Prison Break Season 5 (2016) : සහෝදරයන් දෙදෙනා නැවතත්….

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
Prison Break Season 5 (2016) : සහෝදරයන් දෙදෙනා නැවතත්….

resizedimage600298-Standard-Image-Size-Prison-Break.jpg


Prison Break පස්වෙනි කතාමාලාව නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කලා “Fox” නාලිකාව…:shocked::shocked::shocked::shocked::shocked:ඇඩෙනවා යකෝව්……

11822592_10206529013177994_6243473717342159803_n.jpg


දැන් පුදුම ඇතිනේ. පොඩි විස්තරයක් දෙන්නම්. තවම වැඩි විස්තරයක් ප්‍රේක්ෂකයන් වෙත දීලා නම් නැහැ. නමුත් 2016 මෙය විකාශය කිරීමට බලාපොරොත්තු වෙන බවට සදහන් කළා. මේ පස්වෙනි කතාමාලාව කොටස් දහයකින් යුක්ත වේ. ඒවගේම මේකේ විශේෂ යමක් සදහනක් තියෙනවා ඒ තමා, Wentworth Miller(මයිකල් ස්කොෆීල්ඩ්) හා Dominic Purcell ( ලින්කන් ) මේ දෙදෙනා සදහන් කලා “It’s going to bring back both brothers” ( සහෝදරයන් නැවතත්) . දැන් හිතෙනවා ඇතිනේ මයිකල් ඉන්නේ කොහොමද, එයා හතරවෙනි කතාමාලාවේ මැරුණා කියලා. ඒවගේම එයාගේ සොහනත් පෙන්නුවා. නමුත් එයාගේ මල සිරුරක් පෙන්නුවේ නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න ඒ ගැන. මොකද මයිකල් ස්කොෆීල්ඩ් කියන්නේ ඕනේ කෙනෙක්ව ලස්සනට මෝඩයට අන්දන්න පුලුවන් කෙනෙක් ඒවගේම සුපිරි මොළකාරයෙක්.

images


මයිකල් ස්කෝෆීල්ඩ් බේරුනේ කොහොමද? ඔහුව හිරේට අහු වෙනවද? වෙනවනං අනිත් අය සොහොනකට එන්නෙ නෑ. නැත්තං ඒකත් සැලැස්මක කොටසක්ද? මයිකල්ගෙ හැකියාවන් නිසා දිගින් දිගට ගැටලු ඇතිවන බැවින් අනිත් අය ආරක්ෂා කරන්න ඔහු පැනලා ගිහින්ද? ඔහුව විශේෂ මෙහෙයුමකට යොදාගෙනද?

PrisonBar640.jpg


අන්තිම වෙලාවෙ ඔහු ඇත්තටම කරේ මොකක්ද? අන්තිමට තියඩෝර් ගින්නක් ඇති කලාද? නැත්තං මයිකල් කරපු දේ මාරනික දෙයක් නොව අහුවෙන්නට ඉඩකඩ ඇති දෙයක්ද?හිරේ ඇතුලෙ මේ පාර කතාව ගෙතුනොත් හොදයි. මොකද එළියෙ එපි වලට වඩා ඇතුලෙ එපි ගොඩක් හොදයි.

prison-break-cast.jpg


විශේෂයෙන්ම කියන්න ඕනේ තවම කිසිදු නිලමය වශයෙන් පුර්ව ප්‍රචාරක පටයක් අන්තර්ජාලයට මුදා හැරලා නැහැ කියලත්. ඒ නිසා ව්‍යාජ පුර්ව ප්‍රචාරක පට දැකලා රැවටෙන්න එපා. :lol::lol::lol:
මං එහෙනම් යනවා. තවත් අලුත් දෙයක් හොයාගෙන ඉක්මණින් ඇවිත් දැනුවත් කරන්නම්. ජයෙන් ජය හැමෝටම..!!:P:P:P:P:Pරෙපොර්ස්ට් ද දන්නේ නැහැ, නිව්ස් එක හොදයි නම් සලකගෙනම යන්න :rolleyes:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ මැක්සා කතාවක් ඕක.
    මයිකල් කාරයා මැරුණු වෙලාවේ මට කදුලුත් ආවා බන් සිරාවට.
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ubala final break aka baluwada? 1.30 hours movie akak awa 4th Season aka ewara unata passe. Anna ake pennawa Michel kohomada marune kiyala. Kellawa beraganna gihin mu marenne.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,406
    20,840
    113
    Panadura
    අලුත් කතා මාලාව එන තෙක් බලාගෙන සිටින්නෙමු
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩෝ මැක්සා කතාවක් ඕක.
    මයිකල් කාරයා මැරුණු වෙලාවේ මට කදුලුත් ආවා බන් සිරාවට.

    උන් මයිකල්ව මරපු එක හරිම වැරදියි මචං.. කෝටි ගණනක ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු එහෙම අවතක්සේරු කරපු එක වැරදියි... කතා මාලාවේ දුවපු තීම් එකට අමතරම මයිකල් / සේරා ආදර කතාවත් හරිම ලස්සනට කතාව දිගේ ඇදිල ගියා.. කටින් කිව්වේ නැති උනාට මයිකල් සේරාටත් , සේරා මයිකල්ටත් ආදරේ කරපු විදිහ හරිම සංවේදීව නිර්මාණය කරලා තුබුන ප්‍රිස්න් බ්රේක් එක ඇතුලේ.. අනෙකුත් සුවිශේෂී චරිත ඇතුලේ සුක්‍රේ කියන චරිතය හරිම ආකර්ශනීයයි..

    එත්.. සේරා මැරිලා ආපහු උපද්දපු උන්ට මයිකල්ව ආපහු උපද්දවන එක සිම්පල් වැඩක් වෙයි වැඩේ ආයේ පටන් ගත්තොත්. මොකද උන් අපිට මයිකල්ගේ ඩෙඩ් බොඩි එක කොතැනවත් පෙන්නුවේ නැහැ..