නව ග්‍රහ මණ්ඩලයක් කෙප්ලර් විසින් සොයාගනී
නාසා ආයතනය මගින් කක්ෂගත කර ඇති කෙප්ලර් නම් අභ්‍යවකාශ දුරදක්නය විසින් පසුගියදා විශාලත්වයෙන් පෘථිවියට ආසන්න ග්‍රහයින් පස් දෙනෙකුගෙන් සමන්විත සුවිශේෂී නව සෞරග්‍රහ මණ්ඩලයක් සොයාගනු ලැබුවා. මෙම ග්‍රහ පද්ධතිය කේන්ද්‍රගත වී ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 2000ක් පමණ දුරින් පිහිටි කෙප්ලර්-11 ලෙස දැනට නම්කර තිබෙන සූර්යා බදු තාරකාවක් වටා වන අතර මෙම ග්‍රහයින් නිර්මාණය වී ඇත්තේ ගල් සහ බොරලු මිශ්‍ර අමුද්‍රව්‍යයකින් වීම මෙන්ම ජලය පැවතීමේ සම්භාවිතාවක් තිබීම මෙම ග්රයින්ගේ විශේෂත්වයක්. මෙය අපගේ සෞරග්‍රහ මණ්ඩලය හැරුණුකොට මෙතෙක් සොයාගෙන ඇති එකම ගල් සහ බොරළු වලින් නිමැවුනු ග්‍රහ පද්ධතියයි
මෙම ග්‍රහ පද්ධතියේ සියළු ග්‍රහයින් ප්‍රමාණයෙන් පෘථිවියට වඩා විශාල වන අතර විශාලම ග්‍රහයා ප්‍රමාණයෙන් නෙප්චූන් සහ යුරේනස් ට සමාන වෙනවා. වඩාත්ම ඇතුලතින් කක්ෂගතවී ඇති කෙප්ලර්-11b නම් ග්‍රහලෝකය පෘථිවියත් සූර්යාත් අතර ඇති දුර මෙන් 1/10 කටත් වඩා අදු දුරකින් කක්ෂගතවී තිබෙනවා. මෙම පද්ධතියේ අනෙකුත් ග්‍රහයින් නම් කර ඇත්තේ කෙප්ලර් 11c, 11d, 11e, 11f සහ 11g වශයෙන්.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සමාන කිරීමේදී වඩාත්ම පිටතින් පිහිටා ඇති කෙප්ලර්-11g ග්‍රහයා සූර්යාගේ සිට බුධ සහ සිකුරු යන ග්‍රහයින්ට අතරමැද වන තරම් දුරකින් කක්ෂගතවී තිබෙන අතර අනෙකුත් සියලු ග්‍රහයින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට වඩා සූර්යාට ආසන්නයෙන් කක්ෂගතවී තිබෙනවා.
කෙප්ලර් අභ්‍යවකාශ දුරදක්නය මගින් තවදුරටත් නාසා විද්‍යාඥයින් වෙත මෙම නව ග්‍රහ පද්ධතිය පිලිබද දත්ත සහ තොරතුරු ලබාදෙන අතර වැඩිදුර පර්යේෂණ සිදු කෙරෙමින් පවතින්නවා.