PS5
උඹේ ලඟ අඩුම 4K, 120fps සපෝට් කරන ඩිස්ප්ලේ එකක් වත් නැත්තං Pro එක අරං වැඩක් නැහැ, ඒ තිබුනත් ගාන ජස්ටිෆයි කරන්න අමාරුයි
මගේ ලඟ Slim වර්ශන් එක තියෙන්නෙ 4K 120 Display එකක් තියෙන්නෙ, Performance/Graphics වල කිසිම ප්‍රශ්නයක් නැහැ
Pro එකේ ස්ටෝරේජ් එක වැඩි එකේ පොඩි වාසියක් තියනවා, අලුත් COD ගේම් 3ක් ඉනස්ටෝල් කරපු ගමන් 1TB ඉවරයි, ඒත් PS5 එකට NVM-E ඩ්‍රයිවු එකක් ගහ ගන්න පුලුවන් පස්සෙ ඕන උනොත්
ගේම් වල ගාන තමයි අවුල, අන්තිමට ආපු COD එහෙම $99 ගේම් එකක්, Sale යන වෙලාවටත් $79-$69 ක් වගේ වෙන්නෙ. පරන PS4 ගේම් ටිකක් අඩුවට තියනවා, ඒව නං ගොඩක්ම අඩුවට සේල් යනවා
XBOX වල පොඩි වාසියක් තියෙන්නෙ ඕනම XBOX ගේම් එකක් ඒකෙ තියනවානේ 360 ගේම් උනත් ස්ටෝ එකේ තියනවා. ඒව ගොඩක්ම අඩුවට තියෙන්නෙ. PS5 එකේ තියෙන්නෙ PS5 and PS4 ඒව විතරයි. මොනවා හරි තව පරන PS ගේම් සෙට් එකක් තියන සීන් එකක් තියනවා මම ඒව අරගෙන බලලා නැහැ