Pudumai ath aththai Part 2.....

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව දිගම නාසය

    nose.jpg


    දැනට ජීවත්ව සිටින පුද්ගලයෙකු සතු දිගින් වැඩිම නාසයෙහි හිමිකාරිත්වය දරමින් ගිනස් ලෝක වාර්තාවට හිමිකම්කීමට තුර්කි ජාතිකයකු සමත්ව ඇති බව වාර්තා වේ.

    මෙහ්මත් ඔස්යුරෙක් නැමති මෙම තුර්කි ජාතිකයාගේ නාසයේ මුල සිට අග දක්වා දිග සෙන්ටිමීටර් 8 .8(අඟල් 3 .46) ක් වන බව සඳහන්ය.

    1949 වසරේ දී උපත ලද මෙහ්මත් තුර්කියේ ආර්ට්වින් නගරයේ ජීවත්වෙයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බ‍්‍රවුසර් කිරුළ ක්‍රෝම් ගනියි

    chrome.gif



    ලොව වැඩිපුරම භාවිතා කරන වෙබ් පිරික්සන මෘදුකාංගය (වෙබ් බ‍්‍රවුසරය) ලෙස මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අභිබවා යාමට ගූගල් ක්‍රෝම් සමත් වී ඇතැයි වාර්තා වේ.

    ස්ටැට් කවුන්ටර් නම් විශ්ලේෂණ සේවය විසින් නිකුත් කර ඇති දත්ත වාර්තාවක් මගින් මේ බව අනාවරණය වී තිබේ.

    මැයි 14-20 දක්වා කාලපරිච්ඡේදය පුරාවට ගූගල් ක්‍රෝම් විසින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අභිබවා ගොස් ඇති අයුරු එහි දැක්වේ.

    මෙම වාර්තාවට අනුව අන්තර්ජාලය පිරික්සන්නන්ගෙන් 32.76%ක් ක්‍රෝම් භාවිතා කරයි.
    මේ අතර, එක්ස්ප්ලෝරර් යොදාගෙන අන්තර්ජාලය පිරික්සන්නන්ගේ ප‍්‍රමාණය 31.94% දක්වා පහත වැටී ඇත.
    කෙසේ වෙතත්, මීට සිවුවසරකට පෙර අන්තර්ජාලය පිරික්සන්නන් 70%ක පමණ භාවිතා කළ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, මේ වන විට භාවිතා කරනු ලබන්නේ 31.94% පමණක් බව එහි වැඩිදුරටත් දැක්වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වැඩියෙන්ම හෙළුව පෙනෙන පිංතූරයක්

    nudity.jpg


    ඉදිරියේදී ස්පෙන්සර් ටියුනික් සමග ජර්මනියේ මියුනිච් නගරයද නිරුවත් වනු ඇති බව වාර්තා වේ.

    ඇමෙරිකානු ජාතික කලාශිල්පියෙකු වන ටියුනික්, නිරුවතින් සිටින විශාල පිරිස් ඡායාරූපගත කිරීම සඳහා ප‍්‍රසිද්ධියක් උසුලයි.
    ජුනි 23, 24 මියුනිච් නගරයේ පැවැත්වෙන ඔපෙරා සැණකෙලිය හා සමගාමීව මෙම ඡුායාරූප ගැනීමට නියමිතය.

    මේ, ටියුනික් ඡායාරූප ගැනීමට ජර්මනියට පැමිණෙන දෙවන වතාවයි. ජාතික රඟහල ඉදිරිපිට ගැනීමට නියමිත මෙම ඡායාරූපයට පුද්ගලයන් 1,000ක් පමණ සහභාගී වීමට නියමිතය.
    සංගීතඥයින්, සිසුන්, පුස්තකාල නිළධාරීන් ඇතුළු සාමාන්‍ය ජනයා තමාට අවශ්‍ය බව ටියුනික් කියා සිටියි.
    වසර 1994 දී නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී 28 දෙනෙකුගේ නිරුවත් ඡායාරූපය මෙම ශිල්පියාගේ මුල්ම නිරුවත් ඡුායාරූපය විය.
    ඉන්පසුව ඔහු, සියළු මහද්වීප වල පුද්ගලයන් 18,000කගේ නිරුවත් ඡුායාරූප ගෙන ඇත.
    ඕස්ටේ‍්‍රලියාවේ ඔපෙරා හවුස් ගොඩනැගිල්ල හා මළමුහුද වැනි ස්ථාන වලත් ගත් ටියුනික් ගේ ඡායාරූප පහත දැක්වේ.

    nude1.jpg


    nude2.jpg
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගිනස් පොතට නම ගිය ලංකාවේ තවත් දෙදෙනෙක්

    sampath.jpg


    පැය 24 ක් තුල ‘ස්‌ක්‍රැබල්’ ක්‍රීඩාවේ යෙදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක් ගිනස් ලෝක වාර්තාවක් පිහිටා ඇත. ඔවුන් දෙදෙනා නම් ලක්‍ෂාන් වන්නිආරච්චි සහ යෙෂාන් ජයසූරියයි.

    ‘ස්‌ක්‍රැබල්’ ක්‍රීඩා‍ව නම් අකුරු යොදාගෙන කරන හරස්‌ පද ආකාරයේ ක්‍රීඩාවකි. මෙහිදී ඉංග්‍රීසි අකුරු 100 ක්‌ යොදාගනිමින් වචන සෑදීම කළ යුතුය. සාදන වචනයට අනුව ලකුණු හිමිවේ. ඒ සඳහා තීරු සහ පේලි 15 බැගින් පිහිටි ප්‍රහේලිකාවක ආකාරයේ ලෑල්ලක්‌ භාවිත කරයි.

    ලොව භාෂා 19 කින් රවටල් සියයකට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රිසි භාෂාවෙනි. මේ සඳහා මනා ඉංග්‍රිසි වචන දැනුමක්‌ තිබිය යුතුය. ඉංග්‍රිසි වචන දැනුම වර්ධනය කරගැනීමට මෙය අතිශයින් වටිනා ක්‍රීඩාවකි.

    ඔවුන් පැය 24ක වෙහෙස අවසානයේ ලකුණු 196634ක්‌ රැස්‌කළහ. ඉතිහාසයේ පැය 24ක්‌ තුළ ඒ සා ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌කළ අන් කිසිදු ක්‍රීඩක යුගලක්‌ නැත. එබැවින් එය ගිනස්‌ වාර්තාවකි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගලවන කොට වේදනාව නොදැනෙන ප්ලාස්ටරයක්!

    1.jpg


    තුවාලයකට ප්ලාස්ටරයක් දැම්මාම ඒක ගලවන්න ගියාම තමයි වේදනාවේ රඟ දැනෙන්නේ. ඒක නැති කරන්න විද්‍යාඥයන් දැන් අලූත් පිළියමක් සොයා ගෙන තියෙනවා. ඒ ඉටත් කරන කොට වේදනාව නොදැනෙන ප්ලාස්ටරයක්.

    මේ ප්ලාස්ටරය නිපදවා ඇත්තේ නොමේරූ දරුවන්ට සහනයක් හැටියටයි. ආහාර සපයන නළ, මොනිටර් ආදිය සිරුරට සවි කිරීම සඳහා මෙතෙක් කල් භාවිත කළ ප්ලාස්ටර් ඉවත් කිරීමේදී නොමේරූ දරුවන්ගේ මෘදු සමට හානි පැමිණෙන නිසා ඊට විකල්පයක් හැටියට මේ ප්ලාස්ටරය යොදා ගත හැකි බැව් මෙහි නිෂ්පාදකයන් කියනවා. සම දුර්වල වූ වැඩිහිටියන්ටත් මෙය ඉතාමත් ප‍්‍රයෝජනවත්.

    මේ නව ප්ලාස්ටරය අනෙක් ඒවායේ විදියටමයි ඇල වෙන්නේ. වෙනසකට තියෙන්නේ ඇලවෙන මැලියම් ස්තරයත් පිටත ආවරණ ස්තරයත් අතර දැලක් බඳු අතිරේක ස්තරයක් තියෙනවා.

    ප්ලාස්ටරය ඉවත් කරන විට මැලියම් කොටස ඉතිරි වෙද්දී අනෙක් කොටස් ඉවත් කළ හැකියි. සමට නොදැනෙන්න මැලියම් පිසදා ඉවත් කළ හැකියි. නැතිනම් එය ඉබේ වැටෙනතුරු තිබෙන්න හැරිය හැකියි.

    ඔවුන් මේ ටේප් විශේෂය හඳුන්වා ඇත්තේ ‘කඳුළු නැතිව’ ඉවත් කළ ප්ලාස්ටරයක් හැටියටයි. මේ නිර්මාණය පසුපස ඉන්නා මහ මොළකරු ඇමෙරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් ලැන්ගර් තමයි. ඔහුගේ නමට තවත් නිර්මාණ ගණනාවක් තියෙනවා. එයින් එකක් මීයකුගේ පිටේ වැඩෙන්නට සැලැස්වූ කනක් මිනිසකුට බද්ධ කිරීමයි. ඒවගේම හිසකෙස් බොකුටු වී කැරලි ගැසීම වැළැක්විය හැකි ඉසිනයක් නිපදවීම තවත් එකක්.

    බොස්ටන්හී බි‍්‍රග්හැම් කාන්තා රෝහලේ වෛද්‍ය ජෙෆ්රි මෙය පරීක්ෂා කර බැලූවා. ඔහු කියනවා, ”මේක ඉතා හොඳින් වැඩ කරනවා. ගලවන කොට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ.”

    අත්හදා බැලීමක් හැටියට දැනට නොමේරූ දරුවන්ට මෙය භාවිත කර බලනවා. එය හැම අතින්ම සාර්ථක බව පෙනී ගියොත් අවුරුද්දකින් දෙකකින් මෙය වෙළඳ පොළේදී ඔබට දැක ගත හැකි වේවි.

    මේ නව නිපැයුම පිළිබඳ හෙළිදරවුව කෙරුණේ ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ සැසිවාරයකදියි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලෝකේ ඉන්න පුංචිම ගොනා

    ARCHI.jpg


    උතුරු අයර්ලන්තයෙන් තමයි මේ ගොන් කතාව අපිට ආරංචි වුණේ.
    ගොනා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් විතර ඇඟ පත තියෙන සතෙක් වුණාට මේ කතාව ලෝකේ ඉන්න පුංචිම ගොනා ගැනයි. “ආර්චී” කියන මේ ගොනාගේ වයස මාස 29 යි. ඒ කියන්නේ අවුරුදු 2 ½ ක් විතරනේ. හැබැයි ඉතින් තාම මේ ගොන් පැටියගේ උස නම් සෙන්ටිමීටර 76.2 යි. ඉතින් ඒ නිසාම තමයි මේ ගොනා ලෝකෙ ඉන්න පුංචිම ගොනා විදිහට 2013 ගිනස් වාර්තා පොතටත් ඇතුළු වෙන්නේ.

    අනිත් ගොනුන්ට වඩා කොච්චර පුංචි වුණත් “ආර්චී” හිතාගෙන ඉන්නේනම් එයත් අනිත් අය ‍වගේම හරි ලොකුයි කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් ආර්චී බලු පැටියෙක් තරම් විතර ඇති.

    කොච්චර පුංචි වුණත් ආර්චිගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිම ප්‍රශ්ණයක් නෑ කියල ආර්චිගේ අයිතිකාරයා ‘රයන්’ කියනවා. ආර්චිට තරහ ගියාම පොඩි කියලා නැතුව වලියටමයිලු යන්නේ. පුංචි වුණත් ඉතින් ගොනා කියන්නේ ගොනාටම තමයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලෝකේ ඉන්න පුංචිම ගොනා

    ARCHI.jpg


    උතුරු අයර්ලන්තයෙන් තමයි මේ ගොන් කතාව අපිට ආරංචි වුණේ.
    ගොනා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් විතර ඇඟ පත තියෙන සතෙක් වුණාට මේ කතාව ලෝකේ ඉන්න පුංචිම ගොනා ගැනයි. “ආර්චී” කියන මේ ගොනාගේ වයස මාස 29 යි. ඒ කියන්නේ අවුරුදු 2 ½ ක් විතරනේ. හැබැයි ඉතින් තාම මේ ගොන් පැටියගේ උස නම් සෙන්ටිමීටර 76.2 යි. ඉතින් ඒ නිසාම තමයි මේ ගොනා ලෝකෙ ඉන්න පුංචිම ගොනා විදිහට 2013 ගිනස් වාර්තා පොතටත් ඇතුළු වෙන්නේ.

    අනිත් ගොනුන්ට වඩා කොච්චර පුංචි වුණත් “ආර්චී” හිතාගෙන ඉන්නේනම් එයත් අනිත් අය ‍වගේම හරි ලොකුයි කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් ආර්චී බලු පැටියෙක් තරම් විතර ඇති.

    කොච්චර පුංචි වුණත් ආර්චිගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිම ප්‍රශ්ණයක් නෑ කියල ආර්චිගේ අයිතිකාරයා ‘රයන්’ කියනවා. ආර්චිට තරහ ගියාම පොඩි කියලා නැතුව වලියටමයිලු යන්නේ. පුංචි වුණත් ඉතින් ගොනා කියන්නේ ගොනාටම තමයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කුවේට් මල් වෙඩි සංදර්ශනය ගිනස් වාර්තාවක් තබයි

    mw1.jpg


    කුවේට් රාජ්‍යය පිහිටුවා වසර 50ක් පිරීම නිමිත්තෙන් පෙරේදා කුවේට් හි පැවති මල් වෙඩි සංදර්ශනය ගිනස් වාර්තාවක් බවට පත්වී තිබෙනවා.

    පුරා පැයක පමණ කාලයකදී අහසට එල්ල කළ මල් වෙඩි ප්‍රමාණය 77,282ක් පමණ වන අතර ඒ සඳහ ගිය වියදම ස්ටර්ලිං පවුම් මිලියන 10ක් හෙවත් රුපියල් මිලියන 2,077ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.

    mw2.jpg

    mw3.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පිළිකා නසන වී වර්ගයක් සොයා ගනී


    v.jpg


    පිළිකා සෛල මර්දනය කළ හැකි වී ප්‍රභේදයක් බතලේගොඩ වී පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙයි. ‘මසුරං’ නමින් හඳුන්වන මේ වී ප්‍රභේදය තුළ පිළිකා නාශක ගුණයෙන් යුක්ත ‘ඇන්ටි්‍රඔක්සි’ ප්‍රතිඔක්සිකාරකය අඩංගුව තිබේ.

    බතලේගොඩ, වී පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය නිමල් දිසානායක මහතා පැවැසුවේ ලංකා කාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කළ පරීක්‍ෂණයකදී මෙම වී ප්‍රභේදය පිළිකා නාශක ගුණයෙන් යුක්ත බවට තහවුරු වී ඇති බවයි.

    ‘මසුරං’ වී ප්‍රභේදය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගාකළ හැකි වී විශේෂයක් බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසුවේය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කිලෝමීටර් 932 ක් දිග පිරිත් නූලක්

    aa-2.jpg


    ශ්‍රී ලංකාවාසීන්ට සෙත් පතා රතන සූත්‍ර දේශනාවෙන් බල ගැන්වූ කිලෝ මීටර් 932 ක් වු පිරිත් හුයක් වදුරඹ සිට යාපනය නාගවිහාරය දක්වා වූ මාර්ගයේ දෙසැම්බර් මස 12 අලුයම 12.12 (2012.12.12.12.12) සිට ස්ථානගත කිරීමට කටයුතු යොදා ඇත.

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේත් ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශයේ සහ එම අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ විශේෂ සහාය මත වදුරඹ මිහිඳු සමාජ සංවර්ධන කේන්ද්‍රය මේ පුණ්‍ය කටයුත්ත සංවිධානය කොට ඇත.

    වදුරඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට, කතරගම, ලුණුගම් වෙහෙර, වැල්ලවාය, බණ්ඩාරවෙල, නුවරඑළිය, මහනුවර, අනුරාධපුරය හරහා යාපනය නාග විහාරය දක්වා වූ මාර්ගයේ ඉහළින් මෙම පිරිත් හුය ස්ථානගත කෙරෙන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 60 ක් පමණ ඉන් ආවරණය කෙරෙනු ඇත.

    අදාළ සියලු ප්‍රාදේශීය සභාවන් හි සභාපතිවරුන් සහ පළාත් සංස්කෘතික මධ්‍යස්ථාන මේ සඳහා අවශ්‍ය සහාය ලබාදීම සිදු කරනු ඇති අතර දෙසැම්බර් 21 දා යාපනය නාග විහාරයට පැමිණීමෙන් මේ පින්කම අවසන් කෙරෙනු ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව කුඩාම කිකිළි බිත්තරය එංගලන්තයෙන් හමුවේ

    thumb_zoom.jpg


    නෝර්තම්බර්ලන්ඩ්හි බෙඩ් ඇන්ඩ් බේ්‍රක්ෆර්ස්ට් ගොවිපළේ හිමිකරු පවසන පරිදි ලොව කුඩාම කිකිළි බිත්තරය තම ගොවිපළෙන් හමුවී තිබේ. 52 හැවිරිදි පෝල්රේ මෙය සිය සාක්කුවේ දමාගෙන තමාගේ සගයන්ට පෙන්වීමට ප්‍රදේශයේ තැබෑරුමට රැගෙන ගොස් තිබේ. මෙය තමාට හමුවූ විගසම අන්තර් ජාලයෙන් තොරතුරු විමසා බලා මේ ආකාරයට තම මිතුරන්ට ප්‍රදර්ශනය කළ බව රේ හෙළි කරයි.

    වහාම ගිනස් වාර්තා ආයතනයට මේ බව දන්වන්නැයි මිතුරෝ ඔහුව උනන්දු කළහ. ශත වර්ෂ 2ක් තරම් පැරැණි තම පවුලේ ගොවිපළේ කිකිළියන් දිගටම සාමාන්‍ය තරමේ බිත්තර දමන නමුත් පැන්ස 20 කාසියක තරමේ මේ අරුම පුදුම බිත්තරය අහම්බෙන් හමුවී ඇතැයි රේ කීවේය.
    එය අංගසම්පූර්ණ සවිමත් කටුවක් ඇති බිත්තරයකි.

    තවදුරටත් මෙය සාක්කුවේ දමාගෙන අවදානම් ලෙස ගෙන යන්නේ නැති බවත් එය පුළුන් ඇසුරුම් කළ පෙට්ටියක රඳවා ඇති බවත් මෙහි හිමිකරු කියයි.
    වාර්තා පොතේ ඇති කුඩාම බිත්තරය ග්‍රෑම් 7.3ක් බර අතර රේගේ බිත්තරය ග්‍රෑම් 5ක් පමණක් බර අතර සෙ.මී. 2ක් පළලින් සහ සෙ.මී. 2.5ක් දිගින් යුක්ත වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අවුරුදු හැත්තෑවක් කොණ්ඩය නොකැපූ අයෙක්

    907.jpg


    වියට්නාමයේ න්ගුයෙන් වෑන් චියන් (85) වසර හැත්තෑවක් පුරා තම කොණ්ඩය නොකැපූ බව පවසනවා.

    ‘‘හොඳ ශක්තිමත් කොණ්ඩයක් මට තියෙනවා ඒ වගේම මගේ ශරීරයත් නිරෝගීයි. ඉතාම සරලව බුදු දහම අනුව මගේ ජීවිතය මම ගෙනියනවා‘‘
    යැයි වෑන් කියනවා.

    වෑන් ගේ කොණ්ඩය සහිත පින්තූරයක් පහතින්
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    එක නැට්ටේ සුදු නෙළුම් මල් දෙක

    lt1.jpg




    එක නැට්ටේ දෙහි ගැන අප කොතෙකුත් අසා තිබෙනවා, නමුත් එක දණ්ඩේ නෙලුම් මල් ගැන අසන්නේ ඉතාමත් කලාතුරකින්.

    එක නැට්ටේ පිහිටි සුදු නෙළුම් මල් දෙකක් ගල්ගමුවේ අලුත්හේරත්ගම ප්‍රදේශයදී රණවිරු උපහාර උළෙලකට මල් ගෙනගිය තරුණ පිරිසකට හමුවී තිබෙනවා.

    එහි චායාරූප කිහිපයක් මෙහි ඇතුලත් වේ.


    lt2.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කුකුළු බිත්තරයක නැට්‌ටක්‌

    eggs.jpg


    මුරුතලාව මංගලගම කුකුළු ගොවිපළක කිකිළියක විසින් අඟල් 3 ක්‌ පමණ දිගැති නැට්‌ටක්‌ සහිත බිත්තරයක්‌ දමා ඇති බවට මංගලගමින් වාර්තාවේ.

    මෙම කුකුළු ගොවිපළ ආරම්භ කර මාස 5 ක්‌ පමණ කාලයක්‌ ගත වුවද, මෙම ගොවිපළේ කිකිළියකගෙන් හෝ වෙනත් ගොවි පළකින් හෝ මෙවැනි බිත්තරයක්‌ දැක නොමැති බව කුකුල් ගොවිපළ හිමිකරු වන කිංස්‌ලි කුමාර යන අය පවසයි.

    නැට්‌ට අඟල් 3ක් පමණ වූ බිත්තරය සේයාරූවලින් දැක්‌වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව වියපත්ම කන්‍යාවියගේ වයස අවු. 113 යි

    d12.jpg


    ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජීවත් වන ඇගේ නම සීනත් බී දැනට ලොව සිටින වියපත්ම කාන්තාව යි. වයස අවුරුදු 113 ක් වන ඇය වාමන ගැහැනියක්‌ හෙවත් ඉතා කුඩා ශරීරයක්‌ ඇති කාන්තාවකි.

    ඉන්දියන් ආණ්‌ඩුවේ විශ්‍රාම වැටුප් වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101 ක් වන නමුත් ඇය තරයේම කියන්නේ තමාගේ වයස අවුරුදු 113 ක්‌ බවයි.

    ඇගේ පවුලේ සියලුම දෙනා මිය ගොස් ඇති අතර දැනට ඉතිරිව සිටින්නේ ඇය විතරයි. අවිවාහක ඇගේ දෑස්‌ සුද මතුවීම නිසා හානියට පත්වී ඇති අතර කැල්සියම් ඌනතාවකින් ඇය පෙළේ. ඉතාම පුදුමසහගත කාරණය වන්නේ වයස අවුරුදු 113 දිත් ඇගේ කෙස්‌ කළු පැහැයෙන් යුක්‌ත වීමයි. එහෙත් ඇගේ මුළු කටටම තිබෙන්නේ දත් 3 ක්‌ පමණකි.

    සීනත් බී ඉස්‌ලාම් ආගම අදහන කාන්තාවක වන අතර ශුද්ධ වූ මක්‌කමට වන්දනා ගමනක යෙදීම සහ සල්මාන් ඛාන් මුණගැසීම තවමත් ඉටුනොවු ඇගේ සිහින වේ.

    d12.jpg