාසිය පින් කරගන්න අවස්ථාව ලැබීම. අපි දැන් අහන ධර්මය මේ තරමින් හරි අහන්න අපේ මුතුන් මිත්තෝ ලොකු කැප කිරීමක් කරලා තියෙනවා. මේක තමා ලොකුම දේ කියල මං දකින්නේ.
    ඉතිං මේ රට විනාස කරනවානං ඒ කරන එකා අනිවාර්යෙන් දැඩි ප්‍රතිවිපාක ලබාවි.

    (අපි ගොඩක් ආසාවල් පස්සේ දුවන නිසා තමා අපට දේවල් මදි කියල හිතෙන්නේ, ඇත්ත තමයි ලංකාවේ මිනිස්සු කිසිම කරුණාවක්, මයිත්‍රියක් තියන අය නෙවෙයි. මගේ ජීවිතේ මම දුක් විඳලා තියෙනවානං 99%ක් වෙන මිනිස්සු නිසා ප්‍රශ්න ඇති වුනේ. ඒත් එහෙමයි කියලා ඒවා ගැන හිත හිත වැටෙන්නේ නැතුව හිටියොත් හරි)
    එක එක්කෙනා හිතන විදිහ වෙනස්..
    1. ලන්කාවේ ළමයෙක්ට පාසලක් හොයන්න ගියහම ලන්කාවෙන් යන්න හිතෙනවා
    2. රජයේ ආයතනයක වෑඩක් කර ගන්න ගියහම යන්න හිතෙනවා
    3. තමන්ට අයුක්තියක් හිරිහෑරයක් වුනහම නීතිය ක්‍රියාත්මක වෙන විදිහ දෑක්කම යන්න හිතෙනවා
    4. ඩොලර් එක නෑගලා බඩු මිල අහස උසට ගිහින් කියලා පේනකොට යන්න හිතෙනවා
    5. ගන්න පඩියෙන් ගෙයක් හදාගෙන වාහනයක් ගන්න එක නම් හීනයක් කියලා තේරෙනකොට
    6. හුගක් රටවල වයසක් අයට රජයෙන් දෙන පහසුකම් දෑක්කම
    7. වෙන රටක පාරේ යනකොට මගියන්ට තියෙන ප්‍රමුකත්වය සහා නිතිගරුකව විනයගරුකව හෝන් නොගහා වාහන යන විදිහ දකිනකොට
    8. වෙන රටවල දේශපාලකයන්ට මෙහෙ වගේ සුඛෝපභෝගී සෑප සම්පත් දෙන්නේ නෑ කියලා හිතෙන කොට
    ඔන්න ඔය පල්ලයහ එක්කෙනක් දාලා තියන ඒවා බලපන්කො, එපා වෙන් නැද්ද?
    උබ කියලා තියන ඒවගේ ඇත්තකුත් තියනවා මෙච්ච්චර වටිනා රටක් දේශපාලනේ කරන උන් විනාස කරලා දැම්මා. පුළුවන් උනොත් කොහොම හරි වෙන රටකට යන්ඩ තමා මගෙනම් අදහස කොහොම වෙයිද දන් නැ ඉතින්.
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Home sweet home sinhalune..

    Anika wena rata wala ewun api indian ewun kiyala hithagena apiwa ganan ganne na.

    Oya rata wala settle wenawanam aduma 10k$ plus adayamak enawanam awlak na.

    Lanawa api hadala gaththanam hoda ratak.

    South korea kohoma thibba ratawalda ada gdp per capital 30000k
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    • වෙන හොද රටකට යන්න විදිහක් නැති නිසා
    • ලංකාවේ දැන් සෙට්ල් වෙලා නිසා කොච්චර මෙහෙ ප්‍රශ්න තිබුනත් යන්න හිතක් නැති නිසා
    • රට ගිහින් සෙට්ල් වෙන්න කාලයක් නැති නිසා
    me thunama keewa heki
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    එක එක්කෙනා හිතන විදිහ වෙනස්..
    1. ලන්කාවේ ළමයෙක්ට පාසලක් හොයන්න ගියහම ලන්කාවෙන් යන්න හිතෙනවා
    2. රජයේ ආයතනයක වෑඩක් කර ගන්න ගියහම යන්න හිතෙනවා
    3. තමන්ට අයුක්තියක් හිරිහෑරයක් වුනහම නීතිය ක්‍රියාත්මක වෙන විදිහ දෑක්කම යන්න හිතෙනවා
    4. ඩොලර් එක නෑගලා බඩු මිල අහස උසට ගිහින් කියලා පේනකොට යන්න හිතෙනවා
    5. ගන්න පඩියෙන් ගෙයක් හදාගෙන වාහනයක් ගන්න එක නම් හීනයක් කියලා තේරෙනකොට
    6. හුගක් රටවල වයසක් අයට රජයෙන් දෙන පහසුකම් දෑක්කම
    7. වෙන රටක පාරේ යනකොට මගියන්ට තියෙන ප්‍රමුකත්වය සහා නිතිගරුකව විනයගරුකව හෝන් නොගහා වාහන යන විදිහ දකිනකොට
    8. වෙන රටවල දේශපාලකයන්ට මෙහෙ වගේ සුඛෝපභෝගී සෑප සම්පත් දෙන්නේ නෑ කියලා හිතෙන කොට

    මේ වගේ ගොඩක් හේතු තියෙනවා.. ඒ වගේම ලන්කාවේ හොද දේවලුත් තියෙනවා. මගේ නම් අදහස යන්න පුලුවන් එවුන් ලන්කාවේන් යන එක තමා හොද. මොකද මේ රටේ පාලකයන් බහුතරයකගේ ළමයි ලන්කාවේ නෑ. ඒ වගේම සමහර පාලකයෝ ද්විත්ව පුරවෑසියෝ. උනුත් ලන්කාවේ ඉන්න කෑමති නෑ
    මමත් ඔන්න ඔය කාරණා හින්දම තමයි කියන්නේ යන්න පුලුවන් එකෙක්ට යන්න කියලා....මොන තරම් හොඳ වාහනයක් පැද්දත් වැඩක් නෑ පාර බැස්සොත් මී හරකෙක් ඇවිල්ලා වද්දයිද කියලා හිත හිත නම් යන්නේ....
    මට එපාම කරපු දෙයක් තමයි අවනීතිය...එක්කො බලෙන් ඉඩම් අල්ල ගත්තා කියයි...ගහලා ගියා කියයි...මුකුත්ම නැත්තන් ගේ ඉස්සරහ කුණු හරි දාල යනවා...
    ලංකාවේ සල්ලි වගේම කනෙක්ශනුත් ඕනි quality of life ගන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    මමත් ඔන්න ඔය කාරණා හින්දම තමයි කියන්නේ යන්න පුලුවන් එකෙක්ට යන්න කියලා....මොන තරම් හොඳ වාහනයක් පැද්දත් වැඩක් නෑ පාර බැස්සොත් මී හරකෙක් ඇවිල්ලා වද්දයිද කියලා හිත හිත නම් යන්නේ....
    ඔතනත් ලංකාවෙ වාසියි වාහනේ වටිනාකමෙන් 2% annually දුන්නාම ෆුල් ඉන්ශුවරන්ස් එකක් ගතහැකි.

    UK එහෙම motor insurance ගණන් බලහංකො
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔන්න ඔය පල්ලයහ එක්කෙනක් දාලා තියන ඒවා බලපන්කො, එපා වෙන් නැද්ද?
    උබ කියලා තියන ඒවගේ ඇත්තකුත් තියනවා මෙච්ච්චර වටිනා රටක් දේශපාලනේ කරන උන් විනාස කරලා දැම්මා. පුළුවන් උනොත් කොහොම හරි වෙන රටකට යන්ඩ තමා මගෙනම් අදහස කොහොම වෙයිද දන් නැ ඉතින
    ඇත්ත කතාව. නමුත් මේවා දේශපාලකයන්ගේ ප්‍රශ්නද මිනිස්සුන්ගේ ප්‍රශ්නද? අපි හැම තිස්සෙම හිතන්නේ දේශපාලකයෝ කනවා කියල, නමුත් මචං හොඳ එකෙක් ආවත් හදන්න පුළුවන් මිනිස්සු නෙවෙයි ලංකාවේ ඉන්නේ. ඒ මොකද තමන් හැදෙන්නේ නැතුව අපිට රට හදන්න බැහැ .
    ලංකාවේ මිනිස්සු එක්ක වැඩ කරන්න බැහැ තමයි. ලංකාවේ අවුල මම හරියටම කියන්නං. දේශපාලකයෝ මේක දියුණු කරන්න ඕන කියල හිතන මිනිස්සු මිසක් අපි හැමෝම තමන්ගේ ගුණධර්ම වැඩි කරගෙන එකතුවෙලා දියුණු වෙන්න ඕන කියල කවුරුත් හිතන්නේ නැහැ.
    අපිට උගන්නනකන් ඉන්නවා මිසක හිතල දෙයක් ඉගෙනගන්නේ අතලොස්සයි. ලංකාවේ බොහොමයක් අය ෂෝර්ට් කට් වලින් ජීවිතේ දිනන්න හිතන අය. එහෙම නැතුව උඩට ආවොත් ඔය දාල තියන දේවල් අවුලක් නැති වෙන්න පුළුවන්.

    ලංකාවේ දැනට තියෙන ලොකුම අවුල නීති තිබුනට ක්‍රියාත්මක වෙන mechanism එකක් නැති වීම. මේක හැදුවොත් අපේ රට දැන් තියන තත්වෙන් කණපිට ගහන්න පුළුවන්.
    බලමු.
     
    • Like
    Reactions: PHBhagya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    ඔතනත් ලංකාවෙ වාසියි වාහනේ වටිනාකමෙන් 2% annually දුන්නාම ෆුල් ඉන්ශුවරන්ස් එකක් ගතහැකි.

    UK එහෙම motor insurance ගණන් බලහංකො
    ඔව් මචන් වාහන නම් ලංකාවේ fixed deposit වගේ තමා...පාඩුවක් නැතුව දෙන්න පුලුවන් :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    ඔව් මචන් වාහන නම් ලංකාවේ fixed deposit වගේ තමා...පාඩුවක් නැතුව දෙන්න පුලුවන් :D

    වාහන නෙමේ ඉන්ශුවරන්ස් කොස්ට් ගැන කීවෙ, ලංකාවෙ අතිශයින් සාධාරණයි දියුණු රටවල් එක්ක බැලුවම
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    වාහන නෙමේ ඉන්ශුවරන්ස් කොස්ට් ගැන කීවෙ, ලංකාවෙ අතිශයින් සාධාරණයි දියුණු රටවල් එක්ක බැලුවම
    ඔව් ඔව් ..මම වාහන overall සීන් එක ගැන කිව්වේ....ඒකට අමතරව road tax තව අනන් මනන් කීයක් ජාතිද....
    හැබැයි මම දන්න තරමින් පාරේ පයින් යද්දි උනත් හැප්පිලා loss of income වගේ එකක් උනොත් ආණ්ඩුවෙන් ගෙවනවා සෑහෙන කාලයක් යනකන්...මම දන්න එකෙක්ට එහෙම ගෙව්වා....ගෙවන ඒවා කැරකිලා එනවා ඉතින් ටිකක් හරි...