අපේ නෑදෑ වෙන අවුරුදු 32 ක් වෙන අයියා කෙනෙක්ට ප්‍රපෝසල් බලනවා මේ ටිකේම..
අපිත් ඉතින් යනවා නෑදෑයෝ වශයෙන් ඒවාට උදව්වක් වශයෙන්.
අයියා බුවාට ඔක්කොම අධ්‍යාපන සුදුසුකම් මාසටර්ස් වෙනකම් තියෙනවා ජොබ්ස් තියෙනවා ඒ ටික තිබ්බට පොරට ඔය ෆේස්බුක් වගේ සොසල් මීඩීය හා අන්තර්ජාලය හා සම්බද්ධ දැනුම නෑ.

අර බලන්න යන කෙල්ලෝ මාර ආතල් බන් ගන්නේ කොල්ලොන්ගෙන්.. බොරුමයි කරන්නේ..
එක පාරක් කොලබ එකක් බැලුවා අපි ගියේ නෑ ඒකට..
ඒ කෙල්ලට මොරටු කැම්පස් කෙල්ලෙක්..
මූ එක්ක ෆේස්බුක් එකෙන් චැට් කරලා ෆොටෝ එහෙම හුවමාරු කරන් තිබ්බා..

ඒකී එකීගේ ඔරිජිනල් ෆේස්බුක් එකවුන්ට් එක ඩිඇක්ටිවේට් කරලා පවුලේ අය විතරක් යාලුවෝ විදිහට ඉන්න වෙන එකවුන්ට් එකකට මූව ඇඩ් කරන් තමා චැට් කරන්නේ..

කිසිම හොරයක් අල්ල ගන්න බෑ ඉතින් !

ඔරිජිනල් එකවුන්ට් එකේ යාලුවෝ 3000 ත් පැනලා , ෆොටෝස් ගොඩයි..
තව එකක් බලන්න ගියා ! ඒකී කුරුනෑගල පැත්තේ..
ඒකී බලන්න යන්න කලින් නම හොයන් ෆේස්බුකෙන් කෙල්ලව හොයා ගත්තා..

ෆොටෝස් ගොඩයි.. ලොකුවට ලස්සනක් නෑ තලේලුයි.. කොටයි.. කෙට්ටුයි..
ඇත්ත සවරූමයෙන්ම ඉන්න ෆොටෝස් ගොඩක් තිබ්බා ඒකේ..

මම ඉතින් ඕය ටික ඔක්කොම බලලා තිබ්බා..
දැන් අපි ගෙදරට ගිහින් කතා කරාම ඒකී ආවේ කහපාට ක්‍රීම් පාට මික්ස් උන සාරියක් ඇදන් ඒ පාටටම මුහුන මේකප් කරන් , ඒ පාටින්ම අතයි බෙල්ලයි , කකුලුත් කරලා..

දකින කෙනෙක්ට පේන්නේ ඇත්තටම සුදුයි කියලා.

පස්සේ ඒකී මූව ෆේස්බුක් එකට ඇඩ් කරන් , ෆේස්බුක් එකට තියෙන්නේ ෆොටෝ 6 යි..
අනිත් ඔක්කොම ෆෝටොස් පේන්නේ නැති කරලා..

කොහොමද මොලේ//
මම නම් දැක්ක ගමන්ම කීවා කෙල්ල වසයි ලේසී වෙන්නේ නෑ කියලා..

පස්සේ ඒකම වෙලා හරි ගියේ නෑ.
දැන් ඉන්න එවුන් ඔහොම තමා ගේම් දෙන්නේ..

සෝසල් මීඩීයා වලින් ඔක්කොම විස්තර ඇදලා ගන්න පුලුවන් අපි ඒ ගැන දැනන් හිටියොත්..

අපේ පැත්තෙන් ඒක ලොකු වාසියක්..
එහෙම නොවුනොත් නම් ලෝක අමාරුවේ වැටෙන්නේ..

තාක්සනය එක්ක කෙල්ලොත් මික්ස් වෙලා ඉන්නේ..
අනික ප්‍රපෝසල් එකට කැමති උනාම..
ගොඩක් උන් බහුතරයම ඒ පවුලේ අය කරන්නේ කෙල්ලට අවස්තාවක් දෙන්නේ නෑ හමුවෙලා තනියම කතා කරන්න.
ඒකට වැට බැදලා ෆේස්බුක් හා දුරකතන සංවාද වලට විතරයි ඉඩ දෙන්නේ..

බදින්න කලින් එහෙම යන්න හොද නෑ කියලත් එක එක මගුල් ඔලුවට දානවා.

එහෙම දාන්නේ එක්කෝ කෙල්ලගේ අවුලක් තියෙනවා නම් රූපේ හරි වෙන මොකක් හරි ඒක දැනගන්න එක නැති කරන එක..

ඉතින් බැන්දට පස්සේ ඇත්ත එලි වෙනවා.

එතකොට කරන්න දෙයක් නෑ බැදගත්ත බෙරේ ගහනවා ඇරෙන්න.
