5V 5.7A වලින් චාජ් වෙන ෆෝන් එක මොකද්ද?
හොද USB කේබල් එකක් උනත් 3A වලට වඩා කරන්ට් එකකට ඔරොත්තු දෙන්නෙ නැහැ, සාමාන්‍යෙන් 5V 2.4A තමයි උපරිම 5V වලින් ඩිලිවර් කරන්නෙ (වෝල්ටේජ් එක වෙනස් නොකර)
5.7A යනවා කියන්නෙ ඒකට වෙනම කේබල් එහෙම ඩිසයින් කරන්න ඕන කොයි තරම් හොද කේබල් එකකින් උනත් USB කේබල් එකක 5.7A ගෙනියනවා කියන්නෙ ටිකක් අමාරු දෙයක්.
බැටරි රත් වෙන එක නිසා නෙමයි මෙන්න මේ හේතුව නිසා තමයි ෆාස්ට් චාජින් වලදි වෝල්ටේජ් එක වැඩි කරලා වැඩි පවර් එකක් ඩිලිවර් කරන්නෙ
උදාහරනයක් විදියට 5V 5.7A වලින් 28W ඩිලිවර් කරනවට වඩා PD යූස් කරලා 14.5V 2A ඩිලිවර් කරන එක ලේසියි මොකද විශේශ කේබල් එහෙම ඕන නැහැ. සාමාන්‍ය කේබල්ම යූස් කරන්න පුලුවන්
අනික් එක තමයි දැනට තියන ලිතියම් අයන් බැටරි හරියට චාජ් කරන්න ඕන CC/CV සයිකල් එක ලේසියෙන්ම මේන්ටේන් කරන්න පුලුවන් වේරියබල් වෝල්ටේජ් චාජර් යූස් කරනවා නම්