Pudumai ath aththai Part 2.....

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලේ කොළ පාට මනුස්සයෙක්

    green_blood.jpg


    තද කොළ පැහැති රුධිරය ඇති 42 හැවිරිදි පුද්ගලයෙක් පිළබද කැනඩාවෙන් වාර්තා වේ.

    මොහු යම්කිසි රෝගයකට ශල්‍යකර්මයකට ලක් කළ අවස්ථාවේ තද කොළ පැහැති රුධිරය ඔහුගේ ශරීරයෙන් වහනය වනු දුටු වෛද්‍යවරුන් විමතියට පත් වී තිබේ.

    මෙම පුද්ගලයා දිගු කාලයක් පුරා ඉරුවාරදයට ලබාගත් ඖෂධයක් හේතුවෙන් ඔහුගේ රුධිරය මෙම අසාමාන්‍ය වර්ණ වෙනසට ලක්වී ඇතැයි වෛද්‍යවරුන් අනුමාන කරති.

    මිනිස් රුධිරයේ සල්ෆර්මෝග්ලෝබීන් වර්ධනය විම මගින් රුධිරයේ ඇති රක්ත වර්ණය කොළ පැහැයට වෙනස් වන බව වෛද්‍යමතය වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව කුඩාම පොත වැල්ලවායෙන් හමුවේ

    b1.jpg


    ලෝකයේ කුඩාම පොත වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇල්ල වැල්ලවාය පාරේ ව්‍යාපාරිකයකු සතුව තිබී හමුවී ඇත.

    මෙම පොත දිග සෙන්ටිමීටර් 2.5ක්, පළල සෙන්ටිමීටර 1.1ක් , උස සෙන්ටිමීටර 0.1ක් හා පිටු 127 කින් සමන්විත වන අතර ඉංග්‍රීසි අක්‍ෂරවලින් ප්‍රංශ භාෂාවෙන් මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිය මෙම පොතෙහි ඇතුළත්ව ඇත.

    පරිච්ඡේද 29 කින් සමන්විත මෙම කුඩා පොත ඔහුට ලැබී ඇත්තේ 1996 වසරේදීය. මෙම ව්‍යාපාරිකයා සෞදි අරාබියේ රැකියාවක්‌ කළ කාලයේ ඔහු විසින් කුඩා දරුවකු හා පියෙකු අනතුරකින් බේරාගැනීමට ප්‍රතිඋපකාරයක් ලෙස ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙක්‌ මෙම පොත ඔහුට පරිත්‍යාග කර ඇත.

    ලෝකයේ කුඩාම පොත මුද්‍රණය කළ මුද්‍රණාලය කුඩා පොත් 10 ක්‌ මුද්‍රණය කර විනාශ කර දමා ඇති බවත් මෙම පොත ඩොලර් 5000 කට මිලට ගත් බවත් ප්‍රංශ ඉංජිනේරුවරයා මෙම ව්‍යාපාරිකයාට පවසා ඇත.

    b2.jpg


    b3.jpg
     
    • Like
    Reactions: chanakacm

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කන්තලේට මාළු වැස්සක්

    kanthale-malu1.jpg


    ඔක්තෝබර් 29 වෙනිදා හදිසියේම නගර මධ්‍යයේ ලීලාරත්න ක්‍රීඩාංගණයට වර්ෂාව මධ්‍යයේ අගල් 3-4ක් දිගැති හිරිකණයි හා පෙතියන් වර්ගයේ වැව් මාලු ද ඇද හැලෙන්නට පටන් ගෙන තිබේ. ක්‍රීඩාංගණයේ තැන තැන මෙවැනි මත්ස්‍යන් දැකගත හැකිව තිබූ අතර දිය අගල් තුළට එම මසුන් පීනා යනු දැක ගත හැකිව තිබුණි.

    kanthale-malu2.jpg


    kanthale-malu1.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ

    2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත එම චන්ද්‍රිකාවට අමතරව ලංකාවට අයත් තවත් චන්ද්‍රිකාවක් ලබන මාසයේ 22 වෙනිදා ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතයි.

    චීනය සතුව චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථාන හතරක් තිබෙන අතර මෙම චන්ද්‍රිකාව උඩුගුවනට යවන්නේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිටයි.

    රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට යවන එය 87.5 භූ ස්ථායි කක්ෂයේ (87.5E) රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.

    2015දී කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාවේ අයිතිය සම්පූර්ණයෙන්ම ලංකාව සතුවන නමුත් ලබන මාසයේ කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාවේ සම්පූර්ණ අයිතිය ලංකාවට නැත.

    2015 දෙසැම්බර් මාසයේදී කක්ෂගත කිරීමට නියමිත ලංකාවට අයත් චන්ද්‍රිකාවේ පාලන කටයුතු සඳහා පිහිටුවීමට නියමිත පාලක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා පසුගිය අගෝස්තු මාසයේ මහනුවර පල්ලේකැලේදී මුල්ගල තැබූ නමුත් තවමත් එහි ඉදිකිරීම් කටයුතු අරඹා නැත. එබැවින් මෙම නව චන්ද්‍රිකාවේ සම්පූර්ණ පාලන කටයුතු මෙහෙයවන්නේ චීනය විසිනි.

    එම චන්ද්‍රිකාවේ සම අයිතිය චීනය හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකම සතුවන නිසා එය ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික කොඩි දෙකේම සටහන් වලින් සමන්විතය. මෙම චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

    “China Great Wall Industries Corporation” සමාගම හා “China Satellite Communication Corporation” සමාගම් සමඟ ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට පසුගිය 16 වැනි දා අත්සන් තැබුවේය.

    ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 360 කි.

    මේ අනුව චන්ද්‍රිකාවක් අයත් 45 වන රට ලංකාව වන අතර කලාපයේ 3 වන රටයි

    මෙවැනි ඉහළ සන්නිවේදන කර්තව්‍යක් සඳහා දායක වූ දකුණු ආසියානු ප්‍රථම පෞද්ගලික සමාගම වන්නේ තමන් බවද ඇෆ්ගනිස්ථාන චන්ද්‍රිකා වැඩසටහන දියත් කිරීම සඳහා තෝරාගෙන ඇති සමාගම් හයට ශ්‍රී ලංකික සුප්‍රීම්සැට් සමාගම අයත් වන බවද එම සමාගමේ සභාපති ආර්.එම්.මනිවන්නම් මහතා පවසයි.

    එමෙන්ම ලෝකයේ සාර්ක් රටවලින් ඉන්දියාව සහ පාකිස්ථානය හැරුණු විට මෙවැනි කර්තව්‍යක් සඳහා දායකත්වය දුන් තෙවැනි රට ලංකාව බව පවසන ඒ මහතා, නව සන්නිවේදන චද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමත් සමඟ මුළු මහත් ජාතියට විශාල කීර්තියක් හා විශිෂ්ට ස්ථානයක් අත්වනු ඇතැයි ද මෙය ජාතියේ ජයග්‍රහණයක් බවද වැඩිදුරටත් පැවැසීය.

    2015 දෙසැම්බර් මාසයේ කක්ෂගත කිරීමට නියමිත සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව X, C, Ka යන බෑන්ඩ් වලින් සමන්විත.

    sinosat-2__1.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කොරියාවේ ඇතෙක් කතා කරයි

    gghhhhh_0.jpg


    දකුණු කොරියාවේ සත්ත්වෝද්‍යානයක වෙසෙන ඇතෙකුට මිනිස් කට හඬ අනුකරණය කළ හැකි බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.

    22 වැනි වියේ පසුවන ආසියානු ඇතෙකු වන සත්ත්වයාට නම් තබා ඇත්තේ, කොෂික් ලෙසිනි.

    කොෂික් සිය හොඬවැල මුඛය තුළට දමා උගුරෙන් එන හඬ වචන බවට පරිවර්තනය කරන බව අධ්‍යනයේදී අනාවරණ වී තිබේ.

    විදෙස් වාර්තා පවසන්නේ, කොරියානු වචන අනුකරණය කරන මෙම අලියාට ඉංග්‍රීසි බසින් හෙලෝ, සිට් ඩවුන්, නෝ, ලයිඩවුන් සහ ගුඩ් යන තේරුම් සහිත කොරියානු වචන අනුකරණය කළ හැකි බවය.

    මීට පෙර කසකස්ථානයේ සත්ත්වෝද්‍යානයක සිටි අලියකු රුසියානු බස අනුකරණය කරන බව 1983 වසරේ වාර්තා වුවත් ඒ පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයක් සිදු නොවිණ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අභ්‍යාවකාශයෙන් ශබ්දයේ වේගය පරදා පොළාවට ආ මිනිසා


    Sky1.jpg


    ෆීලික්ස් බවුම්ගර්ට්නර් නම් වූ 43 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික සුපර්සොනික් මිනිසා ඊයේ පැයට සැතපුම් 834ක ක වේගයෙන් ශබ්ධයේ වේගය පරදා නිදහසේ පහලට වැටුනේ පොළව මට්ටමේ සිට අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩ සිටයි.

    මේ සඳහා ඔහු අවුරුදු පහක පමණ පෙර සිට සලසුම් කර තිබූ අතර මෙම පැනීමට පෙර පසුගිය ජූලි මාසයේ පුරුදු වීම සඳහා ඔහු පැන තිබුනේ කිලෝමීටර් 28ක උසක සිටයි.

    ශබ්දයේ වේගය මෙන් 1.24 ගුණයක වේගයෙන් පහතට වැටීමේදී ඔහුගේ හිස්වැසුමේ සවිකර තිබූ කැමරාව මඟින් සියල්ල පටිගතවී තිබුණා.

    පහතට වැටීමේදී ඔහු ඇඳ සිටි ගුවන් ඇඳුම සෙල්සියස් අංශක සෘණ 70 දක්වා ඔරොත්තු දීමේ හැකියාවක් වූ අතර විනාඩි 20ක් සඳහා ඔක්සිජන් ද එහි අඩංගුව තිබුණා.

    වේගයෙන් වැටීමේදී රුධිර පීඩනය ඉහල යෑමෙන් හිසේ අමාරුව, පෙනීම අඩුවීයාම ආදිය බලපාන බැවින් අදාල උසේදී පැරෂුටය දිග හැරීමට හොඳ සිහිබුද්ධියක් තබාගැනීම අත්‍යාවශ්‍යම කාරණයක් නිසා සැබැවින්ම මෙය මාරක පිම්මකි.

    තට්ටු 55ක ගොඩනැඟිල්ලක් තරම් උස්වූ, ඝන අඩි මිලියන 30ක හීලියම් වායුව පිරවූ බැලුනයක එල්ලූ කැප්සූල් එකක් මඟින් නව මෙක්සිකෝ කාන්තාරයට ඉහලින් මෙම අඩි 128,177උසට යාමට ඔහුට පැය දෙකහමාරක් පමණ ගතවී ඇති අතර පහතට වැටීමේදී ගතවී ඇත්තේ විනාඩි 10ක පමණ කාලයකි.

    නිදහසේ පහලට වැටෙනා පලමු තත්පර 50ක කාලය තුළදී ඔහු පැයට සැතපුම් 700ක් වේගයක් ලබාගන්නා බවට ඔහුගේ කණ්ඩායම විශ්වාසය පල කලත් සැබැවින්ම ඔහු නිදහසේ ඇද වැටුණු විනාඩි 4යි තත්පර 22ක කාලයේ මුල් තත්පර 50ක කාලයේදී පැ.සැ 834ක වේගයක් ලබා තිබුණා.

    එය පැයට කිලෝමීටර් 1,342ක වේගයකි. ඔහුගේ මෙම මාරක පිම්ම මිලියනයක් පමණ ජනතාව නරඹා තිබුණා.

    මෙම පිම්මේ සම්පූර්ණ වීඩියෝව පහතින්.

     
    Last edited:
    • Like
    Reactions: 5tech