Post only Officially Confirmed News

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මුස්ලිම් කියන්නේ ජාතිකත්වයක් නෙමේ නේද?
    මුස්ලිම් කියන්නේ පොදුවේ ඉස්ලාමය අදහන ඕනෑම කෙනෙකුට කියන පොදු නම.
    හරියට බෞද්ධයෝ, කතෝලිකයෝ කියන්නා වගේ.
    ඉස්ලාමය පටන් ගන්නේ මුහම්මද් නබි ( ක්‍රි:ව 570 - 632 ) ගෙන් පස්සේ...ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 1400 පැරණි ආගමක්.
    ඉස්ලාමයට සෘජුවම බලපාන්නේ ජුදා ආගම සහ ජුදා වත් පිළිවෙත්.
    watched this now
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මුස්ලිම් කියන්නේ ජාතිකත්වයක් නෙමේ නේද?
    මුස්ලිම් කියන්නේ පොදුවේ ඉස්ලාමය අදහන ඕනෑම කෙනෙකුට කියන පොදු නම.
    හරියට බෞද්ධයෝ, කතෝලිකයෝ කියන්නා වගේ.
    ඉස්ලාමය පටන් ගන්නේ මුහම්මද් නබි ( ක්‍රි:ව 570 - 632 ) ගෙන් පස්සේ...ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 1400 පැරණි ආගමක්.
    ඉස්ලාමයට සෘජුවම බලපාන්නේ ජුදා ආගම සහ ජුදා වත් පිළිවෙත්.

    how islam born (real story not the fake one)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Wesak ekata gedara indan bawana karanna. Hithatath hondai thrasthawadeenta chance ekak labenneth naha.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    “හැම බෞද්ධයෙක්ම මෙදා පාර ගෙදර සරසන්න ඕන පන්සලක් වගේ”🙏
    “අපි උපන්න මාතෘ භුමිය මැරෙන්න දෙන්න බැහැ “

    HTML:
    https://www.facebook.com/buddhaputhun.lk/videos/2313234378736377/UzpfSTEwMDAwMDU2NzQxNDQwMDoyODU0OTc3MzQ3ODY0NDg0/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    “හැම බෞද්ධයෙක්ම මෙදා පාර ගෙදර සරසන්න ඕන පන්සලක් වගේ”🙏
    “අපි උපන්න මාතෘ භුමිය මැරෙන්න දෙන්න බැහැ “

    HTML:
    https://www.facebook.com/buddhaputhun.lk/videos/2313234378736377/UzpfSTEwMDAwMDU2NzQxNDQwMDoyODU0OTc3MzQ3ODY0NDg0/

    :yes::yes:
    Wenadata wada wadipura wesak kudu 5k wath hadamu
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    bWGMM07.jpg
    :):):P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    “හැම බෞද්ධයෙක්ම මෙදා පාර ගෙදර සරසන්න ඕන පන්සලක් වගේ”🙏
    “අපි උපන්න මාතෘ භුමිය මැරෙන්න දෙන්න බැහැ “

    HTML:
    https://www.facebook.com/buddhaputhun.lk/videos/2313234378736377/UzpfSTEwMDAwMDU2NzQxNDQwMDoyODU0OTc3MzQ3ODY0NDg0/

    මෙන්න කතා... :) :love:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    දැන් මේක මේ නූලෙම 10 සැරයකට වඩා බැලුවා :lol:

    මම හිතන්නේ උඹ සිංහල බෞද්ධ නම් නෙමෙයි....:frown:

    මේ කාලකන්නින්ට චන්දෙ කීසැරයක් දීල තියනවද?

    මේක 100 සැරයක් හොඳට බලහන් මොනවාද කියල තියෙන්නේ කියල... :love:

    සිංහල බෞද්ධ නම් විශේෂයෙන් 19.00 ඉඳන් බලපන්..

    "කතෝලික සමාජය ප්‍රතිචාර දක්වපු විදිහට බෞද්ධ සමාජය ප්‍රතිචාර දක්වයි කියල හිතාගන ඉන්නවනම් එක විහිළුවක්.."
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,592
    5,454
    113
    59120987-812775585767530-2194183587618619392-n.jpg

    ඉස්ලාම් ධර්මය ලොවපුරා පතුරන සක්කිර් නයික් දිනක් ලන්ඩනයේ දී ටැක්සියකට ගොඩවිය. බීටල් සංගීත කණඩායමේ අලංකාර ගීතයක් රේඩියෝවේ වාදනය වද්දී රියඳුරා සතුටින් ගීය හෙමින් සැරේ මුමුණමින් වාහනය පදවන්න විය.

    ටික දුරක් යද්දී රියදුරාගේ පිටට තට්ටුවක් දැමූ සක්කිර් නායක් ඉතා අසතුටු මුහුණකින් මෙසේ කීය

    "කරුණාකරලා ඔය කරච්චල් රේඩියෝ එක වහනවද? මොහොමඩ් නබි තුමාගේ කාලේ ඔය සංගීතය විශේෂයෙන්ම ඔය කෆීර්ලාගේ (මුස්ලිම් ආගම නොඅදහන මිනිසුන්) බටහිර සංගීතය තිබුනේ නැහැ. මට ඒ නිසා ඕක අහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ".

    රියදුරා වාහනය පාර අයිනට කර නැවැත්වීය. ඉන්පසු කාරයෙන් බිමට බැස වටෙන් පැමිණ සක්කිර් නායක් ගේ දොර ඇරියේය.

    පුදුමයෙන් බැලූ සක්කිර් ඔබ මොකද කරන්නේ යයි රියදුරාගෙන් ඇසීය.

    "මොහොමඩ් නබිගේ කාලේ AK 47 තිබුනෙත් නැහැ, හයිජැක් කරන්න ප්ලේන් තිබුනෙත් නැහැ, මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ හිටියෙත් නැහැ, පල්ලිවල දාන්න ලවුඩ්ස් ස්පීකර් තිබුනෙත් නැහැ, ඒ වගේම ටැක්සි තිබුනෙත් නැහැ. දැන් ඉතින් මේකෙන් බැහැල ඔටුවෙක් එනකල් බලාගෙන ඉන්නවා"

    Copied
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,592
    5,454
    113
    59426463-10216317562266568-9126477334138847232-n.jpg

    ඔබ දන්නවාද

    මේ වන විට පළාත් ආරක්ෂාව පිළිබඳව පළාත් රජයේ නිලධාරීන්, දේශපාලන නායකයන් හා ආරක්ෂක අංශ එක්වී ඉදිරි සැලසුම් සහ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි.
    ඒ රැස්වීම් වල ප්‍රධානත්වය උසුලන්නේ පළාත් රජයේ විධායකයේ ප්‍රධානියා වන පළාත් ආණ්ඩුකාරවරයා ය.

    බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා අසාද් සාලි ය.
    නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරයා හිස්බුල්ලා ය. ඔවුන් දෙදෙනාටම පසුගිය ප්‍රහාර හා තවුහිඩ් ජමාත් සම්බන්ධකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත. ඒ වගේම හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේ කාර්‍යාලයේ ජීව උණ්ඩ හමුවීම, ඔහු යටතෙ සිටි අය අත්තඩංගුවට පත් වීම, ඔහු මීට පෙර සිදුකල ප්‍රකාශ ඇතුළුව ඔහු සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී ඇත.

    ඒ වගේම මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයා වන්නේ මෛත්‍රී ගුණරත්නය. ඔහු ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ නීතිඥවරයා ය.

    චෝදනාවලට ලක්වී ඇති අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධතා පවත්වන ආණ්ඩුකාරවරුන් මුලසුනේ තබාගෙන පළාත් ආරක්ෂාව පිළිබඳව ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වීමට හේතුවන බවට විශ්වාස කල හැකි ද..?
    රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන්ට සිය හෘදය සාක්ෂියට එකඟව එම රැස්වීම් වලට සහභාගී විය හැකිද..?

    ආණ්ඩුකාරවරුන් පත් කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය.

    පුරවැසියනි බලකරන්න..

    #Eastersundayattacklka
    - චමල් අකලංක පොල්වත්තගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124

    මුස්ලිම්වරුන්ට ආපහු විශ්වාසය දිනාගන්න හොඳ චාන්ස් එක, එයාලම බල කළොත් ;)
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    COLOMBO (News 1st) – මේ මොහොත වන විට රජය ගෙන ඇති තීන්දුව අනුව රජයේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන්ට හෙට පාසල් ආරම්භවීමට නියමිත වේ.
    නමුත්, රජයේ එම තීන්දුවට මහා නා හිමිවරුන් ඇතුළු සංඝරත්නය, ගුරු විදුහල්පතිවරු ඇතුළු පාර්ශව රැසකින් මේ වනවිටත් එල්ල වන්නේ නොසතුටකි.

    හෙට පාසල් ආරම්භ කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශයේ හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ උපදෙස් අනූව පාසල් පරිශ්‍ර විශේෂ සෝදිසියකට ලක් කිරීම පෙරේදා ආරම්භ වූ අතර අද ත් පාසල් රැසක සෝදිසි කිරීම් සිදු කරනු දක්නට ලැබුණි.

    කොළඹ නගරයේ පාසල් ආශ්‍රිතව ද අද විශේෂ සෝදිසි කිරීම් සිදු කෙරුණි.

    මේ අතර කොළඹ නගරයේ පාසල් සඳහා හෙට සිට රථ වාහන නැවතුම් ස්ථාන නම් කර තිබේ.

    රාජකීය විද්‍යාලයේ රථගාල් ලෙස, එෆ්.ආර්.සේනානායක මාවත, ආනන්ද කුමාරස්වාමී මාවත, ධර්මපාල මාවත හා මෙට්ලන්ඩ් පෙදෙස නම් කර ඇත.

    තර්ස්ටන් විද්‍යාලයේ රථ ගාල ලෙස නම් කර ඇත්තේ, කොළඹ 07 පදනම් ආයතනයයි.

    ඩී.එස්.සේනානායක විද්‍යාලය සඳහා කොළඹ 07 නන්දදාස කෝදාගොඩ මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, ලයනල් වෙන්ඩට් වෙන් කර තිබේ.

    මියුසියස් විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ, කොළඹ 03 පෙරහැර මාවත හා ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගණයයි.

    සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පදනම් ආයතන පාර වෙන් කර ඇති අතර, විශාකා විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ කොළඹ 04 බී.ආර්.සී. ක්‍රීඩාංගණයයි.

    ආනන්ද විද්‍යාලය, ආනන්ද බාලිකා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය, ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය හා මහින්ද විද්‍යාලය සඳහා වෙන් කර ඇත්තේ මරදාන, ආනන්ද මාවත පිහිටි වයිට් පිටියයි.

    ශාන්ත ජෝශප් විද්‍යාලය, අශෝක විද්‍යාලය හා මහාබෝධි විද්‍යාලය සඳහා කොළඹ 10 ඩී.ආර්.විජේවර්ධන මාවත වෙන් කර තිබේ.

    ආරක්ෂක විද්‍යාලයේ පාසල් වෑන් රථ හා කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීමට වෙන් කර ඇත්තේ, කොළඹ 02 යුනියන් පෙදෙස, හයිඩ් පාර්ක් පිටියයි.

    නාරහේන්පිට පොලිස් වසමේ පාසල්වල රථ ගාල ලෙස නම් කර ඇත්තේ, නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයයි.

    බොරැල්ල පොලිස් වසමේ සියලු පාසල්වල රථ ගාල ලෙස නම් කර ඇත්තේ, බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයයි.

    අධ්‍යාපන අමාත්‍යංශය හා රජයේ පාර්ශවයන් ඒ ආකාරයට සැලසුම් සකස් කළ ද ගුරු හා විදුහල්පති සංගම් හෙට පාසල් ආරම්භ කිරීමේ තීරණය සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

    ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,

    රටේ ආරක්ෂාව තහවුරු නොකර පාසල් පවත්වන්න එපා. රටපුරා දෙමාපියන් ඉල්ලනවා පාසල් පවත්වන එක නවත්වන්න මැදිහත් වෙන්න කියලා. 24 වැනි දා චක්‍රලේඛනයෙන් ආරක්ෂාව විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට පවරලා තියෙනවා. අකිල විරාජ් කාරියවසම් ලක්ෂ 2 කට ජීවිත තක්සේරු කරනවා. නමුත් දෙමාපියන්ට දරුවන් අමිල සම්පතක්.

    මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද අද රජයෙන් ඉල්ලා සිටියේ මෙවැන්නකි.

    අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි,

    දෙමව්පියෝ ගුරුවරු ඒ වගේම රටේ බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් තවම රට තුළ නෑ කියන එකයි. ඒ නිසා දෙමව්පියෝ බොහොම භීතියට පත් වෙලා තියනවා මේ අවස්ථාවේ දරුවෝ පාසල් වෙත යැවීම සඳහා. ඒ නිසා අපි ප්‍රකාශ කරනවා අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු වගකිවයුත්තන්ට තව ටිකක් සතියක් දෙකක් බලලා සියලුම පාසල් එකවර ආරම්භ කරනවනම් හොඳයි කියලා.

    විහාරධිපති සංගමයේ ප්‍රධාන ලේකම්, පූජ්‍ය රණස්ගල්ලේ ඥාණසීහ හිමි,

    සවුදි අරාබිය ඔවුන්ගේ පුරවැසියන් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඕස්ට්‍රේලියාවේ මෙහේ තානාපති කාර්යාලවල කටයුතු කරන සියලුම නිලධාරීන්ට ඒ රටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඒ වගේම අමෙරිකා යුරෝපීය ආදි අනිත් රටවල්වලින් මෙහෙ සිටින තමන්ගේ පුරවැසියන් ගෙන්වා ගැනීමට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඔවුන් මේ ත්‍රස්තවාදය පිළිබඳව යම් ආකාරයකට යමක් මෙහි තියෙන ස්වභාවය දැනගෙන තියෙනවා. මෙකී අවස්ථාව තුළ එකපාරටම අපේ දරුවන් 06 වෙනි දා පාසල් ආරම්භ කරලා යැවීමට තීරණය කිරීම මම හිතනවා තව වතාවක් හිතන්නට වුවමනායි කියලා.

    රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති, ආචාර්ය මාඉටිපේ විමලසාර හිමි

    එක පොලිස් නිලධාරියෙකුට පාසලකට ආරක්ෂාව සැපයිය හැකිනම් මෙච්චර එක මන්ත්‍රීවරයෙකුට විශාල පොලිස් සංඛ්‍යාවක් එක ඇමතිවරයෙකුට විශාල පොලිස් සංඛ්‍යාවක්, අගමැතිතුමාට විශාල පොලිස් සංඛ්‍යාවක්, ජනාධිපතිතුමාට විශාල පොලිස් සංඛ්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමස්ත පාඨශාලාවකට එක පොලිසියේ එක්කෙනෙක්ට පුළුවන් නම් එක පුද්ගලයෙක් වෙනුවෙන් විශාල පිරිසක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි අපිට පැහැදිලිව කියන්න පුළුවන් එකම දේ.

    මේ අතර ගල්කිස්ස ශාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ කාන්තා විදුහල ඇතුළු ලංකා සභාව යටතේ පවතින පාසල් ආරම්භය පිළිබඳව බලය එම විද්‍යාල පාලනාධිකාරියට පවරා ඇතැයි ලංකා කතෝලික සභාව සඳහන් කළේ ය.

    ඒ, පිළිබඳව ඒ ඒ පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කරනු ඇතැයි ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය.