ෆාස්ට් චාජින් වැඩ කරන්නෙ මෙහෙමයි, නෝමල් USB එකකින් ගන්න පුලුවන් 5V සහ උපරිම 2.4A වගේ විතරයි. හැබැයි ෆාස්ට් චාජ් කරන්න නම් චැඩි පවර් එකක් USB එකෙන්ම ඩිලිවර් කරන්න වෙනවා. ඒකට හදපු සොලුශන් එක තමයි USB එකෙන්ම චාජ් කරන්න කලින් ඩිවයිස් එක සහ USB චාජරේ අතර කමියුනිකේශන් එකක් කරලා සාමාන්‍ය 5V නැතිව ඊට වඩා වැඩ වෝල්ටේජ් එකක් චාජරෙන් ගන්න එක. මේ විදියට 9v/12v/...20v වෙනකන් වගේ ගන්න පුලුවන්
මේ වැඩේ කරන්න Qualcomm එකෙන් ඩිවලොප් කරා ක්‍රමයක් ඒකට තමයි Quick Charge කියලා කියන්නෙ, මේකෙදි චාජරේත් එයාලම හදපු චිප් එහෙම තියෙන්න ඕන ඩිවයිස් එකෙත් ඒ චිප්ම තියෙන්න ඕන, මොකද මේක ටිකක් ප්‍රොප්රයිටරි ටෙක්නොලජි එකක්.
USB type C පොපියලර් වීමත් එක්කම මේ වැඩේ කරන්න ඔපන් ටෙක්නොලොජි එකකුත් ඩිවලොප් කරා ඒක තමයි PD කියන්නෙ (Power Delivery) මේ දෙකේ වෙනස්කම් තියනවා, PD එක QC වලට වඩා ගොඩක් ලොකු පවර් එකක් ඩිලිවර් කරන්න පුලුවන්. උදාහරනයක් විදියට අලුත් මැක්බුක් වලට එහෙම චාජ් කරද්දි ඕන නම් 100W වෙනකන් USB එකෙන් ඩිලිවර් කරන්න පුලුවන්. සාමාන්‍යෙන් Qualcomm චිප් තියන ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වල QC තමයි තියෙන්නෙ. ඇපල් ඩිවයිස් වල ෆාස්ට් චාජින් වැඩ කරන්නෙ PD වලින්.
QC 4 තියනවා නම් ඒක PD වලටත් සපෝට් කරනවා (මීට වඩා සෑහෙන දේවල් මේ ෆාස්ට් චාජින් ටෙක්නොලොජි වලින් කරනවා, උදාහරනයක් විදියට තර්මල් මැනේජ්මන්ට් වගේ)
QC නෝමල් USB එක්ක වැඩ කරාට PD වැඩ කරන්න Type C අනිවාර්යයි, ඒක නිසා පවර් බෑන්ක් එකේ PD වැඩ කරන්නෙ Type C පෝට් එකේ විතරයි, අයිෆෝන් එකක් නම් තියෙන්නෙ Type C to lightning කේබල් එකක් ගන්න වෙනවා, නෝමල් කේබල් එක යූස් කරනවා නම් 5V/2A වගේ චාජ් වෙනවා ඒකත් ගොඩක් ඉකමන් හැබැයි ෆාස්ට් චාජ් තරම් ඉක්මන් නැහැ
Powerbank 3 එක ගන්න පුලුවන් නම් හොදයි මොකද අලුත් එක සහ ඒවයෙ එෆිශන්සි එක වැඩි නිසා , 3 එකේ මොඩල් නම්බර් එක PLM12ZM ඔෆීශියල් සයිට් වල හොයන්න අමාරුයි ඒත් ඇඩ්වටයිස් කරලා තියන හැම තැනම කියන්නෙ QC ගැන
ඒ උනත් ඔය 2C කියන එකත් අවුලක් වෙන්නෙ නැහැ මොකද ඒකෙ මොඩල් නම්බර් එක PLM09ZM ඔෆීශියල් සයිට් වල බැලුවම කියනවා මල්ටිපල් ෆාස්ට් චාජින් ටෙක්නොලොජි සපෝටඩ් කියලා හැබැයි මොනවද කියලා නැහැ ඒ කියන්නෙ බොහෝ විට QC/PD වෙන්න පුලුවන්