Pudumai ath aththai Part 2.....

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    thaxaddrep.png
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    12.12.12 12.12 ලංකාවේ සිදු වූ දරු උපත


    rathnapura.jpg



    2012.12.12 යනු කලක් ලෝක විනාසය සිදු වෙතැයි අපේක්ෂා කල දිනය වේ. 2012.12.12 දහවල් 12:12 ට ලංකාවේ රත්නපුර ප්‍රදේශයෙන් අපුරු දරු උපතක් සිදුවිය.

    රත්නපුර මහා රෝහලේ ඉලක්කම් පහකින් සිදුවු සිදුවූ මෙම දරු උපත ලංකාවේ සිදුවූ එවැනි එකම දරු උපත බවට පත්විය හැකි බවට වාර්තා වේ.

    මෙවැනි වෙලාවක දරු උපතක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව දියණියකට දරු ප්‍රසුතිය ලබාදී තිබුනේ රත්නපුර ප්‍රදේශයේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය විසිනුයි.

    දැනටමත් ජෝතිශ්‍යවෙදින් විසින් මත පලකොට ඇත්තේ මෙම දියණියගේ කේන්ද්‍රය ඉතා බලගතු එකක් ලෙසය.

    උපන් දිනය හා වේලාවට වඩා තමාට වටින්නේ දරු සම්පත බව ගයනි සුසන්තිකා මහත්මිය පවසන අතර දැරියගේ පියා වන වෘතියෙන් මැණික් ව්‍යාපාරිකයෙකු වන රුක්මන් ගුණතිලක මහතා පැවසුවේ තම බිරියත් තමාත් ලොව සිටින වාසනාවන්තම මවත් පියාත් බවට පත්වූ බවයි.
     
    Last edited:

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    12-12-12 දවසේ දරුවාගේ ඇඟිලිත් 12 යි

    angi1.jpg


    පසුගිය 12 වනදා විශේෂ ඉලක්කමකින් යුතු දිනයක් සටහන්වූ ආකාරය හැමතැනම කථා බහ වුණා. වසර දහසකට වරක් එළැඹෙන 12-12-12 මේ අපූරු දිනයේ ඇගිලි 12 ක පිරිමි දරුවෙකු උපන් පුවත වාර්තා වූයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙනි.

    එම දරුවාගේ උපතේදී අතක ඇඟිලි 5 ක් වෙනුවට 6 ක් ඇති අතර අත් දෙකේම ඇඟිලි 6 බැගින් ඇඟිලි 12 ක් පිහිටා ඇත.

    කේරළයේ කොට්ටයම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක මේ දරු උපත සිදුවුණා. දරුවාගේ පියා වන ෂානු රියදුරෙකි. මවගේ නම නිව්යාය. 12-12-12 දින උදේ 9.07 ට සාමාන්‍ය දරු උපතක් ලෙස මෙම දරුවා ප්‍රසූත කළ බවත් 12 වැන්න සමරන දිනයක ඇ`ගිලි 12 කින් උපත ලැබීම හාස්කමක් ලෙස සකන බවත් ඔවුන් කියනවා.

    සැත්කම් සිදු කර දරුවාගේ අනවශ්‍ය ඇඟිලි ඉවත් නොකරන බවද ඔවුන් මාධ්‍යයට පවසා තිඛෙනවා.

    angi1.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ස්වයංක්‍රීයව වැසෙන දුම්රිය ගේට්ටුව

    දුම්රිය හරස් මාර්ග වල සිදුවන අනතුරු වල වර්ධනයක් පසුගිය කාලයේ පෙන්නුම් කළා.

    එවන් අනතුරු වලක්වාගැනීම සඳහා ස්වයංක්‍රීය ව වැසෙන දුම්රිය ගේට්ටුවන් නිපදවීමට විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන සරත් විමලසූරිය මහතා ට හැකිවී තිබෙනවා.

    කිලෝමීටර් 1.5ක පමණ දුරින් පැමිනෙන විට ගුවන් විදුලි තරංග මාර්ගයෙන් එය හඳුනාගන දුම්රිය ගේට්ටුවේ සයිරන් නලා හැඬවීම හා අනතුරු ආලෝක දැල්වීමක් සිදුවේ.

    අනතුරුව ස්වයංක්‍රීයව ගේට්ටුව වසාදමන මෙම නව උපකරණය මඟින් නැවත දුම්රිය ගේටුවෙන් ඉවත්ව යත්ම ස්වයංක්‍රීයව ගේට්ටුව විවෘත වීමක් මෙහිදී සිදුවේ.

    මෙය ක්‍රියා කරන්නේ සූර්ය බලයෙන් නිසා ඕනෑම ප්‍රදේශයක මෙම ගේට්ටුව භාවිතා කළ හැකිය.

    Electricfence.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසක්

    මොළය මැද අඟල් 3.25ක් දිග ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසකු පිළිබඳ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ චිකාගෝ හි වෙසෙන ඩාන්ටේ අව්ටුල්ලෝ නම් 34 වියැති පුද්ගලයෙකි.තම වැඩපොලෙහි යම්කිසි වැඩක නිරත වී සිටි ඩාන්ටේ ගේ හිසෙහි ඇණ විදින යන්ත‍්‍රයක් (Nail gun) වැදී අතර, මේ හේතුවෙන් ඔහුගේ නළල ද තුවාල වී ඇත.කෙසේ වෙතත්, තම හිස තුළට ඇණයක් විදී ඇතැයි ඩාන්ටේ දැනසිට නැත.
    පසුගිය දිනයේදී අසනීප තත්ත්වයකින පසුවී ඇති ඩාන්ටේ වෛදවරයෙකු හමුවීමට ගොස් ඇති අතර, ඔහුගේ මොළය මැද ඇණයක් තිබෙන බව එක්ස් කිරණ පරීක්‍ෂණයකින් හෙළි වී ඇත.යන්ත‍්‍රය නළලේ වැදුනු අවස්ථාවේදී එහි සංවේදකයට පැතලි පෘෂ්ඨයක් සංවේදය වී ඇති අතර, ඉන් අනතුරුව එම යන්ත‍්‍රය ස්වයංකී‍්‍රයව කි‍්‍රයාත්මක වී ඇත.

    මෙම ඇණය තිබී ඇත්තේ ශරීරයේ චලනයන් පාලනය කරන මොළයේ කොටසට මිලිමීටර කිහිපයක් ආසන්නයෙන් බව විදෙස් වාර්තා වාර්තා කරයි.පසුව ඉලිනොයි ප‍්‍රාන්තයේ ඕක් ලෝන් ප‍්‍රදේශයේ ඇඞ්වකේට් ක‍්‍රයිස්ට් වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදුකරන ලද පැය දෙකක ශල්‍යකර්මයකින් පසුව මෙම ඇණය ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.

    ශල්‍යකර්මයයෙන් පසුව විවේකීව සිටින ඩාන්ටේ ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    head.jpeg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    හුලං නොබසින ටයරයක් ලංකාවෙන්

    tyre.jpeg


    යක්කලමුල්ල කොට්ටව ප‍‍්‍රදේශයේ විදුලි කාර්මිකයකු නවතම ක‍්‍රමවේදයක් අනුව හුලං නොබසින ටයරයක් නිර්මාණය කර තිබෙනවා.

    මේ ටයරය ටියුබය නොමැතිව නිර්මාණය කර තිබෙනවා.

    හුලං පුරවන ලද කුඩා රබර් බෝල උපයෝගි කර ගනිමින් තියුණු තුඩු සහිත ඕනෑම මතුපිටක් උඩින් ටයරය ධාවනය කළ හැකි ආකාරයට මෙය සකස්කර තිබෙනවා.

    ටයරයට හෝ රබර් බෝලවලට හානියක් නැත.

    බයිසිකල් ටයරයක ටියුබය ඉවත් කොට හුලං ගසන කරාමය තුළින් සිහින්ව සකසන ලද සුළං පුරවන ලද කුඩා රබර් බෝල ඇතුළත් කිරීම මගින් මෙම ටයරට නිර්මාණය කර තිබෙනවා.

    ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකි ලෙස ටයර් නිර්මාණය කිරීමට දක්ෂ මෙම තරුණයා මෝටර් රථයේ ප‍්‍රමාණය අනුව මෙම රබර් බෝල පීඩනයට ඔරොත්තු දෙන ආකාරයට සකස් කර තිබෙනවා.

    බස්, කාර්, ලොරි ආදි වහනවලටද යතුරු පැදි පාපැදි ආදි ඕනෑම වාහනයකට මෙම ක‍්‍රමය මගින් ටියුබ් රහිතව හුලං වෙනුවට හුලං පුරවන ලද මෙම රබර් බෝල උපයෝගි කර ගෙන ටයරය ධාවනය සඳහා යෙදවිය හැකි බවද පැවසෙනවා.

    මෙම ටයරයේ රිම් එකේ ඇති හුලං ටයරයට ඇතුළු කරන ස්ථානයෙන් තෙල් ස්වල්පයක්ද යොදා හුලං පුරවන ලද රබර් බෝල ඇතුළත් කිරීම සිදුකරනු ලබනවා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අඩි 11ක් පමණ උසට වැවෙන ‘ස්වයංජාත’ වී

    v1.jpg


    වියළි කාලගුණික තත්ත්වයටද ඔරොත්තු දෙන, අඩි 11ක් පමණ උසට වැවෙන අසාමාන්‍ය ගති ලක්ෂණ සහිත ඉපැරණි වී වර්ගයක් පිළිබඳව පර්යේෂණයක් ආරම්භකර ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතා පැවැසීය.

    තවම නිශ්චිතව හඳුනාගෙන නැති එම වී වර්ගයේ සාම්පලයක් මීට මාස හතරකට පමණ පෙර බෙලිහුල්ඔය පිහිටි සබරගමුව විශ්වවිද්‍යාල භූමියේ රෝපණය කර ඇති අතර මේ වනවිට එය අඩි 11ක් පමණ උසට වැවී තිබේ. දැන් එහි වී කරල් 12ක් පීදි ඇති අතර එය වැඩිදුර පර්යේෂණට ලක්කිරීමෙන් වී වර්ගය කුමක්ද? එහි වර්ධන රටාව, ‍පෝෂණීය ගුණ, පෞරාණිකභාවය සහ ජාන සංයුතිය ආදී කාරණා සොයා බැලීමට කටයුතු කරගෙන යන බවද ආචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතා සඳහන් කළේය.

    ඔහු පවසන අන්දමට ‘මා වී’ වර්ග හැරෙන්නට මින් පෙර මෙබඳු වී වර්ගයක් වාර්තාවූ බවක් අසන්නට නැත. හඳුනා නොගත් වී වර්ගය යාපා මහතාට හමුවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිම‍ලේ ප්‍රදේශයේ ගෙවිලියකගෙනි. ඒ නියං තත්ත්වයන්ට ඔරොත්තු දෙන වී වර්ග ඇතුළු ධාන්‍ය බෝග පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත කරගෙන ගිය අධ්‍යයන කටයුත්තකදීය.

    ගෙවිලිය පවසා ඇති ආකාරයට, ඇයට වී සාම්පලය ලැබි ඇත්තේ වෙනත් කෙනෙකුගෙනි. ඒ තැනැත්තා ඇයට කියා ඇත්තේ වී සාම්පලය පුරාවිද්‍යා කැණීමකදී හමුවූ බවයි. මේ නිසා තමන්ට වී සාම්පලයේ පැරණි මූලාශ්‍රය පිළිබඳව නිශ්චිතව තහවුරු කරගත නොහැකිවූ බව ද යාපා මහතා පැවැසීය.

    තන්තිරිම‍ලේ ගෙවිලිය, යාපා මහතාට දුන් සාම්පලයට වී ඇට 24ක් අඩංගුව තිබිණි. එය පර්යේෂණයකට ප්‍රමාණවත් නොවූ හෙයින් බෝකර ගැනීම පිණිස මීට මාස හතරකට පමණ ඉහත බෙලිහුල්ඔය, කොළඹගෙආර සහ කෑගල්ල යන ප්‍රදේශවල රෝපණය කෙරිණි.

    “මේ ශාකයට එතරම් ජලය ඕන නෑ. අඩි 10-11ක් විතර උස යනවා. හරියට ඉදල් ඉරිඟු ගහක් වගෙයි. ශාකයේ කඳ මහතයි. පත්‍ර පළලයි. පඳුරු දමනවා. අපි සාම්පලය වගා කළේ කිසිදු රසායනික ‍පොහොර භාවිතාවක් නැතිවයි. මුල් සාම්පලයේ විශේෂ ලක්ෂණයක් තිබුණා. ඒ වී ඇට, අත්‍ලේ තියා පිරිමැද්දාම ඉතා පහසුවෙන් ‍පොතු ඉවත් වෙනවා. වැවුණු ගොයම් ගස දැක්කාම මේක පැරණි වී වර්ගයක් බවත් පේනවා. පැරණි වී ගැන අත්දැකීම් ඇති බොහොම දෙනෙක් මේක බලන්න ආවා. ඒත් කිසිවෙකු මේ කුමන වී වර්ගයක් දැයි හරියටම හඳුනා ගත්තේ නෑ. මේකේ වී අස්වැන්න ආවාම අපි වී වර්ගය කුමක්ද, ජාන සංයුතිය කුමක්ද ආදී වශයෙන් තොරතුරු රාශියක් හෙළිකර ගන්න බලා‍පොරොත්තු වෙනවා. නියං කාලයේදී වගාකර ගන්නට හැකි වී වර්ගයක් නම් මේක රටට හොඳ වේවි” යැයිද ආචාර්ය යාපා මහතා කීය.

    මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේ, පුරාවිද්‍යා කැණීමකින් මෙබඳු වී සාම්පලයක් හමුවූ බවක් වාර්තාවී නැති බවයි.

    2008 වසරේදී තිස්සමහාරාම කැණීමෙන් හමුවූ ක්‍රි.පූ. 03 වැනි සියවසට අයත් යයි සැලකෙන වී මුට්ටියේ තිබුණු වී ඇටද දිරාගොස් තිබුණු බව ඔහු කීය. එම වී ගැන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගේ ප්‍රධානත්වයෙන් දැනට පර්යේෂණයක් කෙරෙමින් පවතින බවද හෙතෙම පැවැසීය.

    වසර සිය ගණනක් පැරණි වී සාම්පලයකට, ප්‍රරෝහණ ශක්තියක් තිබිය හැකි දැයි කළ විමසුමකට පිළිතුරු දෙමින්, මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කියා සිටියේ, වී ඇටයක ඇති පිෂ්ඨය වසරක් හමාරක දී දිරායන බැවින් එහි ප්‍රරෝහණ ශක්තිය නැතිව යාම සාමාන්‍ය ස්වභාවයක් බවයි. එහෙත් ඉපැරණි වී වර්ග සම්බන්ධයෙන් එබඳු ප්‍රාතිහාර්ය තිබෙන්නට ඇතැයි යන අදහසද තමන් බැහැර නොකරන බවයි. ආචාර්ය යාපා මහතා කරන පර්යේෂණ ලංකාවේ පැරණි වී වර්ග ගැන වැදගත් අධ්‍යයනයක් වේයයි තමන් සිතන බවද ඔහු කීය.

    වසර සිය ගණනක් පැරණි වී සාම්පලයකට, ප්‍රරෝහණ ශක්තියක් තිබිය හැකි දැයි යන ප්‍රශ්නය, ආචාර්ය යාපා මහතාටද යොමුකළ අතර ඔහු මෙසේ කීය. “මේක හරි පුදුමයි. වර්තමානයේ අපි දකින වී ඇටවල එහෙම ප්‍රරෝහණ ශක්තියක් නෑ. එහෙත් මේක අසාමාන්‍යයයි. ඉපැරණි රජවරුන්ගේ කාලයේ දීර්ඝ නියං කාලෙට ඔරොත්තු දෙන වී වර්ග වගා කළා නම් ඒවා බොහෝ කලක් සුරක්ෂිතව තබා ගන්න ක්‍රම තියෙන්නත් ඇති. මේ සාම්පලය ඒ වගේ එකක්ද දන්නේ නෑ. මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න නම්, මට ලැබුණු වී සාම්පලයේ පෞරාණිකභාවය තවදුරටත් තහවුරු කර ගන්න ඕනෑ. ඒ මුල් තොරතුරු ලැබුණේ නෑ. එබැවින් වගා කළ සාම්පලයේ අස්වනු මගින් එය කොතෙක් පැරණි වී වර්ගයක්ද එහි ප්‍රරෝහණ ශක්තිය කෙසේද යන්න ආදී කාරණා ගැන සොයා ගන්න අපි කටයුතු කරනවා.”

    වී සාම්පලය ලැබුණු තන්තිරිම‍ලේ ගොවීන් එය ‘ස්වයංජාත’ යනුවෙන් හඳුන්වන බවද යාපා මහතා කීය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇරඹෙයි

    railway.jpg


    ලෝකයේ දිගම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු චීනය ඊයේ ආරම්භ කළේය. එය චීනයේ අධිවේගී දුම්රිය ජාලයේ නවතම සන්ධිස්ථාන ලෙස සැලකී තිබේ.

    බීජිං හා ගුවාන්ෂෝ අතර කිලෝමීටර 2298 ක් දුර මේ නව දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමඟ මෙතෙක් පැය 22 ක ගමනක යෙදුණු මගීන්ට මින්පසු ඒ සඳහා වැයවනු ඇත්තේ පැය 8 ක් පමණි.

    බිජිං බටහිර දුම්රියපොලෙන් මේ මාර්ග‍යේ දිවෙන පළමුවන දුම්රිය ගමන් අරඹනු මධ්‍ය රූපවාහිනි ජාලයෙන් විකාශනය කෙරිණ.

    මෙම ගමනේදි දුම්රිය පැයට කිලෝමීටර 300 ක වේගයෙන් ගමන් කරන අතර ප්‍රධාන දුම්රිය පොළ 35 ක පමණක් නවත්වනු ලබන්නේය.

    මේ දුම්රිය ගමනට දෙසැම්බර් 26 දා ම තෝරාගෙන ඇත්තේ 1893 එම දිනයේදී උපත ලත් චීන නිර්මාතෘ ‍මාඕ සේතුං අනුස්මරණය කරනු පිණිසය.

    චීනයේ අධිවේගී දුම්රිය ජාලය 2007 දී අරඹන ලද අතර 2010 වනවිට කිලෝමීටර 8538 ක් ආවරණය කෙරෙමින් එය ලොව විශාලම දුම්රිය ජාලය බවට පත්ව තිබේ.2020 වන විට එම දුම්රිය මාර්ග ජාලය කිලෝමීටර 16000 ක් දක්වා දෙගුණයක් කිරීමට අපේක්ෂා කරන බවද පැවසී තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දකුණු ආසියාවේ ප්‍රථම මුහුදු උමං මින් මැඳුර විවෘත කෙරේ

    ww1.jpg


    දකුණු ආසියාවේ ප්‍රථම මුහුදු උමං මින් මැඳුර පසුගියදා බියගම වෝටර් වර්ල්ඩ්හිදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා අතින් විවෘත කෙරිණි.

    රුපියල් දශ ලක්‍ෂ 60 ක ආයෝජනයකින් ඉදි කරන ලද මෙම මින් මැඳුර දිගින් අඩි 30 කින් සහ පළලින් අඩි 37 කින්ද යුතුය. මාස 13 ක්‌ වැනි කාලයක්‌ තුළ ඉදිකරන ලද මෙම උමග සැලසුම් කිරීම සඳහා වසර තුනක පමණ කාලයක්‌ ගත වී තිබේ. මෙම මින් මැඳුර සඳහා මොරටුව, දෙහිවල, මීගමුව, ගාල්ල මාතර ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවලින් මුහුදු මසුන් ලබාගෙන ඇත. මේ මුහුදු උමං මින් මැඳුර විවෘත වීමත් සමගම වෙනත් රටකට නොයා ශ්‍රී ලංකාව තුළදීම අඩු පිරිවැයකින් මුහුදු උමං මින් මැඳුරක චමත්කාරය විඳ ගැනීමට හැකි වේ.

    මෙම අවස්‌ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ සහ ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විඡේසේකර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

    ww2.jpg
     
    • Like
    Reactions: kites

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වැලන්ටයින් දිනයට ලොව දිගුම හාදුව (වැඩිම වේලාවක්) දීමේ තරගයක්…

    kis1.jpg


    වැලන්ටයින් දිනයට සමගාමීව ඊයේ තායිලන්තයේ පතායා නුවරදී පැවැති ලොව දිගුම හාදුව (වැඩිම වේලාවක්) දීමේ තරගයක අවස්ථාවකි මේ.

    දිගම හාදුව දීමේ ගිනස් වාර්තාව අභිබවා යෑම මේ තරගකරුවන්ගේ අරමුණයි. ජයග්‍රාහකයාට මුදලින් අමෙරිකා ඩොලර් 6,700ක මුදලක් හා දියමන්ති මුදුවක් හිමිවේ.

    kis2.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බිළිදියකට සිරුරෙන් පිටත හදවතක්

    oh1.jpg


    උප්පත්තියෙන්ම සිය හදවත සිරුරෙන් පිටත පිහිටන සේ උපත ලැබූ සිඟිත්තියක් හට රෝස පැහැති ආවරණයක් යොදා යථා තත්වයට පත් කෙරූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.

    ඖඩ්‍රිනා කාඩනස් නම් මෙම දැරිය ඉතා විරල රෝගී තත්වයක් වන “එක්ටෝපියා කෝඩිස් (ectopia cordis)” තත්වයට මුහුන දුන් අතර මේ තත්වය මිනිසුන් මිලියන අටකින් එක් අයෙකුට වැලදෙන අතර ඉන් දහයෙන් නව දෙනෙකුම උපතේදීම හෝ උපතින් දවස් දෙක තුනක් ඇතුලත මියයෑම සිදුවෙයි.

    නමුත් හාස්කමක් දක්වමින් මෙන් ඖඩ්‍රිනා ළදැරිය ජීවත් වූ අතර ඉන් පසු වෛද්‍යවරුන් මුහුන දුන් ගැටළුව වූයේ සිරුරෙන් පිටත තිබෙන්නාවූ හදවත ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

    මේ සදහා වෛද්‍යවරුන් එකතුව රෝස පැහැති හදවත් ආරක්ෂණ පලිහක් නිර්මාණය කර එයින් හදවත පිටත ලෝකයෙන් ආරක්ෂා කිරීමට සමත් වූහ.

    වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් වන මෙය ලෝකයේම අවධානයට යොමුවූ සිදුවීමක් විය.

    oh2.jpg


    oh3.jpg